Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඇමරිකා තීරු බදු සම්බන්ධයෙන් වොෂින්ටන් ඩී.සී.හි පැවැත්වෙන දෙවැනි සාකච්ඡා වටය සඳහා ශ්‍රී ලංකා නියෝජිත පිරිස සහභාගී වූ බව ජනාධිපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා නියෝජිත පිරිස වොෂින්ටන් ඩීසීහි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමඟ මෙලෙස සාකච්ඡා පවත්වා ඇත. ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහි ගියේ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුවයි. දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා වූ අඛණ්ඩ උත්සාහය අරමුණු කරගත් දෙවන පුද්ගල මට්ටමේ රැස්වීම මෙය වේ. එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ අදාළ නිලධාරීන් අතර පැවැත්වූ මාර්ගගත සාකච්ඡා වට කිහිපයකින් පසුව මෙම පුද්ගල මට්ටමේ හමුවට අවශ්‍ය පසුබිම සකස් වූ බව ජනාධිපති…
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ වැඩි වීමක් අද දින අපෙක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. උතුරු – මැද පළාතෙත් මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ.
අද (28) අලුයම පෙරියනිලාවෙනි පොලිස් වසමේ පෙරියනිලාවෙනි ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, අද අලුයම කල්මුණ දෙස සිට මඩකලපුව දෙසට ගමන්ගත් මෝටර් රථයකින් පදික පුද්ගලයෙකු හප්පා පලා ගොස් ඇති බවය. පසුව පොලිස් නිලධාරීන් විසින් තුවාලකරුව කල්මුණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෘත දේහය කල්මුණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. පෙරියනිලාවෙනි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම නිවේදනය අද (28) පස්වරු 12.30 සිට හෙට (29) පස්වරු 12.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 පමණ දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට…
ශ්‍රී ලංකා – පෝලන්ත සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් තෙදින නිල සංචාරයක් සඳහා පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා අද (28) මෙරටට පැමිණීයේය. විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් ඔහුව පිළිගනු ලැබීය. යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපතිත්වය දරන පෝලන්ත ජනරජයේ විදේශ කටයුතු ඇමති රඩොස්ලාව් සිකෝර්ස්කි මහතා, එළඹෙන 31 වනදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
දිස්ත්‍රික් 04ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 08ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර ඇත. අද (28) උදෑසන 10:00 නිකුත් කරන ලද එම නිවේනදය හෙට (29) උදෑසන 10 දක්වා පැය 24ක කාලයක් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟඉහළකොරළය සහ පස්බාගේකෝරළේ සඳහා අදියර 01 යටතේ වන නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අමතර කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක, බුලත්කොහුපිටිය, යටියන්තොට සහ රුවන්වැල්ල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම නිවේදනය නිකුත් කළ බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.
පවතින වර්ෂාව හමුවේ අද (28) අලුයම පොල්ගොල්ල මහවැලි වේල්ලේ වාන් දොරටු 03ක් අඟල් 18 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ. පොල්ගොල්ල මහවැලි වේල්ල කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පැවසුවේ ඇතිවිය හැකි ගංවතුර තත්ත්වය පාලනය සඳහා මෙලෙස වාන් දොරටු විවෘත කළ බවය. මේ හේතුවෙන් තප්පරයට ඝණ අඩි 4500ක ජල ධාරිතාවක් වික්ටෝරියා ජලාශයට මුදා හැරෙයි.
වයස අවුරුදු 70ට වැඩි අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත්වන වැඩිහිටියන්ගේ මැයි මාසයට අදාළ දීමනාව බැංකු ගත කර තිබේ. එම දීමනාව අද (28) අදාළ පවුල්වල අයත් අස්වැසුම ප්‍රතිලාභී බංකු ගිණුමට බැර කිරීමට කටයුතුකළ බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව, දීමනාලාභීන් 592,766න් සඳහා රුපියල් 2,963,830,000 මුදලක් අදාළ බැංකු ගිණුම්වලට බැර කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කළේය.
පාතාලය සමඟ සම්බන්ධ දේශපාලඥයන්ගේ නම් ලැයිස්තු ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන්ට ඉදිරියේදී ලබාදෙන බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය. පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය. ඇතැම් පක්ෂවල දේශපාලඥයන් පාතාලය සමඟ ගනුදෙනු පවත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාද පාර්ලිමේන්තුවේදී පසුගියදා හෙළි කළේය.
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට තේරී පත්විය. පාර්ලිමේන්තුවේ ඊයේ 27 පැවති එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය. යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වයක් ඇති විය. ඒ අනුව සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් ස්ථිර කරනු ලැබීය.
