Author: LANKA24X7

ගෝලීය වශයෙන් මෙන්ම දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්‍රයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය. මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායක මූල්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය. කොළඹ කිංග්ස්බරි හෝටලයේදී මෙම උත්සවය පැවැත්විණි. “ආර්ථිකයට දායක වන පිරිමි පාර්ශවයේ ක්‍රියාකාරී ප්‍රතිශතය ගෝලීය වශයෙන් 72%ක්.දේශීය වශයෙන් ගත්තත් එය 71% ක් වෙනවා. නමුත් ඊට සාපේක්ෂව කාන්තා සහභාගීත්ව ප්‍රතිශතය ලෙස පිළිවලින් 47% සහ 32% ක්, ශ්‍රම බලකා සහභාගිත්වයට ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ විෂමතාව දැඩි ලෙස බලපෑම් ඇතිකර තිබෙන බව මෙමගින් පැහැදිලි වෙනවා” යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය. මෙම අවස්ථාවට මහ බැංකුවේ…

Read More

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කර මියගිය පියාගේ විශ්‍රාම වැටුප වසර එකහමාරක කාලයක් හොරට ලබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර වලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය කීය. පානදුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාට ලද පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගේ පියා නාරාහේන්පිට මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ රාජකාරී කොට විශ්‍රාම ගොස් ඇති අතර , ඔහු මියයාමෙන් පසු මවට විශ්‍රාම වැටුප හිමිව තිබූ බව පොලිසිය කීය. සැකකරු මව සමග බද්ධ ගිණුමක් ආරම්භ කර විශ්‍රාම වැටුප ලබාගෙන ඇති අතර, මව වසර එකහමාරකට පෙර මියගොස් ඇති අතර , ඇය මියයාමෙන් පසුව රුපියල් ලක්ෂ හයකට අධික මුදලක්…

Read More

වෙසක් උත්සවයට නිමිත්තෙන් පැවැත්වෙන “බුද්ධ රශ්මි වෙසක් කලාපය” මෙවරත් දින හතරක් පුරා පැවැත්වීමට අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති විශේෂ රැස්වීමකදී තීරණය කෙරිණි. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව “බුද්ධ රශ්මි වෙසක් කලාපය” සංවිධානය කරනු ලබයි. “බුද්ධ රශ්මි වෙසක් කලාපය 2025” මැයි 13 වැනිදා සිට දින හතරක් පැවැත්වීමට නියමිතය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය, අරලියගහ මන්දිර පරිශ්‍රය,පෙරහර මාවත හා බේරේ වැව ආශ්‍රිතව වෙසක් කලාපය පැවැත්වීමට නියමිතය. ත්‍රිවිධ හමුදාව, පාසල් සිසුන් , විශ්ව විද්‍යාල සිසුන්,රාජ්‍ය ආයතන හා බන්ධනාගාර රැඳවියන්ගේ වෙසක් සැරසිලි, වෙසක් තොරණ හා කූඩු ප්‍රදර්ශන මෙම වෙසක් කලාපයට ඉදිරිපත් කරයි. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සාකච්ඡාවට ගංගාරාම විහාරාධිපති ආචාර්ය…

Read More

වැටලීමකදී පොලිස් බාරයට ගත් විදේශීය දුම්වැටි තොගයකින් අඩක් බාහිර පාර්ශවයකට ලබා දි අසත්‍ය සටහන් තොරතුරු පොතේ ඇතුළත් කළැයි කියන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අනුයුක්ත වරාය උප ඒකකයේ ස්ථානාධිපතිවරයාගේ සහ කොස්තාපල්වරයකුගේ රාජකාරී වැඩ තහනමට ලක් කළ බව පොලිස් මූලස්ථානය කියයි. එලෙස වැඩ තහනමට ලක් කර ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයකුගේ සහ කොස්තාපල්වරයෙකුගේය. ඉකුත් මස 20 වෙනි දින විදේශීය රටක නිෂ්පාදිත දූම්වැටි කාටුන් 290 ක් සන්තකයේ තබා ගැනීම හා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි.

