Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ පුද්ගලයෙකු ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුට ගෙන තිබේ. ඇඹිලිපිටිය, උඩගම ප්‍රදේශයේ නිවසක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකිරීමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 55ක් වූ ගල්බොරැල්ල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්ය. වැටලීම සිදුකළ ස්ථානයේ තිබී රන් ආලේපිත බුදු පිළිම 02ක්, කළු පැහැති ගල් මංජුසාවක්, නිල් පැහැති මැණික් බවට සැකකරන ගල් 03ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. ඇඹිලිපිටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මවක් විසින් කුඩා දැරියක් ඝාතනය කර ඇය ද සියදිවි නසාගැනීමේ පුවතක් තලාව පොලිස් වසමේ බිදුන්කඩ ප්‍රදේශයෙන් වාර්තා වෙයි. පොලීසිය පැවසුවේ සැකකාර මව විසින් තම කුඩා දැරියට පෙට්‍රල් දමා ගිනි තබා ඝාතනය කර ඇයද සිරුරට පෙට්‍රල් දමාගෙන ගිනි තබා ගෙන සිය දිවි නසා ගෙන තිබේ. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 39ක් වන මව සහ අවුරුදු 02යි මාස 09ක් වූ දැරියකි. අදාළ සිද්ධිය සමබන්ධයෙන් ඊයේ (31) තලාව පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි. මරණකාරිය බිදුන්කඩ ප්‍රදේශයේ කාන්තා සමිතියක භාණ්ඩාගාරික වශයෙන් කටයුතු කර ඇති බවත්, එහිදී ඇති වූ මුදල් ගැටලුවක් මත සිත් තැවුලෙන් දැරිය ඝාතනය කර ඇය ද සියදිවි නසාගෙන ඇති…
මහේස්ත්‍රාත්වරුන් කිහිපදෙනෙකුට අධිකරණ සේවා කොමිසම විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තිලිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස පත්කර ඇත්තේ කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තනූජා ලක්මාලි මහත්මියයි. නිලුපුලී ලංකාපුර මහත්මිය කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කර අැත මොරටුව දිසා විනිසුරු ලෙස කටයුතු කළ චතුරිකා ද සිල්වා මහත්මිය ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය ලෙස ස්ථාන මාරු කර ඇති බව අධිකරණ සේවා කොමිසම සඳහන් කළේය
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව වාර්ෂික ලක්‍ෂ්‍යමය වෙනසින් මනිනු ලබන මතුපිට උද්ධමනය පිට පිටම සිවුවැනි මසටත් සෘණ අගයක් ප්‍රදර්ශනය කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. පසුගිය වසරේ දෙසැම්බර් මසයේ සියයට 1.7 ක අවධමනයක් ද, ඊට පෙර මස එනම් නොවැම්බර් මස සියයට 2.1 ක අවධමනයක් ද, ප්‍රදර්ශනය කළ බව මහ බැංකුව සඳහන් කරයි. ආහාර නොවන කාණ්ඩයේ අවධමනය දෙසැම්බර් මාසයේ සියයට 3.0 ක් බවට පත්වෙමින් සුළු පහළ යෑමක් ඇති බවත් නොවැම්බර් මස එම කාණ්ඩයේ අවධමනය සියයට 3.3 ක්ව පැවැති බව මහ බැංකුව සඳහන් කරයි. ආහාර කාණ්ඩයේ උද්ධමනය දෙසැම්බර් මාසයේ සියයට 0.8 ක් බවට පත්ව සුළු ඉහළ යෑමක් පෙන්වන බව කියන ශ්‍රී…
රට ගොඩනැගීම සඳහා සියලු දෙනාම එක්ව කටයුතු කළොත් අලුත් අවුරුද්ද සුබ වනු ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන අරඹමින් පැවසීය. ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය. අපේ රාජ්‍යයේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගෙන වැඩ කරනවා.දුප්පත් බවින් අප රටේ පුරවැසියන් මුදා ගැනීම මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ගමට ගලාගෙන යන ක්‍රමයක් අප ගොඩ නගනවා.ලබන අයවැය දුප්පත් කම තුරන් කරන වැඩසටහනක් මෙහෙයවන ආරම්භයක් බව කිව යුතුයි. දෙවනුව අප මේ රටේ ඩිජිටල්කරණයට ලක් කරනවා.පුරවැසියා සහ රාජ්‍ය අතර බැඳීම එයින් ශක්තිමත් කරන්නට හැකියාව ලැබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා යනු පරිසර පද්ධතියේ පිරිසිදු කිරීම පමණක් නොවේ.ගරා වැටුණු සමාජ දේහය මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. අපේ පිහිටීම ඉතා…
මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර ඇති බවයි. සැකකරු සතුව තිබී කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සහ ග්‍රෑම් 06ක් බරුති මත්පෙති 12 ක් සොයාගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු තැපැල් මඟින් අදාළ මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කර මෙම ජාවාරම සිදුකරන බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙකු බව පොලීසිය පැවසුවේ.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (31) පැවසීය. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (31) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබියදීම අදියර කීපයක් යටතේ ඇගැයීම් කළ බවත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස හතරක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඒ මහතා කීය. ඒ අනුව උසස් පෙළ විභාගය ප්‍රතිඵලය ලබන අප්‍රේල් මස වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සොරකමක් සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතකර සිටින රැඳවියෙකුට දිම සඳහා අයිස් සහ දුම්කොල රැගෙන පැමිණි රැඳවියාගේ මිතුරන් දෙදෙනෙකු ඊයේ (31) අත් අඩංගුවට ගත්බව ගාල්ල පොලිසිය පවසයි. මෙම රැඳවියා සොරකමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති අතර ඔහු බැලිම සඳහා අද සවස රත්ගම පදිංචි මිතුරන් දෙදෙනකු අඹ වෑංජනයක්ද රැගෙන පැමිණ ඇත. බන්ධනාගාර නිලධාරින් අඹ වෑංජනය පරික්ෂා කිරිමේදි අඹ ඇට පලා ඒතුල ඉටිකොල වල ඔතා තිබු අයිස් ග්‍රෑම් අටක්ද කුඩා ප්‍රමාණයේ දුම්කොල කැබලි හයක්ද සොයාගෙන ඇත.
අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට තමා උත්සුකවීමට තමාට අවශ්‍ය නොවූ බවත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජන ඝාතකයකුවීමට තමා උත්සුක නොවූ හෙයින් සෙසු රටවල් මෙන් මෙරට අපායක් නොවී බේරුණු බවද ඔහු සදහන් කරයි. බල ලෝභී පාලකයන් පවසන පරිදි රාජ්‍ය පාවාදීමේ අශ්සීල දුර්ජන පරමාර්ථයක් තවාට නොවූ බවද විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලකුවීමට ආශාවක් තමාට නොතිබුණු බවද ඔහු සදහන් කරයි. 41 වසරක යුද දිවියෙන් විශ්‍රාම යාමේ නිමිත්තෙන් ඊයේ (31) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයකින් අනතුරුව නිකුත් කළ විශේෂ…
