Author: LANKA24X7

ඊශ්‍රායලයේ බෙනිබරක් ප්‍රදේශයට ඉරානය විසින් එල්ල කළ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික තරුණයෙකුට තුවාල සිදුව ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාතිපති නිමල් බණ්ඩාර පවසනවා. මුහුණු පොතේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ එම තරුණයා අවශ්‍ය ප්‍රතිකාර සඳහා මේ වනවිට යොමු කර ඇති බවයි. තරුණයාගේ පාදයකට තුවාල සිදුව තිබෙනවා. එමෙන්ම, ඊශ්‍රායලයේ බැට් යෑම් ප්‍රදේශයට පසුගිය දා ඉරානය එල්ල කළ ප්‍රහාරයකින් ශ්‍රී ලාංකික කාන්තාවක්ද සුලු තුවාල ලබා තිබුණා.

Read More

සමගි ජන බලවේගයේ දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභිකයින් කිහිප දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. ඒ පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත්කිරීමේදී කටයුතු නොකිරීම හේතුවෙන්. සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ‍රංජිත් මද්දුම බණ්ඩාර විසින් නිවේදනයක් මගින් මේ පිළිබඳව සඳහන්කර සිටියා. ඒ අනුව පක්ෂ සාමාජිකත්වය අහිමි වූ සභිකයින්ගේ නම් පහතින්. 01. හේරත් මුදියන්සේලෑ සුසිල් හේරත් 02. අධිකාරී නායක මුදියන්සේලාගේ පෙනලබොඩේ ගෙදර අනිල් ඉන්ද්‍රජිත් දසනායක 03. කරදගොල්ලේ වලව්වේ ධනංජ සම්පත් කරදගොල්ල 04. අලුත් ගෙදර ප්‍රියරංජන කුමාර රත්නායක 05. හේරත් මුදියන්සේලාගේ කුසුමා කුමාරි 06. ක්‍රිෂාන්ති දිල්රුක්ෂි ප්‍රේමරත්න

Read More

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි. ඒ අනුව ඡන්ද 61 ලබාගනිමින් ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය කොළඹ පුරපති ලෙස තේරී පත්වුණි.

Read More

පානදුර ධීවර වරායෙන් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මුහුද මැද රළ පහරට හසුව පෙරලීයාමෙන් එක් ධීවර යෙකු මුහුදට ඇදවැටී අතුරුදන්ව ඇති බව පානදුර ධීවර වරාය ආරංචි මාර්ග සදහන් කරයි . එහි තිදෙනෙකු ගමන් කර ඇති අතර තවත් බෝට්ටුවකින් එක් අයෙකු බේරාගෙන ඇති බවත්, අනෙක් ධීවරයා පෙරලීගොස් ඇති බෝට්ටුවේ එල්ලී සිටින බවත් වාර්තාවේ. ඔහු බේරාගැනීමට තවත් ධීවර යාතාවක් පිටත්ව ගොස් ඇති බවද පොලිසිය සදහන් කරයි .

Read More

සති අන්තයේ කොළඹ කොටුව – කන්කසන්තුරේ අතර ධාවනය කෙරෙන නගරාන්තර සීග්‍රගාමී දුම්රිය අද (16) සිට දිනපතා ධාවනය කිරීමට ගෙන තිබූ තීරණය කල්දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සෙනසුරාදා සහ ඉරිදා ධාවනය කෙරෙන මෙම නගරාන්තර සීග්‍රගාමී දුම්රිය කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 5.30 ටද කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පස්වරු 1.50 ටද පිටත් වීමට නියමිත බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.

Read More

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ස්ථාපිත A ශ්‍රේණියේ එකම මූලික රෝහල වන තඹුත්තේගම මූලික රෝහල සඳහා තට්ටු හයකින් සමන්විත හදිසි අනතුරු සහ ප්‍රතිකාර ඒකකයක් කඩිනමින් ඉදිකිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. අදියර දෙකකින් ඉදිකිරීමට යෝජිත මෙම ඒකකයේ පළමු අදියර සදහා මුදල් ප්‍රතිපාදන එළැඹෙන අයවැයෙන් වෙන් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය. අමාත්‍යවරයා මේ බව කීවේ තඹුත්තේගම මුලික රෝහලේ විශේෂ නිරීක්ෂණයක නිරත වීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී අදහස් දක්වමිනි. තඹුත්තේගම මුලික රෝහල යම් නිශ්චිත සංවර්ධන සැලැස්මක් යටතේ සංවර්ධනය කර ප්‍රදේශයේ ජීවත්වන ජනතාවට ගුණාත්මක, ප්‍රශස්ත සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අදහස් කරන බව අමාත්‍යවරයා කීය. රෝහලේ භෞතික…

