Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සිනමා නිළි සේමිනි ඉද්ද මල්ගොඩ මහත්මිය අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි. මූල්‍ය වංචා රැසක් හේතුවෙන් දිවයිනේ විවිධ අධිකරණ මගින් සිදුකර තිබූ වරෙන්තු හතක් මුල්කරගනිමින් සැකකාරිය පොලිසියට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. සැකකරු සන්තකයේ තිබූ විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 වර්ගේ ගිනි අවියද්ද පොලිස් භාරයට ගෙන ඇත. ගල්කිස්ස පන්සල පාරේ පදිංචි සැකකාර පුද්ගලයා අසල්වාසී පුද්ගලයකු සමඟ ඇති කරගත් පුද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුකර බියගන්වා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි පුද්ගලයෙකි.
කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 13 දෙනෙකු මිය ගොස් ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය. එම 13 දෙනාගේ සිරුරු මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, අනතුරින් මිය ගිය තවත් කිහිප දෙනෙකුගේ සිරුරු බස් රථයට යට වී ඇති බවත්, එම සිරුරු ගොඩ ගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක් නිරත වෙමින් පවති. බස් රථය (11) දින අළුයම 4:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, ධාවනය වෙමින් තිබූ බස් රථය තුළ මගීන් 75 දෙනෙකු පමණ…
වෙළඳපොලේ බිත්තර මිල පහළ ගොස් තිබෙන බව පාරිභෝකයින් පවසනවා. ඒ අනූව රු.20 සිට රු.24 දක්වා මිල ගණන් කිහිපයකට බොහෝ ප්‍රදේශවල බිත්තර අලෙවි කෙරෙන බවයි පැවසෙන්නේ. කෙසේ වෙතත් අලුත් අවුරුදු උත්සව සමයේ අධික මිල ගණන්වලට බිත්තර අලෙවි කෙරුණත් පසුගිය දිනවල එම මිල රු 26 සහ 28 වැනි මිලක පැවතියා. මේ අනූව බිත්තර මිල කලකට පසුව මෙතරම් පහළ ගොස් තිබෙන බවයි වෙළඳපොල ආරංචි මාර්ග පවසන්නේ.
රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වන විට එම අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 08 දක්වා ඉහළ ගොස් ඇත. අනතුරින් පිරිමි පුද්ගලයින් 05 දෙනෙක් සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කොත්මලේ පොලීසිය පැවසීය. බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයිද ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇතැයිද වාර්තා වේ. අනතුරින් මියගොස් ඇති පුද්ගලයින් 08 දෙනාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය. යුරෝපා අභ්‍යවකාශ ආයතනයට අනුව, ‘කොස්මොස් 482’ නමැති මෙම රොබෝ ගවේෂණ යානය කඩා වැටෙනු ඇතැයි අනුමාන කර ඇත්තේ ඉන්දුනීසියාවට ඔබ්බෙන් ඉන්දීය සාගරයටය. සෝවියට් රුසියාව, ‘කොස්මොස් 482’ නමැති මෙම රොබෝ ගවේෂණ යානය 1972 මාර්තු මාසයේ දී සිකුරු වෙත යැවීමට උත්සාහ ගත් නමුත් එය අසාර්ථක විය. යානය පෘථිවියට ඉහළින් අක්‍රිය වී පාවෙමින් තිබුණු අතර, පසුව එය කෙමෙන් කෙමෙන් පෘථිවියට ඇදී ආවේය. පසුය එය පෘථිවි වායුගෝලයට ඇතුළු වී ඉන්දීය සාගරයට පතිත වනු ඇති බව විද්‍යාඥයෝ පැහැදිලි කළහ. සෝවියට් විද්‍යාඥයන් ‘කොස්මොස් 482’ නිර්මාණය කර ඇත්තේ සිකුරුගේ වායුගෝලයේ අධික තාපයට ඔරොත්තු…
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ “වන්දනම්” ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිතා භික්ෂු සංවිධනයේ දූත පිරිසක් දින 10 ක සංචාරයක් සදහා මෙරටට පැමිණියහ . ඉන්දුනීසියාවේ ප්‍රධාන බෞද්ධ භික්ෂුන් වහන්සේලා සිව් නමක් සමග එරට ථේරවාදී බෞද්ධ වනිතාවන් 58 දෙනකු ද මෙම පිරිසට අයත් වූහ . ඔවුන් මේ වෙසක් සමයේ කොළඹ , මහනුවර , අනුරාධපුර , සීගිරිය , හබරණ , දඹුල්ල සහ පින්නවල ප්‍රදේශ වල ඇති වෙසක් උත්සව වලට සහභාගී වී නැරඹීමට නියමිතය .
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. බස්නාහිර පළාතෙත් පුත්තලම, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි දීමනාව කපාහැරීමට වරාය අධිකාරියේ පරිපාලනය කටයුතු කිරීම නිසා එහි සේවකයෝ පෙරේදා රාත්‍රී පැය 4 කට ආසන්න කාලයක් වැඩ වර්ජනයකට නිරත වූහ. එම පර්යන්තවල සේවකයෝ ඊයේ රාත්‍රී 8.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා වර්ජනයේ නිරත වූ බවත් ඒ හේතුවෙන් අවම වශයෙන් වරාය අධිකාරියට රුපියල් කෝටි 30 ක පමණ අලාභයක් සිදුවන්නට ඇති බවත් වරාය අධිකාරිය උසස් නිලධාරියෙක් පැවසීය. වරාය අධිකාරී පරිපාලනය එම සේවකයන්ගේ නිවාඩු දින අතිකාල දීමනාව පැවති ක්‍රමයටම ලබාදෙන බවට නැවතත් ලිපියක් නිකුත් කිරීමෙන් පසු ඊයේ (10) අලුයම…
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත සිරකරුවන් 388කට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් විශේෂ රාජ්‍ය සමාවක් ප්‍රදානය කර ඇත. ඒ අනුව පහත සදහන් පරිදි නියමයන් හා කොන්දේසි යටතේ මෙම විශේෂ රාජ්‍ය සමාව සිරකරුවන් හට ප්‍රදානය කර ඇත. •බන්ධනාගාරගතව දඩුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවන ලද වසරකට හෝ ඉන් කොටසකට සති 01 ක සමාවක් •දඩ මුදල් නොගෙවීම නිසා බන්ධනාගාරගතව සිර දඬුවම් විදිමින් සිටින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහෝසි කිරීම. • සිර දඬුවමෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති, වයස අවුරුදු 65 ඉක්මවා ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරීම. මෙම විශේෂ රාජ්‍ය සමාව යටතේ…
