Author: LANKA24X7

දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම පනතට අනුව විමර්ශන, නඩු පැවරීම, පරිපාලනමය සහ අධිකරණමය කටයුතු සිදු කිරීමට යාමේදී අල්ලස් කොමිසමට සැලකිය යුතු නෛතික අර්ථ නිරූපණ හා තාක්ෂණික ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබේ. ඒ අනුව දූෂණ විරෝධි පනතේ ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට සහ අලුතින් වගන්ති කිහිපයක් ඇතුළත් කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් යෝජනා කර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය ලෙස සංශෝධනය කළ යුතු වගන්ති හා ඇතුළත් කළ යුතු නව වගන්ති පිළබඳව නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට නියමිතය. මේ සඳහා අල්ලස් හෝ දූෂණ…

Read More

හග්ගල දැඩි ස්වභාවික රක්ෂිතය තුල සිදුකල වැටලීමකදී Syzygium ශාක ඝනයේ අතු හා Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කඩා එකතු කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය හග්ගල අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. නුවරඑළිය, හක්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලීය නිලධාරීන් කන්දෙඇල ප්‍රදේශයේ සිදුකළ මෙම වැටලීමේදී අත් අඩංගුවට ගෙන තිබේ. මෙම පුද්ගලයා විසින් මෙකී ශාඛ කොටස් කොල්ලුපිටිය වෙත යැවීමට සූදානම් කර තිබූ බව තොරතුරු අනාවරණය වී ඇතැ බව කියයි. දුර්ලභ ගණයේ මෙම ශාඛ කොටස් පෙට්ටි කර තිබූ අතර මල් ලෙස සඳහන් කර තිබූ Syzygium ශාක ඝනයේ අතු කිලෝ ග්‍රෑම් 70 ක් පමණ අඩංගු පෙට්ටි 06ක්, Rhodomyrtus tomentosa (සීතා පේර) ශාක අතු කිලෝ…

Read More

මදුරන්කුලිය කඩයමොට්ට ප්‍රදේශයෙ ඇතිවු ගැටුමකදී සිව් දරු පියකු පිහි ප්‍රහාරයට ලක්ව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ (30) මියගොස් ඇතැයි මදුරන්කුලිය පොලිසිය පවසයි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ මදුරන්කුලිය කඩයමොට්ට ඩි.පී.ටයිටස් රොහාන් නැමති දරුවන් සිව් දෙනෙකුගේ පියකු බව කියයි. සිය වැඩිමහල් සොහොයුරීයගේ පුත්‍රයා විසින් එල්ල කළ පිහි පහරකින් ඔහු බරපතල ලෙස තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර සිටියදී මරණයට පත්ව ඇති බව කියයි. සැකකරු මරණයට පත් අයගේ පුතාගේ නිවස ඉදිරිපිටට පැමින එම නිවැසියන්ට හිරිහැර වන ලෙස අශෝභන ලෙස බැන වදිමින් සිට ඇති බවත් ඒ පිළිබදව විමසිමට ගිය අවස්ථාවේ සැකකරු හා ඔහුගේ මාමා අතර ගැටුමක් ඇතිව ඇති බවත් එහිදි සැකකරු…

Read More

දඹුල්ල ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේදි ඊයේ (30 ) සිදු වූ රිය අනතුරකින් විසි දෙහැවිරිදි තරුණයෙක් මියගොස් තවත් විසි හතර හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල දඬුබැදුරුප්ප ප්‍රදේශයේ පදිංචි ගිහාන් කෝසල රන්තිලක නමැති තරුණයෙකු බව පොලිසිය සඳහන් කළේය. දඹුල්ල ගලේවෙල ප්‍රධාන මාර්ගයේ තලකිරියාගම ප්‍රදේශ ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් අනතුරට ලක්ව තිබේ. සිමෙන්ති පටවා දඹුල්ල දෙසින් ගලේවෙල දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ දඹුල්ල දෙසින් ගලේවල දෙසටම ධාවනය වූ යතුරුපැදිය ලොරි රථයේ පිටුපස හැපී මෙම අනතුර සිදුව ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.

