Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබේ. එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු පැවසුවේ, නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් මෙම පංති තහනම් කිරීම සිදුකළ බවය. නවක සිසුන් පිරිසකට අමානුෂික ලෙස නවකවධය ලබාදෙන වීඩියොවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණි. මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලින් අනතුරුව අදාළ සිසුන්ගේ පංති තහනම් කළ බව සඳහන්ය. තෙවන සහ දෙවන වසරේ ඉංජිනේරු පීඨයේ සිසුන් 22කුට මෙම පංති තහනම සිදුකර තිබේ. නවකවධය ලබාදීමේ සිද්ධියට අදාළව පොලීසිය විසින්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. මේ අතර නවකවධය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය…
හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ අත්තනෝමතික ලෙස නිසි ක්‍රමවේදයෙන් පරිබාහිරව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා විසින් මිල්ලෑව හොරණ හරහා කොළඹ දක්වා නව බස්රථයක් යෙදවීමට විරෝධය පළකරමින්ය. හොරණ – කොළඹ පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජනක ගුණසිරි මහතා පවසා සිටියේ, මේ සඳහා විසඳුමක් නොලැබුණහොත් ඉදිරියේදී සෙසු මාර්ග ද මෙම විරෝධතාවයට එක්කර ගන්නා බවය. වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන් ලංගම බස් රථ යෙදීමට කටයුතු කර තිබුණු බව අප වාර්තාකරු පැවසීය. මේ අතර, හොරණ – කොළඹ මාර්ගයේ වේලා සටහන්කරුවන් නිසි ලෙස රාජකාරිය ඉටුනොකිරීම සහ අසාධාරණ ලෙස…
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවයට සහභාගී වන විට ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී. එමෙන්ම වගකීමෙන් යුතුව කසළ බැහැර කරන ලෙසද පරිසර අධිකාරිය කියයි. මෙවර රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර බ්‍රහස්පතින්දා (26) ජුලි 10 වැනි දා තෙක් දක්වා පැවැත්වේ. සාමාන්‍යයෙන් ඇසළ උත්සව සමයේ දී බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර අක්‍රමවත් කසළ බැහැර කිරීම නිසා කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ස්ථාන වල පෙරහර කාල සීමාව අවසානයේ විශාල කසළ ප්‍රමාණයක් එක් රැස්වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. 2024 වර්ෂයේ පෙරහර සමය අවසානයේ ඝණ අපද්‍රව්‍ය ටොන් 1,500ක් ද පෙට් ප්ලාස්ටික් බෝතල්…
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ලංකා බැංකු සේවක සංගමය අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (24) පැවැත්විණි. වර්තමානයේ බැංකු ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට ලබා දිය හැකි විසඳුම් පිළිබඳවද අවධානය යොමු විය. මෙම ගැටලු විසඳීමේදි සියලුදෙනාට පිළිගත හැකි, ප්‍රතිපත්තිමය යාන්ත්‍රණයක අවශ්‍යතාව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය. ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ඩී. ගමගේ මහත්වරු සහ ලංකා බැංකු සේවක සංගමයේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉරානයට නැවත බෝම්බ නොදමන ලෙස ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ඊශ්‍රායලයට අනතුරු ඇඟවීය. ඉරානය හා ඊශ්‍රායලය දැන හෝ නොදැන සටන් විරාම ගිවිසුම කඩකර තිබෙන බවත් දෙපාර්ශ්වය කරන්නේ කුමක්ද යන්න ඔවුන්ට නොවැටහෙන බවත් ජනපති ට්‍රම්ප් පැවැසුවේය. ඊශ්‍රායලය අද පෙරවරුවේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙන අතර තමන් එයට කිසිම කැමැත්තක් නොතිබූ බවත් තමන්ට ඊශ්‍රායලය සන්සුන් කිරීමට සිදුවන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. නැවත යුද්ධයක් ඇතිවීම නැවත්වීමට හැකි සෑම උත්සාහයක්ම නේටෝ සමුළුව ආරම්භ වීමට පෙර තමන් ගන්නා බවද ඔහු පැවැසුවේය. සටන් විරාමයකට එකඟ වීමෙන් පසුව ඊශ්‍රායලය ඉරානයට බෝම්බ හෙළා ඇති බවත් ඊශ්‍රායලයේ ක්‍රියා කලාපය පිළිබඳව තමන් සතුටු නොවන බවත් ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. ඉරානය…
