Author: LANKA24X7

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මීට සුළු වේලාවට පෙර පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට පැමිණ තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට අද (03) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම් දී තිබුණි. ඇයට පසුගිය 27 වන දින ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණෙන ලෙස මීට පෙර දැනුම් දී තිබුණද ශිරන්ති රාජපක්ෂ මහත්මිය නීතිඥයෙකු මාර්ගයෙන් පොලීසියට දැනුම් දී තිබුණේ එදිනට ඇයට පැමිණිය නොහැකි බවත් ඇයට ඒ සඳහා සති දෙකක කාලයක් ලබාදෙන ලෙසත්ය.

Read More

නීතිවිරෝධි අයුරින් විදේශ මුදල් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. සැකකරු (02) පෙරවරුවේ ඉන්දියාවේ බැංගලෝර් නුවර සිට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ – 1183 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ වූ නවකතා පොත් අතර සහ සිය සිරුරෙහි යූරෝ 48,900ක්, අමෙරිකානු ඩොලර් 14,000ක් සහ ඉන්දියානු රුපියල් 26,650ක් සඟවා ගෙන සිටියදී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. එහි වටිනාකම ශ්‍රී ලංකානු රුපියල් දෙකෝටි විසි හතර ලක්ෂ අනූ දහස් හත්සිය හතලිස්…

Read More

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු සමාජ මාධ්‍ය තහනම යටතේ ‘ස්නැප්චැට්’ සමාජ මාධ්‍ය ගිණුම් ලක්ෂ 0කට අධික ප්‍රමාණයක් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව සමාජ මාධ්‍ය තහනම යටතේ ‘ස්නැප්චැට්‘ සමාජ මාධ්‍ය ගිණුම් 415,000ක් මෙලෙස අවහිර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගිය වසරේ දී ඔස්ට්‍රේලියාව විසින් නව නීති සම්පාදනය කරමින් වයස අවුරුදු 16ට අඩු බාල වයස්කාර දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනමක් පැනවීමට කටයුතු කරනු ලැබීය. ඒ යටතේ ස්නැප්චැට්, මෙටා, ටික්ටොක් සහ යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍යන් මෙලෙස තහනම් කිරීමට පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Read More

පෙබරවාරි 04 වැනිදාට යෙදෙන 78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් රැඳවියන් 49 දෙනෙකුට විශේෂ ජනාධිපති සමාව ලබාදීමට තීරණය කර තිබේ. ඒ, ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්ති ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවය. ඒ අනුව බන්ධනාගාරගතව දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට සති 01ක සමාවක් ප්‍රදානය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම රුපියල් 75,000ට අඩු දඩ මුදල් නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිරදඬුවම් විඳිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය ද අහෝසි කරනු ඇත.

Read More

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බාල පුත් ශමීන්ද්‍ර රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. ඒ, එ‍යාර් බස් ගනුදෙනු නඩුවේ තුන්වන සැකකරු ලෙස නම් කිරීමෙන් අනතුරුවය.

Read More

අමෙරිකාවට බලපා ඇති ශීත කුණාටු තත්ත්වය හේතුවෙන් එරට ගුවන් ගමන් වාර 1,200කට අධික ප්‍රමාණයක් අවලංගු කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ශීත කුණාටු තත්ත්වයෙන් එරට ප්‍රවාහන හා බලශක්ති ක්ෂේත්‍රයන්ට දැඩි බලපෑම් එල්ලවී ඇති බවය. එමෙන්ම පුද්ගලයින් 178,000කට අධික පිරිසකට විදුලි සැපයුම ද බිඳ වැටී ඇති බව සඳහන් වේ. කෙසේ වෙතත් ඉදිරියේදී මෙම ශීත කුණාටු තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කළ හැකි බව අමෙරිකානු කාලගුණ බලධාරීන් පවසයි.

Read More

ත්‍රිකුණාමලය බුදු පිළිම සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේලා සිව්නම ඇතුළු සැකකරුන් අද (02) අධිකරණයට රැගෙන විත් තිබේ. ඒ ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේ යැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබූ පැමිණිල්ලට අදාළව පවතින නඩුවට අදාළවය. මෙම සිදුවීමට අදාළව ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළත් විය.

Read More

යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් පතල් කම්කරුවන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුක්‍රේනයේ ඩිනිප්‍රොපෙට්‍රොව්ස්ක් කලාපයේ පතල් කම්කරුවන් රැගත් බස් රථයකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවය. එම සේවකයින් සිය සේවා මුරය නිමකර ආපසු යමින් සිටියදී මෙම ප්‍රහාරයට ගොදුරුව ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 15 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය. රුසියාවෙන් යුක්‍රේනයට මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වී ඇත්තේ දෙරට අතර එක්සත් ජනපදයේ මැදිහත් වීමෙන් පැවැත්වෙන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවල දෙවන වටය එළැඹෙන සතියේ පැවැත්වෙන බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි නිවේදනය කිරීමෙන් පැය…

Read More

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය අද (02) උදෑසන සිට තීව්‍ර කිරීමට එම සංගමය තීරණය කර තිබේ. ඒ අනුව අද උදෑසන 8.00 සිට මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට පියවර ගන්නා බව එම සංගමය සඳහන් කළේය. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ අද සිට ආරම්භ කරන අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ග තුළදී රෝහල තුළ නොමැති ඖෂධ සහ උපකරණ බාහිරින් ලබා ගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, රෝහල තුල නොමැති රසායනාගාර පරීක්ෂණ බාහිරින් සිදු කරගැනීම සඳහා රෝගීන්ට නිර්දේශ කර තුණ්ඩු නිකුත් කිරීම අත්හිටුවීම, දේශපාලන කණ්ඩායම් විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය කදවුරු සහ සායන සඳහා ස්වෙච්ඡාවෙන් සහභාගිවිමෙන් ඉවත් වීම, අනුමත වෛද්‍යවරුන්…

Read More

තම සංගමයේ කිසිදු වෛද්‍යවරයෙකු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා සඳහන් කළේ සිය සංගමයේ සාමාජිකයින් (02) දිනයේත් සාමාන්‍ය පරිදි සිය රාජකාරී කටයුතු සිදුකරන බවය. ඉල්ලීම්වලට රජය විසින් යහපත් ප්‍රතිචාර ලබා නොදීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනයේ සිට සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තීවෘ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ හෙට දිනයේ සිට දිවයින පුරා රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවය. කෙසේවෙතත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය…

Read More