Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසර පහේ රුපියල් රුපියල් කෝටි 3800 ක පමණ පාඩුවක් ලබා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මත්තල ගුවන්තොටුපළ රුපියල් කෝටි 3600ක පමණ වියදමින් ඉදිකර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි. සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය. මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමද රජයේ අපේක්ෂාවයි. මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ කළමනාකරණය සහ…
සරුංගලයක් සෑදිම සඳහා ලී කපා ගැනිමට කැලයට ගිය පාසල් සිසුවකු අත් බෝම්බයක් අහුලාගෙන නිවසට ගෙනැවිත් තිබියදී සොයාගෙන එය නිශ්ක්‍රිය කිරිමට කටයුතු කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. අම්බලන්ගොඩ දේවගොඩ පදිංචි 08වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවකු සරුංගලයක් සෑදිම සඳහා කෝටු කපාගෙන ඒමට නිවස පිටුපස කැලයට ගිය අවස්ථාවේ මෙම බෝම්බය දැක නිවසට ගෙනැවිත් ඇත. මේ අතර සිසුවාගේ මාමා අද දහවල් එම නිවසට පැමිණි අවස්ථාවේ ළමයා බෝම්බයක් අතේ තබාගෙන සිටිනු දැක බියට පත්ව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායට දැනුම් දි තිබේ. පසුව පොලිසිය පැමිණ පරික්ෂා කර බැලිමේදි අනාවරණයවි ඇත්තේ මෙය යුද හමුදා නිලධාරින් විසින් පාවිච්චි කරනු ලබන බෝම්බයක් බවටය.
සීදූව රාජපක්ෂ මාවත ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රී යතුරුපැදියකින් පැමිනි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් කළ වෙඩි තැබීමකින් විශ්‍රාමික යුද හමුදා සෙබළකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසිය. විශ්‍රමික යුද හමුදා සෙබළාට සැකකරුවන් වෙඩි ප්‍රහාර තුනක් පමණ එල්ල කර පලාගොස් තිබූ බව පොලිසිය පවසයි. එම වෙඩි ප්‍රහාරයෙන් එම පුද්ගලයාගේ මුඛය සහ පාදවලට තුවාල සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇත. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර තුවාල ලැබූ විශ්‍රාමික යුද…
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සහ ඇගේ හිතවතුන් මත් ජාවාරමෙන් ඉපැයූ මුදල්වලින් මිලදී ගත් බවට සැකකරන රුපියල් හාර කෝටියකට අධික වටිනාකමින් දේපළ මුදල් විශුද්ධ කරන පනත අනුව තහනමට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. මෙම දේපොළවට හිමිකම් කියන හික්කඩුවේ නාලගස්දෙණියේ පදිංචි සැකකාර කාන්තාව මේ වනවිට හොරයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එම සැකකාරිය සහ සමීපතමින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් නිවාස ඉඩම් සහ යානවාහන මිලදීගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.. ඒ අනුව සුදු වැල්ල ප්‍රදේශයේ පිහිටි රුපියල් ලක්ෂ 240 ක් වටිනා දෙමහල් නිවස එම ඉඩමට යාබද පර්චස් 12.72 ඉඩම, කළුපේ ප්‍රදේශයේ පිහිටි…
පොලිස් නිලධාරීන් යැයි පවසා නිවසක සිටි සහෝදරයන් දෙදෙනකුට අත් විලංගු දමා ජීප් රථයකින් පැහැරගෙන ගොස් එක අයකු දණගස්වා වෙඩි තබා අනෙක් අයට තුවාල සිදුකර ජීප් රථයෙන් පලා යාමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය කියයි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 ක් සහ ජංගම දුරකථන දෙකක් සමඟ කිරිබත්ගොඩ ප්‍රදේශයේදීය පොලිස් විශේෂ කාර්ය බලකා මෙහෙයුම් ඒකකයට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි අත්අඩංගුවට ගත් එම සැකකරු ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින තනූජ සම්පත් නොහොත් හෝමාගම හඳයා නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු බව පොලිසිය කියයි
කාන්තාවන්ට සාපේක්‍ෂව පිරිමි ජනගහනය පැහැදිළි අඩුවක් දක්නට ඇතැයි ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි. මේ හේතුවෙන් ශ‍්‍රම බලකායට මෙන්ම සමාජ ප‍්‍රගමනයට එය බාධාවක් වී දිළිඳු ග‍්‍රාමීය කාන්තාවන්ට විවාහයන් පවා අහිමිවිය හැකි බව අමින්ද මහතා පැවැසීය. සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අමින්ද මහතා මෙසේද පැවසීය. 1995 වසරේදී කාන්තාවන් සිය දෙනකුට පිරිමින් 100.2ක් බවට තොරතුරු තිබුණත් 2024 වසරේදී එය කාන්තාවන් සියයකට පිරිමින් 93.7ක් බවට අඩු වෙලා. කාන්තාවන්ගේ උපත් වැඩිවී තිබෙනවා. එහෙම වෙන්නෙ කාන්තාවන්ගේ ආයු අපේක්‍ෂාව වැඩියි. තරුණ පිරිමින් විදෙස්ගතවන ප‍්‍රවණතාව දිනෙන් දින වැඩි වෙලා. දරුවන් ලැබීමේ සාපල්‍යතාවය අඩුවෙලා. එ උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්. අද විශ්ව විද්‍යාලයක…
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව පළාතේත් නුවරඑළිය, මහනුවර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි. වයඹ සහ උතුරු පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, මධ්‍යම, දකුණු සහ සබරගමුව, පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 55-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය.
ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොට සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව යළි කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කළේය. මෙම නඩුව අද (21) කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විනිසුරුවරයා නියම කළේ, අදාළ නඩුව විභාගය සඳහා නොවැම්බර් මස 21 වනදා යළි කැඳවන ලෙසය. ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස්කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකු වන බ්‍රයන් ෂැඩික් නමැත්තාට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව…
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනට එරෙහිව විනය පියවර ගැනීම සාධනීය පියවරක් ලෙස ශ්‍රී ලංකා කතෝලික සභාව සැලකුවද, අවශ්‍ය වන්නේ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ ප්‍රකාරව අපරාධ නඩු පැවරීම බව ශ්‍රී ලංකා කතෝලික සභාව පවසයි. කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණි පියතුමන් මේ අදහස් පළ කළේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. 2019 අප්‍රෙල් 21 වැනිදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයර්ධන මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් නෙරපීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගියදා තීරණය කර තිබුණි. ඒ ශ්‍රෙෂ්ඨාධිකරණ නියෝග ප්‍රකාරව ඔහුට එරෙහිව සිදු කරනු ලැබු විනය…
තද සුළං පිළිබඳ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනය කර තිබේ. ඒ අනුව හලාවත සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වේ. එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විසින් විට පැ.කි.මී 60 – 70 දක්වා ඉහළ යා හැකි අතර මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකිය. පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.5 – 3ත් අතර විය හැකිය. මේ හේතුවෙන් එම ප්‍රදේශ හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාව පවතී.…
