Author: LANKA24X7

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි. කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින්…

Read More

කොළඹ මහ නගර සභාවේ සමගි ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂක තීන්දු කර අවසන් බවත් එය අද (3) ප්‍රකාශයට පත්කරන බවත් එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කළේය. කොළඹ මහ නගර සභාවේ කිසිම කණ්ඩායමකට සියයට පනහක බලයක් නොමැති හෙයින් ඡන්ද විමසීමකින් නගරාධිපතිවරයා තෝරා ගැනීමට සිදුවන බව ඔහු කීය ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ සමග පැවැත්වූ සාකච්ඡාවලදී ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බවත් කොළඹ මහ නගර සභාවේ බලය සමගි ජන බලවේගයට ලබාදීමට එ් සියලු දෙනා එකගවී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

Read More

පොසොන් උත්සවය වෙනුවෙන් කොළඹ කොටුව සිට අනුරාධපුරය සහ කොළඹ කොටුව සිට කන්කසන්තුරේ අතර විශේෂ දුම්රිය සේවාවක් මේ මස 9 වැනිදා සිට 11 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. ඒ අනුව එම කාලය තුළ විශේෂ දුම්රිය ගමන් වාර 16 ක් ක්‍රියාත්මක වේ. විශේෂ දුම්රිය කාලසටහන පහත දැක්වේ.

Read More

ජාතික ජන බලවේගය කොළඹ නගර සභාවේ බලය එළඹෙන සති කීපයේදී පිහිටුවන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පැවසීය විපක්ෂයට තවම පත් කරන මන්ත්‍රීවරයා පවා සොයාගැනීමට නොහැකිව බංකොලොත්ව සිටින බවද ඔහු කීවේය ස්වාධීන මන්ත්‍රීවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් පනස් නවයකට එහා ගිය මන්ත්‍රී සංඛ්‍යාවක් සහය ලබාදීමට එකඟ වී ඇති බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා බල්තසාර් මහත්මිය නගරාධිපතිවරයා ලෙස ස්ථීරයෙන්ම පත්වන බවද සඳහන් කළේය.

Read More

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පසුගිය වසරේදී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමෙන් රුපියල් කෝටි සීයකට වැඩි මුදලක් නාස්තිවී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය Glocal Fair වැඩසටහන් සඳහා කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් කැබිනට් පත්‍රිකාව වැඩසටහන යන අතරතුර අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් කෝප් කමිටුව පවසයි. එම වැඩසටහන සඳහා රුපියල් කෝටි 126කට ආසන්න මුදලක් වැය වී ඇතැයිද කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණයවිය ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබූ මුදලක් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීමෙන් විශාල…

Read More

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් ( Richard Marles ) මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණියේය . නියෝග අග්‍රාමත්‍යවරයා සමඟ දූත පිරිස ලෙස 15 දෙනෙක්ගෙන් සමන්විත පිරිසක් ද පැමිණ සිටියහ ‍ෙ එම පිරිස පිළිගැනීම සදහා මහජන ආරක්ෂක , පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා මෙන්ම ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරහු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.

Read More

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි ඌව පළාතෙත්,අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදි ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට තරමක තද සුළං ඇති විය හැකියි.

Read More

ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් එවක අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබූණි. මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. පෙත්සම කැඳවූ අවස්ථාවේදී වග…

Read More

ව්‍යාජ ලේඛන සකසා පරිහරණය කළ රුපියල් කෝටි 16 ක් සුඛෝභෝගී වාහන දෙකක් සමඟ ද්විත්ව පුරවැසි භාවයක් හිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු බ්‍රිතාන්‍යයේ සහ මෙරට ද්විත්ව පුරවැසිභාවය ඇත්තෙකි. එම සැකකරු සමඟ රේන්ජ් රෝවර් වර්ගයේ ජිෆ් රථයක් සහ බෙන්ස් වර්ගයේ මොටර් රථයක් පොලිස් භාරයට ගෙන ඇත. බස්නාහිර පළාත උතුරු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයාට ලද තොරතුරකට අනුව වැල්ලවත්ත සුපිරි නිවාස සංකීර්ණයකදී සැකකරු අත්අඩංගුවට ගෙන එම වාහන පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී රේන්ජ් රෝවර් වර්ගයේ ජීප්රථය සැකකරු ව්‍යාජ අංක තහඩුවක් සවිකර පරිහරණය කරමින් සිටි බව පොලිසිය කියයි.

Read More

ජාතික තේරීම් කමිටුව පත් කිරීම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී සිදු කෙරිණි. ශ්‍රියානි කුලවංශ OLY – (සභාපති – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව) , මේජර් ජෙනරාල් රවී පතිරවිතාණ – (ලේකම් – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව ), මේජර් රාජිත සමරසේකර – (සම්බන්ධීකරණ නිලධාරී – ජාතික ක්‍රිඩා තේරීම් කමිටුව) කමල් ගම්ලත් – විශ්‍රාමික (ක්‍රීඩා භාර නිලධාරී – ක්‍රීඩා අමාත්‍යංශය ),රුවන් පෙරේරා – (පාසල් ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ – සසෙක්ස් විදුහල),ජයමිනි ඉලෙපෙරුම – (විශ්‍රාමික බැංකු නිළධාරීනී – හැටන් නැෂනල් බැංකුව ),සුරේෂ් සුබ්‍රමනියම් – (සභාපති – ජාතික ඔලිම්පික් කමිටුව)…

Read More