Author: LANKA24X7

පානදුර වෙරළ තීරයට පැමිණි දැරියක් දියඹට ගසාගෙන යන අවස්ථාවේ පානදුර පොලිස් ජීවිතාරක්ෂක ඒකකය විසින් බේරාගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය සඳහන් කළේ, එම ඒකකයේ උප පොලිස් පරීක්ෂක නිමල්සිරි හා පොලිස් කොස්තාපල් 91046 දසුන් යන නිලධාරීන් විසින් වහාම ක්‍රියාත්මක වී එම දැරියගේ ජීවිතය බේරාගැනීමට සමත්ව ඇති බවය. මෙලෙස ජීවිතය බේරාගත් දැරිය වයස අවුරුදු 15ක් වූ කොස්පැලෑන, පොල්පිතිමූකලාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. දිවි බේරාගත් දැරිය මව වෙතට භාරදීමට කටයුතු කර ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ සියදිවි නසා ගැනීමේ අරමුණින් දැරිය මුහුණට පැන ඇති බවය.

Read More

ශ්‍රී ලංකාවේ විදේශ විනියමය සංචිත ශක්තිමත් කිරීමට නම් සංචාරකයන් ලක්ෂ 50ක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සපුරා ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එහිදී සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ සංචාරක ව්‍යාපාරය කටයුතු කළ යුතු යැයි ජනාධිපතිවරයා කීය. ඉදිරි වසර කිහිපය ඇතුලත ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 75 දක්වා වැඩි කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ සැලසුම් සකස් කළ යුතු බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවැති ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි. ශ්‍රී ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය වෙනුවෙන් සිදු කළ සේවය වෙනුවෙන් ශ්‍රීලාල් මිත්තපාල සහ හිරාන් කුරේ යන…

Read More

හමාස් සංවිධානය රඳවා ගෙන සිටින ළාබාලතම ප්‍රාණ ඇපකරුවා වන දසමස් වියැති කෆීර් බිබාස් නිදහස් කිරීම එම සංවිධානය ප්‍රතික්ෂේප කර ඇති බවත් පලස්තීනයේ ක්‍රියාත්මක වන තවත් ත්‍රස්තවාදී කණ්ඩායමකට බිබාස් සහ එම ළදරුවාගේ පවුල මිනිස් පළිහක් ලෙස යොදා ගැනීම සඳහා බාර දී ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය. තාවකාලික සටන් විරාමය අවසන් වූ පසු ප්‍රහාර එල්ල කරනු ඇතැයි අපේක්ෂා කරන ඛාන් යූනිස් නගරයේ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායමක් වෙත බිබාස්, එම ළදරුවාගේ වැඩිමහල් සොහොයුරා සහ මව මෙලෙස බාර දී ඇති බවත් එහි අරමුණ දසමස් වියැති බිබාස් එම ළදරුවාගේ පවුල මනුෂ්‍ය පළිහක් ලෙස යොදා ගැනීම බවත් ඊශ්‍රායල හමුදාව පෙන්වා දුන්නේය. පසුගිය ඔක්තෝබර් මස…

Read More

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මඟින් ගැබිනි මවුවරුන්ට සහ කිරිදෙන මව්වරුන්ට ලබාදෙන කැල්සියම් සහ විටමින් වර්ගවල උග්‍ර හිඟයක් පවතින බවට මව්වරුන් චෝදනා කරති. තමන්ට මාස කිහිපයක් තිස්සේ කැල්සියම් පෙති සහ වර්ග නොලැබුණු බව ඔවුහු පවසති. මේ හේතුවෙන් විටමින් කැල්සියම් මෙන්න ඖෂධ වර්ග තමන්ට පිටතින් මිලදී ගැනීමට සිදුවන බවත් මව්වරුන් සඳහන් කරති. මෙයට අමතරව ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා දැරියන්ට ලබාදෙන එච්.පී.වී එන්නත වසරක් තිස්සේ නොමැති බවත් ඔවුහු සඳහන් කරති.

Read More

ඕමාන් රාජ්‍ය යේ ගෘහ සේවිකාවක ලෙස සේවයට ගිය ආණමඩුව කුමාරගම 39 හැවිරිදි අවිවාහක කාන්තාවක් එරට දී පස් මහල් ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගත් බව පවසමින් මරණයට පත් කාන්තාවගේ සිරුර මෙරටට එවා ඇති බව ඥාතිහු කියති ආණමඩුව කුමාරගම පදිංචි 39 හැවිරිදි ජේ.ඒ.ශීරෝමි ප්‍රදීප් ජයකොඩි නැමති අවිවාහක කාන්තාව මෙසේ අවාසනාවන්ත අයුරීන් දිවි නසා ගෙන ඇති බව පවසමින් මෙර. මෙසේ අභිරහස් ලෙස මරණයට පත්ව ඇති කාන්තාව දරුවන් හය දෙනෙකුගෙන් සමන්විත පවුලේ දෙවැනියා බව කියයි.ඇය තම මව හා පියා ජීවත් කරමින් විදේශ රටවල රැකියාවල නිරත වී ඇති බවද කියයි. කෙසේ වෙතත් මෙම අවිවාහක කාන්තාවගෙ මව,පියා ඇතුළු සහෝදර සහෝදරියන් පවසන්නේ ගොඩනැගිල්ලකින් පැන දිවි නසා ගැනිමට…

