Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය අද සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
කුෂ් කිලෝග්‍රෑම් 46ක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පසුගියදා අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය ජුනි 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න නියෝග කළාය. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ අනාවරණය වූයේ එම තරුණිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ඩේලි මෙල් ආයතනය පසුගියදා මුදාහැරි වීඩියෝ පටය තරුණියගේ දැනුවත්භාවයකින් තොරව පටිගත කරන ලද්දක් බවය. චාලට් මේ ලී නම් 21 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් ඉකුත් මැයි 12 වනදා පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබූ එම තරුණියට අයත් ගමන් මලු 02ක තිබී…
වාහන සඳහා අංක තහඩු මුද්‍රණය මාසයක කාලයක් අඩාළවීම හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලක්ෂ දෙකකට අධික වාහන ලැයිස්තුවක් ගොඩගැසී වාර්තාවේ. එම වාහන බොහොමයක් නව ලියාපදිංචි කිරීම් වන අතර සෙසු වාහන පැවරුම් ඔස්සේ පළාත් මාරු කිරීම් සිදුකර තිබෙන ඒවාය. මුද්‍රණ සමාගමට මුදල් ගෙවීමේ ගැටලුවක් මත අත්හිටුවන ලද අංක තහඩු මුද්‍රණය පසුගිය මාර්තු මාසයේ දී යළි ආරම්භ කර අප්‍රේල් 30 වැනිදා සිට යළි නවතා දමා ඇත. අංක තහඩු මුද්‍රණය සඳහා නව සමාගමක් තෝරා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
දේශීය දුඹුරැ සීනි අලෙවි කර ගැනීමේ ගැටලුව විසදීම සදහා රජය කඩිනමින් මැදිහත් නොවුනහොත් ඇතිමලේ වැවිලි සමාගමට අයත් සියඹලාන්ඩුව ඇතිමලේ සීනි කර්මාන්ත ආයතනය වැසීයා හැකි බව එහි විධායක නිළධාරි ගාමිණි රත්නායක මහතා පවසයි. මෙි වන විටත්, අලෙවිකර ගත නොහැකිව සීනි මෙට්‍රික් ටොන් 6000ක් පමණ, කර්මාන්ත ශාලාව තුළ ගබඩාකර තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය. විධායක නිළධාරි ගාමිණි රත්නායක මහතා මෙසේ ද පැවැසීය. “අපට සීනි කිලෝවක් නිෂ්පාදනය කරන්න රුපියල් 250 විතර මුදලක් වැයවෙනවා. නමුත් අපෙන් සීනි කිලෝවක් ඉල්ලන්නේ රුපියල්175ක් වගේ මුදලකට. එතනෝල් ලීටරයක් නිෂ්පාදනය කරන්න රුපියල් 475 – 550 ක්වගේ වියදමක් යනවා. නමුත් අපෙන් එතනෝල් ඉල්ලන්නේ නිෂ්පාදන වියදමටත් අඩුවෙන්, මේ නිසා…
මොරගොඩ, පණ්ඩිත රඹෑව වැවේ දිය නෑමට ගිය සිසුවෙකු ඊයේ (30) සවස දියේ ගිලීම හේතුවෙන් මරදන් කඩවල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව මොරගොඩ පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කළුතර මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි සිසුවෙකි. මෙම සිසුවා මූරියා කඩවල ප්‍රදේශයේ ඥාතී නිවසකට පැමිණ සිටියදී පණ්ඩිත රඹෑව වැවේ දිය නෑමට යාම හේතුවෙන් මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි. මෘත ශරීරය මරදන් කඩවල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මොරගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වසර විස්සක කාලයක් සඳහා බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියමව සිටියත් ඔහුගේ විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව දිගටම හිමිවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් පනත අනුව දඬුවම් විඳින හිටපු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවන බවට කිසිදු සඳහනක් නොමැති හෙයින් ඔහුට විශ්‍රාම වැටුප දිගටම ගෙවීමට සිදුවන බව පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ නිලධාරියෙක් පැවසීය. යම් විදිහකින් හෝ විශ්‍රාම වැටුප නතර කළ යුතු බවට නඩු තීන්දුවේ සඳහන් වී ඇත්නම් එය නතර කිරීමට සිදුවන බවද ඔහු සඳහන් කළේය. බරපතළ වැඩ සහිතව සිර දඬුවම් නියම වූ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතාගේ පාර්ලිමේන්තු සේවා කාලය වසර පහකට අඩු…
