Author: LANKA24X7

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට එළැඹෙන සඳුදා දින (07) දින පැය 12ක ජල කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මගින් බෙදාහරිනු ලබන මාර්ගයන්හි අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව සිදු කිරීමට සිදුවන බවය. ඒ අනුව එළැඹෙන සඳුදා දින පෙරවරු 8.30 සිට පස්වරු 8.30 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශයන්හී ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවද එම මණ්ඩලය මහජනතාවට දැනුම් දී තිබේ. ජල සැපයුම අතිහිටුවන ප්‍රදේශ – පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක / සීදුව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර,…

Read More

කදුරුවෙල ක්වාසි අධිකරණයේ විනිසුරුවරයා සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අද (04) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් සඳහන් කළේ දික්කසාද නඩුවක් සම්බන්ධයෙන් කාන්තාවට වාසිදායක ලෙස තීන්දුව ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ඉල්ලා ඇති බවය. සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ එම කාර්යාල පරිශ්‍රයේදීය. ඒ අනුව සැකකරුවන් කදුරුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Read More

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද(04) දිනයේ සිට ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිශන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සදහන් කළේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අනුව සියයට බිංදුවයි දශම පහයි පහක ප්‍රතිශතයකින් බස් ගාස්තුව අඩු කර ඇති බවය. නව ගාස්තු සංශෝධනය යටතේ අවම බස් ගාස්තුව වන රුපියල් 27 දෙවන ගාස්තු අවස්ථාව වන රුපියල් 35 මෙන්ම තෙවන බස් ගාස්තු අවස්ථාව වන රුපියල් 45 ගාස්තුවේ වෙනසක් සිදු නොවන බව සඳහන් වේ. කෙසේවෙතත් සිව්වන බස් ගාස්තු අවස්ථාවේ සිට බස් ගාස්තු සංශෝධනය වන බව ජාතික ගමනාගමන කොමිශන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය සදහන් කළාය. ඒ අනුව රුපියල් 56, 77, 87, 117,136…

Read More

හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින් අද (4) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. 2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් මිලියන 25ක් වටිනා බඩඉරිඟු බීජ හිතවතුන්ට බෙදාදීමේ සිද්ධියකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. ඊට අදාළව සිදුකරන විමර්ශයේ ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඒ මහතා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබුණි. එහිදී ප්‍රකාශයක් ලබාගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතාව අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් අත්විලංගු ජෝඩුවක් මහනුවර ප්‍රධාන පෙළේ නිවාඩු නිකේතනයක් තුළ දමා ගොස් තිබූ බෑගයක් තුළ තිබී හමු වි ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. එම අත් විලංගු ජෝඩුවෙහි ඉංග්‍රීසියෙන් department of prison ns -3000 හා 150843 ලෙස අංකයක් සටහන්ව ඇතැයි පොලිසිය සඳහන් කරයි. මහනුවර දළදා වීදියේ පිහිටි එම නිවාඩු නිකේතනයේ දමා ගොස් තිබූ බෑගයක් තුළ තිබී මෙම අත් විලංගු ජෝඩුව හමුවී ඇති අතර ඒ සම්බන්ධයෙන් එම ආයතනය පිරිස් කළමනාකරු විසින් මහනුවර විශේෂ කාර්යාංශය දැනූවත් කර තිබේ.

Read More

කතරගම බලා පාද යාත්‍රා පාගමනින් එන බැතිමතින්ට කුමන ජාතික උද්‍යානයෙන් ඇතුලුවීමට අද (04) සවස 03.00න් පසුව අවසර නොලැබෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ ප්‍රශාන්ත විමලදාස මහතා පැවස්වේය. උතුරු නැගෙනහිර දෙපළාත් ඇතුලුව රටේ විවිධ ප්‍රදේශවලින් හින්දු බැතිමතුන්ට කතරගම පෙරහරට සහභාගිවීම සදහා කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු පසුගිය ජූනි 20දා විවෘත කරනුලැබීය. ඒ අනුව 03 වැනිදා වනවිට කුමන ගේට්ටුවෙන් පුද්ගලයින් 34,612ක් ඇතුලුවී ඇති බව සහකාර අධ්‍යක්ෂකවරයා කීවේය. එසේ ඇතුවු පිරිස අතර හින්දු බැතිමතුන් පමණක් නොවන බවද කීවේය.