Read More

මොරටුවක් මැද පාරේ ඇති හෝටලය සේවයේ නියුතුව සිටි තරුණයෙකු හෝටල් අභ්‍යන්තර වැඩ කටයුතු සඳහා යොදවා තිබු සෝපානයට සිරවීමරණයට පත්වී ඇතැයි මොරටුව පොලිසිය පැවසීය. මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ අරුක්ගොඩ පානදුර ලිපිනයේ පදිංචිව සිටි බව කියන(19) රවිඳු පීරිස් නමැති තරුණයෙකි. සිද්ධිය වූ දින මහල් හතරකින් යුත් හෝටලයේ උඩුමහලට අවශ්‍ය කෝප්ප පිඟන් රැගෙන යාමට දැරූ කටයුතු කරමින් සිටියදී සෝපානය ඇඟට කඩා වැටී ඇති බව සිදුකළ මූලික විමර්ශනයෙන් දී හෙළි වී ඇතැයි පොලිසිය පැවසීය.

Read More

සුඛෝභෝගී වාහන කුලී පදනම මත ලබාගෙන ඒවාට ව්‍යාජ ලේඛන සකස් කර ඒවා විකුණා රුපියල් කෝටි ගණනාවක් වංචා කළ අපරාධ කල්ලියක සාමාජිකයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි . සැකකරුවන් දෙදෙනා සමඟ අයිස් මත්ද්‍රව්‍ය අපරාධ සඳහා යොදා ගත් ජංගම දුරකථන 07 ක් , ,ව්‍යාජ ලෙස සැකසූ ජාතික හැඳුනුම්පත් දෙකක් , ව්‍යාජ ලෙස සැකසූ ආදායම් බලපත්‍රයක් , හා තීරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන්ගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ අඛණ්ඩව සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් තිදෙනා දෙදෙනකු මහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසලදීත් අනෙක් සැකකරු පෑලියගොඩ හින්දු කෝවිල අසලදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

Read More

රාජ්‍ය සේවය ඵලදායි සහ කාර්යක්ෂම සේවයක් බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (15) පැවැත්විණි. ‘AI For Transforming Public Service’ යන මැයෙන් පැවැත්වුණු මෙම වැඩමුළුවට ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටි අතර, රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළෙහි ආරම්භක ප්‍රවේශයක් ලෙස නිලධාරීන් දැනුවත් කිරීම හා සුදානම් කිරීමත්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳව රාජ්‍ය සේවය තුළ ධනාත්මක ආකල්පයක් ඇති කිරීමත් මෙහි අරමුණු විය. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා මෙහිදී ආරම්භක දේශනය සිදු කළ අතර, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ (ICTA) විධායක අධ්‍යක්ෂ සංජය කරුණාසේන මහතාද කෙටි දේශනයක්…

Read More

ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීම පැහැර හැර ඇති පළාත් පාලන ආයතන අපේක්ෂකයන් 2433කගේ නම් ලැයිස්තු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට යොමු කිරීමට කටයුතු කරගෙන යන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා මාධයට පැවසීය. එම වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිසිය විසින් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන එම අපේක්ෂකයන්ට එරෙහිව අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනු ඇත. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් 76992 ක් සිය ආදායම් වියදම් වාර්තා භාරදී ඇති බවත් ඒවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රසිද්ධියට පත් කර ඇති බවත් ඔහු සඳහන් කළේය. ඉදිරිපත් කෙරුණු ආදායම් වියදම් වාර්තාවල තොරතුරු සම්බන්ධයෙන් යම් විරෝධයක් හෝ කරුණු දැක්වීමට අවශ්‍ය නම් ඒවා ඉදිරිපත් කරන ලෙස කොමිසමේ සභාපතිවරයා…

Read More