Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මහනුවර යාපනය A9 මාර්ගයේ කොඩිකාමම් පොලිස් වසමේ දී ටිපර් රථයක් හා යතුරුපැදියක් ගැටී සිදු වූ රිය අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (10) රාත්‍රී 7ට පමණ ආසපුල්ලේ ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. මෙහිදී මාර්ගය අයිනේ නවතා තිබූ යතුරුපැදියක් මත එහි පැදිකරු සිටි අවස්ථාවේදී, යාපනය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ ටිපර් රථය ගැටී තිබේ. ටිපර් රථ රියදුරු යතුරුපැදියේ සිය රථය ගැටීම වැළැක්වීමට තිරිංග ක්‍රියාත්මක කරන අවස්ථාවේ, ඊට පිටුපසින් එම දිශාවටම පැමිණි කූලරය සහිත ලොරි රථයක් ටිපර් රථයේ පිටුපස ගැටී ඇත. ඒ හේතුවෙන් ටිපර් රථය ගොස් නවතා තිබූ යතුරුපැදියේ ගැටී ඇති අතර, කූලරය සහිත ලොර් රථය ද ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි…
අද (10) පැවැති 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එළැඹෙන සැප්තැම්බර් 20ට පෙර නිකුත්කිරීමට හැකිවනු ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය පැවසීය.
ගාල්ල ධීවර වරායේ භාවිතයට නොගන්නා ධීවර යාත්‍රා කිහිපයක ගින්නක් හටගෙන තිබේ. ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය, නාවික හමුදාව, ගාල්ල දිස්ත්‍රික් අපදා ඒකකයේ නිලධාරීන් සහ ධීවර ප්‍රජාව එක්ම මේවන විට ගින්න මැඩ පවත්වා ඇත. මේ වන විට ධීවර යාත්‍රා 4ක් මෙම ගින්නට හසුව විනාශ වී තිබේ.
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතාගේ පෞද්ගලික ලේකම් බව පවසා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට මහරගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථන ඇමතුම් දුන් බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදිවෙල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. මහරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සැකකරුගේ මස්සිනා බව පොලිසිය කියයි. මෙම සැකකරු මීට වසර පහකට පමණ පෙර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස පෙනී සිටිමින් පොලිසියට දුරකථන ඇමතුම් ලබාදීම හේතුවෙන් අත්අඩංගුවට පත් වී තිබූ බවත් සැකකරු විසින් අලුත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයාට ද දුරකථනයෙන් බලපෑම් කර තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. හෙරොයින්…
විල්පත්තුව ජාතික වන උද්‍යාන මායිමේ අරුවක්කාඩුව අධි සංවේදි පරිසර පද්ධතිය තුළ නිසි අවසරයකින් තොරව ඉල්මනයිට් සේදීමේ කටයුතු පවත්වාගෙන ගිය ස්ථානයක් වටලා රුපියල් කෝටි 200 කට අධික යන්ත්‍ර සුත්‍ර ඇතුළු දෑ තම තම භාරයට ගත් බව වලාන මධ්‍යම ප්‍රහාරක බලකාය කියයි. වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත විජේසුරීය මහතාගේ අධික්ෂණය යටතේ වළාන මධ්‍යම ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ පොලිස් අධීකාරී කේ.ඒ.උදය කුමාර මහතාගේ මෙහෙය විමේන් එම ඒකකයේ ස්ථානාධිපති ඉන්දික විරසිංහ මහතා සමග පොලිස් පරික්ෂක ජනිත ඇතුළු නිළධාරීන් විසින් මෙම වැටලම කර ඇත. දැවැන්ත පරිසර පද්ධතියක් වනසමින් මෙම ස්ථානය පසුගිය රජයෙ ප්‍රබල දේශපාලඥයින්ගේ හා විෂය භාර ඇමතිවරයකුගේ රැකවර්ණය මැද කර ගෙන ගොස් තිබු බවත් එම පරිසර…
ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වතුකම්කරුවන් පදිංචි නිවාස අලුත්වැඩියා කිරිමේ කටයුතු ජාතික ජන බලවවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර ආරච්චි මහතා සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින ආරම්භ කෙරිණ. පළමු අදියර යටතේ හැටන් කලාපයේ නෝර්වුඩ් සහ වෙන්චර් යන වතුවල වතු කම්කරුවන් දැනට පදිංචි ඉතා අබලන් තත්වයේ පවතින නිවාසවල වහළවල් අලුත්වැඩියා කර සෙවිලි තහඩු ඇතිරිම සිදු කරන අතර, ඒ සදහා වතු පාලන අධිකරියේද සහයෝගය ලබා ගැනීමට නියමිතය. වසර ගණනාවක් අලුත්වැඩයා නොකරන ලද තම නිවාස අලුත්වැඩියා කිරිම සම්බන්ධයෙන් වත්මන් රජයට ස්තූතිය පල කරන බව පීඩාවට පත් වී සිටි වතු කම්කරුවෝ පවසති. පළමු අදියර යටතේ හැටන් සහ නුවරඑලිය කලාපයෙ…
හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇත. යෞවන සමාජ සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දැක්වීමට නියමිතය. ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියා ලෙස සැලකෙන රනිල් වික්‍රමසිංහ මහතා එහි මුල් කාලීන අරමුණු මෙන්ම තම පාලන සමයන්හිදී ජාතික තරුණ සේවා සභාවේ සහ යෞවන සමාජවල ව්‍යුහය සැකසුණු ආකාරය ගැන අදහස් දැක්වීමට නියමිත බව හිටපු ජනපති දේශපාලන කාර්යාලය සඳහන් කරයි.
සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල් බද්දර පත්මේ නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සමීපතමයකු වන තිරින සම්පත් අපුආරච්චි නොහොත් වලස්කටා නමැත්තා පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය කියයි. සැකකරු මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝලේ ප්‍රතිකාර ලබන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය අසනීප තත්වයක් හේතුවෙන් ලබා ගන්නා ලද ඖෂධ ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී සැකකරු නිලධාරියා තල්ලු කර පාලන අංශයේ කාමරයේ ජනේලයෙන් බිමට පැන පලායාමට තැත් කර තිබූ බව පොලිසිය කියයි
බස්නාහිර සහ සබරගමුව පළාත්වල නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු පළාතෙත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්කුව කියයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කොළඹ වරායේ සි අයි සි ටි බහලුම් අංගනයෙන් ගබඩා කර තිබූ බහලුමක් ප්‍රයිමුවර් රථයක් මතට කඩා වැටීමෙන් එහි රියදුරු බරපතල තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කොළඹ වරාය පොලිසිය කියයි. අනතුරින් මියගොස් ඇත්තේ ලෙනගල , තුරු ලියඋයන පදිංචිව සිටි දේව පක්ෂලාගේ ලක්මාල්ඉන්දික යන අයයි. සි අයි සි ටි බහලුම් අංගනයේ ගාල්කරකර තිබූ ෆ්‍රයිමෝ රථයකට බහලුමක් පැටවීම සඳහා රබර් වයර් ග්‍රැන්ටියක ආධාරයෙන් බහලුමක් රැගෙන ඒමේදී එම බහලුම බහලුන් පහක් උඩ අසුරා තිබූ වෙනත් බහලුමක ගැටීමෙන් ප්‍රයිමුවර් කැබින් එක මතට වැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
