Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනකුට ලිංගික අතවර කළ බව කියන දිඹුලාගල අධ්‍යාපන කලාපයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. මව්පියන් පොලිසියට අවස්ථා කිහිපයකදී කරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ දහය වසරේ සිසුවියන් අට දෙනකුට අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට පත්ව ඇති බව ද සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.
වියලි කාලගුණ තත්වය වෙනසක් සිදු කරමින් මෙම 10 සහ 11 දිනවල නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළු දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. රත්නපුර ,ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. උදෑසන දිවයින පුරා තැනින් තැන මීදුම සහිත තත්වයක් පවතී
ගොයම් කපන (භූතයා ) යන්ත්‍රයක් ට්‍රැක්ටර් ටේරලයෙන් බෑමට උත්සාහ ගැනීමේදී එය පෙරලීමෙන් එහි රියදුරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය පවසයි . වැලිපිටිය බෙරලෑලිය රාජකාරී වේල්ල නැමැති ප්‍රදේශයේ කුඹුරු යායක ගොයම් කැපීම සඳහා රැගෙන එන ලද ගොයම් කපන ( භූතයා ) යන්ත්‍රය ප්‍රවාහනය කරන ට්‍රැක්ටර් ටේරලයෙන් බිමට බෑමට උත්සාහ කිරීමේදි එහි රියදුරු අනතුරට ලක්ව තිබේ. අනතුරට පත් වූ තරුණයා අසල්වාසීන් වැලිගම වලාන රජයේ රෝහල වෙත රැගෙන ගියද රෝහල් ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම වැලිපිටිය මුනමල්පෙ ප්‍රදේශයේ පදිංචි කසුන් චාමර නමැති අවිවාහක තරුණයකු බව සදහන් වේ.
10වන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් 8 දෙනෙකුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගණිත ගුරුවරයෙකු අද (07) අරලගංවිල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අරලගංවිල අධ්‍යාපන කොට්ඨාසයේ මහා විද්‍යාලයක ගණිත ගුරුවරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. දෙමව්පියන් විසින් පොලීසියට අවස්ථා කිහිපයකදී සිදුකරන ලද පැමිණිලිවලට අදාළව ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගත් බවත්, එම ගුරුවරයා අතින් පාසලේ 10 වන වසරේ සිසුවියන් 8 දෙනෙකු අවස්ථා කිහිපයකදීම ලිංගික අතවරයට ලක්වී ඇති බවත් ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන අරලගංවිල පොලීසිය පැවසීය. අත්අඩංගුවට ගත් ගණිත ගුරුවරයා අද (07) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද පොලීසිය පැවසීය. අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතාගේ උපදෙස්…
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (07) පාර්ලිමේන්තුවට පැවසීය. අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවය. “මත්තල ගුවන්තොටුපළ රුපියල් බිලියන 36.5 ක වියදමින් ඉදිකරන ලද අතර පසුගිය වසර පහ තුළ මුළු පාඩුව රුපියල් බිලියන 38.5 ක් බවද අමාත්‍යවරයා පැවසීය. මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීම රජයේ අරමුණ බවද අමාත්‍ය බිමල් රත්නායක එහිදී සඳහන් කළේය.
ලංගමට සහ දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය. අද(7) පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් ඔහු මෙම අදහස් පල කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා. “හෙටට යෙදෙන කාන්තා දිනය නිමිත්තෙන් අපේ අමාත්‍යංශයේ අමාත්‍යවරු තීරණය කරලා තියනවා ලංකා ගමනා ගමන මණ්ඩලයට ඒවගේම දුම්රිය සේවයටත් කාන්තාවන් බඳව ගන්න.. බස්රථ රියදුරුවරියන්, පයිලට්ලා, ගාඩ්ලා හැටියට කාන්තාවන් තව ටික දවසකින් බලා ගන්න පුලුවන් වේවි.. හෙටට යෙදෙන කාන්තා දිනය වෙනුවෙන් මේ තීරණය ගත්තා.. ඒ වගේම සිහිනයක් තියනවා පාසල් බස් රථ කාන්තාවන්ට භාර දෙන්න….”
