Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යාදෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 55-60ක පමණ තද සුළං ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තරමක තද සුළං ඇති වේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ ශාන් යහම්පත් ගුණරත්න නමැත්තා ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය. ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය. අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් ලක්ෂ 11ක පමණ හිඟ බදු මුදලක් ඉවත් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා රුපියල් 50,000ක මුදලක් ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කොළඹ,ජාවත්ත පාරේ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු වන සැකකරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා විමර්ශනවලට සහාය ලබා දිය යුතු බවටත් සැකකරුට නියෝග කළේය. පැමිණිල්ල…
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව අල්ලස් කොමිසම අද (22) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා රොහාන් ප්‍රේමරත්න මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා මේ බව දැනුම් දුන්නේය. ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා පෙත්සම්කාර ප්‍රේමරත්න මහතාගේ නීතිඥවරයාට දැනුම් දුන්නේ, හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අල්ලස් කොමිසම හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන ලෙසය. මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ පවසා ඇත්තේ,…
පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීම සඳහා ඔහුට එරෙහි චෝදනා විමර්ශන කළ පාර්ලිමේන්තු පරීක්‍ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. එම කමිටු වාර්තාවෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි විෂමාචාර චෝදනාවලට වරදකරු කර ඇතැයිද කතානායකවරයා සඳහන් කළේය. ඔහු මෙසේ පැවසුවේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි විසමාචාර චෝදනා විමර්ශන කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව ඉදිරිපත් කරමිනි. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම පාර්ලිමේන්තු කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති හිටපු විනිසුරු ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කළහ.
ටී 56 ගිනිඅවියක් සමග පුද්ගලයෙක් පෑලියගොඩ ප්‍රදේශයේ දී කිරිබත්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (21) සවස අදාළ පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීය. එහිදී ඔහු සන්තකයේ තිබී ටී 56 ගිනිඅවියක්, එම පතරොම් 30ක් සහිත පතරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 560ක් ද සොයා ගෙන තිබේ. අදාළ සැකකරු ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී එලෙස අත්අඩංගුවට පත්ව ඇත. කෙසේවෙතත් අප වාර්තාකරු පැවසුවේ අදාළ පුද්ගලයා හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන අතර, ඔහුව පසුව හමුදාව විසින් පුනරුත්ථාපනය කර ඇති බවය. සැකකරු අවුරුදු 30ක් වන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු යම් අපරාධයක් සිදුකිරීමට මෙලෙස ගිනිඅවියක් සමඟ පැමිණ ඇතැයි…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර ඇත. ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය සම්බන්ධයෙන් අවසාන තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට(23) බදාදා රැස්වීමට නියමිතය. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය ලබන 27 වැනිදා විශ්‍රාම ලබන්නීය. ඇය ලබන 25 සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය සමුගැනීමේ කතාව කිරීමට නියමිතය. ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයකු වන ප්‍රීති පද්මන් සූරසේන මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙසද කලක් කටයුතු කළේය. මෙරට ප්‍රධාන පෙළේ නම ගිය නඩු කටයුතු රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කළේද සූරසේන මහතාය. හෙතෙම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන පාර්ලිමේන්තු ත්‍රිපුද්ගල කමිටුවේ…
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පසුගිය වසර පහේ රුපියල් රුපියල් කෝටි 3800 ක පමණ පාඩුවක් ලබා ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මත්තල ගුවන්තොටුපළ රුපියල් කෝටි 3600ක පමණ වියදමින් ඉදිකර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසන්නේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ගුවන් යානා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවයි. සුදුසු විදේශීය හවුල්කරුවෙකු සමඟ එක්ව මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කිරීමට රජය බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය. මත්තල ගුවන්තොටුපළ ලාභ ලබන ආයතනයක් බවට පත්කර ගැනීමද රජයේ අපේක්ෂාවයි. මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ කළමනාකරණය සහ…
සරුංගලයක් සෑදිම සඳහා ලී කපා ගැනිමට කැලයට ගිය පාසල් සිසුවකු අත් බෝම්බයක් අහුලාගෙන නිවසට ගෙනැවිත් තිබියදී සොයාගෙන එය නිශ්ක්‍රිය කිරිමට කටයුතු කළ බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි. අම්බලන්ගොඩ දේවගොඩ පදිංචි 08වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවකු සරුංගලයක් සෑදිම සඳහා කෝටු කපාගෙන ඒමට නිවස පිටුපස කැලයට ගිය අවස්ථාවේ මෙම බෝම්බය දැක නිවසට ගෙනැවිත් ඇත. මේ අතර සිසුවාගේ මාමා අද දහවල් එම නිවසට පැමිණි අවස්ථාවේ ළමයා බෝම්බයක් අතේ තබාගෙන සිටිනු දැක බියට පත්ව පොලිසිය සහ විශේෂ කාර්ය බලකායට දැනුම් දි තිබේ. පසුව පොලිසිය පැමිණ පරික්ෂා කර බැලිමේදි අනාවරණයවි ඇත්තේ මෙය යුද හමුදා නිලධාරින් විසින් පාවිච්චි කරනු ලබන බෝම්බයක් බවටය.
