Author: LANKA24X7

අප්‍රිකා කලාපීය රටවලින් පළමු වරට හඳුනා ගත්, ඉතා වේගයෙන් ව්‍යාප්තවීමේ හැකියාවක් ද ඇති, ‘එම් පොක්ස්’ හෙවත් ‘වඳුරු උණ’ වයිරසයේ නව ප්‍රභේදය, තායිලන්තයට ව්‍යාප්ත වී ඇත. ඒ අනුව, ‘එම් පොක්ස් ක්ලේඩ් 1බී’ නමැති එම වයිරස ප්‍රභේදය අප්‍රිකාවෙන් පිට, ආසියානු රටකින් හමුවුණු පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙයි. රෝග ලක්ෂණ පෙන්නුම් කළ, බැංකොක් අගනුවරට ආ ගුවන් මගියකු වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ විට, ඔහු ‘එම් පොක්ස් ක්ලේඩ් 1බී’ නව වයිරස ප්‍රභේදය ආසාදනය වූ තැනැත්තකු බව තහවුරු කරගත් බව තායිලන්ත සෞඛ්‍ය අංශ පවසයි. එම ආසාදිතයා 66 හැවිරිදි යුරෝපා ජාතිකයකු බවත්, ඔහු බැංකොක් අගනුවර බලා පැමිණ ඇත්තේ අප්‍රිකාවේ සිට මහා බ්‍රිතාන්‍යය හරහාය. ආසාදිතයා සමඟ සමීප ඇසුරක්…

Read More

මූලතිව් සහ මන්නාරමෙන් මාළු ප්‍රවාහනය කරන මුවාවෙන් අධි ශීතකරන සවි කරන ලද ලොරියකින් මාළු රහිත සෘජුපෝම් පෙට්ටියක් තුළ සඟවා රුපියල් ලක්ෂ 32 කට ආසන්න වටිනා කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කළ පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ මෝදර රජමල් වත්ත මාතෘ නිවාසය අසලදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් අයකු මාළු වෙළඳාමේ නිරත අයෙක් බවත් අනෙක් පුද්ගලයා ලොරියේ රියදුරු බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරුවන් දෙදෙනා සමග කේරළ ගංජා කිලෝ 10 ගෑම් 500 ක් , ගංජා ප්‍රවාහනයට යොදා ගන්නා ලද අධිශීතකරණ සහිත ලොරිය, ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් මූල තීව් සහ මන්නාරමෙන් ප්‍රවාහනය කරන ලද…

Read More

අනුරාධපුර රථ ගාලකදී මල් වෙලදාමේ නිරත 33 හැවිරිදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන බරපතල තුවාල සිදුකළ මල් වෙලෙන්දෙකු අද (22) දින අත්අඩංගුවට ගත්බව උඩමළුව පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර,පන්ඩුලගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි මල් වෙලදාමේ නිරත අයෙකි. මෙම මල් වෙලදාමේ නිරත පුද්ගලයන් දෙදෙනා අතර මුදල් ගණුදෙනුවක් මුල්කර ගනිමින් ඊයේ(21) පස්වරැවේදි සිදුවු ආරාවුලක් දුරදිග ගොස් මෙම පිහි ඇනුම සිදුව ඇතැයි පොලිසිය කියයි. මෙම පිහි ඇනුමෙන් අනුරාධපුර, සංඝමිත්තා මාවතේ පදිංචි 33 හැවිරිදි මල් වෙලෙන්දා බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කොට තිබේ.

Read More

ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලැබූ මහ බැංකු අධිපතිවරුන් අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමත්ව ඇත. මෙම වසරේ මහ බැංකුකරුවන්ගේ ප්‍රගති වාර්තාවේ ඉහළම ශ්‍රේණිය වන “ඒ” ශ්‍රේණිය ලබාගත් මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව පසුගියදා ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාද “ඒ” ශ්‍රේණියෙන් පිදුම් ලබා ඇත. මෙරට ආර්ථිකය මුහුණ දුන් අභියෝගාත්මක කාලවල දී මහ බැංකු අධිපතිතුමා ලබා දුන් සුවිශේෂී නායකත්වය සහ උපාය මාර්ගික විශේෂඥතාව මෙයින් පිළිබිඹු වන බවත් උද්ධමන කළමනාකරණය, ආර්ථික වර්ධනය, මුදලෙහි ස්ථාවරත්වය සහ පොලී අනුපාත පාලනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රයන් තුළ ආචාර්ය වීරසිංහ මහතා…

Read More

ඇහැලේපොල වලව්ව මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැවරීමට අදාළ විශේෂ නිදහස් දීමනා පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දියවඩන නිළමේවරයා වෙත භාර දුන්නේය. මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ සහ සතර මහා දේවාලයන්හි වාර්ෂික ඇසළ මහා පෙරහර පෞරාණික චාරිත්‍ර ගරුකරමින් විචිත්‍රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැළ කෙරෙන පෙරහර සංදේශය දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබූ අවස්තාවේදි මෙම නිදහස් දිමනා පත්‍රයද දළදා මාලිගාව වෙත ලබාදුන්නේය.

