Author: LANKA24X7

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අගුණකොළපැලැස්ස 175 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද 27 සවස 5.30 ට පමණ වෑන් රථයක ටයරයක් පුපුරා ගොස් මැද ආරක්ෂිත වැටේ ගැටී සිදුවූ අනතුරකින් වෑන් රියේ ගමන් ගත් කාන්තාවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය. අනතුරට පත් වෑන් රියේ ගමන් ගත් තවත් හතර දෙනෙකු තුවාල ලබා අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇතැයි පොලිසිය පැවසීය . ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම දෙනිපිටිය ,වරකාපිටිය ප්‍රදේශයේ පදිංචි ඥාණවතී සහ නිලූකා යන නම් වලින් හදුන්වන අවු 40 සහ 60 වයසේ පසුවන කාන්තාවන් දෙදෙනකු බවද පොලිසිය සඳහන් කරයි. අගුණකොළපැලැස්ස අධිවේගී මුරපොළේ පොලිස් නිළධාරින් විසින අනතුර ගැන…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට දැවැන්ත ආරක්‍ෂාවක් අවශ්‍ය බවත් ජනාධිපතිවරයා අවශ්‍ය නම් හෙලිකොප්ටරයෙනුත් පැමිණිය යුතු බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය. අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා මහනුවරදී පැවැති උත්සවයක් අමතමින් එසේ පැවසීය. මොකා මොන විවේචන කළත් ජනාධිපතිතුමාට දැවැන්ත ආරක්‍ෂාවක් අවශ්‍ය අතර කෙසේ වෙතත් අනුර සහෝදරයා එයට එච්චර කැමති නැති බවත් ඔහු කීය. ජනාධිපතිවරයා ඔහොම නොයායුතු යැයි පෞද්ගලික ස්ථාවරයේ තමන් සිටින බවත් ජනාධිපතිතුමාට මීට වඩා දැවැන්ත ආරක්‍ෂාවක් අවශ්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය. ජනාධිපතිතුමා එන තැනකට අනිවාර්යෙන්ම එන කණ්ඩායමක් සිටින අතර එය වැළැක්විය නොහැකි බව කී අමාත්‍යවරයා ඒවා පරණ ක්‍රමයටමයි කියා පෙන්නන්න ගියහොත් ඒවා…

Read More

පසුගිය වසරේ ජූනි මාසයට සාපේක්ෂව මෙම වසරේ ජූනි මාසයේදී මෙරට ඇඟලුම් අපනයනය සියයට 5.2 කින් වර්ධනය වී ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංසදය පසුගියදා ප්‍රකාශ කළේය. යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍යය වෙළෙඳපොළ තුළ සිදුවූ වර්ධනයන් ජූනි අපනයනයන් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන බවද ඒකාබද්ධ ඇඟලුම් සංසදය පැවැසුවේ. කෙසේ නමුත් බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගම් වෙළෙඳපොළවල් වෙත සිදුකළ අපනයන් ඉහළ යනවිට ඇමෙරිකාවට සිදුකළ අපනයනයන් පහළ ගොස් තිබෙන බවද එම සංසදය ප්‍රකාශ කළේය. ඒ අනුව යුරෝපා සංගමයට සිදුකළ ඇඟලුම් අපනයනයන් පසුගිය ජූනි මාසයේදී සියයට 23.1 කින් ඉහළ ගොස් තිබෙන බවත් බ්‍රිතාන්‍යයට සිදුකළ ඇඟලුම් අපනයනයන් සියයට 20.4 කින් ඉහළ ගොස් ඇති බවත් ඒකාබද්ධ ඇඟලුම් සංසදය පැවැසුවේය.…

Read More

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් මැතිවරණ සමයේ පෙන්වූ ආදරය ලබාදී ඔවුන්ව සවිබල ගන්වන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමකට ලක් වුවත් ඒ කාලයේ සිදුවිය යුතු ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොවීමත් පාස්කු ප්‍රහාරය, කොවිඩ් සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචක නිසා ඔවුන් අන්ත අසරණ තත්වයට පත්ව ඇතැයිද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය. රටේ ආර්ථික වර්ධනයට 50%කට වැඩි දායකත්වයක් ලබා දෙමින් ලක්ෂ ගණනාවකට රැකී රක්ෂා ලබා දෙන…

