Author: LANKA24X7

රජය විදුලි බිල සියයට 20ත් 30 ත් අතර සංඛ්‍යාවකින් අඩු කළද ඊට සාපේක්ෂව වෙළඳපොළේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු වෙළෙඳ භාණ්ඩ අඩු කිරීමට පියවර නොගැනීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව පාරිභෝගිකයෝ පෙන්වාදෙති. විදුලිය බිල සැලකිය යුතු අඩු කළත් බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් තවමත් එලෙසම පවතින බවද ඔවුහු පවසති. විදුලිය මිල අඩු කිරීමට සාපේක්ෂව පාරිභෝගික භාණ්ඩවල මිල නියාමනයක් කරන කරන ලෙසට බලපෑම් කරන්නැයි පාරිභෝගිකයෝ රජයෙන් ඉල්ලීමක් කරති. පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් සංශෝධනය නොකිරීමෙන් ජීවන වියදම තවත් උග්‍ර වී ඇතැයි ජනතාව පෙන්වා දෙති. ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ විදුලි බිල සියයට විස්සකින්ද කර්මාන්තශාලාවල විදුලිය බිල සියයට තිහකින්ද පසුගිය ජනවාරියේදී අඩු කෙරිණ. මහජන උපයෝගීතා කොමිෂන්…

Read More

ඇමෙරිකාවේ අරමුදල් මත ක්‍රියාත්මක වූ මෙරට ව්‍යාපෘති දෙකක් සඳහා මුදල් යෙදවීම නතර කිරීමට තීරණය කළ බව රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව(ඩොජ්) පසුගියදා ප්‍රකාශ කළේය. ඩොජ් යනු ෆෙඩරල් අංශය මූල්‍ය අක්‍රමිකතා සෙවීම සඳහා ජනපති ට්‍රම්ප් පිහිටවූ ආයතනය වන අතර එහි ප්‍රධානීත්වය ලොව අංක එකේ ධනවතා වන ඊලෝන් මස්ක් විසින් හොබවනු ලබයි. අරමුදල් යෙදවීම නාස්තියක් යැයි සැලකූ ගෝලීය ව්‍යාපෘති 199 ක් නවතා දැමීමට ඇමෙරිකාව තීරණය කර තිබෙන බවත් අසියා ශාන්තිකර කලාපයේ යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති දෙකක් තිබෙන බවත් ඩොජ් ආයතනය ප්‍රකාශ කළේය. එළෙස නවතා දැමූ මෙරට ව්‍යාපෘති දෙකෙන් එක් ව්‍යපෘතියක් ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම පිළිබඳව ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් බවත් අනෙක සන්නිවේදනය පිළිබඳ…

Read More

ඇමෙරිකා ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. ට්‍රම්ප් දෙවැනි වරට ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ධවල මන්දිරයේ දී මෝදි හමුවන පළමු අවස්ථාව මෙයයි. ධවල මන්දිරයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මහත් හරසරින් පිළිගැනීමට ට්‍රම්ප් කටයුතු කර තිබුණි. ද්වී පාර්ශ්වික සබඳතා කර කර ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානය යොමු විය. වෙ‍ළඳ ගනුදෙනු, තීරු බදු සහ සංක්‍රමණිකයන් සම්බන්ධ ගැටලු රාජ්‍ය නායකයන් දෙදෙනාගේ අවධානයට ලක් විය. ඇමෙරිකානුවන්ට මුල්තැන දීමේ ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය මෝදිගේ ඇගයීමට ලක්වුණු බව ද පැවැසෙයි.

