Author: LANKA24X7

බස්නාහිර, සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 පමණ තරමක තද වැසි ඇති විය හැකියි.

Read More

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අපේකෂා කරන ඒ සඳහා සුදුසුකම්ලත් රජයේ නිලධාරීන්, ආරක්ෂක නිලදාරීන් සහ තැපෑල් ඡන්ද සහතික කිරීමේ නිලධාරීන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මාර්තු 12 වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය, තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම් සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මාර්තු 17 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර තිබේ. ඒ අනුව 17 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර එම අයදුම්පත්‍ර අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ලැබිය යුතු බවත් එම කොමිෂන් සභාව පවසයි. මේ අතර…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානානයක මහතා සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (12) පැවැත්විණි. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ එම කටයුතු වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමුඛතා හඳුනා ගනිමින් ඵලදායීව යෙදවීම පිළිබඳ සොයා බැලීමේ අරමුණින් මෙම සාකච්ඡාව කැඳවා තිබිණි. විධිමත් නගර සංවර්ධනයක් තුළින් මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇති හැකියාව මෙහිදි පෙන්වා දුන් ජනාධිපතිවරයා නගර සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ආර්ථික, සමාජීය, පාරිසරික සහ භෞතික වශයෙන් ඒකාබද්ධ සැලසුම් සකස් කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය. නාගරික සැලසුම් අනුමත කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට මේ වන විට සැලසුම් කර ඇති අතර…

Read More

2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල නිවාඩු කාලය සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පළමු පාසල් වාරයේ පළමුවන අදියර එළැඹෙන 14 වැනි සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර තිබේ. එමෙන්ම පළමු පාසල් වාරයේ දෙවන අදියර අප්‍රේල් 01 වැනි අඟහරුවාදා දින ආරම්භ වීමට නියමිත බවත් අමාත්‍යාංශය එම නිවේදනය මගින් වැඩිදුරටත් දැනුම්දී තිබේ.

Read More

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක ලෙස පුහුණු වන වෛද්‍යවරියක නිල නිවාසය තුළදී අපයෝජනය කළැයි කියන සැකකරු ගල්නෑව නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. නිලන්ත හෙවත් බන්ටි යන නමින් පෙනී සිටියකු බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිට සිද්ධියට පෙර දින එළියට පැමිණ ඇති බවත් කළක් සැකකරු සිවුරක් දරා සිට ඇති බවත් පොලිසිය පවසයි. යුද හමුදා සේවයෙන් පළා ගිය පුද්ගලයකු යැයි කියන අදාළ සැකකරු වෛද්‍යවරිය අපයෝජනය කිරීමෙන් අනතුරුව වෛද්‍යවරියගේ දුරකථන දෙකෙන් එකක් රැගෙන පළා ගොස් ගොස් තිබිණි. එසේ පැහැරගත් දුරකථනය තිබෙන ස්ථානය පිළිබඳ ලද සංඥා අනුව පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කර එම සංඥා අනුව…

Read More

විවෘත වරෙන්තු නිකුත් කර අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතාගේ මාතර මොරවක පිහිටි නිවසේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව එම නිවස ද පරික්ෂාවට ලක් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි සෝදිසි වරෙන්තුවක් ද රැගෙන ඊයේ (11) රාත්‍රීයේ එහි ගිය මාතර විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් එම පරික්ෂාව සිදු කර ඇත.

Read More

ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක ගමන් ගත් ගුවන් මගියෙකු, එම ගුවන් යානය තුළ සිටි මගීන්ට සහ ගුවන් සේවිකාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. අද (12) අලුයම ගුවන් තොටුපොළ පොලීසිය මඟින් අදාළ මගියාව එලෙස අත්අඩංගුවට ගෙන ඇත. මොහු ස්වීඩනයේ සහ යාපනය, නාගද්වීපය ප්‍රදේශයේ පදිංචි, දෙරටෙහිම ද්විත්ව පුරවැසිභාවයහිමි 65 හැවිරිදි අයෙකි. මොහු අද අලුයම 12.45ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්-144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් සිටියදී, අධික ලෙස මත්පැන් පානය කර තිබේ. ඉන් අනතුරුව එම ගුවන් යානය තුළ සිටි මගීන්ට කරදර වන ආකාරයට හැසිරීමට පටන් ගෙන ඇති අතර පසුව…

Read More

අනුරාධපුර වෛද්‍යවරියට ලිංගික හිංසන සිදුකිරීමේ සිදුවීමට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගල්නෑව පොලිසිය විසින්. මෙම වෛද්‍යවරිය රෝහලේ සේවයේ යෙදී සිටියදී, රාත්‍රී ආහාර ලබා ගැනීමේ අරමුණින් රෝහල් පරිශ්‍රයේ පිහිටි සිය කාමරය වෙත ගොස් තිබුණා. එහි දී එම ස්ථානයට පැමිණි නාදුනන පුද්ගලයෙකු නියුණු ආයුධයක් පෙන්වා වෛද්‍යවරිය බිය ගන්වා ඇයට මරණ තර්ජන එල්ල කර මෙම අපරාධය සිදුකර ඇති බවයි පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ. මෙම ආවාසනාවන්න සිද්ධියට මුහුණ පා තිබුණේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන 32 හැවිරිදි පුහුණු වෛද්‍යවරියක් කෙසේ වෙතත් මෙම සිදුවීමට සාධාරණයක් ඉල්ලමින් සහ වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කර තිබුණා.

Read More

රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකළ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය වෛද්‍යවරයාගේ හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් සිදු වූ අපරාධයක් බවට සාක්ෂි ඇත්නම් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රහස් පොලිසියට ඊයේ (11) නියෝග කළේය . දැරියගේ පශ්චාත් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය. එක් වකුගඩුවක් අක්‍රිය වීමෙන් රෝහලට ඇතුළත් කළ දරුවාගේ වකුගඩුව ඉවත් කිරීමෙන් මුත්‍රා හා තරල ශරීරයේ එකතුවීමෙන් ඇති වූ කම්පනයෙන් පසුව දරුවා මියගොස් ඇති බව අදාල තීන්දුව ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. මරණ පරීක්ෂණය සාක්ෂි විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත්…

Read More

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් සමඟ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ කොස්තාපල්වරයෙක් වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් කොස්තාපල් වරයා සන්තකයේතිබී නීති විරෝධී සිගරට් 18,600 වෑන් රථයක සඟවා තිබියදී වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය. වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ කේ ඒ උදය කුමාර මහතාගේ මෙහෙයවීම පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.

Read More