Author: LANKA24X7

හම්බන්තොට සුචි ගම්මානයේ එකම පවුලේ තරුණියන් දෙදෙනකු ඕමානයට රැගෙන ගොස් කාමරයක රඳවාගෙන බලහත්කාරයෙන් සේවයේ යොදවා සිටියදී එක් තරුණියක් පසුගිය දින ගෙල වැලලාගෙන දිවිනසාගෙන ඇත. හම්බන්තොට ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියකු මැදිහත්ව ඩුබායි රාජ්‍යයේ රැකියා දෙන බව පවසා මෙම තරුණියන් දෙදෙනා ඕමානයට රැගෙන ගොස් ඇති බව කියති. මෙලෙස පසුගිය 24 වන දින ඕමානයේදී ගෙල වැලලාගෙන මියගොස් ඇත්තේ හම්බන්තොට සුචි ගම්මානයේ පදිංචි 22 හැවිරිදි තරුණියකි. මෙම තරුණිය සමඟ 24 හැවිරිදි ඇයගේ වැඩිමහල් සහෝදරියද අදාළ සමෘද්ධි සංවර්ධන නිලධාරියාගේ මැදිහත්වීම මතම රැකියාවක් සඳහා පිටත් කර තිබේ. ගෙල වැලලාගෙන මියගිය තරුණියගේ මාපියන් පවසන්නේ ඩුබායි රාජ්‍යයේ රැකියාවක් දෙන බව පැවසූ නමුත්, සමෘද්ධි නිලධාරියා ඇතුළු පිරිස සිය දරුවන්…

Read More

ජපානයේ රැඳී සිටින මෙරට පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු සමඟ එරටදී ඇතිවූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස සීදූව ලියනගේමුල්ලේ ව්‍යාපාරික පවුලේ පියා සහ පුතුන් දෙදෙනා ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බවට සැක කරන තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ. එම පාතාලයේ අපරාධකරු විසින් දුන් කොන්ත්‍රාත්තුවකට අනුව මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබෙන බව විමර්ශන කණ්ඩායම් සැක කරයි. මෙම වෙඩි තැබීම පසුගියදා (28) සවස සිදුවන්නේ සීදූව ලියනගේමුල්ලේ පිහිටි ව්‍යාපාරිකයාගේ නිවෙස පිහිටි ගෙවත්තේදීය. මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් ටී-56 ගිනිඅවි දෙකකින් ව්‍යාපාරික පියාටත් පුතුන් දෙදෙනාටත් වෙඩි තබා පලා ගොස් තිබිණි. මෙම වෙඩි තැබීමෙන් බස් රථ හිමිකරුවකු වන පොලියට මුදල් දීමේ ව්‍යාපාරයක නිරත එම…

Read More

කාන්තා පොලිස් බැරැක්කයට හොර රහසේ අයුතු ලෙස ඇතුල්වී සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයකු නොරොච්චෝලෙයි පොලිස් සථානාධිපතිවරයා විසින් පෙරේදා (02) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. ඉහත චෝදනාව යටතේ මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොරොච්චෝලෙයි පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයකි. නොරොච්චෝලෙයි පොලිස් ස්ථානයේ කාන්තා පොලිස් බැරැක්කයට පුද්ගලයකු ඇතුළුවී ඇති බවට ලැබී ඇති රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක්වූ නොරොච්චෝලෙයි පොලීසියේ පොලිස් ස්ථානාධිපතිවරයා වහා සිදුකළ පරීක්ෂණයකදී කාන්තා පොලිස් බැරැක්කය තුළට ඇතුළුවී සිටි ආධුනික පොලිස් කොස්තාපල්වරයා මෙසේ අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. අත්අඩංගුවට ගනු ලැබූ ආධුනික පොලිස් කොස්තාපල්වරයා වැඩිදුර විමර්ශන සඳහා කල්පිටිය සහකාර පොලිස් අධිකාරිවරයාට භාරදීමට කටයුතු කර තිබුණි.

Read More

පිටකොටුව පීපල්ස් පාක් වෙළඳ සංකීර්ණය ආපනශාලාවකින් ඇනවුම් කළ පැණි බීම බෝතලයක් වෙනුවට පිරිසිදු කාරක අඩංගු බෝතලයක් ලබාදීමෙන් අනතුරුව එය පානය කල තරුණියක රෝගාතුර වී රෝහල් ගත කළ බවවේල්ල වීදිය පොලිසිය කියයි ඒ සම්බන්ධයෙන් ආපනශාලාවේ සේවකයන් තිදෙනෙකු සහ ප්‍රධාන කාර්යාලයේ සේවය කරන සේවකයන් සිව් දෙනකුගෙන් ප්‍රකාශ ගත් බව පොලිසියය කියයි එම ආපන ශාලාව තුළ තිබී තවත් හිස් පැණි බීම බෝතල් වල බහා තිබූ පිරිසිදු කාරක දියර අඩංගු බෝතල් දෙකක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි මෙලෙස රෝහල් ගත කර ඇත්තේ පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි තරුණියකි

Read More

මෙරට ප්‍රමුඛතම ව්‍යපාරික සඟරාවක් වන “එල්.එම්.ඩී” සඟරාව 2024 වසර සඳහා ” වසරේ ශ්‍රී ලාංකිකයා” ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නම්කර ඇත. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වසරේ ශ්‍රී ලාංකිකයා ලෙස නම් කරමින් “එල්.එම්.ඩී” සඟරාව ප්‍රකාශ කර සිටියේ මෙරට දැඩි ලෙස කඩා වැටුණු ආර්ථිකය ගොඩ නැගීම ආරම්භ වීම මහ බැංකු අධිපතිවරයාගේ නායකත්වයෙන් සිදුවූ බවයි. ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති අභියෝග පිළිබඳව ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා යථාර්තවාදී වූ බවත් මෙරට ඇතිවූ ආර්ථික අර්බුදය ක්ෂණිකව විසඳිය නොහැකි යැයි ඔහු පිළිගත් බවත් “එල්.එම්.ඩී” සඟරාව පැවැසුවේය. වීරසිංහ මහතා මෙරට ආර්ථික අර්බුදයේ සැබෑ ස්වරූපය ජනතාවට පහදා දුන් බවත් දුෂ්කරතා එම…

