Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කමිටුව හෙළි කළ කාරණා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය රටම බලා සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඒකත් අනුරාධපුර සිද්ධිය මෙන් නිලධාරීන් පිට පටවා ඇඟ බේරා ගනීවිදැයි සැකයක් මතුවන බවද ඔහු කීවේය. කමිටු වාර්තාව අනුව ආණ්ඩුවට කිසිසේත්ම ඇස් වසාගෙන සිටිය නොහැකි බව පැවසූ මන්ත්‍රීවරයා ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස මුළු රටම බල කරන බවද කියා සිටියේය.
විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන ඊයේ (1) පරිශ්‍ර 22,294 ක් පරීක්ෂාවට ලක් කර 553 දෙනෙකුට රතු නිවේදන නිකුත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මදුරුවන් බෝ විය හැකි පරිශ්‍ර 4,965 ක්ද මදුරු කීටයන් සහිත පරිශ්‍ර 657 ක් හඳුනා ගත් බවද අමාත්‍යාංශය කියයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ජුනි මස 30 දින සිට ජුලි 5 දක්වා ප්‍රකාශයට පත්කර ඇති විශේෂ මදුරු මර්දන සතියේ දෙවන දිනය වන ඊයේ (1) දිනට අදාළ වාර්තාවේ අදාල කරුණු සඳහන් වේ. අදාල වාර්තාව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය විසින් නිකුත්…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශන කරන මැතිසභා කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශවයේ සාක්ෂි මෙහෙයවීම ඊයේ (1) අවසන් විය. දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 8 වැනිදා ප.ව. 3.30ට පෙර කමිටුව ඉදිරිපත් කරන ලෙස කමිටුව නිර්දේශ කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් යුතු පරීක්ෂණ කමිටුව පසුගිය (30) රැස් වූ අතර පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන්ද සාක්ෂි ගැනීම සිදු විය.
බස් ගාස්තු මෙම මස 4 වැනිදා සිට සියයට 0.55 කින් අඩු කිරීමට තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් ඊයේ (1) පස්වරුවේ පැවසීය. සමස්ත ගාස්තුව අඩු වුවද අවම බස් ගාස්තුව සංශෝධනයක් නොවන අතර එය තව දුරටත් රුපියල් 27 ක පවතින බව ද එම කොමිෂම කීය. මෙම වසරේ (2025) වාර්ෂික බස් ගාස්තු සංශෝධනයෙන් බස් ගාස්තුව සියයට 2.5කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැළපීමෙන් පසුව නව බස් ගාස්තු සංශෝධනය සියයට 0.55කින් අඩු කිරීමක් බවට පත්වූ බවත් එම නිලධාරියා සඳහන් කළේය. මෙම මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ…
මහරගම අපේක්‍ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා දෙන අත්‍යවශ්‍ය ඖෂධ වර්ග කීපයක් රෝහලේ නොමැතිකම හේතුවෙන් එම ඖෂධ පිටත ඖෂධ අලවිසල්වලින් අධික මුදලක් ගෙවා මිලදී ගැනීමට සිදුව ඇතැයි රෝගීහු පවසති. මේ අතර ඇතැම් ඖෂධ පිටත ඔසුසල්වල ද නොමැති බව රෝගීහු කියති. පිළිකා රෝගීන්ට ශරීරයේ සුදු රුධිරාණු නැවත නිෂ්පාදනයවීම සදහා නයිට්‍රජන් එන්නත පිටත ඖෂධ වෙළෙදසල්වලින් ලබාගැනීමට රුපියල් 16,000 ක් පමණ මුදලක් වැය වන නමුත් එන්නත පිටතින් මිලදී ගැනීමටවත් නොමැති නිසා එම රෝගීහු අන්ත අසරණ වී සිටිති. මේ පිළිබඳව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය අවධානය කඩිනමින් යොමු කර ඖෂධ නොමැතිව අන්ත අසරණ වී ජීවිතයත් මරණයත් අතර පොර බදමින් සිටින තමන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි…