Read More

මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇත්තේ සිය පවුලේ අවශ්‍යතා වෙනුවෙන් ලබාගත් ණය හේතුවෙන් බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මහත්මිය ඊයේ (03) ප්‍රකාශ කළාය. නිශ්චිතව මෙරට ජනතාවගෙන් සියයට 33.4 ප්‍රමාණයක් ණය හේතුවෙන් අවදානමට ලක්ව තිබෙන බවත් ඒ හේතුවෙන් අහිමිවීම් වලට මුහුණ දෙන බවත් ඇය පැවැසුවාය. එලෙස අවදානමට ලක්වූ ජනතාව අතර ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි මූලික අවශ්‍යතා සඳහා ණය ලබාගත් අයද සිටින බවත් ඔවුන්ට ලබාගත් ණය හේතුවෙන් වත්කම් ඉක්මනින් අහිමිවීමේ අවදානමට ලක්ව තිබෙන බවත් ඇය ප්‍රකාශ කළාය. මෙම කරුණු එක්සත් ජාතීන්ගේ 2023 බහු අවදානම් දර්ශකයේ සඳහන් වන බවත් කීපවතාවක් තමන් මෙම කරුණු මතක් කරදී තිබෙන…

Read More

ඓතිහාසික සීගිරිය පුරාවිද්‍යා භූමිය අනවසර ඉදිකිරීම් හේතුවෙන් විනාශවීමේ තර්ජනයක් මතුවිය හැකි හෙයින් ඒ භූ දර්ශනය ආරක්ෂා කරන්නැයි යුනෙස්කෝ සංවිධානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා පවසන්නේ ඓතිහාසික සීගිරිය යනු සීගිරි පර්වතය පමණක් නොවන බවයි. සීගිරිය වටා ප්‍රාග් ඓතිහාසික ලෙන් මෙන්ම සුසාන භූමි පද්ධතියක් පවතින හෙයින් යුනිස්කෝ සංවිධානය ආරක්ෂා කරන්නැයි ඉල්ලා ඇත්තේ ඒවා බවද ඔහු කීවේය. අනවසර ඉදිකිරීම් වැඩි වුවහොත් සීගිරියට යම් තර්ජනයක් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සීගිරිය පර්වතයට ඹබ්බෙන්වූ යාර දෙසිය සහ හාරසීය සීමාව ආරක්ෂා කරන බවත් ඒ ඇතුළත අලුත් ඉදිකිරීම් කිසිවක් කිරීමට ඉඩ නොදෙන බවත්…

Read More

අස්වැසුම වැඩසටහන යටතේ ලක්ෂ 18 ක පිරිසක් ප්‍රතිලාභ ලබනවා. තවත් ලක්ෂ 9 ක පිරිසක් ඊට ඉල්ලම් කර තිබෙනවා. 2024 වසරේ වත්මන් ජනපතිවරයා බලයට පත්වන වන විට දුගී ජනතාව ලක්ෂ 18 කට ආසන්නවී තිබුණ. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා අද පැවැසීය. ඔහු ඒ බව පැවැසූවේ ග්‍රාමීය දිළිදුබව තුරන් කිරීමේ ජාතික වැඩසටහන ‘ප්‍රජා ශක්ති‘ ජාතික ව්‍යාපාරයේ සමාරම්භක උළෙල සම්බන්ධයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍ය වේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. ‘ප්‍රජා ශක්ති‘ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය හෙට සවස 2.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිර පරිශ්‍රයේදි පැවැත්වීමට නියමිතය. මෙරට ග්‍රාම සංවර්ධනය…

Read More

2025 වසරේ ආරම්භයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 62 ක් ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. එම වෙඩි තැබීම් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් සිදු කළ වෙඩි තැබීම් 44 ක් වාර්තා වී තිබූ අතර එහිදී පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය කියයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල් මත සංවිධානාත්මක අපරාධකරුවන් විසින් එම වෙඩි තැබීම් සිදු කර තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Read More