Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
‘‘කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු‘‘ ආදර්ශ පාථය කරගත් සමබුදු තෙමගුල රාජ්‍ය උත්සවය අද සිට වැනි 16 වැනි දින දක්වා නුවරඑළිය ඛේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදන් කරමින් පවතී. වෙහෙර විහාරස්ථාන, මාර්ග ගම්මාන සරසමින් සියලු දෙනා සම්බුදු තෙමගුල සැමරීමට සූදානම් වන අයුර එහි සංචාරය කළ අපට දැක ගත හැකියි. රාජ්‍ය වෙසක් උත්සවය සදහා දිවා රාත්‍රි කටයුතු කරනු ලබන පිරිස් වෙත සංග්‍රහ කිරීමට සහයෝගයක් ලෙස ලක්ෂ දෙකකට ආසන්න වටිනා කමින් යුක්ත වියලි ආහාර නුවරඑළිය ඒකාබද්ධ වෙළඳ සංගමය නුවරඑළිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී නුවරඑළිය ප්‍රාදේශය සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛනාධිකාරි කිරිඔරුවේ ධීරානන්ද ස්වාමීන් වහන්සේ වෙත භාර දෙන ලදි. මේ සඳහා…
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල,මාතර සහ රත්තනපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තරමක තද සුළං ද ඇති විය හැකියි.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි. ඉල්ලීම් අනුව පක්ෂ නායකත්වය විසින් මෙම පත්කිරීම කරනු ලැබ ඇත
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමටත්, රේස් බුකී, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබිය යුතු බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වු 2025 වර්ෂයේ මැයි මස 10 සිට 16 දින දක්වා වෙසක් සතිය වශයෙන් අමප/25/0659/822/015 හා 2025.04.28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව 2025.04.29 දිනැති ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 4/2025 වශයෙන් අදාල චක්‍රලේඛය නිකුත් කර ඇත.
රුසියානු තානාපති කාර්යාලය අසල සැක කටයුතු ලෙස ලැප්ටොප් පරිගණකයක් තබා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ජර්මන් ජාතික තරුණියක් කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර තරුණියගෙන් පැය 05කට අධික කාලයක් භාෂා පරිවර්තකයෙකු මාර්ගයෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ලැප්ටොප් පරිගණකයේ මුර පදය තරුණිය විසින් පොලීසියට ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද වාර්තා වෙයි. සැකකාර තරුණිය චීනයට පළායෑමේ උත්සහයක් සම්බන්ධයෙන්ද පොලීසිය කරුණු අනාවරණය කරගෙන තිබුණි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවීමට එහි තරග සංවිධායකයින් තීරණය කර තිබේ. ඉන්දියාව සහ පාකිස්තාන දේශසීමා ආසන්නයේ ඇතිවී තිබෙන යුද උණුසුම මධ්‍යයේ මෙම තීරණය ගෙන ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේය.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. දැඩි ලෙස හානි වූ හෝ ගෙවී ගිය දණහිස් සන්ධියක් ප්‍රතිස්ථාපනය කිරීමෙන් සංචලතාව වැඩි දියුණු කිරීමට භාවිත කරනු ලබන, රෝගියාට අනුව ඉහළ නම්‍යතාවකින් යුතු දණ හිස් වර්ගයේ සම්පුර්ණ දණ හිස් ප්‍රතිස්ථාපන පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා ඇත. ඒ සඳහා එක් ලංසුවක් පමණක් ඉදිරිපත් වී තිබේ. ඉදිරිපත් කර තිබූ මිල ගණන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, ලංසු මිලෙන් 2% ක වට්ටමක් ලබා දීමට ලංසුකරු වන M/s Zimmer Pte…
අද (09) උදෑසන හදිසි ගොඩබෑමකදී මාදුරුඔය ජලාශයට කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 6 දෙනෙකු මියගොස් තිබේ. අදාළ හෙලිකොප්ටර් යානය මාදුරුඔය ජලාශයට කඩාවැටීමෙන් අනතුරු එහි ගමන්ගත් සියලුදෙනා බේරාගෙන රෝහල්ගත කර තිබුණි. එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බව ගුවන් හමුදා ආරංචිමාර්ග කියයි . ගුවන් හමුදාවේ විසිරයාමේ උත්සවයක පැරෂුට් සෙබළුන් රැගෙන යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි වාර්තා වේ. යානය අනතුරට පත්වන විට එහි 12 දෙනකු සිට ඇති අතර ඔවුන්ගෙන් 04 දෙනකු රෝහල්ගත කර ඇතැයි තවුරු නොවු පුවත් වාර්තා කරයි .
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසියය පවසයි. මෙම බිළිඳා අප්‍රාණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර ඇතිබව පොලිසිය පවසයි. දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කිරීමට නියමිතව තිබුණි. එම මරණය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
