Author: LANKA24X7

මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ ලද තොරතුරකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගාල්ල ඒකකයේ නිලධාරීන් විසින් එම වැටලීම සිදුකර ඇති බවයි. සැකකරු සතුව තිබී කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 4ක් සහ ග්‍රෑම් 06ක් බරුති මත්පෙති 12 ක් සොයාගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු තැපැල් මඟින් අදාළ මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කර මෙම ජාවාරම සිදුකරන බවය. අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි ස්පාඤ්ඤ ජාතිකයෙකු බව පොලීසිය පැවසුවේ.

Read More

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (31) පැවසීය. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඊයේ (31) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබියදීම අදියර කීපයක් යටතේ ඇගැයීම් කළ බවත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස හතරක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඒ මහතා කීය. ඒ අනුව උසස් පෙළ විභාගය ප්‍රතිඵලය ලබන අප්‍රේල් මස වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

සොරකමක් සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරයේ බන්ධනාගාරගතකර සිටින රැඳවියෙකුට දිම සඳහා අයිස් සහ දුම්කොල රැගෙන පැමිණි රැඳවියාගේ මිතුරන් දෙදෙනෙකු ඊයේ (31) අත් අඩංගුවට ගත්බව ගාල්ල පොලිසිය පවසයි. මෙම රැඳවියා සොරකමක් සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර ඇති අතර ඔහු බැලිම සඳහා අද සවස රත්ගම පදිංචි මිතුරන් දෙදෙනකු අඹ වෑංජනයක්ද රැගෙන පැමිණ ඇත. බන්ධනාගාර නිලධාරින් අඹ වෑංජනය පරික්ෂා කිරිමේදි අඹ ඇට පලා ඒතුල ඉටිකොල වල ඔතා තිබු අයිස් ග්‍රෑම් අටක්ද කුඩා ප්‍රමාණයේ දුම්කොල කැබලි හයක්ද සොයාගෙන ඇත.

Read More

අරගල සමයේ එක් උණ්ඩයකින් හෝ සාමාන්‍ය වැසියකුට වෙඩි තැබීමට තමා නියෝග නුදුන් බවත් නිල බලයෙන් උමතුවී ජන ඝාතකයකුවීමට තමා උත්සුකවීමට තමාට අවශ්‍ය නොවූ බවත් හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ජන ඝාතකයකුවීමට තමා උත්සුක නොවූ හෙයින් සෙසු රටවල් මෙන් මෙරට අපායක් නොවී බේරුණු බවද ඔහු සදහන් කරයි. බල ලෝභී පාලකයන් පවසන පරිදි රාජ්‍ය පාවාදීමේ අශ්සීල දුර්ජන පරමාර්ථයක් තවාට නොවූ බවද විදෙස් රටක බළල් අතක් වීමට හෝ විදෙස් තානාපති කාර්යාලයක සුරතලකුවීමට ආශාවක් තමාට නොතිබුණු බවද ඔහු සදහන් කරයි. 41 වසරක යුද දිවියෙන් විශ්‍රාම යාමේ නිමිත්තෙන් ඊයේ (31) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති උත්සවයකින් අනතුරුව නිකුත් කළ විශේෂ…

Read More

භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් අඩු කිරීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (31) රාත්‍රී නිවේදනය කළේය. රුපියල් 188 ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 183 ක් බව ද එම සංස්ථාව සඳහන් කරයි. එම නව මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන බවත් සෙසු ඉන්ධන වර්ගවල මිල තවදුරටත් නොවෙනස්ව පවතින බවත් එම සංස්ථාව කීය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 309 ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 371 ක, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 286 ක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 313 ක තවදුරටත් පවතින බවද ලංකා ඛනිජ තෙල්…

