Author: LANKA24X7

නාඳුනන වෙඩික්කරුවකු එල්ල කළ වෙඩි ප්‍රහරයකින් මාරවිල මරද ප්‍රදේශයෙ පදිංචි කාන්තාවක මියගොස් ඇගේ දරුවා තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුළත් කර ඇතැැැ යි මාරවිල මුලස්ථාන පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ වසන්ති චතුරානි නැමති කාන්තාවකි. මෙලෙස මරණයට පත්ව ඇත්තේ මාරවිල මරද ප්‍රදේශයෙ හෙරෝයින් අලේවි කිරීමේ ජාවාරම පවත්වාගෙන යන කුඩු මාලි නැමති කාන්තාවගේ වැඩිමහල් දියණිය බව කියයි. කුඩු මාලි නැමති මෙම කාන්තාවට දියණියන් තිදෙනෙකු ඇති බවත් එම සියලු දෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම තදින් කරගෙන යමින් මරද ප්‍රදේශයට බරපතල තර්ජනයක් ව තිබු බව පොලිසිය. ඝාතනයට ලක් වූ කාන්තාව මත්දව්‍ය සම්බන්දයෙන් අවස්ථා කිපයකදී බන්ධනාගාර ගත වූ කාන්තාවක බව පොලිසිය කියයි.

Read More

පදියතලාව මරංගල ප්‍රදේශයේ දි තරුණයකු සහ තරුණියක ගෙළ කපාගෙන මියගොස් ඇතැයි පොලිසිය කියයි. සිය පෙම්වතා පෙම්වතියගේ ගෙළ කපා ඔහුගේද ගෙල කපා ගෙන ඇති බවට තොරතුරු ලැබි ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

Read More

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 55-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇති වේ.

Read More

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ශාන් යහම්පත් ගුණරත්න නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.

Read More

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 11ක පමණ හිඟ බදු මුදලක් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් 50,000ක මුදලක් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ,ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන සැකකරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විමර්ශනවලට සහාය ලබා දිය යුතු බවටත් සැකකරුට නියෝග කළේය. පැමිණිල්ල…

Read More

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව අල්ලස් කොමිසම අද (22) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා රොහාන් ප්‍රේමරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා මේ බව දැනුම් දුන්නේය. ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා පෙත්සම්කාර ප්‍රේමරත්න මහතාගේ නීතිඥවරයාට දැනුම් දුන්නේ, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අල්ලස් කොමිසම හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන ලෙසය. මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ පවසා ඇත්තේ,…

Read More

පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීම සඳහා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කළ පාර්ලිමේන්තු පරීක්‍ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. එම කමිටු වාර්තාවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි විෂමාචාර චෝදනාවලට වරදකරු කර ඇතැයිද කතානායකවරයා සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විසමාචාර චෝදනා විමර්ශන කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරමිනි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම පාර්ලිමේන්තු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කළහ.

Read More

ටී 56 ගිනිඅවියක් සමග පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) සවස අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය. එහිදී ඔහු සන්තකයේ තිබී ටී 56 ගිනිඅවියක්, එම පතරොම් 30ක් සහිත පතරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 560ක් ද සොයා ගෙන තිබේ. අදාළ සැකකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට පත්ව ඇත. කෙසේවෙතත් අප වාර්තාකරු පැවසුවේ අදාළ පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන අතර, ඔහුව පසුව හමුදාව විසින් පුනරුත්ථාපනය කර ඇති බවය. සැකකරු අවුරුදු 30ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු යම් අපරාධයක් සිදුකිරීමට මෙලෙස ගිනිඅවියක් සමඟ පැමිණ ඇතැයි…

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත. ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(23) බදාදා රැස්වීමට නියමිතය. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වැනිදා විශ්‍රාම ලබන්නීය. ඇය ලබන 25 සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය සමුගැනීමේ කතාව කිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කලක් කටයුතු කළේය. මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළේද සූරසේන මහතාය. හෙතෙම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ…

Read More