Read More

මිනුවන්ගොඩ වීදියවත්ත දොලාගත ප්‍රදේශයේ පිහිටි බාඳුරාවත්ත පාර කොන්ක්‍රීට් අතුරා සකස් කර පැය කිහිපයක් තුළදී කිසියම් පිරිසක් කොන්ක්‍රිට් විනාශ කර හානි සිදුකර ඇතැයි මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව (ජා:ජ:බ:)මහතා පවසයි . 2024 ප්‍රාදේශීය සභා ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 10 ක් වියදමින් මෙම මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කළ බවත් එදින රාත්‍රියේ දේශපාලන විරුද්ධවාදීන් බවට සැකකරන පිරිසක් මෙසේ මාර්ගයට හානි සිදුකර ඇති බවත් සභාපතිවරයා කියා සිටි . එහිදී කොන්ක්‍රීට් ඇතිරීම සඳහා මාර්ගය දෙපසින් සවිකර තිබූ ලෑලි සියල්ලමද එම කඩාකප්පල්කාරීන් විසින් ගලවා දමා ඇතැයිද සභාපතිවරයා පවසයි . මෙම මාර්ගයට හානි කිරීමට අදාළ පුද්ගලයන් හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන කිහිපයක් පරීක්ෂා කිරීමට…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.

Read More

බලය පවතින විට යෞවන සමාජ පිළිබඳව හෝ තාරුණ්‍ය පිළිබඳව අවධානය යොමු නොකළ විපක්ෂයේ කණ්ඩායම් දැන් තාරුණ්‍යයේ බලය දැක බෙහෙවින් කලබලයට පත් වී ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය. යූත් ක්ලබ් කොළඹ දිස්ත්‍රික් සම්මේලනය අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී මෙය පැවැත්විණි. මින් පෙර යෞවන සමාජ ව්‍යාපාරය වල අවස්ථා හිමි වූයේ දේශපාලකයන්ගේ දරුවන්ට පමණක් බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අද වන විට එය සමස්ත ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ තැන බවට පත් කිරීමට හැකි වී ඇති බව සඳහන් කළේය. ඒ අනුව විවිධ හැකියාවන්ගෙන් යුත් මෙරට සාමාන්‍ය තරුණ තරුණියන් විශාල පිරිසක් යූත් ක්ලබ් සමඟ සම්බන්ධ වී අද…

Read More

ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත් කළ බ්‍රිගේඩියර් එස්. ජෝසප් මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. මීට පෙර එම ධුරයේ රාජකාරි කළ කර්නල් නලීන් හේරත් මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව ඔහු මෙම ධුරයේ වැඩ භාර ගන්නා ලදි. ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු බළකායේ කීර්තිමත් නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ෆ්‍රෑන්ක්ලින් ජෝසප් සිය වෘත්තිය නිපුණත්වය, කැපී පෙනෙන නායකත්ව ගුණාංග සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැපවී ක්‍රියා කිරීම තුළින් දශක තුනකට අධික ආදර්ශමත් සේවාවක් කළ කීර්තිමත් යුද හමුදා නිලධාරියෙකුද වේ. ආරක්ෂක අමාත්‍යාංශයේ නව මාධ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස රාජකාරි භාර ගැනීමට පෙර ඔහු ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු…

Read More

දිඹුලපතන ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් ඇළට පෙරළීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරා තුවාල ලබා ඇත. දිඹුලපතන පොලීසිය පැවසුවේ අධික වේගයෙන් ධාවනය වී ඇති මෙම ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවය. කෙසේ වෙතත් අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

Read More

සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් දස දහසක් පොලිස් සේවයට අනුයුක්ත කිරීමට සැලැසුම් කර ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. දිවයින පුරා මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමේ අරමුණින් දිවයින පුරා පොලිස් ස්ථානවලට ඒ පිරිස් අනුයුක්ත කිරීමට අපේක්ෂා කෙරේ. දීප ව්‍යාප්ත මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් වැඩි කර ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැවසීය

Read More