Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි. මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර කෙසෙල් වත්ත ගැමුණු මාවතේ පදිංචිව සිටී 18 හැවිරිදි කේසාන් සදරුවන් නමැති තරුණයකු බවට හදුනාගෙන තිබේ. අතුරුදන් තරුණයා සිය වැඩිමහල් සොහොයුරා තවත් මිතුරන් තිදෙනෙකු සහ ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් විනෝද චාරිකාවක් සදහා පැමිණි අටදෙනෙකුද ඊයේ (12) පානදුර මුහුදේ දිරාපත්ව ගිලී ඇති පැරණි නැවට වම් පසින් දිය නාමින් සිට ඇති බව පැවසේ. එක්වරම ඔවුන් රළ පහරකට හසුව ගසාගෙන ගොස් ඇති අතර උදව් ඉල්ලා කෑ ගැසීමත් සමග ක්‍රියාත්මක වූ නාවික සහ පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන්…
ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දීමට ගෝලීය පුරවැසියන් ලෙස එක් විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ඊයේ (12) එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ පැවැති 2025 ලෝක රාජ්‍ය සමුළුව අමතමිනි. ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිය දේශනය පවත්වනු ලැබීය. තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම මෙහිදී අවධාරණය කෙරිණ. මානව වර්ගයා සම්බන්ධ වැදගත්…
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුවම් දීමක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී එම පක්‍ෂයේ දිස්ත්‍රික් නායකයන් හමුවීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා එසේ පැවසීය. අරගලවලට, ආණ්ඩු පෙරළන්න, බුද්ධාගමට අගෞරව කරන්න, මෙරට සංස්කෘතිය විනාශ කරන්න ආදි දේවල්වලට විදේශ බලපෑම් සමඟ විදේශ මුදල් ලැබෙන්නේ යැයි පැවසූ බවත් එසේ පැවසුව ද ඒවා කවුරුත් විශ්වාස නොකළ බවත් කාරියවසම් මහතා කීය. එම ප්‍රකාශවල සත්‍යතාවය මේ වන විට හෙළිවෙමින් පවතින බව…
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර පසුගිය (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත සැකකාර සිසුන් අට දෙනා මුදා හැරීමට කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ගීතා ආරියසේන මහත්මිය අද (12) දින නියෝග කලාය එම අවස්ථාවේදී සැකකරුවන් පිරිස ඇමතූ වැඩ බලන මහේස්ත්‍රාත්වරිය යළි මෙවැනි ක්‍රියා සිදු නොවිය යුතු බවට දැඩි ලෙස එම සැකකාර සිසුන්ට දැඩි ලෙස අවවාද කලාය එහිදී සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් නවගමුව පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් තවමත් තුවාල ලැබූ සිසුන් සිව් දෙනකු මුල්ලේරියාව මූලික රෝහල…
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදිම හේතුවෙන් ඊයේ (12) දා පස්වරුවේ බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. එම බිිම බෝතලය පානය කිරිමත් සමග එම දැරියට මෙම හදිසි රෝගි තත්ත්වය ඇති විමත් සමග ඇගේ පියාද එම බිිම බෝතලයෙන් ස්වල්පයක් පානය කර ඇති අතර ඔහුටද හදිසි අසනිප තත්ත්වයක් ඇති වි ඔහුද බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙි. රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේ පදිංචිකරැවන් පිරිසක් බලන්ගොඩ නන්පෙරියල් ප්‍රදේශය දක්වා යන අතර තුර මෙලෙස මෙම ආපනශාලාවට ගොස් ඇත. එහිදී මෙම දැරිය පළමුව එම බිම බෝතලයෙන් කොටසක් පානය කර තිබෙන…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.දිවයිනේ බොහෝ ප්‍රදේශවල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක්ද පවතී. බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
යතුරුපැදියකින් පුද්ගලයන් දෙදෙනෙකු රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමටට පැමිණි රාජ්‍ය බුද්ධි සේවයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය කියයි. මීගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා නිලධාරීන් මීගොඩ ගොඩගම හන්දිය අසල ක්ෂණික මාර්ග බාධක රාජකාරී යෙදී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පරික්ෂා කිරීමේදී කොකේන් මත්ද්‍රව්‍ය මිලිගෑම් 1130 ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් දෙදෙනාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම මත්ද්‍රව්‍ය අලෙවි කිරීමට රැගෙන ආ බවත් මිලදී ගැනීමට පුද්ගලයකු ගොඩගම හන්දියට පැමිණෙන බවට අනාවරණය කළ බව පොලිසිය සඳහන් කරයි. ඒ අනුව මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිණි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු රාජ්‍ය බුද්ධි සේවයට…
අවමගුලක් පැවැති නිවසක ඛූරු පිටියක ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසුව නිවසකට ඇතුළුව සිදුකල පහරදීමකින් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු හා කාන්තාවක ඊයේ (11) ප්‍රතිකාර සඳහා මාරස්සන රෝහලට හා මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව තලාතුඔය පොලීසිය සඳහන් කරයි . අවමගුල පැවති නිවසට යාබද ස්ථානයක රාත්‍රී කාලයේ බූරු පිටියක පුද්ගලයන් දෙදෙනෙකු අතර සිදුවූ ගුටිබැට හුවමාරුවකින් පසුව පහරකෑමට ලක්වූ පුද්ගලයා තමන්ට පහරදුන් පුද්ගලයාගේ නිවසට පැමිණ එම නිවසේ දේපල වලට හානි කර පහරදුන් පුද්ගලයාගේ පියාට පහරදී තිබේ. පසුව නිවසේ රැඳී සිටි පිරිස එම පුද්ගලයාගේ හිසට එල්ල කල පහරදීමකින් ඇතිවූ කැපුම් තුවාල හේතුවෙන් මාරස්සන රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස මහනුවර…
2025 ලෝක රාජ්‍ය සමුඵව සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා මහතා අතර හමුවක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ දේශපාලන හා මූල්‍ය ස්ථාවරත්වය තහවුරු වී තිබෙන අවස්ථාවේ ආයෝජන හා සංචාරක ක්ෂේත්‍ර සඳහා විභවයන් පුළුල් වී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කුවේට් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය. දෙරට අතර වෙළඳාම ශක්තිමත් කිරිමට හා වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේ අවධානය යොමු වූ අතර, ඒ සඳහා නව උපායමාර්ග සොයා ගැනීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කෙරිණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීමේදී කුවේට් රාජ්‍යය ශ්‍රී ලංකාවට ලබා…
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අවභාවිත කරමින් සිදුකරන ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර ඇත්තේ, මහ බැංකුවේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් ජනතාව මුලා කිරීමේ ව්‍යාජ රැකියා දැන්වීම් සමාජ මාධ්‍ය සහ වෙනත් වෙබ් අඩවිවල සංසරණය වීමේ ඉහළ යෑමක් මෑතක දී නිරීක්ෂණ වී ඇති බවය. ශ්‍රී ලංකා මහ බැංකුව තෙවන පාර්ශවීය සමාජ මාධ්‍ය ඔස්සේ රැකියා ඇබෑර්තු පළ නොකරන බව ඔවුන් අවධාරණය කරයි. ඒ අනුව සියලු රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු මහ බැංකු වෙබ් අඩවියේ “රැකියා” යටතේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සමාජ මාධ්‍ය නාළිකා ඔස්සේ පමණක් පළ කරනු…
