Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පසුගිය රජය සමයේ නවතා දැමුණු කුළුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට සම්බන්ධයෙන් සලකා බැලිමට ජපාන තානාපතිවරයා කැමැත්ත පළකර ඇත. පසුගියදා මෙරට ජපාන තානාපති කාර්යාලයේ දී රුවන් විජයවර්ධන මහතා හා ජපන් තානාපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විය. එම හමුවෙන් අනතුරුව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය. ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම අත්සන් කළ පසුව අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානය සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇති බවය.
උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. වයඹ පළාතේත් මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව දන්වා තිබේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
එංගලන්තය ගෝල 2 – 1ක් ලෙස පරාජය කරමින් 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ප්‍රංශය සමත්විය. තරගයේ පළමු භාගය නිමාවන විට ගෝල 1 – 0ක් ලෙස ඉදිරියෙන් සිටි ප්‍රංශ ක්‍රීඩකයෝ තරගය 2 – 1ක් ලෙස ජයගත්හ.
බේකරි නිෂ්පාදනවලට නිශ්චිත පාලන මිලක් නොමැති වීමෙන් බේකරි කර්මාන්තයේ ගැටලු රැසක් මතුව ඇති බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති කමල් පෙරේරා මහතා සඳහන් කළේ බේකරි නිෂ්පාදනවල මිල විවිධ මට්ටම්වල පැවැතීම හේතුවෙන් ගැටලු රැසක් මතුවන බවය. මේ වන විට වෙළෙඳපොළ තුළ පාන්පිටි මිල පහත ගොස් තිබෙන නමුත් බේකරි නිෂ්පාදන මිල පහළ දැමීමට බේකරි නිෂ්පාදකයින්ගේ අවධානය යොමුව නොමැති වීම කණගාටුවට කරුණකි. කෙසේ වෙතත් මේ පිළිබඳව අප කළ විමසීමකදී බේකරි නිෂ්පාදකයින් පැවසුවේ අඩු මිලට වෙළෙඳපොළේ පවතින පාන්පිටි ප්‍රමිතියෙන් තොර ඒවා බවය.
ඉන්දියාවේ මන්ඩාවි ගම්මානයේ කුඩා විවරයක් සහිත ගැඹුරු ළිඳකට ඇද වැටුණු තන්මේ සාහු මුදා ගැනීමට පැය 60කට අධික කාලයක් පුරා එරට හදිසි ආපදා අංශ උත්සාහ ගත්ත ද, 8 හැවිරිදි දරුවාගේ ජීවිතය බේරා ගැනීමට ඔවුන් අසමත් වී තිබේ. දින හතරකට පෙර පටු ළිඳට ඇද වැටුණු ‘සාහු’ මිය ගොස් ඇති බවට ඉන්දිය මාධ්‍ය මේ වනවිට තහවුරු කර ඇත. කුඩා තන්මේ සාහු මෙසේ ළිඳට ඇද වැටී තිබුණේ සිය 12 හැවිරිදි සොහොයුරිය සමග ක්‍රීඩාවේ නිරතවී සිටියදීය. එය සැලවූ වහාම පිරිස ළිඳ වෙත ගොස් තිබූ අතර ඒ වනවිට දරුවා සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. නමුත් ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ පැය 40කට…
අද (10) උදෑසන වායු ගුණ තත්ත්වය සැලකීමේදී ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශ තුළ සාමානන්‍ය වායු ගුණ තත්ත්වයක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිවේදනය කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ එය අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව (US AQI) 100 ට ආසන්න අගයක් පවතන බවය. විශේෂයෙන් කොළඹ හා මහනුවර නගරවල හා උතුරු, වයඹ, බස්නාහිර හා උතුරු මැද පාළාත්වල, නාගරික ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය විටින්විට තරමක් ඉහළ යාහැකි අතර අනෙකුත් ප්‍රදේශයන් හි මධ්‍යම හෝ යහපත් තත්ත්වයක් පවතින බවද පෙන්වා දෙයි. මේ අනුව අද දිනය තුළ වායු දුෂණ තත්ත්වය සාමාන්‍ය මට්ටමක පවතින අතර සෞඛ්‍යමය වශයෙන් අහිතකර තත්ත්වයක් නොපෙන්වන බවද…
චීන බලධාරීන් සමග සාර්ථක ලෙස සාකච්ඡා පැවැත්වූ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා පැවසුවාය. ඇය සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ සැම්බියාව වැනි රටවල් සඳහා දී ඇති ණය සඳහා කළ යුතු දේ සම්බන්ධයෙන්ද ඔවුන් සමග සාකච්ඡා කළ බවය.
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මැන්ඩවුස්” සුළි කුණාටුව අද (10) අළුයම් කාලය වන විට උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළ තීරය හරහා ගමන් කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම පද්ධතිය ක්‍රම ක්‍රමයෙන් උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් අද දහවල් වන විට පීඩන අවපාතයක් දක්වාත් තවදුරටත් දුර්වල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව, දිවයිනේ සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි එමගින් ඇති බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇත. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. උතුරු, වයඹ සහ උතුරු මැද පළාත්වල වැසි…
එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩුකර තිබේ. ඒ අනුව, කීරි සම්බා කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 215ක් (රුපියල් 10ක මිල අඩුකිරීමක්), බී ලූනු කිලෝග්‍රෑම් 1ක නව මිල රුපියල් 199ක් (රුපියල් 16ක මිල අඩුකිරීමක්) සහ ටින් මාළු ග්‍රෑම් 425 එකක නව මිල රුපියල් 495ක් (රුපියල් 35ක මිල අඩුකිරීමක්) ලෙස මිල අඩුකර තිබේ. දිවයින පුරා පිහිටි සතොස අලෙවිසැල් ජාලය හරහා ඊයේ (09) සිට ජනතාවට මෙම සහනය ලබාගත හැකිය.
ශ්‍රී ලාංකිකයින් ට නැවතත් විද්‍යුත් වීසා (e-visa) බලපත්‍ර නිකුත් කිරීමට ඉන්දියාව තීරණය කර තිබේ. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට අයත් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත. සංචාර, ව්‍යාපාරික කටයුතු, සම්මන්ත්‍රණ, සමුළු ඇතුළු තවත් කටයුතු සඳහා ඉන්දියාවට යෑමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙත මෙම පහසුකම් විවෘතව පවතී.
