Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකර එහි පදිංචිව සිටි පුද්ගලයින් ඉවත් කරදීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 6 1/2ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය තමන්ට දුන් දඬුවම් ඉවතදමා තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කළ ඇපෑල ජුනි 05,13 සහ 16 දිනවල විභාගයට ගැනීමට පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (29) තීරණය කළේය. අභියාචනා කරන විනිසුරුවරුන් වන මායාදුන්නේ කොරයා, පී. කුමාරන් රත්නම්, ශෂී මහේන්ද්‍රන්, දමිත් තොටවත්ත සහ අමල් රණරාජා යන මහත්වරුන්ගේ සමන්විත පංචපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම ඇපෑල සළකා බැලිණ.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානතම මෙන්ම විශාලතම පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා මීට සුලු මොහාතකය පෙර අභාවප්‍රාප්ත විය . මාවෙයි සේනාධිරාජා මහතා මිය යන විට 82 හැවිරිදි වියේ පසු වූ අතර ඔහු නිවසේ සිටියදී වැටීමෙන් ඇති වූ හදීසි අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කරනු ලැබීය. මෙලෙස යාපනය ශික්ෂණ රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටයදී මාවෙයි සේනාධිරාජා මහතා ඊයේ (29) රාත්‍රී 10 ටපමණ මිය ගෙස් ඇතැයි පක්ෂ ක්‍රියාකාරීහුද දැනුම් දී සිටියහ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේසහ නුවරඑළියදිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිතවැසිඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර පළාතේ උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක. නැගෙනහිර, ඌව, දකුණු, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පොලොන්නරුව, මාතලේසහ නුවරඑළියදිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු අද අලුයම කොස්ගොඩ මහා ඉඳුරුව අකාඩිගොඩ ප්‍රදේශයේ නිවසකට අවස්ථා දෙකකදී වෙඩි තබා ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පලා ගොස් ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. වෙඩි තැබීමට යොදාගත් මයික්‍රෝ වර්ගයේ ගිනි අවිය වෙඩි තැබූ ස්ථානයේ සිට මීටර් 50 ක් පමණ දුරින් දමා ගොස් තිබියදී කොස්ගොඩ පොලිසිය භාරයටගෙන ඇත. කළු සහ රතු වර්ණයෙන් යුත් ස්කූටර් වර්ගයේ යතුරු පැදියකින් අවස්ථා දෙකකදී නිවස ඉදිරිපිටට සහ නිවස තුළට පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
2024 වසරේ දී ළමා ගැබ්ගැනීමේ සිදුවීම් 213ක් දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිස් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන දිසාව භාර, නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මිය පවසන්නීය. 2023 ළමා ගැබ් ගැනීම් 167ක් වාර්තා වූ අතර එය 2024 දී මෙලෙස ඉහළ ගොස් ඇති බවය. 2023 සහ 2024 යන වසර දෙක සංසන්දනය කිරීමේ දී ළමා අපයෝජන සිදුවීම්වල වෙනසක් දක්නට නොලැබෙන බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය. “වසර දෙකේ දත්ත බලන කොට කැපී පෙනෙන අඩුවීමක් හේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ නෑ. උදාහරණයක් විදියට ලංකාවේ වැඩිපුරම වාර්තා වෙන්නේ, ලිංගික අපයෝජන. එකෙදි අවුරුදු 16ට අඩු ප්‍රේමසම්බන්ධතාවය මත සිදුවන ස්ත්‍රී දුෂණය තමා වැඩියෙන්ම වාර්තා වෙන්නේ. ඒ කියන්නේ කැමැත්ත මත සිදුවන…
රත්නපුර අංගම්මන ප්‍රදේශයේ දී නීතිවිරෝධීව එකළස් කළ ජිප් රථයක් සමග සැකකරුවන් තිදෙනෙක් පානදුර වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකක විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අද (29) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එකම පවුලේ සිව්දෙනෙකු ඇතුළු අටදෙනෙකු බඹර ප්‍රහාරයකට ලක්ව ඉන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගම්පොළ, පුස්සැල්ලාව පොලීසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ පුස්සැල්ලාව බ්ලැක්ෆොරස් වත්තේ පදිංචිව සිටි සස්මිදන් තීරුචෙල්වම් නැමති පාසල් දරුවෙකි. ඔහු පුස්සැල්ලාව හින්දු විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ තුන වසර ඉගෙනුම ලැබීය. දරුවාගේ මව, පියා, සහෝදරයා ඇතුළු අට දෙනෙකු බඹර ප්‍රහාරයට ලක්ව ඉන් හය දෙනකු ගම්පොළ හා වහුගපිටිය රෝහල්වලට ඇතුළත් කොට තිබුණි. සස්මිදන්ගේ සහෝදරයා වන දස්මිදන් සමඟ පාසල නිම වී සිය පියා සමඟ මොවුන් නිවස කරා එමින් සිට ඇත. ගම්පොළ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මොවුන්ගේ නිවස අසල ඇති විශාල මාර ගසක බඹර වද හයක් පමණ බැඳ ඇති අතර ඉන් එක්…
ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ. මාධ්‍ය කළ විමසීමකදී ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන මහතා පවසා සිටියේ, රමාල් සිරිවර්ධන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යංශය වෙත ලැබී ඇති බවය. වත්මන් රජය බලයට පත් වීමෙන් පසු සභාපති ධූරයකින් ඉවත් වූ දෙවන පුද්ගලයා වන්නේ රමාල් සිරිවර්ධන මහතා බව සදහන්ය.
අවිස්සාවේල්ල විද්‍යාල මාවතේ තාවකාලික නවාතැන්පොලක ලැගුම් ගෙන සිටි තරුණයෙකුට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි. අවිස්සාවේල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ ඊයේ රාත්‍රී කාලයේදී හෝ අද අළුයම් කාලයේදී මියගිය තරුණයා සහ එම නවාතැන් පලෙහි ලැගුම්ගෙන සිටින තවත් තරුණයන් පිරිසක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදු වන්නට ඇත බවට සැක කරන බවයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සාමිමලේ .සූරියකන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. අවිස්සාවේල්ල ප්‍රදේශයේ ප්‍රදේශයේ වෙළද සැලක රැකියාවක් ලැබීම හේතුවෙන් මියගිය පුද්ගලයා මෙම නවාතැන් පලට මීට මාස දෙකකට පමණ පෙර පැමිණ ඇති බවට අනාවරණය වූ බවද පොලිසිය පවසයි.
විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතියක් නොමැති ජංගම දුරකථන සෙවීම සහ භාවිතය වළක්වාලීමට නව මෘදුකාංගයක් හඳුන්වා දෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ඉදිරියේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතියෙන් තොර කිසිඳු ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙස ද එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල හේරත් මහතා, “අප ආයතනයේ අනුමැතිය නොමැති කිසිම ජංගම දුරකථනයක් මිලදී නොගන්නා ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. එවැනි අනුමැතිය නොමැති දුරකථන භාවිත කිරීම වළක්වාලීමට අප විසින් නව ස්වයංක්‍රීය පද්ධතියක් ක්‍රියාත්මක කිරීම නුදුරේදීම සිදු කරනවා.” “අනවසර ජංගම දුරකථන නිසා මේ වනවිට අප සමාජයේ සිදුවී ඇති අනීතික ක්‍රියා අවම කර රටේ…