රේගුවට හොර රහසේ ආනයනය කළ එක් සුඛෝපභෝගී මෝටර් රථකින් රජයට රුපියල් කෝටි තුනකට අධික පාඩුවක් වී ඇතිි බවත්, එවන් සුඛෝපභෝගී වාහන 178ක් 2015 වසරෙන් පසුව මෙරටට අනයනය කර කෝටි ගණනක පාඩුවක් සිදුකර ඇති බවත් අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය ඉදිරියේ කරුණු දැක්වමින් පැවැසීය මෙලෙස රජයට රේගු බදු හා ලියාපදිංචි ගාස්තු අහිමි කරමින් ගෙන්වා ඇත්තේ ටොයෝටා වර්ගයේ සුඛෝපභෝගි ජීප් රථ, මොන්ටේරෝ හා ප්‍රාඩෝ රථ බව පැවසූ අල්ලස් කොමිසම අදාළ වාහන ආනයනය කළ ව්‍යාපාරිකයන් අත්අඩංගුවට ගැනීමට රහස් පොලීසිය සමග එක්ව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ බවද සඳහන් කළේය. 2018 වර්ෂයේ ජපානයේ නිෂ්පාදනය කර 2019 වර්ෂයේ රේගුවට හොර රහසේ මෙරටට…
කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවිණි. පේටොංටාර්න් ෂිනවාත්‍රා, කාම්බෝජ හිටපු නායක හුන් ට ඉතා ලෙංගතුව, හිතවත්කමින්, ‘අංකල්’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින්, තායිලන්තය සහ කාම්බෝජය අතරේ හටගෙන ඇති දේශසීමා අර්බුදය විසඳීමට මැදිහත් වෙන්නැයි කරන ඉල්ලීම ඒම දුරකතන සංවාදයට ඇතුළත් වෙයි. එම දුරකතන සන්වාදයේ දී, තායිලන්ත අගමැතිනිය, තායි හමුදා ප්‍රධානීන් විවේචනය කරන අතර, ඇගේ සන්ධාන රජයේ හවුල්කාර පක්ෂ හෑල්ලු කරමින් කතා කරයි. මෙම දුරකතන සන්වාද හඬ පටය ප්‍රසිද්ධියට පත් වෙද්දී, අගමැතිනී පේටොංටාර්න්ගේ සන්ධාන රජය ද දෙදරා ගියේය. ජනතා විරෝධයක් ද ඉස්මතු විය. ඉන්පසු අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කරන…
බස්නාහිර,සබරගමුව, සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවඑ,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ සිට බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටිනවට තරමක තද සුළං ඇති වේ.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එහි නිෂ්පාදන කටයුතු ඇනහිට ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි වාර්තා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය නිවේදනය කරයි. සමාගමේ කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය බඩඉරිඟු සපයා ගැනීම සඳහා ඍජු සහ විනිවිදභාවයෙන් යුතුව තීරණ ගෙන සැපයුම් යථාවත් කර ඇති බවත් ත්‍රිපෝෂ සමාගමේ යන්ත්‍රසූත්‍ර පූර්ණ ධාරිතාවයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ පිරිවිතරයන්ට අනුව අදාල ප්‍රතිලාභීන්ට වෙත දිවයින පුරා බෙදාහැරීමේ කටයුතුද සියලු බාධාවකින් තොරව සිදුවන බවද ත්‍රිපෝෂ සමාගම තහවුරු කරයි. යන්ත්‍ර සූත්‍ර උපරිමයෙන් ක්‍රියාත්මක වීම මත අතිරික්ත නිෂ්පාදන වෙළදපොළ උදෙසා සුපෝෂ නිෂ්පාදනය දිවයින පුරා බෙදා…
වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට සමගාමිව මේ අවස්ථාවේ බස් ගාස්තුවේ වෙනසක් අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් රථ සංගම් පවසයි. ඩීසල් මිල රුපියල් 15 කින් ඉහළ දැමිම හමුවේ බස් ගාස්තු සංශෝධනයක් මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. ඉන්ධන මිළ ඉහළ දැමිම හේතුවෙන් ජුලි මාසයේ ක්‍රියාත්මක කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අගෝස්තු මාසය දක්වා කල්දැමීම සිදුකළ යුතු බවද ඔහු සඳහන් කළේය. දශම ගණනකින් බස් ගාස්තු සංහෝධනයක් කිරීමෙන් එහි වාසිය මගියාට නොලැබෙන බවද විජේරත්න මහතා කීවේය. බස් ගාස්තු සංශෝධනයේදී ඉන්ධන මිළ, බස් රථ සහ අමතර කොටස් මිළ, බදු ඇතුලු කරුණු 12 ක් සම්බන්ධයෙන්…
