Author: LANKA24X7

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන ඔවුන්ට වැටුප් හා දීමනා ගෙවීමෙන් රජයට රුපියල් ලක්‍ෂ 80කට අධික පාඩු කළැයි සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 20 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (07) නියම කළාය. සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට ඉදිරිපත් කිරීමටද මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට වැඩිදුරටත් නියම කළාය. සිද්ධියට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ (07) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අධිකරණයට ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු සිද්ධියට…

Read More

ඉන්දියාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීම සඳහා පාකිස්තානු සන්නද්ධ හමුදාවන්ට බලය පවරා ඇති බව එරට අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ කාර්යාලය නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව එම වාර්තා පෙන්වා දෙන්නේ මෙමගින් ඉන්දු – පාකිස්තාන යුදමය තත්ත්වය තවදුරටත් උත්සන්න වන බවට ඉඟි පළකරන බවයි.

Read More

විපක්ෂයේ සියලු කණ්ඩායම් සමඟ එක්ව කොළඹ මහ නගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයෙක් පත්කර ගන්නා බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. අද (07) පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා, “මේ මැතිවරණයේදී විපක්ෂයේ සියලු පක්ෂ තමන්ගේ ඡන්ද ප්‍රතිශතය වැඩිකරගෙන තියෙනවා. ඒ කියන්නේ ආණ්ඩුවට මහ මැතිවරණයේ තිබුණු ජනවරම මේකෙදි අහෝසි කරලා තියෙනවා. ඒ කියන්නේ විපක්ෂය ලැබූ ජයග්‍රහණයක්. මාස 05කින් මේ රටට එපා වුණ ආණ්ඩුවක් විදිහට තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුව අපි දකින්නේ. අපි පැහැදිලිව ආණ්ඩුවට පෙන්නවා ඉදිරියේදී මේ පළාත් පාලන…

Read More

2025 පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ විපක්ෂය එකට එක්වී කටයුතු කරන ලෙසට ජනතාව පණිවුඩයක් දී ඇති බව යැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ජනතාව ලබා දුන් එම පණිවුඩය අනුව ක්‍රියාකිරීමට තමන් ඇතුළු පක්ෂය සූදානම් බවය. “රටේ ජනතාව අපිට ලබාදීලා තියෙන පණිවිඩය තමා, විපක්ෂයේ සියලුදෙනා එකට එකතු කරගනිමින් රටේ ජනතාව අනුමත කරා බොරුව පරාජය කරමින්, සත්‍යවාදී, ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලු බලවේග එකතු විය යුතු යැයි කියන ජනමතය තුළ ඒ අභියෝගාත්මක වගකීම ඉටුකරන්න අපි සුදානම්. ඊට නායකත්වය ලබාදීමට අපි සුදානම්. ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුමදෙනා එකට එකතු කරගෙන ජනතාව…

Read More

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දු කොට ඔහුගේ මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කළේය. අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කළහ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Read More

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා. කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔස්පු සකස් කර විකිණීමේ සිද්ධියකට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කර ඇති පසුබිමකයි. මෙම සිද්ධියට අදාලව හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා ද රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබෙනවා.

Read More

චිකන්ගුන්‍යා පාලනයකින් තොරව වසංගත තත්වයකින් ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරමින් තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි. මෙම රෝගය නිවැරදිව හඳුනා ගැනීම සඳහා PCR (Polymerase Chain Reaction), IgM/IgG ප්‍රතිදේහ පරීක්ෂණ වැනි නවීන විද්‍යාත්මක ක්‍රමවේද පවතින බවද එම සංගමයේ සභාපති රවිකුමුදේශ් මහතා සඳහන් කළේය. මෙරට රෝහල් පද්ධතියට මෙම පරීක්ෂණ සඳහා අවශ්‍ය ප්‍රතික්‍රීයක කට්ටල තවමත් ලබාදී නොමැති බවත් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ PCR පරීක්ෂණ පහසුකම තිබෙන බවත් ඔහු සඳහන් කළේය. චිකන් ගුන්‍යා යනු මදුරුවන් මගින් බෝවන රෝගයක් බවත් එවැනි රෝගයක් පාලනය කිරීම සඳහා ආසාදිත මදුරු ගහන හඳුනා ගැනීම සහ ඒවා විනාශ කිරීම හා පාලනය කිරීමද අත්‍යවශ්‍ය බවත් රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.…

Read More

මෙම සතියේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) දවස් දෙකක් රැස් වීමට නියමිතව තිබේ. ඒ අනුව පළමු රැස්වීම ලබන 08 වැනිදා පැවැත්වෙන අතර, එදින කෝප් කමිටුව හමුවට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කැඳවීමට නියමිතව ඇත. එමෙන්ම කෝප් කමිටුව ලබන 09 වැනිදාද රැස්වන අතර, එදින කමිටුව හමුවට සීමාසහිත ගුවන්තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම කැඳවීමට නියමිතව තිබේ. මීට අමතරව ආබාධ සහිත වූවන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය ලබන 08 වැනිදා රැස්වීමට නියමිතව ඇත. එමෙන්ම 09 වැනිදා ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවද රැස්වීමට නියමිතව තිබේ.

Read More

සිරි දළදා වන්දනාවට පැමිණි බැතිමතුන් විසින් දමා ගිය ටොන් 600කට අධික මිශ්‍ර කසල තොගය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැන මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව මහනුවර මහනගර සභාවේ ජල කර්මාන්ත ඉංජිනේරු සහගැන අපද්‍රව්‍ යඒකකයේ ප්‍රධානි නාමල් ධම්මික දිසානායක මහතා කියයි. එම කසල තොගය මේ වන විට ගුහාගොඩ ගම්මානයේ දරු දැරියන් ක්‍රීඩා කිරීම සඳහා යොදාගත්ක්‍රීඩාංගනයේ ගොඩ ගසා ඇති අතර එම ක්‍රීඩාංගණ භූමියද දීර්ඝ කාලයක්අසල පිරවීමෙන් පසුගොඩ වූ ඉඩමක නගර සභාව විසින් විශාල මුදලක් වැය කොට ඉදි කරන ලද්දකි. එම මිශ්‍ර කසල තොගය කොළඹට රැගෙන ගොස් දහනය කිරීමට මීට පෙර තීරණය කොට තිබුණද එය වියදම් අධික කටයුත්තක් බැවින්සිදු නොවනු ඇති බව ඉංජිනේරු නාමල්…

Read More

මේ වසරේ ගෙවීගිය කාලය තුළදී වෙඩිතබා ගැනීමේ සිදුවීම් 42 ක් වාර්තා වී තිබෙන බවත්, මීට අදාළව සැකකරුවන් 94ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි. මෙම වෙඩිතබා ගැනීමේ සිදුවීම සඳහා භාවිත කළ ටී පනස්හය ගිනිඅවි තුනක් හා පිස්තෝල ගිනිඅවි 03ක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය. මේ වසරේ ගෙවීගිය මාස හතරක කාලය තුළදී සිදු කළ මෙහෙයුම්වලදී ටී පනස්හය ගිනි අවි 11ක් ඇතුළුව ස්වයංක්‍රීය ගිනිඅවි තිස්නවයක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද පැවසීය. වාර්තා වන අපරාධ විසඳීම හා අපරාධ වැළැක්වීමට ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බවද සඳහන් කළේය. මේ වසරේ ගෙවීගිය කාලය තුළ…

Read More