Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
2025 වසරේ පළමු මාස 2ක තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ගණන ලක්ෂ 5 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය අපේක්ෂා කරන්නේ 2025 වසර තුළ මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් මිලියන 3 ඉලක්කය සාක්ෂාත් කරගැනීම සඳහාය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ මේ වනවිට කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි. 2024 වසරේදී බලාපොරොත්තු වූ පරිදි මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් මිලියන දෙකේ ඉලක්කය සපුරා ගැනීමට හැකියාව ලැබුණි. එම ක්ෂේත්‍රයේ තවදුරටත් සුබවාදී අපේක්ෂා දල්වමින් ලක්ෂ 5 ඉක්මවූ විදෙස් සංචාරකයින් පිරිසක් 2025 වසරේ පළමු මාස 2ක තුළදී මෙරටට පැමිණීම විශේෂත්වයක්. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ 2025 ජනවාරි පළමු වනදා සිට මාර්තු 5 වනදා…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අතර හමුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවැත්විණි. 2023 මාර්තු මාසයේදී ආරම්භ වූ මාස 48 ක විස්තීර්ණ අරමුදල් පහසුකමට (EFF) අදාළ ගිවිසුමේ අඩක් සාර්ථකව නිම කර ඇති මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කෙරිණ. මෙම හමුව අතරතුර, 2022 වසරේ මුහුණ දුන් ව්‍යවසනකාරී ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද අඛණ්ඩ සහාය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කෘතවේදීත්වය පළ කළේය. ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සාර්ව ආර්ථික ස්ථායිතාව සවිමත් කිරීම, අවදානමට ලක් විය හැකි කණ්ඩායම්වලට සහාය වීම…
අරගල කරන ලද සියලු ගැහැණුන්ට ප්‍රණාමය පුද කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවාය. “අරගල කරන ලද සියලු ගැහැණුන්ට අපේ ප්‍රණාමය පුද කරනවා.අප පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන් විසි දෙකක් පැමිණ සිටින්නේ ඒ අරගල වල ප්‍රතිඵලයක් ලෙසිනි. අද අප මෙතන හිටගෙන ඉන්නේ අප වෙනුවෙන් පෙනී සිටි සහෝදරියන් නිසයි.විශේෂයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියන් විසි දෙනා වෙනුවෙන්, අප වෙනුවෙන් සිටි නම් නොදන්නා මෙන්ම නම් දන්නා සහෝදරියන් වෙනුවෙන් මෙහිදී ස්තූතිය පුද කරනවා. වෙනදාට වඩා දැන් කාන්තා දේශපාලනයට හඬක් ලැබී තිබෙනවා.නායිකාවන් මතු කර ගෙන තිබෙනවා”යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.
දැයේ දියණිවරුන්ට සුරක්ෂිත ජීවිතයක් හා ශිෂ්ටසම්පන්න සමාජයක් ගොඩනැඟීම උදෙසා රට නව පුනරුදයක් කරා ගෙන යන ගමනට එක්වන ලෙස සමස්ත කාන්තා පරපුරට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා මෙසේද කියයි. ජාත්‍යන්තර කාන්තා දිනය සැබවින්ම කාන්තා අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරයේ ජයග්‍රහණයකි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වඩා හොඳ වැටුප් සහ ඡන්ද අයිතිය ඉල්ලා කාන්තාවන් 15,000ක් පමණ නිව්යෝර්ක් නගරයේ සිදු කළ පා ගමන කාන්තා දිනය පිළිබඳ සංකල්පීය ඇරඹුමයි. 1917 පෙබරවාරි විප්ලවයට පදනම වූ රුසියානු කාන්තාවන් “පාන් සහ සාමය” ඉල්ලා වැඩවැරූ දිනය වන මාර්තු 08 දිනය, පසුකාලීනව ජාත්‍යන්තර කාන්තා දිනය…
ඉතිහාසයේ පළමුවරට පරිසරයට අදාළ සියළු ආයතන පරිසර අමාත්‍යාංශය යටතට ගැනීමට රජය තීරණය කර ඇත. මේ තීරණය පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන්ගේ සහ නිලධාරීන්ගේ පැසසුමට ලක් විය. එම උපදේශ කාරක සභාව අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්විය. සත්ව මිනිස් ගැටුමද පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය විද්‍යාත්මක විසඳුම් සඳහා යොමුවීමේ අවශ්‍යතාවද එහිදී අවධාරණය කෙරිණි.