ඕනෑම ආනයනකරුවෙකු විසින් ආනයනය කරන ලද මුළු වාහන සංඛ්‍යාවෙන් 25%ක් මාස 6ක් ඇතුළත ලියාපදිංචි නොකළහොත්, එම ආනයනකරුගේ ආනයන අවසරය අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශ පවසයි. විදේශ විනිමය සංචිත ආරක්ෂා කිරීම, අතිරික්ත වාහන සංඛ්‍යාවක් ආනයනය කිරීම අධෛර්යමත් කිරීම සහ අනවශ්‍ය මෝටර් රථ තොග රැස්කිරීම වළක්වා මෙම පියවර ගෙන ඇතිබව සඳහන් වේ. කෙසේ වෙතත් පුද්ගලික මටටමින් වාහන ආනයනය කිරීමට අවශනම් එක් වාහනයක් පමනක් ආනයනය කල හැකි අතර ඒ සඳහා එම කොන්දේසි අදාළ නොවන බව මුදල් අමාත්‍යාංශ පවසයි. වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා රැස්වූ රජයේ මුදල් පිලිබද කාරක සභාවේදී මෙම කරුණු අනාවරණය විය. ආනයන අපනයන පාලක ජෙනරාල් උපුල්මලී ප්‍රේමතිලක මහත්මිය එහිදී මෙලෙස අදහස් පල…
නිකවැරටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයකුට රුපියල් 20,000ක මුදලක් අල්ලස් වශයෙන් පිරිනැමීම සහ එයට ආධාර අනුබලදීම යන අල්ලස් චෝදනා මත පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. නිකවැරටිය මූලස්ථාන පොලිස් ස්ථානයේ නොවිසඳුණු අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරන ගව සොරකම් කිරීමේ සිද්ධියකට අදාළව අවශ්‍ය කරනු ලබන සැකකරුවන් දෙදෙනෙකු, එම අපරාධයේ සැකකරුවන් ලෙස නම් නොකර සාක්ෂිකරුවන් වශයෙන් නම් කරන ලෙසට ඉල්ලා මෙම මුදල අල්ලස් වශයෙන් ලබා දී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹදෙණිය සහ අලව්ව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු බව නිවේදනයක් නිකුත්කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. ඔවුන් ඊයේ (6) ප.ව. 4ට පමණ නිකවැරටිය පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති වෙළෙඳසැලක් තුළදී හා පොලිස්…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය. මෙරට පැවති අරගලය, ආර්ථික අර්බුදය සහ පාස්කු ප්‍රහාරය ආදී මාතෘකා කිහිපයක් ගැන මෙම සම්මුඛ සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කෙරුණු අතර එහිදී නැගුණු ඇතැම් ප්‍රශ්න හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ස්වරයෙන් පිළිතුරු දෙන ආකාරයක් දැක ගතහැකි විය. මෙහිදී අල් ජසීරා මාධ්‍යවේදියා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න නගමින් පාස්කු ප්‍රහාර සම්බන්ධ පරීක්‍ෂණ වලදී ඔබ අසමත් යැයි කතෝලික පල්ලිය ප්‍රකාශ කරන බවත් ඒ ගැන කිව හැක්කේ කුමක්දැයි ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දෙමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසූයේ “විකාර කියවන්න එපා, මම කමිටුවක් දැම්මා. ඒ කමිටුවේ…
වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය. 2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන සහ එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති වෙනුවෙන් නිසි අයුරින් යෙදවීම පිළිබඳ සොයා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබිණි. කෘෂි දත්තවල පවතින අසම්පූර්ණ බව හේතුවෙන්, තීරණ ගැනීමේදී සිදු වන දෝෂ පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කළේය. කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ තුළ සාධාරණ…