Read More

පිටිගල ,මැටිවිලිය ප්‍රදේශයේ මාර්ගයක තිබී බරපතළ කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් අද (14) අලුයම සොයා ගත් බව පිටිගල පොලීසිය කියයි. කිසියම් අයකු හෝ පිරිසක් මෙම පුද්ගලයා ආයුධවලින් කපා කොටා ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය පැවසීය. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මැටිවිලිය සුභගම පාරේ පදිංචිව සිටි ළමා හේවගේ චමින්ද කුමාර (34 ) නමැති අවිවාහක අයකු බව පොලීසිය කියයි. ඔහු මැටිවිලිය ප්‍රදේශයේ මළ ගෙදරක සිට ආපසු නිවෙසට යමින් සිටියදී ඝාතනයට ලක්වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලීසිය කියයි. මේ පිලිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත අතර පිටිගල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු,උතුරු මැද,නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත්වල හිමිදිරි උදෑසන කාලයේදී සීතල කාලගුණයක් අපෙක්ෂ කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ තුන්වන ජනන යන්ත්‍රයෙ විදුලිය නිෂ්පාදනය අද දින අලුයම වන විට ආරම්භ කළ බව විදුලි බල මණ්ඩලයේ ඉහල නිළධාරීයෙක් පැවසිය. ජාතික පද්ධතියෙ පසුගිය 9 දින සිදුවු බිද වැටිමක් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර වල විදුලිය නිෂ්පාදනය නැවති ජනන යන්ත්‍ර තුනම නැවති යාමත් සමග රටපුරා විදුලිය කැපිමකට සිදුවිය. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලයේ ඉහල නිළධාරීන්ගේ මැදිහත් විමේන් ලක්විජය බලාගාරයෙ ඉංජීනේරුවෝ මහත් වෙහෙසක ගෙන දින කිපයකදී ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට කටයුතු කළහ. එහිදි අධියර තුන යටතේ ආරම්භ කළ ජනන යන්ත්‍රය 13 දින සවස සිට යලි ක්‍රියාත්මක කර එහි විදුලිය නිෂ්පාදනය 14 දින අලුයම 2 ට පමන ජාතික පද්ධතියට ලබා…

Read More

ඇල්ල රොක් කන්ද වන රක්ෂිතයේ ඊයේ පස්වරුවේ හටගත් හදිසි ගින්නෙන් අක්කර 50 ක පමණ කොටසක් විනාශ වී ගොස් පවතින දැඩි සුලං සමග ගින්න තවදුරටත් පැතිර යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි . පවතින දැඩි වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවකු ඇල්ල රොක් කන්දට ගිනිතබන්නට ඇති බවත් පොලිසිය සැකකරයි. සුලං සමග ගින්න වනරක්ෂිතයේ සීග්‍රයෙන් පැතිර යමින් පවතින අතර , ගින්න නිවා දැමීමට දියතලාව යුදහමුදා කදවුරේ නිලධාරීන් , ගුවන් හමුදා නිලධාරීන් වනජීවි නිලධාරීන් ,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් , ආපදා නිලධාරීන් ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පොලිසිය එක්වී දැඩි වෙහෙසක් ගන්නා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේය. කදු බෑවුම් සහිත රක්ෂිතයේ මෙසේ ගින්න පැතිර…

Read More

වී මිලදී ගැනීම් කටයුතු සඳහා රජය සතු සියලු ගබඩා විවෘත කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති මංජුල පින්නලන්ද මහතා පැවසුවේ මේ වන විට ඇතැම් ගොවීන් විසින් සිය අස්වනු නියැදි පරීක්ෂාව සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා වෙත ලබාදී ඇති බවය. කෙසේවෙතත් මේවන තෙක් වී අලෙවි මණ්ඩලය වෙත ගොවීන් වී ලබා දී නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය. මේ අතර ගොවීන් සිය අස්වනු වලින් කොටසක් හෝ වී අලෙවි මණ්ඩලය වෙත ලබා දියයුතු බව අනුරාධපුර මහාවාරි ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මහතා අද (13) පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. “මොන රජයක් ආවත් වතුර ටික පොහොර…

Read More

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ. ඒ, තමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නීතිවිරෝධී ආකාරයට සිදු කරන පරීක්ෂණවලින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙනි. දීර්ඝ කරුණු සලකාබැලීමකින් පසුව කුමුදුනී වික්‍රමසිංහ, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද (13) මෙම නියෝගය නිකුත් කළේය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා ඇතුළු 18 දෙනකු නම් කර තිබුණි. විරෝධතා…

Read More

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් සේවිකාවන්ට සිදු වී ඇතැයි පැවසෙන ලිංගික හිංසන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද විමර්ශනයක් අරඹා ඇත. මේ කාරණය සම්බන්ධයෙන් එම සංසදයේදී දීර්ඝව සාකච්ඡා කෙරුණු බව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය පැවසුවාය. සිද්ධිය බාහිර විමර්ශනයකට යොමු කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට එහිදී තීරණය කෙරුණු බවද ඇය සඳහන් කළාය. සමාගමක හෝ වෙනත් ආයතනයක හෝ මෙවැනි සිදුවීමක් වාර්තා වූ පසු බාහිර විමර්ශනයකට යොමු කිරීම සාමාන්‍ය ක්‍රමවේදය බවද මන්ත්‍රීවරිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් අප මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිනී කුමාරි විජේරත්න මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ මෙම සිද්ධිය ගැන මන්ත්‍රීවරියන්ගේ සංසදය විශේෂ අවධානය යොමු කර ඇති බවයි.…

Read More