Read More

වෙන්කළ ආසන ප්‍රවේශ පත්‍ර ගාස්තු ආපසු ඉල්ලුම් කිරීමේදී ප්‍රවේශපත්‍රය හිමිකරුගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කිරීම හෙට (01) සිට අනිවාර්ය බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය ආසන වෙන් කරවා ගැනීමේදී මගියාගේ ජාතික හැඳුනුම්පතේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ අංකය ඇතුළත් කිරීම දැනටමත් අනිවාර්යය කර ඇති බවත් දෙපාර්තමේන්තුව සදහන් කරයි. එසේම දුම්රිය ස්ථානයට ඇතුල් වීමේදී හා දුම්රිය තුලදී ප්‍රවේශපත්‍රයේ සදහන් ජාතික හැඳුනුම්පතේ අංකය හෝ විදේශ ගමන් බලපත්‍රයේ අංකය තහවුරු කර ගැනීමට කටයුතු කරන බවද දෙපාර්තමේන්තුව නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වේ.

Read More

77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී පැවැත්වීට තීරණය කළ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය වන්දන අබයරත්න මහතා පැවසීය. මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය ජනතාවට නැරඹීම සඳහා අවස්ථාව දීමට අපේක්ෂා කරන බව අමාත්‍ය වන්දන අබයරත්න මහතා කියා සිටියේය. නිදහස් උත්සවය සඳහා 1600 ක් පමණ ආරාධිතයින් සහභාගී වීමට නියමිත අතර රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි උත්කර්ෂවත්ව සහ වියදම් අඩු කරගනිමින් නිදහස් උළෙල පැවැත්වීමට රජය තීරණය කර ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ අද පැවති 77 වන ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක්වමින් අමාත්‍යවරයා මේ බව කීය.

Read More

නව අවුරුදු උදාව වෙනුවෙන් අද (31) දින සවස 4.00 සිට ගාලුමුව දොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය. ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි රථ නැවතුම් පොළවල රථවාහන නැවැත්වීමට ඉඩ ලබා නොදෙන අතර සියලුම රථවාහන පිටකොටුව බැස්ටියන් මාවත පරණ මැනිං වෙළෙපොළ, කොටුව විමලධර්මසූරිය ඔර්ලෝසු කණුව අසල චාමන්ස් රථගාල, රාෆික් ෆරීඩ් මාවත හේමාස් රථගාල, ඩී.ආර්. විජේවර්ධන මාවත ලේක් හවුස් රථගාල, කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය ඇක්සස් ටවර් රථගාල සහ මරදාන ගාමිණී වටරවුම ශාන්ත ක්ලෙමන්ට් රථගාල යන නැවතුම්පොළවල වාහන නැවැත්වීමට හැකියාව ඇත. එමෙන්ම මුදල් ගෙවීමකින් තොරව කොටුව, බාලදක්ෂ…

Read More

බන්ධනාගාර වල සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬ පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ ඊයේ (30) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රමය අනුගමනය කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නේය. මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතු වන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දුන්නේය. බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිකතා සඳහා නිලධාරීන්ගේද සම්බන්ධයක් ඇති බවට මතු වන චෝදනා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර…

Read More

ටින් මාළු සඳහා උපරිම සිල්ලර මිල නියම කිරීමට පෙර වෙළඳපොළට යොමු කළ දේශීය ටින් මාළු වර්තමාන උපරිම සිල්ලට මිලට අළෙවි කළ යුතු බවත් ආනයනික ටින් මාළු පැරණි මිලටම අලෙවි කළ හැකි බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට ටින් මාළු අලෙවි කරන වෙළෙදුම් පිළිබද මෙහෙයුම් අඛණ්ඩ ක්‍රියාත්මක කරන බව ද එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරයි.

Read More

අවුරුදු 12ට අඩු ළමුන් වෙළඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කරමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ජනවාරි 01 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

Read More