Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වරෙන්තු නිකුත්කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ සිටියි. ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සඳහා ඔහුට වරෙන්තු නිකුත්කර තිබුණි. ඒ අනුව, එම නඩුව අද (19) කැඳවීම සඳහා ඒ මහතාගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බවත් වාර්තා වේ.
පොදු දේපල පණත යටතේ පවරා ඇති නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක ඇප දෙකක් මත මුදාහරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඌව පලාත් මහ ඇමැති වශයෙන් කටයුතු කරමින් සිටියදි 2016 වර්ෂයේ දි පෙර පාසල් ළමුන් සදහා පාසල් පොත් බෑග් ලබාදීම සදහා රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ දහයක මුදලක් සාවද්‍ය පරිහරණය කලේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපල පණත යටතේ මන්ත්‍රිවරයාට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.. අදාල සිද්ධිය සම්බන්ධයෙන් වු ඇප අයදුම බදුල්ල මහේස්ත්‍රාත් අධිකරයේදි මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් සලකා බැලීමෙන් අණතුරුව රුපියල් ලක්ෂ දහය බැගින් වු ඇප දෙකක් මත මන්ත්‍රිවරයා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ මහ නගර සභාවට තරග කළ ස්වාධීන කණ්ඩායම් පහේ නායකයන් සමග අද (19)පස්වරු 4.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායම් පහකින් සභිකයෝ 9 දෙනෙක් තේරී පත්වූහ. කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීම සඳහා සහාය ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බව ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකන් මාධ්‍ය මේ බව වාර්තා කළේ බයිඩන්ගේ කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් ද උපුටා දක්වමිනි. මේ වනවිට පිළිකාව ඔඩුදුවා ඇති බවත්, එය අස්ථි දක්වා පැතිරී ඇති බවත් වෛද්‍යවරුන් පවසා ඇතැයි ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි. 82 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා පිළිකා රෝගියකු බව අනාවරණය වී ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේය. වත්මන් ඇමෙරිකන් ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙර, ජනාපධිති ධුරයේ සිටියේ බයිඩන්ය. බයිඩන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි.
ගල්කිස්ස වෙරළපාර අසලදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් හමුදාවෙන් පලාගිය සෙබළෙකු බවද කියයි. ඔහුට මෙම කොන්ත්‍රාත්තුව බඩෝවිට අසංග නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු විසින් සැන්ඩෝ යන ජාවාරම් කරු හරහා රුපියල් ලක්ෂ දහයකට පොරොන්දුවක් මත ලබා දී ඇත. සැකකරු ඉන් රුපියල් ලක්ෂ පහක් මූලිකව ලබාගත් බවට ඔහු ප්‍රකාශ ලබා දී ඇතැයිද පොලීසිය කියයි. සිද්ධිය වූ දින ත්‍රීරෝද රථයක සිට ඔත්තු බැලූ දෙදෙනකු සමඟ ත්‍රීරෝද රථයද, ඝාතකයා රැගෙන ගිය යතුරු පැදියද කොටස් කර තිබියදී පැදිකරු සමඟ පන්නිපිටියදී අත්අඩංගුවට ගෙන සිදුකළ විමර්ශනයට අනුව සී.සී.ටී.වී.දර්ශන ඔස්සේ විමර්ශනය කර…
මුදල් ආරවුලක් මත නවමස් ගැබිනි බිරියගේ ගෙල රෙදි සිරකර ඝාතනය කළ බව කියන සැමියා අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය , එනසල් වත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු හා මියගිය කාන්තාව විවාහ නොවී දෙනියාය, එනසල් වත්ත ප්‍රදේශයේ නිවසක ජීවත් වී ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. මොවුන් දෙදෙනාම කම්කරු රැකියාවේ නිරත වන බව පොලිසිය කියයි. සිද්ධිය වූ දින මුදල් ආරවුලක් මත දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබූ අතර එහිදී සැකකරු විසින් නව මස් ගැබිණි බිරියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙසේ ඝාතනය කර ඇත්තේ දෙනියාය, එනසල්…
පළාත් පාලන ආයතන පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් මහජන නියෝජිතයන්ට මූලික පුහුණුවක් ලබාදීමට කටයුතු කරන බව පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත මුදලිගේ මහතා පැවසීය. ලබන ජුනි මස 2 වෙනිදා සභා පිහිටුවීමෙන් පසු සභිකයන්ට මෙසේ පුහුණුව ලබා දෙනු ඇත. පුහුණුව ලබාදීමට විශේෂඥයන්ගේ සහය ගන්නා බවද ඔහු සඳහන් කළේය
තිස් වසරක් පැවති යුද්ධය නිමා කරන මොහොතේ සේනාධිනායක ලෙස කටයුතු කළ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රණවිරුවන් උදෙසා ආශිර්වාද කිරීමත්, යුද්ධයේදී දිවි පිදු රණ විරුවන්ට පිං පැමිණවීමත්, ආබාධිත රණවිරුවන්ට ආශිර්වාද කිරීමත්, රණවිරු පවුල්වල අයට උපහාර පිදීමත් අරමුණු කරගනිමින් ඓතිහාසික තිස්සමහාරාම රජ මහා විහාර භූමියේදී ආශිර්වාද පූජාවක් පැවැත්විණි. මෙම ආශිර්වාද පූජාව සඳහා අග්ගමහා පණ්ඩිත මහෝපාධ්‍යය ඕමාරේ කස්සප නා හිමි, තිස්සමහාරාම සදගිරි උභය මහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධර්මසේන,දේශප්‍රේමී භික්‍ෂු සංවිධානයේ මහලේකම් බෙංගමුවේ නාලක නාහිමිවරුද සහභාගී වූහ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, හිටපු කථානායකවරුන් වන චමල් රාජපක්ෂ සහ මහින්ද යාපා අබේවර්ධන මහත්වරු ඇතුළු දේශපාලකයෝ රැසක් මීට සහභාගී…
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනයට සිවු පුද්ගල කමිටුවක් නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් පත් කරනු ලැබ ඇත. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයනි වෑගඩපොළ සහ රජයේ නීතිඥ ශක්ති ජාගොඩාරච්චි යන මහත්ම මහත්මිහු කටයුතු කරති. බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සාක්ෂිවලින් අධි චෝදනා ගොනු කළ හැකිදැයි කරුණු අධ්‍යයනය කිරීම මෙම කමිටුවට පැවරෙන වගකීමයි. තවදුරටත් විමර්ශන කළ යුතු කරුණු වේ නම් ඒවා හඳුනාගැනීමට කමිටුවට පවරා ඇති බව දැනගන්නට ඇත . බටලන්ද කොමිෂන් සභාව වාර්තාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයාට පසුගියදා යොමු කරනු ලැබීය. බටලන්ද…
විදුලි ගාස්තුව සියයට 18.3 කින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව කටයුතු කරන බවත් එම යෝජනාව පිළිබඳව අවසන් තීරණය ජූනි මස පළමු සතියේ ප්‍රකාශ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු පියවරයන් කීපයක් ඇති බව කී ඒ සඳහා මාසයකට අධික කාලයවක් ගතවන බව ද සඳහන් කළේය. විදුලි පාරිභෝගිකයන්ට උපරිම සාධාරණය වන පරිදි නීති්‍යානුකූල තීරණය ගන්නා බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. මෙම වසරේ ජුනි සිට දෙසැම්බර් දක්වා වන කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය මහජන…
