Author: LANKA24X7

සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරයට තේරී පත්විය. පාර්ලිමේන්තුවේ ඊයේ 27 පැවති එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ පළමු රැස්වීමේදී මෙම තෝරා පත් කරගැනීම සිදුවිය. යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති ධුරය විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ලබාදීමට මීට පෙර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර එකඟත්වයක් ඇති විය. ඒ අනුව සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතාගේ නම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදුව පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් විතාන මහතා විසින් ස්ථිර කරනු ලැබීය.

Read More

කැලණියක් තොරණ හන්දිය දේශයේදී පුද්ගලයෙකුට පහර දී ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් ලක්‍ෂ අටක් වටිනා දේපළ කොල්ල කා පලා ගිය සැකකරුවන් දෙදෙනෙක් පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණියක් ගෝනවල ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පෑස්සුම් ශිල්පියෙකු සහ 58 හැවිරිදි පොල් කඩන්නෙකු බව පොලිසිය කියයි. කැලණිය තොරණ හන්දිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් පැමිණි සිව් දෙනකු විසින් මාර්ගය අසල සිටි පැමිණිලිකරුට පහරදී ත්‍රිරෝද රථයෙන් පැහැරගෙන ගොස් පවුම් දෙක හමාරක රන්මාලයක්, රුපියල් එක් ලක්ෂ පනස්දහසක් සහ ජංගම දුරකථනයක් කොල්ලකා පලා ගොස් ඇති බව පොලිසිය පවසයි. තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

දුම්රිය රියදුරන් 20 ක් පමණ සේවයට වාර්තා නොකිරීම පිළිබඳව විමර්ශණයක් පවත්වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. පසුගියදා මෙම රියදුරු පිරිස සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් දුම්රිය කීපයක් අවලංගු කිරීමට සිදු වූ බවත් ඒ මහතා සඳහන් කළේය. දුම්රිය ධාවනය සදහා රියදුරන් 430 ක් පමණ සිටිය යුතු නමුත් මේ වනවිට සිටින්නේ රියදුරන් 275 ක් පමණ බවත් පැවසූ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා දුම්රිය රියැදුරන් බදවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ලබන ජූලි මාසයේදී බදවා ගැනීමේ තරඟ විභාගය පැවැත්වීමට සැළසුම් කර ඇති බවද පැවසීය.

Read More

පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කළ බහාලූම් 323 හි තිබුනේ මොනවාදැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ රේගුවෙන් විමසීමක් කළත් ලැබුණේ යන්නේ කොහෙද? මල්ලෙ පොල් උත්තරයක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. ඇසූ ප්‍රශ්න වලට උත්තර දෙනවා වෙනුවට ඔවුන් ජනවාරි 29 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක පිටපතක් සහ ” ඔබ ඉල්ලා ඇති තොරතුරු ඇතුලත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව කාරුණිකව දන්වමි” යන සටහන පමණක් ඒවා තිබු බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය. ගම්මන්පිල මහතා මේ බව කීවේ කොළඹදී ඊයේ (27)පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. පරීක්ෂා නොකර පිටත් කළ බහාලුම් වලින් කීයක් රතු මාර්ගයේ යැවීමට නිර්දේශ කළාද? බහාලුම්…

Read More

විශේෂඥ වෛද්‍යවරු සහ වෛද්‍යවරු රට හැරයෑම යෑම වළක්වා රැකගැනීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කාලරාමුවක් සහිත නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් සමාජ ආර්ථික අර්බුදය හමුවේ වෛද්‍යවරු විදෙස් ගතවීමේ ගැටළුව සඳහා වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටු කළ යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ශ්‍රී ලාංකීය වෛද්‍යවරුන්ට විදේශ රටවල රැකියා අවස්ථා ලබාදීමේදී එම ක්‍රියාවලිය නැවත සමාලෝචනය කරමින් දෙන අවස්ථාවන් සීමා කිරීම පිළිබද සලකා බලන ලෙස ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික සමුළුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත් මෙවන් අර්ථයක් හැගවෙන ප්‍රකාශයක් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද කරමින් විදෙස් ගතවන වෛද්‍යවරු ගුවන් තොටුපොලේදී නවත්වන්නේ යැයි පැවසූ බව ද එම සංගමය…

Read More

පාසල වලදී දරුවන්ට මුහුණදීමට සිදුවන අපයෝජන වල ඉහළ යෑමක් වාර්තා වන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසීය. තව දුරටත් පාසල් දරුවන්ට එරෙහි හිංසනයන් සිදුකිරීමට ඉඩ නොතැබිය යුතු බව කී අග්‍රාමාත්‍යවරිය එවැනි සිදුවීමක් වාර්තා වූ වහාම විදුහල්පතිවරුන් විසින් අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බව සඳහන් කළාය. කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවම්වත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (27) පැවති වැඩසටහනේදී අග්‍රමාත්‍යවරිය මේ බව අවධාරණය කළාය.

