Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මාලිගාකන්ද අධිකරණය අසලදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැක පිට තවත් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිස් ස්ථානය හා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණු අතරවාරයේදීය. එම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු මත අපරාධය සිදුකළ වෙඩික්කරු ගිනි අවියද සමග සැඟව සිටි නිවසේ අයිතිකරු සහ ඔහුගේ බිරිඳ විසින් ගිනි අවිය බැහැර කර ඇති බවට හෙළිව තිබේ. ඒ අනුව පසුගිය 20 වැනි දින ඔවුන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදි අනාවරණය වී ඇත්තේ ගිනි අවිය ත්‍රීරෝද රථ රියදුරෙකුට ලබා දී ඇති බවය. ඒ අනුව එම ත්‍රීරෝද…
ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමේ පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට එරෙහිව උද්ඝෝෂණය කළ හේතුවෙන් වැඩ තහනමකට ලක් කොට පසුව සේවයේ පිහිටුවා සිටි සේවකයන් 62 දෙනකුට නිදොස් කොට නිදහස් කර ඔවුන් කලින් සිටි සේවා ස්ථානවලම සේවයේ යෙදවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ. ඔවුන්ට මාස අටක හිඟ වැටුප් ලබාදීමට පනවා තිබූ දඬුවම් සීමාවද ඉවත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කර තිබේ. බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ලංකා විදුලි බල මණ්ඩලයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව අතරතුරදී එම සායකයන් හමුවේ ඔවුන්ට නිදහස් කිරීමේ ලිපි ලබා දී තිබේ.
මනුෂ්‍ය නිදහස, සාධාරණත්වය අගයමින් ජේසුස් වහන්සේ කළ මඟ පෙන්වීම යථාවත් කිරීමට රජයක් ලෙස කැප වී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නත්තල් දින සුබ පැතුම් පණිවිඩයෙන් කියයි. ජනාධිපතිවරයාගේ සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන් වේ. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදා ගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කිසිඳු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය ප්‍රජාවක් වූ එඬේරුන් අතර ඉපදීමට තෝරා ගත්තේද, දේව දූතයන් ඔවුන් වෙත සුබ පණිවිඩය ගෙන…
ලොව පුරා කිතුනු බැතිමතුන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන තවත් අසිරිමත් නත්තලක් ඊයේ (24 ) මධ්‍යම රාත්‍රීයෙන් උදාවිය. මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ජාඇල වික්ෂෝප දේවමාතා දේවස්ථානයේදී ඊයේ මැදියම් රාත්‍රීයේදී ප්‍රධාන දේව මෙහෙය පැවැත්විණි. මේ අවස්ථාවට මීසම භාර චාමින්ද රෝෂන් පියතුමාද සහභාගි විය. මැක්ස්වල්ඩ් ද සිල්වා කොළඹ සහයක රදගුරුතුමා සහභාගිවන වූ නත්තල් මධ්‍යම රාත්‍රී දේව මෙහෙය දූනගහ බටේපොල ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි. නත්තල් උදාවත් සමග දිවයිනේ සෑම දේවස්ථානයකම මැදියම් රාත්‍රී නත්තල් දේව මෙහෙයන් පැවැති අතර එම දේව මෙහෙයන්වලට කිතුනු බැතිමතුන් දහස් ගණනින් සහභාගි වූහ. නත්තල් උත්සවය නිමිත්තෙන් අද බොහෝ ස්ථානවල කැරොල් ගායනා , අසරණ පවුල් සදහා දාන මාන පිරිනැමීම,…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
මීගොඩ ,භීතියට පත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලුණු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ගේ ප්‍රධානතම ගෝලයකු මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය විකිණීමෙන් උපයා ගත් මුදල් රුපියල් දස දහසක් සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථාපිතව ඇති යතුරුපැදි ඒකකයේ ස්ථානාධිපතිවරයාට සැකකරු මීගොඩ ප්‍රදේශයේ ස්ථානයක සිටින බවට ලද රහසිගත තොරතුරක් මත වැටලීමක් සිදුකොට සැකකාර පුද්ගලයා මත්ද්‍රව්‍ය ද සමඟ ඊයේ(24) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් වූ සැකකරුට පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක වරෙන්තු කරුවකු ලෙස අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග ලද පුද්ගලයෙක් බවත් කප්පම්…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රම වේදය ප්‍රකාශයට පත් කරමින් මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මෙතෙක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2024.05.17 දින නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනයද මෙම මස 21 දාතමින් නිකුත් කෙරුණු මෙම නව ගැසට් නිව්දනයෙන් අවලංගු කර ඇත. පෙර ගැසට් නිවේදනය පරිදි මෙතෙක් දුප්පත් පවුලකට හිමිවූ රුපියල් 8500 දීමනාව හා අන්ත…
ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් භාණ්ඩ තොගයක් රැගෙන නාවික හමුදා ලොරි රථයකින් කොළඹට පැමිණෙමින් සිටි නාවික හමුදා සෙබළෙකු රාජකාරී ටි 56 ගිනි අවිය සහ උණ්ඩ තිහක් සහිත මැගසිනයක් සමඟ අතුරුදන්ව ඇතැයි වරකාපොල පොලීසිය කියයි. සැකකාර නාවික සෙබලා ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරට අයත් සෙබලෙකු වන අතර ඉහත ලොරි රථයේ ආරක්ෂාව පැමිණ සිටි පුද්ගලයෙකි. මෙම ලොරි රථය කොළඹ බලා පැමිණෙමින් සිටියදී ඊයේ (24) රාත්‍රියේ වරකාපොල වරයගොඩ ප්‍රදේශයේදී සැකකාර නාවික සෙබළා ඔහුගේ සොහොයුරා නිවසේ සිට රාත්‍රී ආහාර රැගෙන විත් ඇති බවට පවසමින් එම ආහාර රැගෙන ඒමට ලොරි රථයෙන් බැසගොස් ඇති අතර යලිත් ඔහු පැමිණ නොමැති බව පොලිසිය පවසයි. සැකකරු ලොරි රථයෙන් බැස ගොස්…
සහල් ආනයනය සඳහා අවසර ලබාදීමේ කාලසීමාව දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබේ. අද (24) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඒ අනුව ආනයනික සහල් තොග ගෙන්වීම සඳහා ලබා දී ඇති කාළ සීමාව 2025 වසරේ ජනවාරි 10 දින දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවය. දේශීය වෙළෙඳපොළේ පවතින සහල් හිඟය 2025 වසරේ ජනවාරි මස අවසානය දක්වා පැවැතීමට ඉඩ ඇති බව නිරීක්ෂණය වී ඇති හෙයින් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් මේ සඳහා වන යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබේ. ඒ අනුව එම කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව…
බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා විය.