Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදා ආරංචිමාර්ග කියයි . ගුවන් හමුදාවේ විසිරයාමේ උත්සවයක පැරෂුට් සෙබළුන් රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ. යානය අනතුරට පත්වන විට එහි 12 දෙනකු සිට ඇති අතර ඔවුන්ගෙන් 04 දෙනකු රෝහල්ගත කර ඇතැයි තවුරු නොවු පුවත් වාර්තා කරයි .
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසියය පවසයි. මෙම බිළිඳා අප්‍රාණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇතිබව පොලිසිය පවසයි. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි. එම මරණය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් මතුව ඇත. ජාතික ජන බලවේගය දිනූ සභා එකසිය විස්සක එම බලවේගය දිනූ සභික ධූර සංඛ්‍යාවට වඩා වැඩි සභික ධූර සංඛ්‍යාවක් විපක්ෂය හිමිකරගෙන සිටීම සහ සභා විසි නමයක සභිකධූර සංඛ්‍යාව ජාතික ජන බලවේගයේ සභික ධූර සංඛ්‍යාවට සමාන වීම මෙම අර්බුදකාරී තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙම සභාවලින් බොහොමයකට ආණ්ඩුව මෙන්ම විපක්ෂයද පාලන බලය පිහිටුවීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත. මේ සඳහා පක්ෂ බොහොමයක් නීති උපදෙස්ද ගනිමින් සිටී. කොළඹ මහ නගර…
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ඇඹිලිපිටිය කුඹුගොඩ ආර හයේ කණුව අසල හික්කඩුව ගෙදර පදිංචිව සිටි අගලවත්ත බඩල්ගේ ජගත් ඉන්දික කුමාර නැමති 43 හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා යතුරුපැදියකින් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. වෙඩි තැබීම 9mm වර්ගයේ ගිනි අවියකින් සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. හිස් උන්ඩ කීපයක් අවට විසිරී තිබිණි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්වරුන්ගේ රහස් ඡන්දයෙනි. නව පාප්තුමා ලෙස තෝරා ගනු ලැබුවේ, 69 හැවිරිදි රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට් කාදිනල්තුමන්ය. රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට් ඇමෙරිකන් කාදිනල්වරයෙකි. රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට්, පාප් ධුරයට පත් වූයේ 14 වැනි ලියෝ පාප්තුමා ලෙසය. ඇමෙරිකන් කාදිනල්වරයකු පාප් ධුරයට තේරී පත්වුණු පළමු අවස්ථාව මෙයයි. ඇමෙරිකානුවකු වුවත්, රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට් සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කර ඇත්තේ ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේය. නව පාප්තුමන් කවුරුන්දැයි දැක ගැනීමට දස දහස් ගණනක් ශාන්ත පීතර චතුරශ්‍රයට රැස්ව සිටියහ. 14 වැනි ලියෝ පාප්තුමා ලෙස රොබට් ෆ්‍රාන්සිස් ප්‍රෙවොස්ට්, ශාන්ත පීතර බැසිලිකාවේ සඳලු…
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ගෙන ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටුවන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. කවුරු හරි වෙන වෙන දේවල් කිරීමට හීන මවනවනම් ඒවාට ඉඩ නැති බව පැවසූ අමාත්‍යවරයා මන්ත්‍රීවරු සල්ලි වලට ගන්න හදනවා නම් ඔක්කොම අල්ලා හිරේ දමන බවද සඳහන් කළේය. රාජපක්ෂවරු වික්‍රමසිංහවරු සල්ලි ටොන් ගණන් බෙදල මන්ත්‍රීවරු බිලිබා ගත් හැටි හොදින් දන්නා බවත් එය බොරුවක් නොවන බවත් ඔහු සඳහන් කළේය. “බලය පාවිච්චි කරන්නේ නැහැ කියලා ජනතාවත් අපිට චෝදනා කරනවා” ඔහු කීවේය. රත්නායක මහතා මෙසේ පැවසුවේ රේගු ආඥා පනතේ යෝජනා සම්මතය…
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. ඉකුත් 4 , හා 5 දිනයන්වලදී මීටියාගොඩදී සහ ගල්කිස්සේදී පුද්ගලයන් දෙදෙනකු ඝාතනයට ලක් විය මෙම වසරේ මේ දක්වා සිදු වූ වෙඩි තැබීමේ සිද්ධීන් වලින් පුද්ගලයන් 23 කු තුවාල ලබා ඇතැයිද ,වෙඩි තැබීම්වලට සම්බන්ධධ පුද්ගලයන් 94 කු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන්කරයි
පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස් තවත් 57 දෙනකු තුවාල ලැබූ බවත් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. මියගිය සිවිල් වැසියන් අතර කාන්තාවන් තිදෙනකු සහ ළමයින් පස් දෙනකු සිටින බවද ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවැසුවේය. දිගින් දිගටම පාකිස්තාන හමුදා ඉන්දියාව වෙත ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් පාකිස්තායේ ස්ථාන කීපයක තිබූ ගුවන් ආරක්ෂණ පද්ධතීන් ඉලක්ක කරමින් ඉන්දීය හමුදා ප්‍රහාරයක් එල්ල කළ බවද එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. ඉන්දීය හමුදාවේ ප්‍රහාර පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන හමුදාව ප්‍රකාශ කර සිටියේ පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඉන්දීය ඩ්‍රෝන…
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකාවේ නිල සංචාරයකට පැමිණි ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා නිවේදනය කළේය. රැකියා සහ ආයෝජන සඳහා ඉහළ අවස්ථාවක් තිබෙන අංශ 4 ක් සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක සහාය ලබා දීමට තීරණය කළ බවත් වසර තුනක් පුරාවට එම සහාය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති බවත් ලෝක බැංකුව ප්‍රකාශ කළේය. බලශක්තිය, කෘෂි කර්මාන්තය, සංචාරක සහ පළාත් සංවර්ධනය යන අංශ සඳහා මෙම මූල්‍ය සහාය ලැබෙන බව ලෝකව බැංකුව පැවැසුවේය. වසර 20 කට පසුව මෙරටට පැමිණි ප්‍රථම ලෝක…
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඉන්දියානු සාගරයේ භූ දේශශපාලන ගැටුම් වලට මැදිහත් නොවී රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් කලාපීයය සාමය ආරක්ෂා කිරීමට නොබැඳි පිළිවතක් අනුගමනය කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව පැවසීය.
