Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ. මෙරට පවුලකට සිය ආහාර අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේදී සාමාන්‍යයෙන් රුපියල් 47,107.55 ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් එම මාසයේදී ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් 57,507.67 ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම වාර්තාවේ දැක්විණ. පවුලක මාසික සාමාන්‍ය ආහාර වියදම පසුගිය වසරේ පෙබරවාරි මාසය සහ පසුගිය මාසවලට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බවත් මාසික සාමාන්‍ය ආහාර නොවන වියදම පසුගිය…
නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය ඉකුත් 8 වෙනි දින හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සැකපිට අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳයුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි. හිටපු මහාචාර්ය සිව සුභ්‍රමණියම් රවින්ද්‍රනාත් මහතාට මිට වසර 18 කට පෙරදී හිටි හැටියේ අතුරුදහන් විය
පොළොන්නරුව මනම්පිටිය රෝහල පාරේ පිහිටි දේවස්ථානයකට 18 වැනිදා රාත්‍රී වෙඩි ප්‍රහාරයට සම්බන්ධව මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි හතලිස් වියති පුද්ගලයකු බෙහෙත් කොටන නීති විරෝධී තුවක්කුවක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මනම්පිටිය පොලිසිය කියයි. යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙම එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදුව නොමැති බවත්, සිද්ධියෙන් දේවස්ථානය ආවරණය කර තිබූ වීදුරුවලට පමණක් හානි සිදුව ඇති බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි. මෙම වෙඩි ප්‍රහාරයට හේතුව දේවස්ථානයේ පාස්ටර්වරයා සමඟ තිබූ පෞද්ගලික ආරවුලක් බව සැකකරු විසින් යුද හමුදා බුද්ධි අංශයට පාපොච්චාරණය සිදුකර ඇති බවත්, වෙඩි තබන අවස්ථාවේදී පාස්ටර්වරයා එම දේවස්ථානයේ නොසිට ඇති අතර…
සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සවස් කලයේ හෝ රාත්‍රී කාලයේ තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර පළාතෙත් ,ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදි වැසි ඇති විය හැකියි.
වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ විහාරගල 184 කිලෝමීටර් කනුව ප්‍රදේශයේ දී අද (19) අලුයම මාර්ගයට විශාල පස්කන්දක් සමග ගල්පර්වත ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . පැවති වර්ශාවත් සමග මෙසේ මාර්ගයට පස්කඳු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ බණ්ඩාරවෙල විධායක ඉංජිනේරු කාර්යාලය සදහන් කළේ වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයෙට කඩා වැටී ඇති පස්කඳු ගල්පර්වත ගස්කොළන් ඉවත් කිරිමට කටයුතු කරන බවයි .
කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් කරයි. පියා පැදවූ ටිපර් රථයටම කුඩා දරුවා මෙසේ යටව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි. මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තවකුමාර් සින්දුජන් නමැති වයස අවුරුදු එක හමාරක් පමණ වන පිරිමි ළමයකු බව පොලිසිය සදහන් කරයි. ටිපර් රථය පිටුපස සෙල්ලම් කරමින් සිට ඇති අතර පියා ටිපර් රථය පිටුපසට ගැනීමේදී මෙම දරුවා ඊට යටව මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීමෙන් දැඩි හානි සිදුවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. මෙම මෝටර් රථයේ සිව් දෙනකු ගමන් කර ඇතත් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති වුවද මෝටර් රථයට දැඩි හානි සිදුවී ඇති බව බව හල්දුමුල්ල පොලිසිය පැවසීය. කඩවත සිට බණ්ඩාරවලට මෝටර් රථයකින් විනෝද චාරිකාවක් පැමිණි තරුණයන් සිව් දෙනකු මෙම අනතුරකට මුහුණ පා තිබේ. වර්ෂාව නොමැති අවස්ථාවක මෙසේ ගල්කුළු පෙරළී ඇති එබව ද මේ දිනවල පවතින වර්ෂාව සමඟ කඳුකර මාර්ගවලට ඉහළින් පිහිටි කඳුවලින් බුරුල් වූ ගල් පර්වත…
පාස්කු ප්‍රහාරයට වැරදිකරුවකු ලෙස පිල්ලෙයාන් අත්අඩංගුවට ගත්ත ආකාරයක් පෙන්වන්නට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. නමුත් පිල්ලෙයාන් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ මිනිමැරුමක් සම්බන්ධයෙන් බව කී මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුව විසින් ඉවත් කරන බව කියු ත්‍රස්ත මර්දන පනත යටතේ පිල්ලෙයාන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ යැයි කීය. පිල්ලෙයාන්ගේ වරදක් තිබෙනවා නම් ඔහුට දඩුවම් ලබාදිය යුතු නමුත් ත්‍රස්ත මර්දන පනතින් නැතිව රටේ සාමාන්‍ය නිතිය අනුව ඔහු අත්අඩංගුවට ගන්න තිබූ බවද නලින් බණ්ඩාර මහතා පැවසීය. ආණ්ඩුව ඔවුන්ගේ නොහැකියාව , අසමත්භාවය , අකාර්යක්ෂමභාවය වසා ගැනිමට තවමත් පරණ බොරු වලින් ජනතාව මුලාවට පත් කරන්න උත්සාහ ගනිමින් සිටින බවද මන්ත්‍රීවරයා කීය.…
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. එසේම අප්‍රේල් 1 සිට 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 93,915 ක් මෙරටට පැමිණ ඇතැයි එහි සඳහන් වේ. මෙරටට මෙම වසරේදී සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එය සංඛ්‍යාවක් ලෙස 136,535 කි. දෙවැනි ස්ථානයට මෙරටට සංචාරකයන් පැමිණ ඇත්තේ රුසියාවෙනි. මෙම වසර ආරම්භයේ සිට පසුගිය 15 වැනිදා තෙක් රුසියාවෙන් මෙරටට සංචාරකයන් 102,273 ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබිණි. තෙවැනි ස්ථානයට සංචාරකයන් පැමිණ ඇත්තේ එක්සත් රාජධානියෙන් වන අතර එය සංඛ්‍යාවක් ලෙස 81,130 කි. මෙම වසරේ පළමු…
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි. තියුණු ආයුධ පහරින් බරපතල තුවාල ලබා ඝාතනයට ලක්ව ඇත්තේ අංක 831, වැලිඇල, කිරිමැටිය ලිපිනයේ පදිංචි 51 වියැති මවකි. බරපතල තුවාල සහිතව සිටි මෙම කාන්තාව එම අවස්ථාවේදීම ගල්අමුණ රෝහලට ඇතුලත් කර ඇති අතර පසුව ඇය මිය ගොස් ඇත. ඝාතනය සිදු කළ බව කියන වයස අවුරුදු 56 වන මිය ගිය කාන්තාවගේ ස්වාමියා හිගුරක්ගොඩ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