Read More

ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව අවුරුදු උදාව පිළිගත්හ. පුවර්ටෝ රීකෝ රාජ්‍යය, අවුරුදු උදාවට ඔන්න මෙන්න කියා තිබියදී අඳුරේ ගිලී ගියේ, එහි ජාතික විදුලි බල පද්ධතිය බිඳ වැටීමෙනි. 2017 වසරේ ‘මරියා’ සුළි කුණාටුවේ බලපෑමට පුවර්ටෝ රීකෝ දූපත් රාජ්‍යය හසුවිය. රටේ විදුලිබල පද්ධතියට දරුණු ලෙස හානි සිදුවූයේ එම සුළි කුණාටුවෙනි. මේ වනතුරු එය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වුණු අතර, පසුගිය වසරේ පැය ගණනින් දූපත් රාජ්‍යයේ තැනිත් තැන විදුලිය බිඳ වැටීම් සිදුවිය. කෙසේ නමුත් මහා විදුලිය බිඳ වැටීමකින් මුළු දූපතම අඳුරු වුණු පළමු අවස්ථාව මෙය යැයි…

Read More

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. උතුරු පළාතේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැක. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහසබරගමුව පළාත්වලත්ගාල්ල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක…

Read More

දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ වගවීම හා වගකීම ඉටු කිරීමට යුහුසුළුව කටයුතු කරමින් සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා නව වසර වෙනුවෙන් සුබ පැතුමි පනිවිඩයක් නිකුත් කරමින් පවසයි. ජනාධිපතිවරයා මෙසේද පවසයි. ශ්‍රී ලාංකික අප 2025 නව වසරට පා තබන්නේ රටත්, ජනතාවත් දශක ගණනාවක් පුරා දුටු සුබ සිහින මල්ඵල ගැන්වෙන නව යුගයක උදාවත් සමගිනි. දිවයිනේ උතුර, නැගෙනහිර, බටහිර හා දකුණ යන සතර දිසාවන් යා කරමින්, සියලු ජනතාවගේ විශ්වාසය දිනා ගෙන පාර්ලිමේන්තුවේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ගොඩනැගීමට 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපට හැකි විය. ඒ අනුව ජනතාව අපේක්ෂා කරන යහපත් රාජ්‍යය ගොඩනැගිම වෙනුවෙන් පැවති දේශපාලන සංස්කෘතියේ විසල් පරිවර්තනයක් සිදු කරමින් ජනවරමේ…

Read More

සුපුරුදු පරිදි හිරු උදාවත් සමඟ, නව අවුරුද්ද පළමුවෙන් පිළිගත්තේ ඕෂේනියා සාගර කලාපයේ පිහිටි කිරිබති දූපත් සමූහයයි. ඉන්පසු නවසීලන්ත සහ ඕස්ටේ්‍රලියාව 2025 පිළිගත්තේ මල් වෙඩි සංදර්ශන පවත්වමින් මහත් හරසරිනි. සුපුරුදු පරිදි මැදියම් රැය උදා වෙද්දී, සිඩ්නි නුවර වරාය මල් වෙඩිවලින් අලංකාර විය. දස දහස් ගණනක් ඕස්ටේ්‍රලියානු වැසියෝ එම මල් වෙඩි නැරැඹීමට පැමිණ සිටියහ. අවුරුදු සැමරුම් පැවැති ලොව ප්‍රධාන නගරවලට විශේෂ ආරක්ෂාවක් ද යොදා තිබීම විශේෂත්වයකි. ආසියානු කලාපයේ පළමුවෙන් අවුරුදු උදාව සැමරුවේ තායිලන්තයයි. තායිලන්තයේත් ජපානයේත් බෞද්ධ ආගමික කටයුතු මධ්‍යයේ නව අවුරුද්ද පිළි ගැනුණි. දකුණු කොරියාව, උතුරු කොරියාව, චීනය ද සැමරුම් උත්සව මහ ඉහළින් පැවැත්වීය. ඉන්දියාවත් පාකිස්තානයත් නව අවුරුදු සැමරුම් මල් වෙඩි සංදර්ශන…

Read More

සහනදායි පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වී අස්වනු සඳහා සාධාරණ මිලක් සහතික කිරීමේ හා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් ශක්තිමක් කිරීම මේ තුළින් අපේක්ෂා කරනු ඇත. පසුගිය කන්නවලදී මෙම වැඩසටහන ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බව නිරීක්ෂනය වී ඇති බැවින් 2024/25 මහ කණ්නයේ සිට සෑම කන්නයකදීම එකී වැඩසටහන ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. ඒ අනුව නිශ්චිත නිර්ණායක කිහිපයකට යටත්ව උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව මෙට්‍රික්ටොන් 25ක් දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත රාජ්‍ය හා…

Read More