Author: LANKA24X7

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්‍ය එස්.ජයිශංකර් අතර හමුවක් සිදු ව තිබේ. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර දී මෙම හමු ව සිදු වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය වාර්තා කරයි. මෙහි දී දෙරට අතර ද්වීපාර්ශ්වික ව්‍යාපෘති පිළිබඳ ජනාධිපතිවරයා හා ඉන්දීය විදේශ අමාත්‍යවරයා සාකච්ඡා කළ බව සඳහන් ය.

Read More

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදි මීදුම් සහිත තත්වයක් අපෙක්ෂා කෙරේ.

Read More

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයකු ගමන් ගත් මෝටර් රථයක් පිටුපස තංගල්ල පොලිස් නිලධාරීන් පිරිසක් හඹා යද්දී සැකකරු දුම්මලසූරිය නගරාසන්නයේ තුංතොට පාලම අසළ මෝටර් රථය දමා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි. සැකකරු අකුරැස්ස ප්‍රදේශයේ හෝටලයක සිටියදී තංගල්ල පොලීසියට ලැබුණු තොරතුරකට අනුව ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී මේ පිලිබඳ ඉව වැටුණු සැකකරු මෝටර් රථයෙන් පැන ගොස් ඇති අතර පොලිසියෙන් බේරිමට බැරි වූ තැන මෝටර් රථය – තුංතොට පාලම අසල රථය දමා පලාගොස් ඇතැයි පොලීසිය පවසයි. මෝටර් රථය මේ වනවිට පොලීසිය භාරයට ගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා දුම්මලසූරිය පොලීසියේ සහාය ඇතිව තංගල්ල පොලිස් නිලධාරීන් විසින් දැනටමත් මෙහෙයුමක් ආරම්භ කොට…

Read More

පොහොර සහනාධාරය ගොවි ජනතාවට ලබාදීමේදී රජයේ මුදල් කෝටි ගණනින් වංචා කිරීමට එරෙහිව සිදු කරන විමර්ශනයන්හිදී පොලිස් අත්අඩංගුවට පත් වීමේ අවදානමක් ඇති හෙයින් ඇප නියම කරන්නැයි පොහොර සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය. ගොවීන්ට ලබා දීමට නියමිත ව තිබූ රජයේ පොහොර සහනාධාරය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට සහාය දක්වන ලෙසට පැමිණිලිකරුවන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවන් විමර්ශනයක් සිදුකරන බවට මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නියෝග ලබාගෙන ඇති බවද පෙන්වා දුන්නේය. ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 වසරේ දියත් කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළේදී රුපියල් 2500ට ආනයනය කළ පොහොර මිටිය රුපියල් 1100කට…

Read More

කොටස් එකලස් කර සැකසූ සුඛෝපභෝගී මෝටර් රථයක් සමග අවන්හල් හිමිකරුවකු ගෝනපොළ දුවහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මොරගහහේන පොලිසිය කියයි. වාහනය තුළ තිබී යතුරු පැදියක ,හා තීරෝද රථයක ලියාපදිංචි සහතික දෙකක් සහ තවත් යතුරුපැදියක සහතික කරන ලද ලියාපදිංචි සහතිකයක පිටපතක් තිබූ බව පොලිසිය කියයි. වාහනයට යොදා තිබූ අංක තහඩුවද ව්‍යාජ එකක් බව පොලිසිය සඳහන් කරයි. සැක කටයුතු වාහනයක් නිවසක් ඉදිරිපිට නතර කර තිබෙන බවට පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් ගොස් සිදු කළ මූලික පරික්ෂාවේදී එහි සවිකර තිබූ අංක තහඩුව හලාවත බංගදෙනිය ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෝටර් රථයකට හිමි අංකය බවට අනාවරණය වූ බව පොලිසිය කියයි. අනතුරුව සැකකාර අවන්හල් හිමියා සහ මෝටර්…

