Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෑත කාලීන ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කිරීම සඳහා ඇමෙරිකානුවෝ දහස් ගණනක් නැවත වතාවක් විදී බැස විරෝධතා පවත්වති. ඇමරිකානු විප්ලවීය යුද්ධය ආරම්භ වී 250 වැනි සංවත්සරයට සමාගාමීව මෙම විරෝධතා පැවැත්වුණු අතර එය “50501” ලෙස හඳුන්වා තිබිණ. ප්‍රාන්ත 50 විරෝධතා 50 ක් එක් ව්‍යාපාරයක් එහි අදහස විය. ධවල මන්දිරය ඉදිරිපිට සහ බොහෝ නගරවල ටෙස්ලා අලෙවි නියෝජිත ආයතන ඉදිරිපිට සිට ජනපති ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විරෝධතාකරුවෝ සිය කණස්සල්ල පළ කළහ. වර්තමානයේ දේශපාලන විරෝධතා ඇමෙරිකාව තුළ බහුලව දක්නට ලැබුණත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලයේ පළමු දින 90 තුළදී ගෙන ඇති ක්‍රියාමාර්ග ඔහුගේ ඡන්දදායකයන් සියයට 45 ක් අනුමත කරන බව නවතම…
කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන් සහ වෙනත් ස්ථානවල මිනිසුන් ඉලක්කර කරමින් 2019 වසරේ සිදුකළ ‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය’ පිළිබඳව ස්වාධීන සහ අපක්‍ෂපාතී විමර්ශනයක් සහතික කිරීම සඳහා වර්තමාන රජය යම් යම් ධනාත්මක පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ‘පාස්කු ඉරුදින’ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. රජය ඒ සඳහා මේ දක්වා ගෙන ඇති උත්සහය අගය කරන අතරම කඩිනම් සහ යුක්තිය පිළිබඳ සාධාරණ ලෙස විමර්ශනවල අවසාන ඉලක්කය වියයුත්තේ අපරාධකරුවන් කවුරුන්ද යන්න සහ එම මෙලෙච්ඡ ක්‍රියාවට ආධාර අනුබල දුන්නවුන් කවුරුන්ද යන්න තහවුරු කරගැනීම බව ද එහි සඳහන් වේ.
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හාබර් ඉංජිනේරු සමාගම එල්ල කරන චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. කිලෝමීටර් 35 ක දුරින් යුත් 2011 වසරේදී ආරම්භ කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස සඳහා ගෙවීමට ඇති රුපියල් බිලියන 7.91 ක හිඟ මුදල ගෙවා අවසන් කරන ලෙස චයිනා හාබර් ඉංජිනේරු සමාගම මාර්ග සංවර්ධන අධිකාරියට එන්තරවාසියක් ඒවා තිබූ අතර එම හිඟ මුදල ගෙවා අවසන් කිරීම සඳහා චයිනා හාබර් ඉංජිනේරු සමාගම මාර්ග සංවර්ධන අධිකාරියට පසුගිය 31 වැනිදා දක්වා…
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය. ලෝක ලේඛනයට මෙම වසරේදී ලෝක උරුම ලේඛන 74 ක් එක් කිරීමට යුනෙස්කෝ සංවිධානය කටයුතු කළේය. පානදුර රන්කොත් විහාරයේ තැන්පත් කර ඇති මෙම ලේඛන හතරෙහි විශාල ඓතිහාසික, සංස්කෘතික, අධ්‍යාත්මික සහ බුද්ධිමය වටිනාකමක් ඇති බව යුනෙස්කෝ සංවිධානය පැවැසුවේය. ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගමික භක්තියකයන් අතර සමහිය ඇති කිරීමේ අරමුණින් මෙම ලේඛන නිර්මාණය වී තිබුණු බවද යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කළේය. මූලධර්මීය කරුණු සම්බන්ධයෙන් විවෘත සංවාදයක් ගොඩානගා ගත යුතු බවට ආගමික නායකයන් අතර හුවමාරු වූ ලිපි මෙන්ම සමස්ත…
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමක් ඇමරිකාවට පිටත්ව ගිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ලේ දී ඊයේ (20)පැවසීය. බද්දේ බලපෑම අවම වන පරිදි විසඳීමකට පැමිණීමට හෝ එවැනි බදු පැනවීමක් වලක්වා ගැනීම සඳහා රජය උත්සාහ කරන බවද ජනාධිපතිවරයා කීය. ලෝකය අපට ඕන විදිහට හසුරවන්න බැරි බව කී ජනාධිපතිවරයා ලෝකයේ ආර්ථිකයට, ආරක්ෂාවට විවිධාකාරයෙන් බලපාන තීන්දු තීරණ, විවිධ රාජ්‍යයන් විසින් ගන්නා නමුත් එම තීරණ වලට බලපෑම් කරන්න හැකියාවක් නොමැති බව සඳහන් කළේය. “එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බද්දක් ගහපු හැටියේ කට්ටියක් ප්‍රීතියෙන් පිනා ගියා.බද්ද…