Read More

ශ්‍රී ලංකා බිහිරි වූවන්ගේ සම්මේලනයේ සාමාජිකයින් පිරිසක් විසින් ලාභාංශ ලබා ගැනීමේ අරමුණින් පෞද්ගලික ආයතනයක තැන්පත් කරනු ලැබූ රුපියල් කෝටියකට අධික මුදලක් පිළිබඳව විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ ඊයේ (28) කරුණු වාර්තා කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කාර්යාංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ ශ්‍රවණාබාධ සංගමයේ සභාපති අනිත් ජයවර්ධන මහතා විසිනි. ශ්‍රී ලංකා බිහිවූ බිහි වූ වන්ගේ මධ්‍යම සම්මේලනයේ සාමාජිකයන් 48 දෙනෙකු ට අයත් රුපියල් එක්කෝටි හාර ලක්ෂ තිස් දෙදහසක මුදලක් ලාභාංශ ලබා ගැනීමේ අරමුණින් “විස්කෝස් මෙටා” නමැති පුද්ගලික ආයතනයේ තැන්පත් කරනු ලැබේ…

Read More

සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට ඇතුත් කර ඇතැයි වාර්තාවේ. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලංකාවට ඖෂධ වර්ග 182ක් ගෙන්වීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය විමර්ශන කරමින් සිටින අතරතුර ජනක චන්ද්‍රගුප්ත මහතා හදිසියේ රෝගාතුර වී මෙලෙස රෝහල් ගතවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර දිවයිනේ රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය…

Read More

සංචාරකයන් පිරිසක් රැගත් බස්රථයක් අද අළුයම වස්කඩුවේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේදී දුම්රියක ගැටී අනතුරක් සිදුවූවත් දෙපලක් සුළු තුවාල ලබා ඔවුන් බේරී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි. මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කටුනායක ගුවන් තොටුපළ දක්වා සංචාරකයන් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් බව පොලිසිය කීය. අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරන අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රිය මෙසේ අනතුරට මුහුණ පා ඇත. චෙක් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයන් පිරිසක් රැගෙන යාමට යමින් සිටියදී අනතුර සිදුව තිබේ. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොලෙන් පෙරවරු 9 ට පිටත්වීමට නියමිත ගුවන් යානයකට රැගෙන යන සංචාරකයන් පිරිසක්…

Read More

ගිනිකොන දිග බෙංගාල බොක්කේ මුහුදු ප්‍රදේශයේ පැවැතන කැලබිළි ස්භාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වය වර්ධනය වීමක් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඊසානදිග මෝසම් තත්වය දිවයිනේ ක්‍රමක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවති. උතුරු,නැගෙනහිර, දකුණ,උතුරුමැද සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු පළාත්වලට පස්වරු 1.00 පමන පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර, මධ්‍යම,ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වේ.

Read More

එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් හි පැවති 11 වන “MTM Young Achievers” සහ “MTM Music & Entertainment” යන සම්මාන ප්‍රදානෝත්සවයේදී MTM YOUNG ACHIEVERS AWARD 2023 සම්මානය ශ්‍රී ලාංකාව නියෝජනය කරමින් සහභාගි වූ 15 හැවිරිදි යෙනුලි බිනාරා ට හිමි වී තිබේ. විවිධ දක්ෂතා ඇගයීම වෙනුවෙන් පැවති මෙම තරගාවලියේ සිටි ලාබාලම තරගකාරියද යෙනුලි බව සඳහන් වේ. මෙම සම්මාන තරගාවලියේ අවසන් වටයේ තරගකාරියක ලෙස තේරී පත්ව සිටි යෙනුලිට ලොව පුරා විවිධ රටවල්වල තරඟකරුවන් රාශියක් අතරින් මෙම සම්මානය දිනා ගැනීමට හැකිවී තිබේ. කොළඹ උපන් යෙනුලි දැනට එක්සත් රාජධානියේ මවුපියන් සමග වෙසෙමින් අධ්‍යාපනය හදාරන අතර ඊට පෙර ඕමානයේ ශ්‍රි ලංකා පාසලේ අධ්‍යාපනය ලබා ඇත. පසුගිය වසර තුනක…

Read More