Read More

ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවලට හැකියාව පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඉන්දියන් සාගරය ආශ්‍රිත රටවල් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සහ දැනුවත්භාවය වැඩිදියුණු කර ගැනීම මඟින් ආරක්ෂිත සහ ස්වාධීන ඉන්දියන් සාගරයක් නිර්මාණය කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 2050 වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් වැඩි වන බවට පුරෝකථනය කර ඇති බවත්, ඒ වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අවශ්‍ය බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී…

Read More

ඇෆ්ගනිස්තාන් පිලට එරෙහිව මහනුවර, පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන එක්දින තරගයේදී පැතුම් නිස්සංක ලකුණු 200 ක් රැස්කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින ජාත්‍යන්තර තරගයකදී ද්විත්ව ශතකයක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්විය. සනත් ජයසූරිය 2000 වසරේ සාජාහිදී ඉන්දියාවට එරෙහිව රැස්කළ ලකුණු 189 මීට පර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක ඉහළම ලකුණු ලෙස පැවතුණි.

Read More

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වෙනි සභා වාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධුරය යළිත් වරක් සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා තේරී පත්විය. එම කමිටුවේ සාමාජිකයන් හර්ෂ ද සිල්වා මහතා මෙසේ තෝරා ගෙන ඇත. මෙම කමිටුවට පත් කෙරුණු සාමාජික මන්ත්‍රී ලේඛනයද කථානායකවරයා අද ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ශෙහාන් සේමසිංහ, (වෛද්‍ය) සීතා අරඹේපොල, (ආචාර්ය) සුරේන් රාඝවන්, අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, නීතිඥ රවුෆ් හකීම්, වජිර අබේවර්ධන, විජිත හේරත්, මහින්දානන්ද අලුත්ගමගේ, දුමින්ද දිසානායක, නීතිඥ චන්දිම වීරක්කොඩි, (ආචාර්ය) නාලක ගොඩහේවා, (ආචාර්ය) හර්ෂ ද සිල්වා, නිමල් ලාන්සා, එම්. ඒ. සුමන්තිරන්, (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන, මයන්ත දිසානායක , හර්ෂණ රාජකරුණා, යූ.…

Read More

ගැසට් නිවේදනයක් හරහා ප්‍රමිතිගත කළ පරිදි නියමිත බර ප්‍රමාණය සහ පාන්වල මිල ප්‍රදර්ශනය නොකළ රටපුරා බේකරි සහ වෙළෙඳසැල් 200 කට අධික සංඛ්‍යාවක් වැටලූ බවත් එම බේකරි සහ වෙළෙඳසැල්වලට ඉදිරි දින කීපයේදී නඩු පවරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උසස් නිලධාරියෙක් ඊයේ (9) පැවසීය. පාන්වල නියමිත බර ප්‍රමාණය නොමැති වීම මෙහිදී වැඩි බේකරි සහ වෙළෙඳසැල්වලට එල්ල වූ චෝදනාව බවත් ඇතැම් ව්‍යාපාරික ස්ථානවලට චෝදනා දෙකම එල්ල වූ බවත් එම නිලධාරියා කීය. පසුගිය 5 වැනිදා සිට 8 වැනිදා දක්වා දින හතරක් තුළ කළ වැටලීම්වලින් මෙම වෙළෙඳසැල් නීතියේ රැහැනට හසුකරගැනීමට හැකිවූ බවත් රටපුරා වැටලීම් තව දුරටත් ක්‍රියාත්මක බවත් එම නිලදාරියා කීය. පාරිභෝගිකයන්ට පාන් හෝ…

Read More

විරෝධතාවකට සහභාගි වූ විදුලිබල මණ්ඩලයේ සේවකයන් පිරිසකගේ වැඩ තහනම් කිරීම මානව හිමිකම් උල්ලංඝණ කිරීමක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කරන ලෙස ඉල්ලමින් ජාතික සම්පත් සුරැකීමේ ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයට ඊයේ (9) පස්වරුවේ ලිපියක් භාරදුන්නේය. එම ලිපිය එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයෙක් භාරගත්තේය.

Read More