Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
විදුලි ගාස්තුව සියයට 18.3 කින් ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව කටයුතු කරන බවත් එම යෝජනාව පිළිබඳව අවසන් තීරණය ජූනි මස පළමු සතියේ ප්‍රකාශ කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. මහජන උපයෝගිතා කොමිසමේ පනතට අනුව ඒ සඳහා ක්‍රියාත්මක කළ යුතු පියවරයන් කීපයක් ඇති බව කී ඒ සඳහා මාසයකට අධික කාලයවක් ගතවන බව ද සඳහන් කළේය. විදුලි පාරිභෝගිකයන්ට උපරිම සාධාරණය වන පරිදි නීති්‍යානුකූල තීරණය ගන්නා බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය. මෙම වසරේ ජුනි සිට දෙසැම්බර් දක්වා වන කාලය සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාල යෝජනාව ලංකා විදුලිබල මණ්ඩලය මහජන…
ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් CCTV දර්ශන පරීක්ෂා කරන බව පොලීසිය පවසයි. කොළඹ අපරාධ කොට්ඨාසය සහ නාරාහේන්පිට පොලීසියේ කණ්ඩායම් හතරක් අදාළ CCTV දර්ශන පරීක්ෂා කරන බව පොලීසය සඳහන් කළේය. ඊයේ (17) රාත්‍රියේ නාරාහෙන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී තුසිත හල්ලොලුව මහතා ගමන් කරමින් සිටි ජීප් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි. ඒ වන විට එහි ගමන් කරමින් සිට ඇත්තේ හල්ලොලුව මහතා සහ ඔහුගේ නීතිඥවරයා වන දිනේෂ් දොඩංගොඩ මහතාය. යතුරු පැදියකින් පැමිණි නානඳුන පුද්ගලයින් දෙදෙනෙක් ජීප් රථය හරස් කර වෙඩි තබා තමන්ව බිය ගන්වා එහි දොරවල් විවෘත කළ බව ඔවුන්…
බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මඩකලපුව, අයිතමලෙයි පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ බීමතින් මෝටර් රථයක් ධාවනය කළ අදාළ පොලිස් නිලධාරියා පසුගිය 16 වැනිදා අම්පාර, කාවන්තිස්ස විද්‍යාලය අසල දී අත්අඩංගුවට ගෙන ඇති බවය. අම්පාර කොට්ඨාස රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා වෙත ලද තොරතුරක් මත සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුට ලබන 23 වැනිදා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඒ අනුව අදාළ පොලිස් නිලධාරීවරයාගේ සේවය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මඩකලපුව, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.
කොටහේන ප්‍රදේශයේදි වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් දෙදෙනා නිතීඥවරුන් මාර්ගයෙන් පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. පසුගිය 16වන දින කොටහේන ප්‍රදේශයේදි යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පුද්ගලයෙකුට සහ කාන්තාවකට බරපතළ තුවාල සිදුකර තිබුණි. අදාළ අපරාධයෙන් පසු පලාගිය සැකකරුවෙකු සහ ඊට ආදාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ දිනයේ පොලීසියට භාර වී තිබුණි. අනතුරුව ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 17 සහ 18 වයස් වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා…
තලාතුඔය සහ හම්බේගමුව පොලිස් වසම්වල සිදුකළ ඝාතන දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. ඊයේ (17) එම ඝාතන සිදුකර ඇති බව පොලීසිය පවසයි. තලාතුඔය, අංකෙලිපිටිය හන්දිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට පහරදීම හේතුවෙන් තුවාල ලබා තලාතුඔය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, තලාතුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකි. ඉඩම් ආරවුලක් හේතුවෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකු විසින් ගලකින් හිස ප්‍රදේශයට පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි. වයස අවුරුදු 42ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තලාතුඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. මේ අතර හම්බේගමුව, අලුත්වැව ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී එක්…
උසස්වීම් හා වැටුප්, දීමනා විෂමතාවයන්ට අදාල එකඟතා නොසලකා හැරීම ඇතුලු ගැටළු කිහිපයකට කඩිනම් මැදිහත්වීම නොලැබෙන්නේ නම් ලබන 22 වනදා පෙරවරු 8 සිට සංකේත වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා. කෙසේ වෙතත්, අදාළ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීම සඳහා තවදුරටත් සූදානම් බවයි ඔවුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුලු බලධාරීන්ට ලිඛිතව දැනුම්දී ඇත්තේ. එම ගැටලු විසඳා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ලේකම්වරයාගේ දායකත්වය ලබා ගැනීමට මෙතෙක් දැරූ සියළු උත්සහයන් ව්‍යර්ත වී ඇතැයිද පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පෙන්වා දී තිබෙනවා.
ඉදිරි දින තුනේදී බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හා අරාබි මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය ඉහළ යා හැකි බැවින් ඒ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්‍රජාවට දැනුම් දෙනවා. අදාළ මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි අතර, ඉතා රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා.
විපක්ෂයට බහුතරයක් ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, ජනතා ගැටලු සොයා බැලීමේ ගමින් ගමට, නගරයෙන් නගරයට වැඩසටහන යටතේ කොළඹ මල්ලිකාරාම නිවාස සංකීර්ණයේ පැවති හමුවකදීයි. එහිදී එම නිවාස සංකීර්ණයේ ජනතාවගේ ගැටලු පිළිබදවද විපක්ෂ නායකවරයාගේ අවධානයට ලක් වුණා.
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින අතර, ඒ හේතුවෙන් අද (18) දිනයේත් බස්නාහිර, සබරගමුව, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්. තවද, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, වයඹ, උතුරු-මැද, උතුරු සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං…
පුරා තිස් වසරක් මුළුල්ලේ මෙරට වෙලාගෙන තිබූ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් මව්බිම මුදාගෙන අදට (18) වසර 16ක් සපිරෙනවා. 16 වැනි විජයග්‍රණයේ සැමරුම වෙනුවෙන් සෑම නිවසකම ජාතික ධජය ඔසවා ඒ වෙනුවෙන් දිවිපිදූ හා කැපවූ අයවෙනුවෙන් ගෞරවය ලබා දෙන ලෙස දේශප්‍රේමී ජාතික පෙරමුණ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 2009 වසරේ මැයි මස 18 වැනි දින පුදුකුඩිරිප්පු, නන්දිකඩාල් කලපුව ආසන්න ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඝාතනය වීමත් සමඟින් දශක තුනකට අධික කාලයක් උතුරු, නැගෙනහිර මෙන්ම මෙරට ත්‍රස්තවාදයෙන් ඇවිලූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ මෙන්ම යුද්ධයේද නිමාව සනිටුහන් කෙරුණා. මෙම විජයග්‍රහණයට උර දුන් වීරෝධාර රණවිරුවන් සිහිපත් කෙරෙන 16 වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකරගේ ප්‍රධානත්වයෙන් හෙට (19)…
