Author: LANKA24X7

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කිරීම තුළින් රුපියල් මිලියන 39 ක අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මූලික විරෝධතා නොවැම්බර් මස 21 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (10) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල…

Read More

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දින (09) කාර්යාංශය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහාරගේ ජනක සිල්වා නම් අයෙකු වන අතර, ඔහු කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා ගොස් එරට පුරවැසිභාවයද ලබා ඇති අයෙකි. සැකකරු එම තත්ත්වය උපයෝගි කරගනිමින් මොහු පුද්ගලයින්ගෙන් රැසකගෙන් මුදල් අයකර ඇති අතර, ඔහුගේ ජාවාරමට හසුවූ පුද්ගලයින් දස දෙනෙකු කාර්යාංශය වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අනුව කාර්යාංශය විසින් මෙම සැකකරු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක්ද පැනවීමට පියවර ගෙන තිබුණි. පොලිස් උපාය…

Read More

සංචාරයන් සඳහා මෙරටට පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනකුගෙන් ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 හා 48 වයස්වල පසු වූ ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්ය. ඔවුන් දෙදෙනා සංචාරයන් සඳහා දිවයිනට පැමිණි බ්‍රසීල හා බෙල්ජියම් ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් රුපියල් 10,000ක් හා රුපියල් 30,000ක් ලෙස අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් ලබාගෙන ඇත. ඒ සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසයට ලද පැමිණිලි 2ක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර රියදුරන් කුරුඳුවත්ත හා කොල්ලුපිටිය පොලිස් ස්ථාන වෙත වැඩිදුර විමර්ශන…

Read More

2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 17 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළේය. නඩුව අද (10) කොළඹ මහාධිකරණ මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින්…

Read More

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මන්නාරම ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා විසින් ඊයේ බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම නියම කර තිබේ. මෙසේ දඬුවම් නියම වූයේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකුටය. 2022 වසරේ නොවැම්බර් මස 03 වනදා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසිය විසින් මන්නාරම, එලුතූර් හන්දිය අසලදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ඉන් අනතුරුව 2008 අංක 1 දරන මදන ඖෂධ සහ මනෝවර්ථක පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබුණි. නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව…

Read More

අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින් දැක්වේ. බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් – නිවාස ඉදිකිරීම් සහ…

Read More

පාතාලේ අග මුල හොයන කොට අක්මුල් ගිහින් නවතින්නෙ කාල්ටන් එකේ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “කුඩු මඩින කොට විපක්ෂයත් කුඩු පට්ටම් වෙලා.ලංකා ඉතිහාසයේ පළමු වතාවට කැබලි වූ විපක්ෂය එක තැනකට වැටිලා තියෙනවා.පාතාලෙට කුඩු වලට සම්බන්ධ කණ්ඩායම් එක ගොඩක ඉන්නවා. අනෙක් පැත්තේ සැබෑ බුද්ධිමත් උගත් ප්‍රගතිශීලී මිනිස්සු ඉන්නවා. අනුර දිසානායක විශාල දේශපාලන ආදර්ශයක් ලබා දී තියෙනවා. වරප්‍රසාද අතහැර තියෙනවා.ජා.ජ.බ ආවේ නැත්නම් ඔය කුඩු ඇල්ලෙයිද? එහෙම නම් තරුණ තරුණියෝ මේ කුඩු ටික බොනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Read More

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වහලෙක් විය යුතු නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කොළඹ දී ඊයේ (9)පැවසූහ. රටේ ජනතාවගේ විශාල දරිද්‍රතාවය ගැන මූල්‍ය අරමුදලට වැටහීමක් නැතැයි කී කාදිනල් තුමෝ එහි කොන්දේසි වෙනස් කර ගැනීමට කටයුතු කළ යුතු යැයි ද කීහ. කොළඹ අග රදගුරු මැදුරු දේවස්ථානයේ පැවැති දේව මෙහෙයකදී කාදිනල් තුමෝ මේ බව කීහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් තුමෝ, අපගේ ඉතිහාසය සහ සභ්‍යත්වය හැදිලා තියෙන්නේ බෞද්ධ දර්ශනය මතයි.එය රටට උරුම වූ ප්‍රධාන පෙළේ දායාදයක්.අවුරුදු 2600ක කාලයක් තිස්සේ පැවතෙන උරුමයක් සහිත අපට පිටරට වලින් එන දේවල් හොඳ ද නරක ද කියා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. විදේශ රට වලින් එන චින්තන…

Read More

මෙම වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේ දී මෙරට පුද්ගලික අංශයේ සේවකයන් පිරිස ඉහළ යද්දී, රාජ්‍ය අංශයේ සේවකයන් පිරිස ලක්ෂ 2කින් පමණ පහළ වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. පළමු කාර්තුවේ දී මෙරට රාජ්‍ය සේවකයන් පිරිස 1,302,185 ක් වී ඇති බවත් එය දෙවැනි කාර්තුවේදී 1,165,094 ක් දක්වා අඩු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම පළමු කාර්තුවේ දී මෙරට පෞද්ගලික අංශයේ සේවකයන් පිරිස 3,808,235 ක් බවත් දෙවැනි කාර්තුවේදී එය 3,814,313 ක් දක්වා වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම පළමු කාර්තුවේ දී 8,461,936 ක් වූ මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව දෙවැනි…

Read More

සජබ නායකත්වය යටතේ එජාප සමඟ පොදු ගමනකට සමුගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය ලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම අනුමැතිය ලැබුණු බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය. මේ ගමන සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ඉදිරියට යන බවත් එහි දී පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Read More