Read More

සිය පෙම්වතියට පිහියකින් ඇණ ඝාතනය කළ බව කියන සැකකරුවකු වෙන්නප්පුව පොලීසියට පැමිණ බාර වීමෙන් පසුව එම පෙම්වතා අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසය කියයි. වෙන්නප්පුව පොලිස් වසමේ වයික්කාල පාසල ආසන්නයේ නිවසකදී ඊයේ 18 වැනිදා සවස 5.30 6.00 අතර මෙම ඝාතනය සිදුවී ඇති බව දැනට වාර්ථාවේ. වෙන්නප්පුව – වයික්කාල,පාසල අසල පදිංචිව සිටි විමල්කා තුෂාරි (අවු:19) නම්වූ තරුණියක් මෙම සිද්ධියෙන් මිය ගොස් තිබේ. මාරවිල – වීරහේන ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකු සමග මිය ගොස් ඇති තරුණිය වසර 1 ½ ක පමණ කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර , මෙම සම්බන්ධතාවය නවත්වා දමමු යැයි පෙම්වතිය විසින් පෙම්වතාට යෝජනා කර ඇත.එම යෝජනාව සම්බන්ධයෙන්…

Read More

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ පැවැති දුරකතන කතාබහෙන් පසු, රුසියනු යුක්රේන යුද්ධය නතර කිරීමේ අරමුණින් ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇති දින 30 ක සටන් විරාමයට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කළේය. ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති පුටින් අතර මෙම දුරකතන කතාබහ පැය 2 කට ආසන්න කාලයක් තිස්සේ පැවැත් වුණු බව ධවල මන්දිරයත්, ක්‍රෙම්ලීනයත් තහවුරු කර ඇත. දුරකතන කතාබහ අවසන් වුණු සැණින් යුක්රේනයේ බලශක්ති බලාගාරවලට ප්‍රහාර එල්ල කිරීම වහාම නවත්වන්නැයි ජනාධිපති පුටින් රුසියන් හමුදාවට දැනුම් දුන් බව ද විදෙස් මාධ්‍ය පවසයි. රුසියන් යුක්රේන යුද්ධය නැවැත්වීමේ අරමුණින් ඇමෙරිකාව මැදිහත් වි සකස් කළ සාම වැඩපිළිවෙළ ආරම්භ කිරීමට ට්‍රම්ප් පරිපාලනය යෝජනා කළ…

Read More

ඇමෙරිකානු ඩොලර් බිලියන 1 වටිනාකමකින් යුත් මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නැවතත් ලබා ගැනීමට අදානි සමූහය උනන්දුවෙන් පසුවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් ඉන්දියාවේ “ද හින්දු” පුවත්පත වාර්තා කළේය. පසුගිය පෙබරවාරි මස 13 වැනිදා ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වන බව ප්‍රකාශ කළත් අදානි සමූහය මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නොමැති බව “ද හින්දු” පුවත්පත සඳහන් කළේය. ඉවත්වන බව දැනුම් දුන්නත් ඒකකයකට ගෙවනු ලබන මිල පිළිබඳ දෙපාර්ශ්වයට එකඟතාවයකට පැමිණි හැකි වෙතැයි අදානි සමූහය බලාපරොත්තු තබාගෙන සිට ඇතැයි එම පුවත්පත වාර්තා…

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවන් මේ වන විට මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි. ඒ අතරින් බරපතළ තත්වයේ පසුවූ තුවාලකරුවන් සිව් දෙනකු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. අනතුර සිදුවූ ආකාරය සම්බන්ධ මෙතෙක් තොරතුරු කිසිත් මෙතෙක් හෙළි වී නැත

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි වාර කීපයක් ඇති වේ.

Read More

පැල්මඩුල්ල, මීගහගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වු කිසියම් පුද්ගලයකු නිවසේ තිබූ රන් බඩු සහ මුදල් කොල්ලකා නිවසේ සිටි උපතින්ම ආබාධිත පුද්ගලයකු ඝාතනය කර නිවසේ ගේට්ටුව අසල ගැට ගසා පලා ගොස් ඇති බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. මෙසේ ඝාතනය කර ඇත්තේ පැල්මඩුල්ල මීගහ ගොඩ ප්‍රදේශයේ පදිංචි කේ.ආර්. වසන්ත කුඩා රාළගේ නැමැති 58 හැවිරිදි පුද්ගලයෙකි. 119 පොලිස් හදිසි ඇමතුම් මධ්‍යස්ථානයෙන් ලද තොරතුරකට අනුව පැල්මඩුල්ල පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කලහ. එහිදී නිවසේ තිබූ රන් අත් පළඳනාවක්, රන්මුද්දක්, රන් මාලයක් සහ මුදල් කොල්ලකා සැකකරු පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Read More