Read More

මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ඒකකයේ විදුලි කාර්මික දෝශයක් හේතුවෙන් ප්‍රතිකාර කටයුතු පසුගිය 31වන දා සිට නවතා දමා තිබීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයකට පත් වන බව රෝගීහු පවසති. විකිරණ ප්‍රතිකාර සඳහා දුර බැහැර ප්‍රදේශවල සිට රෝගීන් පැමිණෙන බවත් ඇතැම් රෝගීන් කුලී රථවලින් පැමිණෙන බවත් මෙසේ ප්‍රතිකාර නොකර හරවා යැවීමෙන් එම රෝගීන් දැඩි අසරණතාවයකට පත් වන බව ඔවුහු පවසති. ඇතැම් රෝගීන් තාවකාලික නවාතැන්පොළවල් කුලියට ගෙන එම ප්‍රතිකාර සඳහා දිනපතා පැමිණෙන අතර එම හේතුව නිසා ඔවුන්ට අධික මුදලක් දැරීමට සිදු වී ඇති බවත් මෙසේ ප්‍රතිකාර ඒකකය වසා ඇති බවට රෝගීන්ට පෙර දැනුම් දීමක් නොකල බවත් රෝගීන් පවසති. මේ පිලිබඳව අදාළ…

Read More

පවුලේ සාමාජිකයන් අතර සමගිය, සහයෝගය හා දියුණුව ගොඩ නැගිම පිණිස ක්‍රියාත්මක කෙරෙන “මෙන් කයර්” නමින් නවමු වැඩ සටහනක් අනුරාධපුර ප්ලැටිනම් හෝටලයේදි අනුරාධපුර දිස්ත්‍රික් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධිකරණ නිලධාරි එච්.එම්. අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම වැඩ සටහන සදහා අනුරාධපුර,මධ්‍යම නුවරගම් පළාතේ පවුල් 17 ක් හා තිරප්පනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් පවුල් 15 ක දු දරැවන් ඇතුළු සමාජිකයන් පිරිසක් එක්ව සිටියහ. මොවුන් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරන බෙරෙන්ඩිනා සංවර්ධන ආයතනයේ ප්‍රතිලාභින්ය. සම්පුර්ණ දවසක් හෝටලයේ අනිත් පිරිස සමග එකට එක්ව ගතකිරිමේ අවස්ථාව මෙහිදි ඔවුනට උදාවිය. පවුල්තුල පවත්නා සුළු සුළු ආරවුල් හිත් අමනාපකම් හදුන්වා දිම තුලින් සාර්ථක පවුල් ජිවිතයක් තුලින් හොද ආදායක් සහිත පවුල්…

Read More

අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් ගණිතය විෂය සදහා පැවැත්විමට යෝජිතව තිබු ගණිත කදවුරැ නොපවත්වා කුඨ ලේඛණ ඉදිරිපත් කරමින් රැපියල් ලක්ෂ හයකට අධික මුදලක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට විරුද්ධව උතුරැ මැද පළාතේ ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකාර මහතා විනය පරික්ෂණයක් ආරම්භ කළේය. මේ සම්බන්ධයෙන් චෝදනා පහක් සහිත චෝදනා පත්‍රයක් උතුරු මැද පළාතේ ප්‍රධාන ලේකම් වරුණ සමරදිවාකාර මහතා විසින් අංක NCP/CS/ED/15/111/2/40 හා 2024.07.16 දිනැති ආවරණ ලිපිය සමග අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියකට විරුද්ධව ගොණු කොට තිබේ. අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 28 ක මධ්‍යස්ථාන 30 කදි අධ්‍යාපන පොදු සහතික සාමන්‍ය පෙළ…

Read More

උතුරු, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවැති වැසි තත්වය තාවකාලිකව අඩුවිමක් අද දිනයේ සිට බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වේ. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු නැගෙනහිර,උතුරු-මැදි සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට තරමක තද වැසි ඇති විය හැකියි.

Read More

“සිරකරුවෝද මනුෂ්‍යයයෝය” යන වදන සිහිපත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සිරකරුවන්ට සතුන්ට මෙන් නොසලකන ලෙස බන්ධනාගාර අධිකාරියට නියෝග කළේය. දිගු යකඩ දම්වැලක මාංචු දැමා සැකකරුවන් එක පෙළට අධිකරණ ශාලාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට දොස් පවරමින් මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය. සැකකරුවන්ට මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතු බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා මින් ඉදිරියට එලෙස නොකරන ලෙසට බන්ධනාගාර නිලධාරීන්ට දන්වා සිටියේය. අධිකරණය නිවාඩු කාලයක් බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ නමයක නඩු අංක 03 අධිකරණයේ කැඳවීය. රිමාන්ඩ් දීර්ගය සඳහා ඉදිරිපත් කළ සැකකරුවන් හතළිහක් පමණ එක දම්වැලක මාංචු දමා අධිකරණ ශාලාවට ගෙනැවිත් තිබිණි. අංක 03 අධිකරණයේ බන්ධනාගාර රැඳවියන් රඳවන සිරමැදිරිය තුළ සැකකරුවන් වැඩි…

Read More