Author: LANKA24X7

කුරුඳු වත්ත ප්‍රදේශයේ කාන්තා විද්‍යාලයක් අසල නවතා තිබූ අති සුඛෝභෝගී මෝටර් රථයකට අයුතු ලෙස ඇතුළු වී තියුණු ආයුධයක් පෙන්වා ” කෑ ගහන්න එපා” යයි දැරියගේ මවට තර්ජනය කර ඒ තුළ සිටි 8 හැවිරිදි පාසල් දැරියක් පැහැර ගෙන කප්පම් ගැනීමට උත්සාහ දැරූ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කාන්තාවක් ඉකුත් 2 වෙනි දින සිය දියණිය පාසලෙන් රැගෙන දියණිය මෝටර් රථයේ පිටුපස අසුනේ වාඩි කර ඇය රියදුරු අසුනේ අසුන් ගන්නා අවස්ථාවේදී තම දියණිය සිටි පසුපස අසුනේ නාඳුනන පුද්ගලයෙකු තියුණු ආයුධයක් අත දරා සිටි බවත් තම දියණිය පසෙකට තල්ලු කරමින් වාඩිවී “කෑගහන්න එපා” යනුවෙන් තර්ජනය කළ බවද ඇය…

Read More

කොළඹ, ඩුප්ලිකේෂන් මාර්ගය විරෝධතාවයක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇතැයි අප වාර්තාකරු පැවසීය. පසුගිය දා කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් වැටී දරුවෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගනිමින් මේ වනවිට අදාළ සිසුවා ඉගෙන ගත් විදුහල ඉදිරිපිට විරෝධතාවයක් පැවැත් වේ. මියගිය දරුවා අදාළ පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති බවට සැකයක් පවතින බවත් ඒ හේතුවෙන් දරුවා සියදිවි හානි කරගෙන ඇති බවටත් උද්ඝෝෂකයින් කියා සිටී.

Read More

ජාතික ජන බලවේගයේ කෝසල නුවන් ජයවීර මහතාගේ අභාවයෙන් හිස් වූ කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට පත් කෙරුණු සමන්ත රණසිංහ මහතා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. වේත්‍රධාරීවරයා විසින් නවක මන්ත්‍රීවරයා කථානායකවරයා අසලට කැඳවාගෙන එනු ලැබීය. දිවුරුම් දීමෙන් අනතුරුව ඔහු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උණුසුම් සුබ පැතුම් මධ්‍යයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ අසුනක අසුන් ගත්තේය.

Read More

පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, සියයට 50කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල ලේකම්වරුන්ට අදාළ දැනුම්දීම සිදුකරන බවය. මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵල ඊයේ (07) දිනයේ නිකුත් වූ අතර එහිදී පළාත් පාලන ආයතන රැසක බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්වුණි. සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම් කිහිපයකට ද තවත් පළාත් පාලන ආයතනවල බලය හිමිව තිබේ. කෙසේවෙතත් බොහෝ පළාත් පාලන ආයතනවල සියයට 50කට…

Read More

වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 3 වනදා මිටියාගොඩ, තඹහිටිය ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරු පැදි දෙකකින් පැමිණි පුද්ගලයන් විසින් වෙඩි තබා සිදුකළ ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මීටියාගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ සෝදිසි කිරීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 27,40 හා 44 වයස්වල පසුවන මීටියාගොඩ හා කහව ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. මීටියාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළැඹෙන සතිය තුළ ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ ජුනි, ජුලි මාසය තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම් අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවය. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව එකී යෝජනා අධ්‍යයනය කර සති 03ත් 6ත් අතර කාලය තුළ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. එම කාලය තුළ අදාළ යෝජනා සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම ද සිදුවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස ඉල්ලීමක් කර ඇති…

Read More

මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය පසුගිය (06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය කරන්නට ජාතික ජනබල වේගය සමත් වී තිබේ. මෙවර පළාත් පාලන මැතිවරණයේදී වීරකැටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මැදමුලන ඡන්ද කොට්ඨාශයෙන් ඡන්ද 1 ,115 ක් ලබා ගැනීමට ජාතික ජනබලවේගයට හැකි වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද 768 ක් පමණි. දීර්ඝ කාලයක් තිස්සේ මැදමුලනේ දේශපාලන බලය හිමිව තිබුණේ රාජපක්ෂ වරුන්ට වුවද මෙවර මැතිවරණයේදී එම බලය රාජපක්ෂ වරුන්ගෙන් ගිලිහී ගොස් තිබේ.

Read More

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය. කොළඹ නගර සභාවේ මන්ත්‍රී දුර 48ක් රජයට හිමිව තිබියදී විපක්ෂයට මන්ත්‍රීධුර 60කට අධිකක ප්‍රමාණයක් හිමිව ඇති බවත් විපක්ෂය සියලු දෙනාා ඒකාබද්ධ කරගනිමින් සමගි ජන බලවේගයේ නගරාධිපතිවරයෙක් සමග කොළඹ නගර සභාව පිහිටුවන බවත් මහලේකම්වරයා සඳහන් කළේය. කෙළඹ නගර සභාව මෙන්ම විපක්ෂයට වැඩි බලය හිමි පළාත් පාලන ආයතන පිහිටුවා නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් පත්කිරීමට කටයුතු කරන බවද කොළඹ ඊයේ (7) පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය. රජය බලයට පත්ව මාස පහක් ගිය තැන ජනතාව ප්‍රතික්ෂේප කර ඇති බව මෙම මැතිවරණ ප්‍රතිඵල තුළින්…

Read More

පාර්ලිමේන්තුව අද (8) සහ හෙට (9) රැස්වීමට නියමිතය. රේගු ආඥා පනතේ (235 අධිකාරිය වූ) “අ” උපලේඛනයේ විධිවිධාන යටතේ ආනයන තීරුබදු සම්බන්ධයෙන් 2025.04.09 දින ඉදිරිපත් කරන ලද අංක 2421/05 දරන 2025.01.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයට අදාළ යෝජනා සම්මතය අද (8) පෙරවරැ 11.30 සිට පස්වරු 5 දක්වා විවාදයට ගැනීමට තීරණය කර ඇත. එසේම මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික යෝජනා 6ක් හෙට (9) පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා විවාද කිරීම සඳහා කාලය වෙන් කර ඇත මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන්, හිටපු රාජ්‍ය නායකයින් හා එම වැන්දඹුවන් භුක්ති විදින වරප්‍රසාද සුදුසු පරිදි…

Read More

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි. ඊයේ සවස පහට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.

Read More