Author: LANKA24X7

එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති ලෙස නවීන් දිසානායක මහතා පත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇත. පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්වුණු අතර එහිදී නවීන් දිසානායක මහතාගේ පත්වීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. නවීන් දිසානායක මහතා මීට ඉහතදී එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක ලෙස කටයුතු කළ අතර පසුව එයින් ඉල්ලා අස්විය. ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයන් ද දරා ඇති නවීන් දිසානායක මහතා රනිල් වික්‍රමසිංහ රජය සමයේ සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයද දැරීය.

Read More

ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජුලි චන්ග් මහත්මිය අද (14) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයට පැමිණ තිබේ. උදෑසන 10ට පමණ ජුලි චන්ග් මහත්මිය කාර්යාලයට පැමිණ ඇති අතර, ඇය පැය එකහමාරකට අධික කාලයක් එහි රැඳී සිට ඇති බව සඳහන්ය. එහිදී එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ අමෙරිකානු තානාපතිනිය අතර හමුවක්ද සිදුව තිබේ. මේ දිනවල මතභේදාත්ම මාතෘකාවක් බවට පත්ව ඇති USAID අරමුදල් සම්බන්ධයෙන් මෙහිදී දෙදෙනා අතර දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන් ය. එමෙන්ම දේශපාලනය ඇතුළු තවත් කරුණු කිහිපයක්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. ජුලි චන්ග් මහත්මිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයට පැමිණි පළමු අවස්ථාවද මෙය වේ. ශ්‍රී ලංකා…

Read More

මෙම වර්ෂය සඳහා වන රජයේ අයවැය එළැඹෙන සඳුදා (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයට පත්වීමෙන් අනතුරුව ඉදිරිපත් කරන පළමු අයවැය මෙය වෙයි. ඒ අනුව ලබන සඳුදා උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. මේ අතර අයවැය ලේඛනය සකස් කිරීමේ අවසන් අදියර සඳහා වන පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ. ඊයේ (13) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එම සාකච්ඡාවට අමාත්‍යවරුන් පිරිසක් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහභාගි වී ඇත.

Read More

ආදරවන්තයින්ගේ දිනය වන අද (14) දින පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බවට සංසරණය වන ව්‍යාජ පුවත සම්බන්ධයෙන් රජය විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත. එහි දැක්වෙන්නේ ව්‍යාජ ලෙස සැකසූ අධ්‍යාපන අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් යටතේ, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ යැයි හැගෙන ව්‍යාජ අත්සනකින් යුතුව මෙම ලිපිය සකස්කර ඇති බවයි. එම ලිපියට අනුව අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ උපදෙස් මත අද (14) දින දිවයිනේ සියලු පාසල් සහ උපකාරක පන්ති නොපැවැත්වෙන බව දන්වා තිබේ. ඒ අනුව එම ලිපියේ සඳහන් පුවත අසත්‍ය බව මෙම නිවේදනයේ සඳහන්කර ඇත.

Read More

මිනුවන්ගොඩදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීම යන සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්වී තිබේ. මිනුවන්ගොඩ පොලිස් වසමේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් 2025.02.07 වනදා වෙඩිතබා වයස අවුරුදු 35ක ගල්ඔළුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඝාතනය කර තිබුණි. මෙම අපරාධය සම්බන්ධව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව ඊයේ (13) දින මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුල්ල හා දාගොන්න ප්‍රදේශවලදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් මෙම අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 17යි මිලිග්‍රෑම් 350ක් හා ජංගම දුරකථන 05ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත්…

Read More

රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාරිභෝගිකයෝ පෙන්වාදෙති. විදුලිය බිල සැලකිය යුතු අඩු කළත් බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් තවමත් එලෙසම පවතින බවද ඔවුහු පවසති. විදුලිය මිල අඩු කිරීමට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩවල මිල නියාමනයක් කරන කරන ලෙසට බලපෑම් කරන්නැයි පාරිභෝගිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති. පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සංශෝධනය නොකිරීමෙන් ජීවන වියදම තවත් උග්‍ර වී ඇතැයි ජනතාව පෙන්වා දෙති. ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට විස්සකින්ද කර්මාන්තශාලාවල විදුලිය බිල සියයට තිහකින්ද පසුගිය ජනවාරියේදී අඩු කෙරිණ. මහජන උපයෝගීතා කොමිෂන්…

Read More

ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්‍රකාශ කළේය. ඩොජ් යනු ෆෙඩරල් අංශය මූල්‍ය අක්‍රමිකතා සෙවීම සඳහා ජනපති ට්‍රම්ප් පිහිටවූ ආයතනය වන අතර එහි ප්‍රධානීත්වය ලොව අංක එකේ ධනවතා වන ඊලෝන් මස්ක් විසින් හොබවනු ලබයි. අරමුදල් යෙදවීම නාස්තියක් යැයි සැලකූ ගෝලීය ව්‍යාපෘති 199 ක් නවතා දැමීමට ඇමෙරිකාව තීරණය කර තිබෙන බවත් අසියා ශාන්තිකර කලාපයේ යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් තිබෙන බවත් ඩොජ් ආයතනය ප්‍රකාශ කළේය. එළෙස නවතා දැමූ මෙරට ව්‍යාපෘති දෙකෙන් එක් ව්‍යපෘතියක් ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම පිළිබඳව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් බවත් අනෙක සන්නිවේදනය පිළිබඳ…

Read More

ඇමෙරිකා ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. ට්‍රම්ප් දෙවැනි වරට ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ධවල මන්දිරයේ දී මෝදි හමුවන පළමු අවස්ථාව මෙයයි. ධවල මන්දිරයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කර තිබුණි. ද්වී පාර්ශ්වික සබඳතා කර කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය. වෙ‍ළඳ ගනුදෙනු, තීරු බදු සහ සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටලු රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානයට ලක් විය. ඇමෙරිකානුවන්ට මුල්තැන දීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය මෝදිගේ ඇගයීමට ලක්වුණු බව ද පැවැසෙයි.

Read More

පිටිගල ,මැටිවිලිය ප්‍රදේශයේ මාර්ගයක තිබී බරපතළ කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (14) අලුයම සොයා ගත් බව පිටිගල පොලීසිය කියයි. කිසියම් අයකු හෝ පිරිසක් මෙම පුද්ගලයා ආයුධවලින් කපා කොටා ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය පැවසීය. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මැටිවිලිය සුභගම පාරේ පදිංචිව සිටි ළමා හේවගේ චමින්ද කුමාර (34 ) නමැති අවිවාහක අයකු බව පොලීසිය කියයි. ඔහු මැටිවිලිය ප්‍රදේශයේ මළ ගෙදරක සිට ආපසු නිවෙසට යමින් සිටියදී ඝාතනයට ලක්වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය කියයි. මේ පිලිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත අතර පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු,උතුරු මැද,නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණයක් අපෙක්ෂ කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More