Author: LANKA24X7

හුංගම පොලිස් වසමේ කිවුල, හුංගම ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුකර ඇත. පොලීසිය සඳහන් කළේ ඊයේ (02) රාත්‍රියේ නිවසකට මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය. අදාළ නිවසේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු සමග ඇතිවී තිබූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී හෙළිවූ බවද පොලීසිය පවසයි. මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩිතැබීම සිදුකර ඇති අතර නිවසේ කාමරයක දොරකට වෙඩි ප්‍රහාර කිහිපයක් වැදී ඇත. පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ වෙඩිතැබීමෙන් ජීවිත හානි හෝ තුවාලකරුවන් වාර්තාවී නොමැති අතර වෙඩිතැබීම සිදුකළ සැකකරු ගිනිඅවිය ද සමග හුංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

Read More

දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදාහැර තිබේ. අද (03) නඩුව කැදවු අවස්ථවේ දී ඉදිරිපත් වු කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් ජෙරම් ප්‍රනාන්දු ඇප මත මුදාහැරි බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. ඒ අනුව ඔහුට රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන10 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබේ. කෙසේවෙතත් ඔහුට තවදුරටත් විදෙස් ගමන් තහනමක් පැනවු බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය. පසුගිය වසරේ මැයි මාසයේ දී ආගම් පිළිබඳ අවමන් සහගත ප්‍රකාශ සිදුකිරීම හේතුවෙන් ජෙරම් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Read More

පසුගිය දින කිහිපය තුළ සිදුවු සැකකටයුතු මරණ 7ක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසුවේය. හෝමාගම ප්‍රදේශයේදී සියදිවි හානිකරගත් ආගම් සම්බන්ධ දේශකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකුගේ අනුගාමිකයින් දෙදෙනෙකු බව කියන තරුණියක් සහ තරුණයෙකු විෂ ශරීරගත වීමෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ 21 හැවිරිදි තරුණියක් සහ 34 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති අතර ඔවුන් දෙදෙනා කිසියම් විෂක් ශරීරගත කරගෙන මියගොස් ඇති බවට සැක පළ කරන බවය. තරුණියගේ මළ සිරුර යක්කල ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී සොයාගෙන ඇති අතර අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 34 හැවිරිදි පුද්ගලයාගේ මළ සිරුර ඔහු…

Read More

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (02) සිට අද (03) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,182ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් සැකකරුවන් 44 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය පවසයි. එසේම, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයින් 47 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ බළකාය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම විශේෂ මෙහෙයුමේදී පහත දැක්වෙන මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇත. හෙරොයින් 287g අයිස් 246g ගංජා 05kg 400g ගංජා පැළ 19,052ක් මාවා 104g ඈෂ් 95g මත්පෙති 119ක්

Read More

පසුගිය වසරේ ගතවූ කාලසීමාව තුළ තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන ලද ආයතන 7,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. එහි අපද්‍රව්‍ය කලමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා පැවසුවේ, නීති කඩ කළ ආයතන 180 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බවය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු කරමින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. විදුලිය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති මොහොතක ඒ බව සැලකිල්ලට ගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරී ඉංජිනේරු නරේන්ද්‍ර ද සිල්වා මහතා විසින් එම චක්‍රලේඛය නිකුත් කර ඇත. ඒ අනුව ඊයේ (02) දින සිට නැවත දැනුම්දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයින්ගේ නිවාඩු අවලංගු වේ. එසේ වුවත් අත්‍යාවශ්‍ය හදිසි අවස්ථාවලදී අදාළ ශාඛාවට / අංශයට අනුයුක්ත පළමුවන පන්තියේ හෝ ඊට ඉහළ විධායක නිලධාරියෙකුගේ අනුමැතිය මත පමණක් සේවකයින්ට නිවාඩු ලබාගත හැකි බව ද අදාළ චක්‍රලේඛයේ දැක්වේ. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අද (03)…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්වය තාවකාලිකව අඩුවීමක් අද සහ ද ඉදිරි දින දෙක තුළ බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර පළාතෙ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති වේ. සබරගමුව, දකුණ, බස්නාහිර සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගාල්ල,මාතර සහ රත්නපුරු දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

Read More

ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණය කරන එක විසඳුමක් නොවුණත් පෞද්ගලීකරණය තුළින් දැවැන්තම හොරකම්, වංචා, දූෂණ සියල්ල සිදු කළ හැකි නිසා ජනතාවගේ පීඩාව පසෙක තබා පාලකයෝ තමන්ගේ පොකට්ටුව තරකර ගන්න ගේම් ගහනවා යැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පැවසීය. රට ආර්ථිකමය වශයෙන් බරපතළ ලෙස කඩා වැටී තිබෙන මේ මොහොතේත් කැබිනට් එක රටට සිදුකරන වංචා-දූෂණ පිළිබඳ හෙළිදරව් කිරීම වැදගත් යැයිද විදුලි බල ක්ෂේත්‍රයේ මේ මොහොතේත් බරපතළ මාෆියාවක් සිදුවෙමින් පවතින බවද ඔහු පැවසීය. බලශක්තිය රටකට අත්‍යවශ්‍ය බවද වඩාත් හොඳ සේවාවක් ලබාදීම සඳහා එම ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම වැදගත් බවද එහෙත් ආණ්ඩුව ප්‍රතිසංස්කරණය වෙනුවට පෞද්ගලීකරණයට යොමුවී ඇති බවද එය විසඳුමක් නොවන බවද ඔහු පැවසීය.…

Read More

යුක්තිය මෙහෙයුමෙන් මත්කුඩු නොමැතිවීම හේතුවෙන් දියවන්නාවට පැන සියදිවි නසාගත් බවට සැක කරන පුද්ගලයකුගේ මළ සිරුරක් කිඹුලාවල හන්දිය දියවන්නා ඔයේ පාවෙමින් තිබියදී හමුවූ බව මිරියාන මූලස්ථාන පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇති මාදිවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්ය. මක්කුඩුවලට දැඩිව ඇබ්බැහිව සිටී පුද්ගලයා ඉකුත් තිස්එක් වෙනි දින සිට අතුරුදන්ව සිට පොලිසිය කියයි. මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.

Read More

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් ප්‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. ඒ අනුව මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණ වලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති බවද අමාත්‍යවරයා කීය. එසේ වුව ද පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය. මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවද රමේෂ් පතිරණ මහතා පැවසීය. කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය…

Read More