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ පොළොන්නරුව, වැලිකන්ද නෙළුම්වැව ප්‍රදේශයේ පිහිටි උණු දිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධන කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරිමට රජය සැලසුම් සකස් කර ඇත. මෙතෙක් මෙම උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශය නිසි පරිදි සංවර්ධනය කර නොතිබීම එහි සංචාරය කිරීමට දෙස් විදෙස් සංචාරකයන් දක්වන උනන්දුව අඩු වීමට හේතුවක් වී තිබූ බව ජනාධිපති කාර්යාලය පවසයි. මීට අදාළ සාකච්ඡාවක් ඊයේ (24) එම ප්‍රදේශයේදී පැවැත්වුණු අතර, එහි නිරීක්ෂණ චාරිකාවක්ද සිදු කෙරිණි. මෙම සාකච්ඡාවේදී නෙළුම්වැව උණුදිය උල්පත් සංවර්ධනය කිරීමේ වැදගත්කම, එහි ඇති සංචාරක සහ තාක්ෂණික විභවතාව මෙන්ම වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද අවධානය යොමු කෙරිණි. උණුදිය උල්පත් ආශ්‍රිත ප්‍රදේශයේ වන ගහනය වැඩි කිරීම, දූපත අලංකරණය සහ දෙස්…
මොරටුව කොරලවැල්ල ශ්‍රමදාන මාවතේ මුහුදේ පාවෙමින් තිබු යම්කිසි උපකරණයක කොටසක් ප්‍රදේශවාසීන්ගෙන් සහයෙන් ගොඩබිමට ගත් බව මොරටුව පොලිසිය කියයි. වෘත්තාකාර හැඩයෙන් යුත් එම උපකරණයේ මැද කුඩා සර්කිට් එකක් දක්නට ලැබෙන අතර ජංගම දුරකථන හා සමාන කුඩා සූර්ය පැනල හතරක් දක්නට ලැබෙන බව පොලිසිය සඳහන් කරයි. කිසියම් උපකරණයකට සවිකර තිබී ගැලවී යාමෙන් අනතුරුව මුහුදේ පාවෙන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
පහළ යන පොලී අනුපාත හා ආර්ථිකය ධනාත්මක මාවතකට පැමිණීමෙන් පසුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 16,812 කින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට මුළු සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,055,494 ක් ලෙස සටහන් වේ. පසුගිය මාර්තු මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 2,038,682 ක් ලෙස සටහන් වූ අතර ඊට සාපේක්ෂව පසුගිය අප්‍රේල් මාසය අවසන් වනවිට මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව සියයට 0.8 කින් වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා වලට අනුව මෙම වසරේ පළමු මාස හතර තුළ සක්‍රීය ණය කාඩ්පත්…
රුපියල් පනස් දහසේ ශල්‍ය උපකරණය රුපියල් 175000.00 ට රෝගීන්ට විකිණීමට කටයුතු කළේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මියගිය රෝගීන්ට පවා මොලයේ ශල්‍යකර්ම සිදුකර ඇති බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු දක්වමින් ඊයේ (24)පැවසීය. තම පුද්ගලික ආයතනය හරහා අලෙවි කරන ශල්‍ය උපකරණ මුදලට රෝගීන්ට ලබාදීම අරමුණු කරගෙන මෙසේ මියගිය රෝගීන්ට පවා ශල්‍ය කර්ම සිදු කර ඇති බවත්, මරණ පරීක්ෂණය අනුව මොලය මියගොස් දින පහකට පසුව රෝගියාගේ හදවත යන්ත්‍රයක් උපයෝගී කර ක්‍රියාත්මක කර මොළයේ සැත්කම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද අල්ලස් කොමිසම සඳහන් කළේය. ශල්‍ය කර්ම සිදු කර ගැනීමට…
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිබව එම දෙපාර්තමේන්තුව පවසයි . ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.
