Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව පෞද්ගලික ඔසු සැලකින් මිලදී ගත් ඖෂධ කරලක් පානය කිරීමෙන් තෙමස් ගැබිනි මවක් හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි රුවන්වැල්ල පොලිසිය කියයි. මෙලෙස මිය ගොස් ඇත්තේ රුවන්වැල්ල පීටර් හිල්ගම ඉඹුලාන ප්‍රදේශයේ පදිංචිව සිටි ගීතිකා සඳමාලි නැමති 42 හැවිරිදි සිව් දරු මවකි. මියගිය කාන්තාව සිය සැමියා සමඟ ඉකුත් 5 වැනි දින අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික ඔසු සැලකට ගොස් ඇයගේ දරුගැබ ඉවත් කිරීම සඳහා ඖෂධයක් ඉල්ලා ඇති අතර එම ඖෂධ හලෙන් ඇයගේ ශරීරයට ඇතුල් කිරීම සඳහා මෙන්ම පානය කිරීම සඳහා ඖෂධ කරලක් සහ පෙති කීපයක් ලබා දී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණයය වී ඇත
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (08) පස්වරුවේ පැවැත්විණි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමනාකරණය සඳහා ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳවද අවධානය යොමු විය. නව ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී ආයතනයක් බවට පත් කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ලාභ ලැබුවද , වැරදි කළමනාකරණ තීරණ හේතුවෙන්…
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති තීරු බදු ප්‍රතිපත්තිය සාකච්ඡා කොට වෙනස් කර ගැනීම සඳහා නියෝජිත කණ්ඩායමක් ඇමරිකාවට යැවීමට රජය තීරණය කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොට්ටාවේදී අද (8) පැවසීය. ඇමෙරිකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තීරු බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීමට සූදානම් බවට කරුණු දක්වා තමා ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ලිපියක් යොමු කළ බව කී අනුර දිසානායක මහතා මේ වන විට එම ලිපිය ධවල මන්දිරයට ගොස් තිබෙන බවට කරුණු වාර්තා වී තිබෙන්නේ යැයිද සඳහන් කළේය. ඇමරිකාව පනවා තිබෙන බදු තීරණ වල බලපෑම තවම ලංකාවට දැනී නැතත් එම තීරණය ඉදිරියේදී යම් පමණකට ශ්‍රී ලංකා ආර්ථිකයට බලපෑම් කිරීමේ අනතුරක් තිබෙන්නේ…
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. මඩකලපුවේදී අත්අඩංගුවට ගනු ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා කොළඹට රැගෙන එන ලබමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනයකට අදාළව ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ වැඩසටහනක සඳහන් වූ කරුණු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී කැඳවා ප්‍රශ්න කර තිබිණ.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක්ෂකයකු වශයෙන් තරඟ කරනු ලබන අයකු අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි. අත් අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේම පදිංචි අයෙකි. හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හම්බන්තොට පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව හම්බන්තොට ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිව තිබුණි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි. මෙසේ මියගියේ නිකවැරටිය මොන්නෑකුලම, කරිහට්ටිකුලම පදිංචි එච්.එම්. උපුල් මධුශංක (37) නැමැති රස්නායකපුර පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ අවිවාහක පොලිස් කොස්තාපල් වරයෙකි. මියගිය කොස්තාපල්වරයා රස්නායකපුර කඩිගාව ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රී 8.00 ට පමණ තවත් පොලිස් නිලධාරකු සමග වාහන පරීක්ෂාවේ යෙදී සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය කියයි.
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශ වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.බස්නාහිර පළාතේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. සබරගමුව, දකුණු, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇති විය හැක. සබරගමුව, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
දේශීවය බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් පසුගිය 01 වැනිදා සිට නියම කර ඇති බැවින් එම මිලට වඩා වැඩි මුදලට පානීය ජල බෝතල් අලෙවි කරන්නන් සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. ඒ අනුව පානීය ජල බෝතල් මි.ලී 500 රුපියල් 70.00, ලීටර 1 රුපියල් 100.00, ලීටර 1.5 රුපියල් 130.00, ලීටර 2 රුපියල් 160.00 හා ලීටර 05 රුපියල් 350.00ක් ලෙසත් මිල නියම කර ඇති අතර එකී මිල ගණන්වලට වඩා වැඩි මුදලට අලෙවි කිරීම නොකළ යුතු බවත් එම අධිකාරිය පවසයි. පැරණි මිල ගණන් සලකුණු කර ඇති සියලුම දේශීය ජල බෝතල් ද නව මිල යටතේ විකිණිය යුතු අතර එකී…
2025–04-15 සිට 2025-10-14 දක්වා කාලය තුළ පෙට්‍රල් 92 Un1 නැව් තොග 05ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව පිරිනැමීම. 2025–04-15 සිට 2025-10-14 දක්වා මාස 06ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5%ක් බැගින් වූ නැව් තොග 05ක් මිල දී ගැනීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ අනුව, සැපයුම්කරුවන් 07 දෙනෙකු ඒ සඳහා ලංසු ඉදිරිපත් කර ඇත. ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව සාරානුකූලව ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd, වෙත එකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත්…
උරුමය ඔප්පු ජනතාවට ලබා දීම පිළිබඳව සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව එළඹෙන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් අදාළ කමිටුවට සාමාජිකයින් 8 දෙනෙකු පත් කිරීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර තිබුණි. උරුමය සින්නක්කර ඔප්පු ලබා දීමේ වැඩසටහන තුළින් මේ වන විට ඔප්පු 1000කට ආසන්න සංඛ්‍යාවක් අමාත්‍යංශය යටතට ගෙන ඇති බව වාර්තා වෙයි. මේ අතර අද පාර්ලිමේන්තුවේ දී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඉඩම් හා වාරි මාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා කියා සිටියේ පසුගිය රජය ලබා දුන් උරුමය ඔප්පු වැඩසටහනේ ඉතිරි ඔප්පු ලබා දීමට කටයුතු කරන බවය.