Read More

ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස රැගෙන විත්, විකිණීම සදහා වත්තල ප්‍රදේශයේ සුරතල් සතුන් අලෙවි මධ්‍යස්ථානයක උඩු මහළේ සගවා ගෙන සිටි විදේශීය පිඹුරන් සිව් දෙනෙකු සහ ශ්‍රී ලංකාවේ ගැට කිඹුලෙකු සමග එම අලෙවි සැළේ හිමිකරු සහ එහි සේවකයින් දෙදෙනෙකු ද වත්තල පොලිසිය මගින් 08/21 දින අත් අඩංගුවට ගෙන තිබේ. බම්බල් බී , ස්පයිඩර් කැළිපර් සහ බනානා යන වර්ග වලට අයත් පිඹුරන් පිරිමි සතුන් දෙදෙනෙකු සහ ගැහැණු සතුන් දෙදෙනෙකු මෙලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොවුන් ගුවන් මගින් , සිය ගමන් මලු තුළ සගවා ගෙන , මෙරටට ගෙන එන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි. මෙම ගැට කිඹුලා ශ්‍රී ලංකාවේ වියළි කළාපීය…

Read More

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ඇති ”සත්‍ය සෙවීමේ කොමිසම පනත් කෙටුම්පත” හෙවත් ”ශ්‍රී ලංකාවේ සත්‍යය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පනත් කෙටුම්පත” වහා හකුළා ගන්නා ලෙසට ආණ්ඩුවට බල කරමින් සර්වජන බලය දේශපාලන එකමුතුව පාර්ලිමේන්තු වටරවුම අසලදී ඊයේ (21) විරෝධතාවක් පැවැත්වීය. මෙම විරෝධතාවට සර්වජන බලය විධායක සභිකයන් වන ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, යුතුකම සංවාද කවය ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සර්වජන බලය නියෝජනය කරන දේශපාලන පක්ෂ සහ ජාතික සංවිධානවල ක්‍රියාකාරීහු පිරිසක් එක්ව සිටියහ.

Read More

මෙවර මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පමණක් ටොන් 20 කට අධික ප්‍රමාණයක් බැහැර කළ බවත් ජනතාව කෙතරම් දැනුවත් කලද පරිසරය පිළිබඳව ජනතාව දක්වන උනන්දුව ඉතා කණගාටුදායක බව මහනුවර මහ නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි . එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානී නාමල් දිසානායක මහතා අවධාරණය කර සිටියේ මෙවර ඇසළ පෙරහර සමයේ වර්ෂාව කාල වකවානුවක පැවැති බැවින් ඉටිකොල භාවිතය අධික වුවත් ජනතාව මීට වඩා වගකීන් යුතුව ඉටුකොළ සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතයේදී ක්‍රියාකළ යුතුව තිබෙන බවයි . පෙරහර මංගල්‍යයේ අලින්ගේ ආහාර ද්‍රව්‍ය ඇතුළු අපද්‍රව්‍ය පමණක් ටොන් 200 කට අධික ප්‍රමාණයක් මේ වන විට ඉවත් කොට ඇති බවත් මේ වන විටත් එම අපද්‍රව්‍ය…

Read More

මුල්ලේරියාව චන්ද්‍රිකා කුමාරතුංග මාවතේදී පෙම්වතුන් යුවළක් බිය ගන්වා රුපියල් 10000 අල්ලස් ලබා ගැනීමට තැත් කළ කඩුවෙල පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරු දෙදෙනකුගේ වැඩ තහනම් කළ බව නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය කියයි. එම නිලධාරීන් දෙදෙනා ඉකුත් 14 වෙනිදින සවස 6 සිට පසු දින 6 දක්වා යතුරු පැදි සංචාරයේ යොදවා තිබේ. කඩුවෙල පොලිස් වසමෙන් බැහැරව මුල්ලේරියාව පොලිස් වසමේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ නවතා තිබූ මෝටර් රථයක් පරික්ෂාවට ලක්කර එහි රියදුරු අසුනේ සිටි තරුණයකු සහ ඊට යාබද අසුනේ සිටි තරුණියක අශෝබනව හැසිරෙන බවට 119 මධ්‍යස්ථානයෙන් පණිවිඩයක් ලැබී තිබෙන ඒ අතර බවට සාවද්‍ය ප්‍රකාශයක් කරමින් ඔවුන් දෙදෙනා බිය ගන්වා රුපියල් 10000ක මුදලක්ම අල්ලස් වශයෙන් ලබා…

Read More

ආණමඩුව වෙම්බුවැව හා වනාතවිල්ලුව පරණ එළුවන්කුලම යන ප්‍රදේශවල වන අලි දෙදෙනෙකු මරණයට පත්ව සිටියදී සොයා ගත් බව පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා අද (21) පැවසිය. මෙලෙස මරණයට පත්ව ඇති එක වන අලියකු වෙඩි තැබිමෙන් මරණයට පත්ව ඇති බවට වනජීවි නිළධාරීන් සැකකරන අතර මෙම අලියාගේ වයස අවුරුදු 30 කට ආසන්න බව කියයි. ඒ සමගම ආණමඩුව වෙම්බුවැව ප්‍රදේශයෙ නිවසක් පිටුපස විදුලි සැර වද්දවා අවුරුදු 30 ක පමණ තවත් වන අලියකු මරා දමා ඇති බව වනජීවි නිළධාරීන් පවසයි. ආණමඩුව වෙම්බුවැව විදුලි සැර වද්දවා අලියා මරා දැමු ස්ථානයේ මෙයට පෙරද මෙලෙසම විදුලි සැර වද්දවා අලියකු මරා දමා ඇති බව කියයි. අදාල…

Read More