Author: LANKA24X7

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සියලු K – 8 වර්ගයේ ජෙට් යානාවල ප්‍රමිති පරික්ෂාවක් සිදුකරන බව, ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කරයි. ඒ, පසුගිය සිකුරාදා (21) K – 8 වර්ගයේ ජෙට් යානයක් වාරියපොළදී අනතුරට ලක්වීමත් සමගයි. චීනයේ නිෂ්පාදිත K – 8 වර්ගයේ ජෙට් පිළිබඳ සොයා බැලීමට පත්කළ විශේෂඥ කමිටුවේ උපදෙස් මත එම පරීක්ෂාව සිදු කරන බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය. එහිදී අවශ්‍යතාවක් මතුවුවහොත්, විදෙස් පරීක්ෂක කණ්ඩායම් ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ද, ඔහු පැවසීය. අදාළ ගුවන් අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකෙරන්නේ, සත් පුද්ගල කමිටුවකිනි. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නියමුවන් පුහුණු කිරීමේ යානයක් පසුගිය සිකුරාදා වාරියපොළ ඉහළ මිනුවන්ගැටේ වෙලගෙදර…

Read More

කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් විසින් ඇති වූ මත ගැටුමක් හේතුවෙන් එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුට පහරදීම සිදුකර තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දෙහිවල, අත්තිඩිය, තිඹිරිගස්යාය ප්‍රදේශයන් හී පදිංචිකරුවන් බවත් පොලීසිය මේ වන විට අනාවරණය කරගෙන තිබේ. එමෙන්ම මෙම සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පලාගොස් ඇතැයිද පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවය.

Read More

බොරැල්ල පොලිස් වසමේ ඕවල් ක්‍රිඩාංගණය අසල දී ජීව පතරොම් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) රාත්‍රී කාලයේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මතය. අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී T-56 ජීව පතොරම් 07ක් සහ LMG පතොරම් 01ක් පොලීසිය විසින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මේ අතර ගෝමරන්කඩවල, කජුවත්ත ප්‍රදේශයේදී ගෝමරන්කඩවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තිබුණි. එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවුරුදු 23 ක්…

Read More

අප්‍රේල් මස 5 වන දින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා දිවයිනට පැමිණීමෙන් පසු ,සාම්පූර් බලාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන බව ජනාධිපතිවරයා කිවේය . පාර්ලිමේන්තුවේ දී අයවැය විවාදයට එක්වෙමින්ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය . එමෙන්ම දෙමසක් ඇතුළත සියඹලාණ්ඩුවේ නව සූර්යය බලාගාරයක්ද , මන්නාරමේ නව සුළං බලයෙන් නිෂ්පාදනය කරනු ලබන මෙගාවොට් 50ක බලාගාරයක්ද ආරම්භ කරන බව ඔජනාධිපතිවරයා වැඩි දුරටත් කීවේය

Read More

මෙරට පාසල් සිසුන්ගෙන් 28.4%ක් සමාජ මාධ්‍ය භාවිතය, මාර්ගගත සන්නිවේදනය ආදි අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා සුපිරි ජංගම දුරකතන භාවිත කරන බව ඉකුත් දා නිකුත් වූ ශ්‍රී ලංකාවේ ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය හෙළි කරයි. ඒ පිරිසගෙන් 31.3%ක් පිරිමි දරුවන් වන අතර, ගැහැනු දරුවන්ගේ ප්‍රතිශතය 25.5%කි. වැඩිම ඉහළ ජංගම දුරකතන භාවිතයක් ඇත්තේ වයස අවුරුදු 16-17 අතර වයස් කාණ්ඩයේ වන අතර, එය 40.6%ක ප්‍රතිශතයකි. එමෙන්ම ඉකුත් මාස 12 තුළ මෙරට පාසල් සිසුන්ගෙන් 5.4%ක් සයිබර් හිරිහැර කිරීම්වලට (Cyber bullying) ලක් වී ඇති බවද සමීක්ෂණ වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය වේ. ඒ අතරින් වයස අවුරුදු 13- 15 දක්වා වයස් කාණ්ඩයේ ළමයින් 5.6%ක් සයිබර් හිංසා කිරීම්වලට ලක් වන…