ජාතික සත්ව සංගණනය සඳහා නිවාස වලට බෙදා දෙන තොරතුරු පත්‍රිකා ලක්ෂ 70 ක් රජයේ මුද්‍රණාල විසින් මුද්‍රණය කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ ( කෘෂි තාක්ෂණ ) මහතා සඳහන් කරයි. මේ වන විට එම සියලු පත්‍රිකා දිස්ත්‍රික්ක 25 පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බෙදා හැර අවසන් බවද ඒ මහතා පැවසීය. කෘෂිකර්මය විනාශ කරන සත්වයන් ලෙස සැලකෙන වඳුරා, රිළවා ,මොනරා, දඬුලේනා යන සත්වයන් මෙම ජාතික සත්ත්ව සංගණනය යටතේ සමීක්ෂණයට ලක් කෙරේ. එය මාර්තු 15 වැනිදා පෙරවරු 8 සිට 8.5 දක්වා වනාන්තර හැර සියලුම ගෙවතු වලදී සිදු කිරීමට නියමිතය. මේ සම්බන්ධව අදහස් දක්වමින් නිදහස් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරන්නේ…
කිරිබත්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීම සදහා රහස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ කැලණිය ප්‍රදේශයේ පිහිටි නිවෙසට ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලාගොස් ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට ගොස් තිබුණි. එම අවස්ථාවේදී ප්‍රසන්න රණවීර මහතාගේ බිරිය ඇතුළු පවුලේ සාමාජිකයන් එම නිවෙසේ සිට ඇති අතර එහිදී බිරියගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් රහස් පොලිසිය අනතුරුව රණවීර මහතාගේ රියැදුරුගෙන් ද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව පැවැසේ. රජයට අයත් ඉඩමකට හොර ඔප්පු සකස් කර විකුණූ බව…
රත්මලාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ කර්මික විද්‍යාලයක ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු ඊයේ ( 07) සවස මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි. පොලිසියට ලැබුණු තොරතුරක් මත සිසුන් තිදෙනා පරික්ෂා කිරිමේදි ඔවුන් සන්තකයේ තිබී හෑෂ් මත්ද්‍රව්‍ය සහ පී කැප් නැමැති මත්පෙති සොයා ගැනිමට හැකිවු බව පොලිසිය කියයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාර්මික විද්‍යාලයේ පාඨමාලා හදාරමින් සිටි 25,22,20 හැවිරිදි වියේ පසුවන කොටපොල , මාලඹේ ,පල්ලෙගම පදිංචි සිසුන් තිදෙනෙකි.
රුපියල් ලක්ෂ 113 ක වියදමින් කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ ස්ථාපිත කරන ලද විකිරණ (x-Ray) ඒකකය 2021 වසරේ සිට මේ දක්වා වසා දමා තිබෙන බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නවතම විගණන වාර්තාවකින් හෙළිදරව් කොට ඇත. කහටගස්දිගිලිය ප්‍රාදේශීය රෝහලේ පිහිටි පැරණි ගොඩනැගිල්ලක් පසුගිය 2021 වසරේ රුපියල් ලක්ෂ 35 ක වියදමක් දරා නවිකරණය කොට ඒම ගොඩනැගිල්ලේ රැපියල් ලක්ෂ 61 ක මුදලක් ගෙවා විකිරණ යන්ත්‍රයක්ද මිලදි ගෙන සවිකොට තිබුණි. පසුගිය 2022 වසරේදි වසර දෙකක වගකිම් කාලයකට යටත්ව පුද්ගලික ආයතනයකින් මෙම විකිරණ යන්ත්‍රය මිලදි ගෙන තිබු අතර වගකිම් කාලය අවසන් විමෙන් පසුව වසර පහක කාලයක් මුදල් ගෙවා සේවා කිරිම සදහාද ගිවිසුම් ගතව තිබුණි. එහෙත්…
හබරන මරදන්කඩවල ප්‍රධාන මාර්ගයේ ගලපිටගල පාර මාරු වූ දළ ඇතකු හප්පා ඇතාගේ එක් දළක් කැඩූ බව කියන රියැදුරා ලබන 21 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත් උදාරි ගුණසේකර මහත්මිය නියෝග කළාය. අනතුරින් පසුව පලා ගිය රියැදුරා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එසේ රිමාන්ඩ් බාරයට පත් කළාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද ගනේවල්පොල වනජීවී කාර්යාලයේ නිලධාරීන්ට නියෝග කළාය. ටිපර් රථයේ ගැටුණු ඇතාගේ එක් දළක් කැඩී ගොස් බිම වැටී තිබූ බවත් මෙම ගැටීම බරපතල ලෙස සිදුව ඇතැයි ද අධිකරණයේදී කියැවිණි.
