Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
හබරාදූව පොලිස් වසමේ ජංගල් බීච් වෙරළ තීරයේ ගලක් මත හිඳගෙන සිටි පිරිමි ළමයෙකු සහ ගැහැනු ළමයෙකු රළ පහරට ගසා ගෙන ගොස් ඇත. ප්‍රදේශවාසීන් විසින් ගසාගෙන යමින් සිටි ගැහැනු ළමයා බේරාගෙන ඇති අතර පිරිමි ළමයා මේ වනවිට අතුරුදන් වී ඇත. ඊයේ (18) එම සිදුවීම වාර්තා වූ බව පොලීසිය පවසයි. අතුරදන්වූ ළමයා වලහන්දූව ප්‍රදේශයේ පදිංචිව සිට 17 හැවිරිදි අයෙකි.
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් පැරගෙන ගියේ යැයි චෝදනා එල්ල වී ඇති කපු මහත්වරු දෙදෙනාගේ ‘කපු ධූරය’ අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ඊයේ (18) පියවර ගත්තේය. රුහුණු මහා කතරගම දේවාලයේ කපු මහත්වරු වන සොමිපාල තිඹිලත් රත්නායක සහ මුණසිංහ මාන්නප්පෙරුමගේ සමන් ප්‍රියන්ත යන අයගේ ‘කපු ධූර’ විධිමත් පරීක්‍ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවූ බවත් ඒ අනුව ඊයේ සිට ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු සහ/හෝ වක්‍රාකාරයෙන් සහ/හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බවත් බස්නායක…
කුප්‍රකට පාතාල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක් කටා හා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු සහ විශ්‍රාමික ප්‍රබල පොලිස් නිලධාරියකු සහ තවත් පොලිස් නිලධාරීන් 19 දෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය (SIU) සහ ත්‍රස්ත විමර්ශන ඒකකය (TID) දැනටමත් විමර්ශන ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් දෙපාර්තමේන්තුවල සේවය කරන ඇතැම් නිලධාරින්ට හරක් කටාගෙන් මුදල් සහ වෙනත් ආකාරවලින් විශාල තෑගි ප්‍රමාණයක් ලැබී ඇති බව මීට පෙර වාර්තා විය. මෙම චෝදනා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි සහකාර පොලිස් අධිකාරිවරයකුට මීට පෙර ස්ථාන මාරුවක්…
රිමාන්ඩ් බාරයට පත් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෙන්ම පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට යොදාගෙන ඇත්තේ බන්ධනාගාර රැඳවියන්ගේ දරුවන් ප්‍රවාහණය කිරීමට යොදා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පරිත්‍යාග කර ඇති වෑන් රථය බවට ලැබුණු පැමිණීල්ලක් සම්බන්දයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. ළමුන් හැර රැඳවියන් ප්‍රවාහණය කිරීමට කිසිසේත් මෙම වෑන් රථය යොදා නොගත යුතු බවට වෑන් රථය බන්ධනාගාරයට පරිත්‍යාග කිරමේදී එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පනවා තිබු කොන්දේසියද උල්ලංගණය කරමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ උවමනාව මත කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ගෙන ඒමට මෙම වෑන් රථය යොදාගෙන ඇති බවට ලැබුණු පැමිණීළ්ලකට අනුව රහස් පොලිසිය මෙම විමර්ශන ආරම්භ කර ඇත
ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමන්ඩෝ බලකායේ ලාන්ස්කෝප්‍රල් වරයකු වශයෙන් කටයුතු කළ හිටපු සොල්දාදුවෙකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි . හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශාරීරික ව්‍යායාම උපදේශකයකු වශයෙන් ද කටයුතු කරමින් හිටපු ජනාධිපතිවරයා සමග සමීපව සිට ඇති මෙම සැකකරු ජනාධිපතිවරයා ධූරයෙන් ඉවත් වීමෙන් පසු යුද හමුදාවෙන් ඉවත් වී ඇති බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ . යහලතන්න නෙල්ලිගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 35 හැවිරිදි දෙදරු පියෙකු වන සැකකරු හෙරෝයින් මත්කුඩු ජාවාරම් කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී හෙරොයින් මත්කුඩු සමග සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි…
පාර්ලිමේන්තුව රැවටීමේ යටි අරමුණින් මහ බැංකුව වැඩි කරගත් වැටුපෙන් සියයට 25 ක් අඩු කිරීමට තීරණය කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවීය. ශ්‍රී ලංකා මහ බැංකුව අත්තොනෝමතිකව ඉහළ දැමූ දැවැන්ත වැටුප අහෝසි කිරීමට සහ අනාගතයේ වැටුප් වැඩිකිරීමට ඇති අවස්ථාව අහිමිකිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට මහ බැංකුව භය වී ඇති බවත් මහ බැංකු අධිපතිතුමාගේ කැරට් අල අමු වැඩිම හේතුවෙන් ඒවා කෑවොත් දිරවිය නොහැකි නිසා අමු කැරට් නොකන බව ද ඒ මහතා සඳහන් කළේය.
ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සිටින දඟ පන්දු යවන තුන් ඉදිරියව් ක්‍රීඩක ශ්‍රී ලංකා විස්සයි20 පිලේ නායක වනිඳු හසරංග ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. බංග්ලාදේශයට එරෙහිව ලබන 22 වැනිදා ආරම්භ වන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ 17 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා වනිඳු අතුළත්ව සිටියි. ප්‍රවේගකාරී පිතිකරුවෙක් ද වන වනිඳු පසුගිය වසරේ අගෝස්තු මස 15 වැනිදා ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් තරග 4 කට සහභාගි වී ලකුණු 196 ක් රැස්කරමින් කඩුලු 4 ක් දවාගෙන සිටියේය. ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය: ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස් (උප නායක), දිමුත් කරුණාරත්න, නිෂාන් මධුෂ්ක, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ්…
කලින් පවත්වන්නේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ (18) දැනුම් දුන්නේය. ඒ නිසා මුලින් ජනපතිවරණය වෙනුවෙන් සූදානම් වන්නැයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය දැනුම්වත් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී කැබිනට් මණ්ඩලයේ රැස්විය. මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයද? ජනාධිපතිවරණයද? යනුවෙන් පැතිරෙන මතවාද සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසූයේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මුලින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන හෙයින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවයි.
ගාල්ල බන්ධනාගාරය තුළට පිටතින් විසිකළ තහනම් ද්‍රව්‍ය පාර්සලයක් අත්අඩංගුවට ගත් ජේලර්වරයාගේ අම්බලන්ගොඩ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට මල්වඩමක් තැබීමේ සිද්ධියක් පිළිබඳව පොලිසියට පැමිණිලි කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා ඊයේ (18) පැවසීය. තහනම් පාර්සලය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඊයේ (18) පෙරවරුවේ ජේලර්වරයාගේ පුද්ගලික නිවසේ දොර විවෘත කරන අවස්ථාවේදී නිවස ඉදිරිපිට අවමංගල්‍ය කටයුතු සදහා යොදා ගන්නා මල්වඩමක් සහ ඉටිපන්දමක් තබා ගොස් ඇති බවත් එම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිලි කළ බවත් දිසානායක මහතා කීය. ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට පිටතින් කිසියම් පුද්ගලයෙකු එහි බන්ධනාගාර රෝහල පරීශ්‍රයට විසිකළ තහනම් ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් එහි රාජකාරී නියුතු ජේලර්වරයා අත්අඩංගුවට ගත් බවත්…
ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලබන වසර (2025) දක්වා කල්දමන්නේ යැයි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව ලිඛිතව දැනුම්දී තිබියදී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව එය නොසළකා හරිමින් ආයෝජකයන් කැඳවීම අඛණ්ඩව කරන බවට ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව චෝදනා කරයි. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පසුගිය මස පැවැති සාකච්ඡාවේදී ලිට්‍රෝ ප්‍රතිව්‍යුහගතකරණ ලබන වසර දක්වා කල්දැමීමට ඒකමතිකව තීරණය කළ බවත් ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම මස 11 වැනිදා එම තීරණය ලිඛිතව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට දැනුම් දුන් බවත් එම එකමුතුව කීය. මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගත් තීරණයක් බල රහිත කිරීමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට බලයක් ඇද්දැයි පිළිගත නොහැකි බව ද…