Read More

ඓතිහාසික කන්දේගම දානිගල කඳු මුදුනේ පැය ගණනාවක් අතර මං වී සිටි පාසල් සිසුූන් සිව්දෙනකු, පැය තුනක පමණ මෙහෙයුමකින් පසු, නිරුපද්‍රිතව මුදවා ගැනීමට අරලගංවිල විශේෂ කාර්ය බළකාය, අරලගංවිල පොලිසිය හා දම්මින්න දෙවන අණදෙන රෙජිමේන්තුවේ සෙබළු පිරිසක් සමත් වූහ. මොවුන් 27 වෙනිදා උදෑසන දානිගල තරණය කර තිබෙන අතර, අතරමං වීමෙන් අනතුරුව ඔවුන් කෑකෝ ගසන හඩ කන්දේම ධනංජය රජමහා විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට ඇසී ඒ බව අරලගංවිල පොලිසිය දැනුවත්කොට තිබේ. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අරලගංවිල පොලිසිය, විශේෂ කාර්ය බළකාය සහ දම්මින්න යුද හමුදා කඳවුර එක්ව සිදුකල ඒකාබද්ධ මෙහෙයුමකින් පසු සිව්දෙනා සොයාගැනීමට හැකිවී තිබේ. පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය, නව නගරය ප්‍රදේශයේ පදිංචි 17 වන වියෙහි…

Read More

බදු මුදල් නොගෙවා පැහැර හරින පුද්ගලයන්ට අධිකරණය නියම කරන සිර දඬුවම එම බදු මුදල් තවදුරටත් නොගෙවා සිටීමට ආධාරකයක් නොවන බව දෙශීය ආදායම් කොමසාරිස්වරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය. දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා සඳහන් කර සිටියේ සිර දඬුවම් විඳී වගඋත්තරකරුවකුගෙන් යළි එම බදු අයකර ගැනීමට දේශීය ආදායම් කොමසාරිස් කාර්යාලය දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කරන බවය. රුපියල් ලක්ෂ 466 මුදලක් රජයට ගෙවීම පැහැර හැරියේ යැයි කියන ව්‍යාපාරිකයකු ,එම මුදල ආපසු රජයට ගෙවීමට තරම් වත්කමක් නොමැති බැවින්, අධිකරණය නියම කර ඇති මාස හයක ලිහිල් වැඩ සහිත සිර දඬුවම විඳින බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්…

Read More

මෙම වසරේ පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් වැඩිම අදායමක් උපයා ඇත්තේ ඇමෙරිකාවෙන් බවත් ඇමෙරිකාවෙන් පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් මිලියන 965.97 ක වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමක් උපයා තිබෙන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කළේය. එය පසුගිය වසරේ පළමු මාස හතර තුළ ඇමෙරිකාවෙන් උපයා ඇමෙරිකානු ඩොලර් මිලියන 894.94 වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමට සාපේක්ෂව සියයට 7.94 ක ඉහළ යාමක් බවද අපනයන සංවර්ධන මණ්ඩලය පැවැසුවේය. එසේම පසුගිය අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ඇමෙරිකාවෙන් ඉපැයූ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 190.38 ක් බවත් එය පසුගිය වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 3.82 ක ඉහළ යාමක් බවත් අපනයන…

Read More

ඇමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක වටිනාකමින් යුත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිම සඳහා වන ව්‍යාපෘතියකට එස්.එම්.අයි පොයින්ට් සමාගම සහ ආයෝජන මණ්ඩලය පසුගියදා ගිවිසුම් අත්සන් කළේය. මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය තට්ටු 34 කින් සමන්විත වන අතර එය සුඛෝපභෝගී මහල් නිවාස 102 කින් සමන්විතය. කොළඹ ඇල්ෆ්‍රඩ් හවුස් මාවතේ ඉදිවන මෙම සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණය පොයින්ටේ ලෙස නම් කර ඇත. එක් මහල් නිවාසයක් වර්ග අඩි 2000 කින් සමන්විත වන අතර සෑම මහල් නිවාසයක්ම නිදන කාමර තුනකින් යුක්තය. මහල් නිවාස සංකීර්ණයේ 33 වැනි මහල එක් අධි සුඛෝපභෝගී මහල් නිවාසයක් ලෙස නිර්මාණය වනු ඇති බවත් මෙම ව්‍යාපෘතියේ නිවාස මිලදී ගන්නන්ට අද්විතීය ජීවන අත්දැකීමක් විඳ…

Read More