Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍රම්ප් සරාගීව සිපගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වේ. මෙලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූපය ගත් දිනයක් සටහන් නොවන අතර බේස් බෝල් ක්‍රීඩා තරඟයක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්ව සරාගීව සිපගන්නා අයුරු එහි දැක්වේ. මෙම ඡායාරූපයට ප්‍රශංසා මෙන්ම විවේචනද මිශ්‍රව ලැබී ඇති අතර “මේ තමයි අපේ ජනාධිපති” යැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඩොනල්ඩ් ට්‍රම්ප් වර්ණනා කරද්දී “ඇයට හුස්ම ගැනීමට වත් ඉඩක් දී නැහැ” යැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් සිප ගැනීම විවේචනයට ලක් කර…
නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඉන් ඇතැම් ආයතන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග දැනටමත් ආරම්භ කර ඇතැයි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන පවත්වමින් සිටින බව ශ්‍රී ලංකා මහා බැංකුවේ ප්‍රකාශකයෙක් පැවසීය
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ පසුගිය (20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොගය වෙනුවෙන් ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 4.3 ක් හෙවත් කෝටි 430 ක් ආනයන බදු ලෙස අයකරගත් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය. එම සහල් මෙට්‍රික්ටොන් 67000 තුළ කැකුළු සහල් මෙට්‍රික්ටොන් 28500 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 38500ක් ඇතුළත් වූ බවත් එම සහල් කිලෝවක් වෙනුවෙන් රුපියල් 65 බැගින් ආනයන බදු අය කළ බවත් අරුක්ගොඩ මහතා කීය.
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. දෙරට අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය තහවුරු කර ගැනීම එම සංචාරයේ අරමුණ බව ජනපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේදී ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත විය.
දඹුල්ල වෑවලවැව අලකොලවැව ප්‍රදේශයේ අක්කර තිහක පොල් වත්තකට වන අලි රංචුවක් කඩා වැදී පල දරන පොල් ගස් සියයකට අධික ප්‍රමාණයක් පෙරලා බිම දමා විනාශ කොට ඇතැයි ගොවීහු පවසති. වසර දහයකට පමණ වයස ඇති ඉතා සරු පලදාවක් ඇති මෙම පොල් වගාවට වසර කිහිපයකම සිට වරින් වර වන අලින් රංචුපිටින් කඩා වැදී පොල් ගස් විනාශ කිරීම සිදුවන බවත් මේ වනවිට පොල් ගස් හයසියයකට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වන අලින්ගේ විසින් විනාශ කර දමා තිබෙන බව ගොවීහු පෙන්වා දෙති. රටේ පොල් පලදාවට මෙතරම් හානියක් සිදු කළ ද තවමත් කිසිදු විසඳුමක් ලැබී නැති බව ඔවුහු පෙන්වා දෙති.
කොළඹ – නුවර මාර්ගයේ කඩුගන්නාව ඩෝසන් කුළුණ ප්‍රදේශයේදී බස් රථයක් අසළ තිබූ ගසක වැදී අනතුරට පත්ව ඇතැයි වාර්තා වේ. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ කොළඹ සිට නුවර බලා ධාවනය වූ තෙල්දෙණිය ඩිපෝවට අයත් ලංගම බස් රථයකි. අනතුරින් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද සඳහන්. තිරිංග පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි ද සඳහන්.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසයි. එම බස් රථයේ ගමන් ගත් මඟින් 46 හැටන් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතල තුවාල ලැබූ මගීන් කීපදෙනකු මහනුවර මහ රෝහලට මාරු කර යවා ඇති බවද හැටන් පොලිසිය පවසයි.
බස්නාහිර සහ සබරගමුව පළත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ඇමති බංගලාවලින් අඩක් පමණ විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. පෞරාණික වටිනාකම් සහිත ඇමැති බංගලා ඒ සඳහා වෙන් කෙරෙනු ඇතැයි පැවසූ හෙතෙම මෙමගින් ලොකු ආදායමක් උපයාගත හැකි වෙතැයි අපේක්ෂා කරන බවද සඳහන් කළේය. මේ අතර ඇමැති බංගලා සම්බන්ධයෙන් විශේෂ සමීක්ෂණයක් ආරම්භ කළ බවද අමාත්‍යවරයා සඳහන් කළේය. එම ඇමති බංගලා අයත් අමාත්‍යාංශ මොනවාද සහ එම බංගලා වලට අයිතිය දේපළ මොනවාද ඇතුළු කරුණු කාරණා රැසක් මෙහිදී සොයා ගැනීමට නියමිතය. මේ අතර රජයේ සේවකයන් වෙනුවෙන් ලබා දී ඇති බංගලා ඔවුනට දිගටම ලබාදීමට අපේක්ෂා කරන බව අමාත්‍යාංශය පවසයි. ඇමතිවරුන්…
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරී කණ්ඩායමක් අදාළ පාර්ලිමේන්තු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කළේය. ඒ සඳහා එම දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරිහු කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ඊයේ පැමිණියහ. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත. වෙබ් අඩවියට එම තොරතුරු ඇතුළත් කිරීමට පාදක කරගත් බව කියන ලිපි කිහිපයක් පාර්ලිමේන්තු නිලධාරීන් එම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදී ඇතැයි දැනගන්නට ඇත. පාර්ලිමේන්තුව වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදුව ඇති බවට නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා පැමිණිලි කළේය. ඒ අනුව එම සිද්ධිය…
