Author: LANKA24X7

ගුවන් සේවිකාවක බව කියන තැනැත්තියක 2010- 2015 කාලසීමාවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති සම්බන්ධීකාරක වශයෙන් බදවා ගෙන ඇයට වැටුපට අමතරව ඉන්ධන සහ ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් විසිතුන් ලක්ෂ අනූ හතර දහස් හාරසිය හැටක මුදලක් චක්‍රලේඛ විධි විධාන නොතකා ගෙවා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය පරීක්ෂණයක් ආරම්භ කර ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේය. ගුවන් සේවිකාවට ඉන්ධන දීමනාව වශයෙන් දස ලක්ෂ හතළිස් හතර දහස් හාරසිය හැටක මුදලක්ද ප්‍රවාහන දීමනාව ලෙස රුපියල් දහතුන් ලක්ෂ පනස් දහසක මුදලක්ද මෙසේ ගෙවීම් කර ඇත. එම කාලයේදී චක්‍රලේඛ විධිවිධාන නොතකා ඉන්ධන හා ප්‍රවාහන දීමනා…

Read More

මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ බව කියන ‘වැලිගම සහන්’ නැමැත්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (28) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්‍යන්ත යේදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 31 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම සැකකරු පසුගිය අප්‍රේල් මාසේ දිනක හිරන ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ලෙස පොලීසිය හඳුනාගෙන ඇත. එමෙන්ම මෙම සැකකරු ඉකුත් ජුනි මාසයේ මට්ටක්කුලේ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ වෙඩික්කරු ලෙසද කටයුතු කර ඇති බව පොලිසිය පවසයි. ජුනි මස දිනක පානදුර දකුණ පොලිස් වසමේ යතුරුපැදි කොටස් අලෙවි…

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණ විසින් වරෙන්තුවක් නිකුත් කර තිබේ. ඒ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්ය. හෙට දිනයේ මෝසමක් මාර්ගයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බවය.

Read More

නව තානාපතිවරුන් පස් දෙනෙකු, මහ කොමසාරිස්වරයෙක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. පසුගිය 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේදී මෙම අනුමැතිය හිමිව ඇත. ඒ අනුව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවියගේ නම උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. එමෙන්ම බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ, මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මොහොමඩ් රිස්වි හසන්, තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව, නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස රුවන්ති දෙල්පිටිය,…

Read More

ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 8,337.86 කට ළඟා වී ඇති බවත්, එය 2024 වර්ෂයේ එම කාල සීමාවට සාපේක්ෂව 6.70%ක වර්ධනයක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි. මේ සම්බන්ධයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. වෙළඳ භාණ්ඩ සහ සේවා යන දෙකම ඇතුළු සමස්ත අපනයන 2025 ජූනි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,460.34 කට ළඟා විය. මෙය 2024 ජූනි මාසයට සාපේක්ෂව 8.73%ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2025 ජූනි මාසයේදී පමණක් වෙළඳ භාණ්ඩ අපනයන 6.85%කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,150.73 කට ළඟා වී ඇති බව…

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මහත්මිය වෙත භාර දුන්නේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන පී.ඒ.ජී. ප්‍රනාන්දු මහත්මිය, මෙම පත්කිරීමට පෙර, බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළාය.

Read More

පොලිස්පති ධූරයට ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හය දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. වර්තමාන වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ලලිත් පතිනායක( පරිපාලන වැඩබලන සහ මධ්‍යම පළාත් භාර) සංජීව ධර්මරත්න ( බස්නාහිර පළාත් බාර ) රන්මල් කොඩිතුවක්කු( අපරාධ සහ රථවාහන) කිත්සිරි ජයලත්(දකුණු පළාත)සහ රාජිත ශ්‍රී දමින්ද( සහායක සේවා) එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු වෙති. ඇතැම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ප්‍රබල දේශපාලනඥයන් සහ නායක ස්වාමීන් වහන්සේලා මාර්ගයෙන් පොලිස්පති ධූරය ගැනීමට ප්‍රබල උත්සාහයක මේ දිනවල නිරතව සිටින බව එම ආරංචි මාර්ග සඳහන් කළේය. වැඩබලන පොලිස්පතිවරයා ලෙස දැනට කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය මහතාට පොලිස්පති ධූරය දෙන ලෙස ඇතැම් පාර්ශව රජයෙන් ඉල්ලීමක්…

Read More

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි සැප්තැම්බර් මස 22 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ. මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂියක් ලෙස වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම විගණන වාර්තාව සකස් කිරීම සඳහා ඊමේල් පණිවුඩ අඩංගු සීඩී තැටි 26ක්, පෙන්ඩ්‍රයිව් 08ක්,…

Read More

හෝමාගම අධිකරණයෙහි රාජකාරියෙහි නිරත පිස්කල් නිලධාරීවරයෙකුගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකාවක වන තිළිණි පියමාලි නැමැත්තිය අද (28) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරියම් මහත්මිය විසින් ඉකුත්දා නියෝගයක් ද කළාය. ඒ අනුව අද උදෑසන 9.10 ට පමණ හෝමාගම මූලස්ථාන පොලිසියට පැමිණි සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරය තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබුණි. අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

Read More