Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇතැයි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවැසීය. වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1750 දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට ස්තූතිවන්ත වන බව කී හෙතෙම වතු ජනතාවගේ ගැටලු විසඳීමට රජය ගන්නා සෑම ක්‍රියා මාර්ගයකටම පූර්ණ සහයෝගය දෙන බවද සදහන් කළේය.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පැමට එරෙහිව බගවන්තලාවේ සහ මස්කෙළිය යන නගර වල වතු කම්කරුවෝ ඊයේ පස්වරුවේ විරෝධය දක්වමින් උද්ඝෝෂණයක නිරත වූහ උද්ඝෝෂණවයට ආ වතු කම්කරුවන් කියා සිටියේ ඉතිහාසයේ කිසිදු දිනක උද්ඝෝෂණ සහ වැඩ වර්ජන කරමින් තම වැටුප වැඩි කර ලබා නොගත් බවත්, ඉතිහාසයේ පළමු වතාවට වැඩ වර්ජන හෝ උද්ඝෝෂණය නොකරමින් එක්වර රු.400ක වැටුපක් ලබා දීමට ජනාධිපතිවරයා සහ වත්මන් රජය කටයුතු කළ බවයි. විපක්ෂය නියෝජනය කරන වතුකරයේ දේශපාලාඥයන් සහ විපක්ෂය ඇතැම් පිරිස් වතුකරයේ ජනතාවගේ දුක හදුනන්නේ නොමැති…
උතුරු උතුරු-මැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනෙ සෙසු ප්‍රදේශවලට පස්වරු1.0 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 වැඩි තදවැසි ඇති විය හැකියි. දිවයනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ඇතැම් ස්ථානවල මිලි මිටර් 75 වැඩි තරමක තද වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලහේදී මීදුම් සහිත තත්ත්වයක් පැවැතිය හැකියි.
ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු පෙරිය නිලාවෙනි පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. ඉකුත් ඔක්තෝබර් මස 10 වෙනිදින මෙම සිදුවීම සිදුවූ තිබූ අතර විදේශීය ජාතික කාන්තාව එය ජංගම දුරකථනයෙන් වීඩියෝ කර සමාජ මාධ්‍යයට මුදා හැර තිබිණි. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් සංචාරක කොට්ඨාසය තිරික්කොවිල් පොලිසිය ස්ථානය මගින් විමර්ශන ආරම්භ කළ අතර සැකකරු හඳුනාගැනීමට මහජන සහය ලබා ගැනීමට මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කෙරිණි. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගෙ ස්වරූපය වෙනස් කරමින් පදිංචි ස්ථානද වෙනස් කරමින් අත්අඩංගුවට පත්වීම වැළක්වීම සඳහා කටයුතු කරමින් සිටි බව පොලිසියය කියයි.
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් එහි නායකත්වයෙන් ඉල්ලීම් කර ඇත. මනෝ ගනේෂන් මහතා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ මන්ත්‍රීවරයෙකි. ඔහු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පවසා ඊට පක්ෂව මෙසේ ඡන්දය ප්‍රකාශ කිරීම බරපතළ විනය විරෝධී කාරණයක් බව එම ක්‍රියාකාරීන් පෙන්වාදී ඇත. පසුගිය මහ මැතිවරණයෙන් මනෝ ගනේෂන් මහතා පරාජයට පත් වී තිබියදී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් පත් කෙරුණේ ඔහු කෙරෙහි දැඩි විශ්වාසයක් තබාගෙන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන්…
මුද්‍රණ කාඩ්පත් නොමැති වීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු යළි ආරම්භ කර තිබේ. පසුගිය සතියේ සිට එම කටයුතු ආරම්භ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව දෛණිකව රියදුරු බලපත්‍ර 6,000ක් පමණ මුද්‍රණය කිරීමට සැළසුම් කර ඇත. රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා අවශ්‍ය කාඩ්පත් නොමැති වීම හේතුවෙන් පසුගිය කාලයේ 350,000කට ආසන්න රියදුරු බලපත්‍ර සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ගොඩගැසී ඇති බව වාර්තා වේ. එම මුද්‍රණ කාඩ්පත් සපයා ගැනීමත් සමඟ අදාළ රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර කඩිනමින් ගොඩගැසී ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණය කර අවසන් කිරීමට සැළසුම් කර ඇති බව ද මෝටර් රථ ප්‍රවාහන…
බලපත්‍ර නොමැතිව ගිනිඅවියක් සහ පතරොම් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයෙකු හලාවත කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හලාවත විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබුණි. එහිදි විදේශීය රටක නිෂ්පාදිත ගිනිඅවියක්, පතරොම් 03ක්, තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 460ක් හා නීතිවිරෝධී මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර් 202ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. හලාවත කොට්ඨාශ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් සැකකරු හලාවත පොලීසිය වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ. සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 වර්ෂයේ දැකගත හැකි විශාලතම උල්කාපාත වර්ෂාව අද (16) මධ්‍යම රාත්‍රියේදී සහ හෙට උදෑසන දැකබලා ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි. ඒ මහතා පැවසුවේ සිංහ තරුකාරාශිය ආශ්‍රිතව මෙම උල්කාපාත වර්ෂාව සිදුවන බැවින් එය ලියෝනිඩ්ස් වශයෙන් නම්කර ඇති බවය. එමෙන්ම මෙම උල්කාපාත වර්ෂාව හෙට පෙරවරු 4.00 – 5.00 දක්වා කාලයේ දී ඉතා හොඳින් නිරීක්ෂණ විය හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය. එහිදී අදහස් දැක්වූ විද්‍යාඥ සහ ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා, ”අද රාත්‍රී කාලයේදී සහ හෙට අලුයම් කාලයේදී අපිට වසරේ ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව තමයි අපි ලියෝනිඩ්ස් උල්කාපාත වර්ෂාව කියලා…
බස්නාහිර පළාතේ රෝහල් 03ක් සහ උතුරු පළාතේ රෝහල් 04ක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් බව විෂයභාර අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේය. ඒ සඳහා පළාත් සභාවේ අනුමැතිය ඉල්ලා ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ ලේකම්වරුන් රට යනවා වැඩි යැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ පැවසීය. සමහර ලේකම්වරුන් සිය වතාවක් විදේශ රටවල ගොස් ඇතත් එක ඵලදායි යෝජනාවක් හෝ රට වෙනුවෙන් ඉදිරිපත් කර නැතැයිද ඔහු සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ දක්ෂ නිලධාරීන් සිටින බවත් ඉන් වැඩි පිරිසක් එකම විදේශ රටක් හෝ නොදැකපු අය බවත් රත්නායක මහතා කීවේය. වරප්‍රසාද මත්තෙම නැහෙන සුළු නිලධාරීන් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටින බව කී සභානායකවරයා මේ පාර්ලිමේන්තුවත් ජනවාරමට යටත් බව මතක තබා ගත යුතු යැයිද සඳහන් කළේය. ප්‍රථම වතාවට සභානායක කාර්යාලයේ නිලධාරිනියක විදේශ සමුළුවකට පිටත් කර යැවූ බවද හෙතෙම පැවසීය. පාර්ලිමේන්තුවේ වැටුප් සහ අනෙකුත් කටයුතු ප්‍රතිව්‍යුහගතකරණයට අදාල අභියාචනා ඇතුළත් වාර්තාව බාර…