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆනි ට්‍රෙම්බ්ලේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. ඒ අනුව සාමාජිකයන් 193 දෙනකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2025 වසරේ සඳහා ගෙවිය යුතු සියලුම මුදල් ගෙවා අවසන් කළ 93 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වූ බව ද ඇය පැවැසුවාය. සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සිය හිඟ සාමාජික ගාස්තු ගෙවා අවසන් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බව ද ඇය ප්‍රකාශ කළාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම හිඟ මුදලක් ගෙවීමට ඇත්තේ ඇමෙරිකා…
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය. ආරම්භක පියවරක් ලෙස රජය වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට කෝටි 500ක් දුන් බව කී ජනාධිපතිවරයා සතොස වී මිලදී ගන්නට තවත් සැලැස්මක් හැදූ බව පැවසීය. ඕනෑ කෙනෙක් ගොවීන්ට වැඩිපුර මුදල් දී වී මිලදී ගත්තාට කමක් නැති බව කී ජනාධිපතිවරයා හැබැයි සහල් පාලන මිලට විකිණිය යුතු බව සඳහන් කළේය. අඩුවට යන හැම වී ඇටයක්ම ආණ්ඩුව මිලදී ගන්නවා. තවදුරටත් ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න විකුණගන්න බැහැ කියලා අස්වැන්න කුණු කොල්ලයට ගියා කියලා හඬා වැටෙන්න අවශ්‍ය නෑ. මිල ස්ථාවර කර ගැනීම සඳහා මැදිහත්…
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කරගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යන බව ලාල් කාන්ත ඇමැතිවරයා පවසා තිබෙන්නේ යැයි කී සේනසිංහ මහතා නමුත් ආණ්ඩුවේ අනිත් පිරිස් ඇත්ත කතා කරන්නේ නැතැයි ද පැවසීය. ” රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ තවත් කෙටි කාලයකින් අවසන් වෙනවා. ඒ වැඩපිළිවෙල අවසන් වුණාට පස්සේ ණය ගෙවන ක්‍රමවේදය , විදෙස් රටවල් සමග ගනුදෙනු කරන ආකාරය , බදු සහන ලබාගන්නා ආකාරය වැනි කිසිම දෙයක් සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට කිසිදු ඉදිරි වැඩපිළිවෙළක් නෑ. වර්තමාන ආණ්ඩුවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න අද්දැකිම් නෑ යනුවෙන්ද කොළඹදී මාධ්‍ය හමුවක්…
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බාර දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේදී පැවසීය. අදාල පාස්කු කොමිෂන් සභා වාර්තාව ඉතා හොඳින් අධ්‍යයනය කොට පරීක්ෂණ සඳහා යොදාගන්නා ලෙස තමා දැනුම් දුන් බවද ජනාධිපතිවරයා කීය. “2019 පාස්කු ඉරිදා බලය ලබා ගැනීමේ අරමුණින් මේ රටේ විශාලම ඛේදවාචකය සිදුවුණා.2019 අප්‍රේල් මාසයේ සිට 2024 වසරේ සැප්තැම්බර් දක්වා පරීක්ෂණවල අරමුණ වී තිබුණේ සැබෑ සැලසුම්කරුවන් යටපත් කිරීමයි.ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණේ සැබෑ වග උත්තරකරුවන් සැඟවීමයි.අප බලය ලබාගෙන මාස හයක් ගතවී තිබෙනවා .අප ඉතා නිරවුල්ව පියවරෙන් පියවර පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම…
දුම්රියේ ගැටී සහ දුම්රියෙන් වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (19) දිනයේදී මෙම අනතුරු සිදුව ඇති බවය. ඒ අනුව පට්ටිපොල පොලිස් වසමේ පැරකුම්පුර හා අඹේවෙල දුම්රිය මාර්ගය පරික්ෂා කිරීමට ගොස් සිටි දුම්රිය කාර්ය සහයකවරයෙකු දුම්රියේ ගැටී ජීවිත්ක්ෂයට පත්ව තිබේ. ඔහු විසින් ඊයේ (19) අලුයම් කාලයේදී එම දුම්රිය මාර්ගය පරික්ෂා කරන අවස්ථාවේදී කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියේ ගැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ දියතලාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර ඊයේ උදෑසන කාලයේදී උයිලංකුලම පොලිස් වසමේ සිරිනාවක්කුලම ප්‍රදේශයේදී දුම්රියකින් වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට උයිලංකුලම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් විමර්ශනයක්…
