Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි එරට ජනතාව තුළ තිබෙන ජනප්‍රියතාව ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව අමෙරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව ඔහුට තිබූ ජනප්‍රියතාව 36%කින් පහළ බැස ඇති බව අදාළ වාර්තාවන්හි දැක්වේ. ට්‍රම්ප්ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ඉරානයට එරෙහිව දියත්කර ඇති යුද්ධය මීට හේතුවී ඇති බව සඳහන්ය.
ඉරාන ජාතිකයන්ට සංචාරක වීසා මත සියරටට ඇතුළු වීම තාවකාලිකව තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා විසින් අද මෙම නිවේදනය නිකුත් කර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම තීරණයට හේතුව ලෙස අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, ඉරානයේ සිට පැමිණෙන තාවකාලික අමුත්තන් ඔවුන්ගේ වීසා කාලය අවසන් වූ පසු නැවතත් සිය රට බලා යාමට “නොහැකි හෝ අකමැති වීමේ” වැඩි ප්‍රවණතාවක් පවතින බවය. මෙම තහනම හෙට සිට ක්‍රියාත්මක වන අතර එය ඉදිරි මාස හයක කාලය සඳහා බලපැවැත්වේ. ඔස්ට්‍රේලියාවේ පදිංචි දරුවන් සිටින ඉරාන ජාතිකයන්ට සහ දිගුකාලීන වීසා හිමියන්ට තවදුරටත් මෙරටට පැමිණීමට අවස්ථාව හිමි වේ. මේ වන විට ඉරාන ජාතිකයන් 7,000ක් පමණ…
මැදපෙරදිග යුද්ධය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ‘දුර්ලභ සහ හදිසි’ විවාදයක් මේ වනවිට ජිනීවාහිදී පැවැත්වෙයි. ඒ, ඉරානය විසින් සිය පොදු ගොඩනැගිලි සහ ප්‍රධාන බලශක්ති යටිතල පහසුකම්වලට සිදුකරන ප්‍රහාර හෙළා දකිමින් බහරේන් සහ ගල්ෆ් රාජ්‍යයන් සිදු කළ ඉල්ලීමට අනුවය. අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර අදට (25) දින 26කි. මෙවන් පසුබිමක ඊශ්‍රාලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්කවලට ද ප්‍රහාර එල්ල කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. එමෙන්ම අමෙරිකාව විසින් හමුදා භටයින් 2,000ක් පමණ මැදපෙරදිග කලාපය වෙත යොමු කර ඇති බවට ද තොරතුරු වාර්තා වෙයි. අමෙරිකාව සහ ඊශ්‍රාලය විසින් එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය විසින්…
ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (25) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර් 4,569 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද උදෑසන නිකුත්කළ නවතම දත්ත අනුව රත්‍රං මිලේ සමස්ථ වැඩිවීම රුපියල් 8,000ක් බව සඳහන්ය. ඒ අනුව අද දිනයේ “කැරට් 22” රන් පවුමක් මිල රු. 361,500ක් ලෙස දැක්වුණි. මේ අතර ඊයේ දිනයේ දී රු. 385,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 393,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙරට ඉන්ධන අවශ්‍යතාවයට වඩා සියයට 10කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේ, හදිසි ගබඩා කිරීම් නොකරන්නේ නම් රට තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන පවතිනු ඇති බවය. මැයි මාසයේ මැද දක්වා මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බව දෙරණ බිග්ෆොකස් වැඩසටහන සමඟ අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළේය. “මෙතැන තියෙන ප්‍රශ්නය තෙල් නැතිකම නෙවෙයි. මෙට්‍රික් ටොන් 40,000ක නැවක එනවා නම් අපි 40,000ක ගැප් එකක් ඇති කරනවා. නැව එද්දී හිස් කරනවා නෙවෙයි. පසුගිය කාලයේ ඩීසල් සියයට 150ක රේට් එකේ ගියා. එතකොට 40 වෙනුවට 60ක් යනවා. ඕක තව පොඩ්ඩක් වැඩිවුණොත් එහෙම ලංකාව…
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙනු ලබන ඖෂධ පෙති තරුණයන්ට අලෙවි කළ හැටන් නගරයේ ඔසුසැල් හිමියෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසිනි. සැකකරු විසින් තරුණ ප්‍රජාව ඉලක්ක කරමින් ඉතා අධික මිලකට මෙම ඖෂධ අලෙවි කරන බවට තොරතුරක් ලැබී තිබුණි. ඒ අනුව හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින් පොලිස් උපාය දුතයෙකු යොදා ගනිමින් මොහුව අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී අලෙවි කිරිමට සූදානම් කර තිබූ මත් පෙති 1400කට ආසන්න සංඛ්‍යාවක් පොලිසිය භාරයට ගත් බව සඳහන්ය. සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැටලීම සිදු කළ හැටන් කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් කියා…
ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාර පරිශ්‍රයට ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වාර්තා මේ බව සඳහන් කරයි. අදාළ ප්‍රහාරයෙන් කිසිදු හානියක් සිදුව නොමැති බව ද ඉරානය විසින් එම ඒජන්සිය දැනුවත් කර ඇත.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මීට වසර 6කට පමණ ඉහත කොවිඩි සමයේදී ඝාතනය කර සඟවන ලද අඹුසැමි යුවළකගේ මෘතදේහ අද ගොඩගැනුණි. ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ ඇළ මාර්ගයක වළදමා තිබියදීය. 2020 වසරේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ වැල්ලම්පිටිය, කම්බිකොටුව වත්ත ප්‍රදේශයේ පදිංචි සුනිල් කුමාරසිංහ සහ කාමන්ද සිල්වා නම් 62 හැවිරිදි අඹුසැමි යුවළ අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ පවුලේ ඥාතීන් විසින් ග්‍රෑන්ඩ්පාස් පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබුණි. එහිදී අදාළ යුවළ සම්බන්ධයෙන් කිසිවක් අනාවරණය නොවුණු පසුබිමක ඥාතීන් එසමයෙහිම ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් ඒ පිළිබඳව දැනුම්දී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස සිද්ධිය පිළිබඳ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරනු ලැබීය. ඒ අනුව එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි…
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොග ඉක්මනින් විනාශ කිරීමේ කාර්යය සඳහා ඇති නෛතික බාධා ඉවත් කිරීමට අදාළ නීති සංශෝධනය කිරීම වෙනුවෙන් පත් කළ කමිටුව සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ සමාජ විශ්වාසය තහවුරු කිරීමේදී අත්අඩංගුවට පත් වන මත්ද්‍රව්‍ය තොග හැකි ඉක්මනින් විනාශ කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් විධිමත් ක්‍රියාවලියක් කඩිනමින් සකස් කළ යුතු බවද අවධාරණය කළේය. මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට නීති සංශෝධන කෙටුම්පතක් මේ වන විටත් සකස් කරනු ලැබ ඇති අතර එම කෙටුම්පතෙහි දක්වා ඇති ප්‍රතිපාදන අනුව අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය…