Read More

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් ගමන්කරමින් සිටි තරුණයින් දෙදෙනෙකුට වෑන් රථයකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් ටී-56 හා මිලිමීටර් 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බව වාර්තා වේ. ඝාතනය වූ තරුණයින් දෙදෙනාගේ යහළුවෙකුගේ උපන්දින සාදයක් දෙවිනුවර කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පවත්වා ඇති අතර, එයට සහභාගි වී නැවත සිය නිවෙස් වෙත පැමිණෙමින් සිටියදී පසුපසින් පැමිණි වැන් රථය යතුරුපැදියේ හප්පා තිබේ. ඉන් අනතුරුව මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. වෙඩි තැබිම සිදුවූ ස්ථානයේ ටී-56 උණ්ඩ කොපු 39ක්,…

Read More

1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් Pro Care (Pvt) Ltd., Shade of Procare (Pvt) Ltd යන ආයතන තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිර්ණය කර ඇත. එසේම 1988 අංක 30 දරන බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව මේ වන විට තවත් ආයතන/ඇප් 21ක් තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ඇති බවට ද මහ බැංකුව නිර්ණය කර තිබේ.

Read More

ලන්දේසි පාලන සමයේ මෙරටින් රැගෙන ගිය පුරා වස්තු 06ක් නැවත මෙරටට ලබා දීමට නෙදර්ලන්ත රජය සූදානම් බව ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය (Bonnie Horbach) ප්‍රකාශ කළාය. බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ නෙදර්ලන්ත තානාපති බොනි හෝර්බච් මහත්මිය අතර අමාත්‍යංශයේ දී පසුගියදා(18) පැවති හමුවේ දී ඒ පිලිබඳ වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි. ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර පවතින දිගු කාලීන මිත්‍ර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ස්කෑන් යන්ත්‍ර පරිත්‍යාග කිරීම, දෙරට අතර ඓතිහාසික සබඳතා අධ්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඇතුළු කරුණු රැසක් පිලිබඳව ද මෙහිදී…

Read More

වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (20) යළිත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඊයේ (19) දිනයේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවුණි. ඒ අනුව සැකකාර දේශබන්දු තෙන්නකෝන් මහතා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මාතර මහෙස්ත්‍රාත්වරයා ඊයේ නියෝග කර තිබුණි. අදාළ නියෝගයට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ පස්වරුවේ අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂාවක් යටතේ රඳවා තිබුණි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සේවය අත්හිටුවනු ලැබු…

Read More

අලු­තින් සතොස වෙළඳ මධ්‍ය­ස්ථාන 150ක් පිහි­ටු­වී­මට රජය තීර­ණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) පැව­සීය. වෙළ­ඳ­පොළ සමී­ක්ෂ­ණ­යක් කර අලු­තින් ඉදි­කළ යුතු වෙළ­ඳ­සැල් කුමන ස්ථාන­වල ඉදි­කළ යුතුද යන්න හඳුනා ගන්නා බව ද වසන්ත සම­ර­සිංහ මහතා සඳ­හන් කළේය. වත්මන් ආණ්ඩුව සතොස ආය­ත­නය භාර ගන්නා විට රුපි­යල් කෝටි 2,200ක පාඩු­වක් සිදුව තිබූ බවත් ඇමැ­ති­ව­රයා පැව­සු­වේය. අය-වැය තෙවැනි වර කිය­වීමේ විවා­ද­යට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව කියා සිටි­යේය. සතොස ආය­ත­නය සතුව වෙළ­ඳ­සැල් 448ක් තිබෙන අතර ඉන් 252ක් පාඩු ලබන බවත් දේශ­පා­ලන පද­නම යටතේ සේව­ක­යන් අති­රි­ක්ත­යක් මේ ආය­ත­න­ව­ලට බඳ­වා­ගෙන ඇති බවත් ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය. ආණ්ඩුව බල­යට…

Read More