හිටපු ඇමතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් විස්සකට ආසන්න පිරිසක් ඉදිරි දිනවල අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ගවලින් පැවසේ. අල්ලස් ගැනීම් දූෂණ සහ අයථා ලෙස වත්කම් ඉපයීම් පිළිබඳ සිද්ධීන් සම්බන්ධයෙන් මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ විමර්ශන මේ දිනවල සාර්ථක ලෙස කෙරෙමින් පවතින බව එම කොමිෂන් සභාව පවසයි. විවිධ දූෂණ සම්බන්ධයෙන් දේශපාලඥයන් සහ ඔවුන්ගේ ඥාතීන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවා පසුගිය දිනවල ප්‍රශ්න කර ඇත. තවත් දේශපාලඥයන් කිහිපදෙනෙකුට කොමිසමට ඉදිරි දිනවල පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයිද…
පුද්ගල ඝාතන , ගිනි අවි සන්තකයේ තබා ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධව විදෙස් ගතව සැඟව සිටියදි අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු වන ලන්තුවා හන්දි සුජීව රුවන් කුමාරද සිල්වා නොහොත් ලොකු පැටි නමැත්තා ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝල ගිනි අවියක් සහ උන්ඩ 5 සොයා ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි එම ගිනි අවිය සොයාගෙන ඇත්තේ වැලිපැන්න , දර්ගා නගරය මීගම කුරුන්ද පාර, ප්‍රදේශයේ ප්ලාස්ටික් බෝතලයක බහා වළදමා තිබියදීය
සෙවනගල ලංකා සීනි සමාගමේ කර්මාන්ත ශාලාවට උක් අස්වැන්න මිලදී නොගැනීමෙන් උක් ගොවිතැනේ නියැලෙන ගොවි පවුල් 4000 සාමාජිකකයන් 10,000 අධික ප්‍රමාණයක් දැඩි දැඩි අසීරුතාවයට පත්වී සිටින බව උක් ගොවීහු පවසති. පාලනධිකාරියට සිදුකළ විරෝධතා හමුවේ උක් අස්වැන්න සියයක පහක වැනි සුළු ප්‍රමාණයක් මේ වනවිට කඑර්මාන්ත ශාලාවට මිලදී ගැනීමට පියවර ගත්තත් මේ වනවිට ගොවි බිම්වල උක් අස්වැන්න ටොන් හයදහසක් පමණ කපා දමා ඇතැයි ඔවුහු පෙන්වා දෙති. තවත් ටොන් පන්දහසක ප්‍රමාණයක් ටැක්ටර් රථ වල පටවා තැනැ තැන ගාල් කර ඇතැයිද එම උක් ගස් දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වියළී යම්න් බර ප්‍රමාණය දිනෙන් දින අඩුවෙමින් පවතින බවද ඔවුහු සදහන් කරති. එහි පාඩුවද තමන්ට දරා…
ලක්‍ෂ පහකට රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් රැකියා විරහිත තරුණ තරුණියන් රවටා රුපියල් කෝටි දාහකට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන පිළිමතලාවේ ප්‍රොකෙයාර් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරියක ලබන 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය මහත්මිය අද(30) නියෝග කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයෙන් (72322)සෙනෙවිරත්න මහතා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවය. ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් ලක්ෂ පහකට රියදුරු රැකියාවේ සිට ඉහළ ශ්‍රේණියේ වෘත්තීන් දක්වා විදෙස් රැකියා ලබා දෙන බවට ප්‍රචාරය කරමින් මෙම පිරමීඩාකාර සමාගම පවත්වාගෙන ගොස්…
