Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින වෙළේ සුදාගේ සහෝදරයා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් කොස්තාපල්වරයකුට තියුණු ආයුධයකින් පහරදී පළා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය පවසයි. ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්තව බඩෝවිට පොලිස් මුරපොලේ රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයකු මුරපොලේ ස්ථානාධිපතිවරයා සමග බඩෝවිට 3 වන අධියරේ ඊයේ (15) පස්වරුවේ මෙම වැටලීම් ගොස් ඇති අතර මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි වෙළේ සුදාගේ සහෝදරයාබව කියන පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයාට තියුණු ආයුධයකින් පහරදී ඇත. පොලිස් කොස්තාපල්වරයාගේ උදරය හා වැමිට ප්‍රදේශයට තුවාල සිදු වී ඇතැයි පොලීසිය පවසයි. සිද්ධියෙන් පසු සැකකරු පළා ගොස් ඇති අතර තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා ප්‍රතිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට, පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර,සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. දිවයිනේ දකුණු අර්ධයේ අහස වළකුලින් බරව පවතිනු ඇත.
බටලන්ද පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ දෙදින විවාදය අප්‍රේල් 10 වැනිදා ඇරැඹීමටට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද “බටලන්ද නිවාස සංකීර්ණයේ නීති විරෝධී ලෙස රදවා ගැනීමේ ස්ථාන සහ වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ විවාදය මේ අනුව පැවැත්වෙයි. එම විවාදයේ දෙවැනි දිනය සඳහා මැයි මාසයේ තවත් දිනයක් යොදා ගැනීමට තීරණය වී තිබේ.
සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානය තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කළ බව කියන එම ගුවන් යානයෙහි ගමන් ගත් ගුවන් මගියෙකු අද(16) අත් අඩංගුවට ගත් බව කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය කියයි. මොහු කොළඹ අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි , එම ප්‍රදේශයේ වැඩ පොළක් පවත්වා ගෙන යන්නෙකි . මොහු ඊයේ(15) දින රාත්‍රී 10.00 ට සිංගප්පූරුවේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 309 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . එසේ පැමිණෙන අතරවාරයේ , අධික ලෙස බීමත්ව , එම ගුවන් යානයෙහි සේවය කළ ගුවන් සේවිකාවන් දෙදෙනෙකු ලිංගික අඩන්තේට්ටම් වලට ලක් කර තිබේ. මෙම…
දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය මාර්තු 20 ප.ව 6.00 සිට 8.00 දක්වා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබේ. මාර්තු 20 වැනිදා, අයවැය කාරක සභා විවාදයෙන් අනතුරුව ප.ව 6.00 සිට 8.00 දක්වා දේශීය ආදයම් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ 20 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ නායයාම නිසා ඇතිවූ අවදානම් තත්ත්වය ඉතා අවම මට්ටමකට මේ වන විට පැමිණ ඇති බැවින් එක් මං තීරුවක් අද( 16 ) පැය විසි හතර පුරා විවෘත කර තැබෙන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ. එම්. එල්. උදය කුමාර මහතා පැවසීය. කෙසේ වෙතත් එම ස්ථානය පසුකර යන රථවාහන සහ පා ගමනින් යන එන්නන් ඉතා අවදානයෙන් විමසිලිමත්ව ගමන් කළ යුතු බවද ඒ මහතා පැවසීය. ඉකුත් 13 දින අලුයම මෙම ස්ථානයේ සිදු වූ නායයාමක් හේතුවෙන් මාර්ගය මුළුමනින්ම අවහිර වූ අතර ඒ සම්බන්ධයෙන් කළ භූමි පරීක්ෂාවක දී භූමියේ දැඩි අස්ථාවර භාවයක් නිරීක්ෂණය වීම…
පාර්ලිමේන්තුව අප්‍රේල් 8, 9 සහ 10 යන දිනවල රැස්වීමට තීරණය වී තිබේ. අප්‍රේල් 8 වැනි අගහරුවාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 11.00 – 11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබේ. අනතුරුව ප.ව 5.30 දක්වා අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට මෙහිදී තීරණය වී ඇත. අප්‍රේල් 9 වැනි බදාදා පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන්…
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය අද (15) උත්සවශ්‍රීයෙන් කච්චතිව් දූපතේදී පැවැත්විය. මෙවර ඉන්දීය බැතිමතුන් 3500කට වැඩි පිරිසක් කච්චතිව් මංගල්‍යයට පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය. යාපනයට කිලෝමීටර 64 ක් පමණ දුරින් නිරිත දෙසින් පිහිටි කච්චතිව් දූපතේ පැවැත්වෙන ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වසර සියයකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියයි. වර්ග කිලෝමිර් 1.15ක් පමණ කුඩා දූපතක් වන කච්චතිව් දූපත, ලාංකීය දූපත් සමූහයේ ලංකාවට දුරින්ම හා ඉන්දියාවට ඉතා ආසන්නව පිහිටා ඇති දූපත ය. එහි අයිතිය මුල්කරගනිමින් අතීතයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දේශපාලන මතගැටුම් පවා නිර්මාණය වී තිබුණි. නමුත්, 1974 දී කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමිවන්නේ දෙරටේම ධීවරයින්ට එය භාවිත කිරීම…
බටලන්ද වධකාගාරය සම්බන්ධයෙන් දේශපාලනඥයන් පොලිස් ප්‍රධානීන් ඇතුළු පහළොස් දෙනෙකුට එරෙහිව එම වධකාගාරය සම්බන්ධයෙන් කරුණු සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් චෝදනා එල්ල වී ඇත. නීතිඥ විජේදාස ලියනාරච්චි මහතාගේ මරණය සම්බන්ධයෙන්ද බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වී ඇත. එම කොමිසම හමුවේ සාක්ෂි දුන් හිටපු පොලිස්පති අර්නස්ට් පෙරේරා මහතා පවසන්නේ 1988 අගෝස්තු 31 වැනිදා නායකයෙකු දුරකථනයෙන් අමතා නීතිඥ විජයදාස ලියන ආරච්චි කොළඹට ගෙනවිත් භාර දෙන්න ලෙස තමාට දැනුම් දුන් බවයි. ඒ අනුව ලියනාරච්චි මහතා කැළණිය ප්‍රදේශයේ කඩ කප්පල්කාරී ක්‍රියා මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂක කුලරත්න මහතා භාරගෙන ඇති බව එහි දැක්වේ. ඉන් දින දෙකකට පසුව දරුණු තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර…
පුද්ගලයන් දෙපිරිසක් ඇතුව ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ වයස අවුරුදු 21, 22 වයස්වල පසුවන සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි
