Author: LANKA24X7

ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහු ඒ වන විට ඔහු 83 හැවිරිදි වියේ පසුවිය.

Read More

පළාත් පාලන ආයතන 20ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ. තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ද අදින් ආරම්භ විය. එම අයදුම්පත් භාර ගැනීම මේ මස 23 වනදා මධ්‍යම රාත්‍රී 12.00ට අවසන්වීමට නියමිත අතර එම දිනය කිසිසේත්ම දීර්ඝ කිරීමක් සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාර ගැනීම ආරම්භ වු ඊයේ දිනය තුළදීම බණ්ඩාරවෙල මහ නගර සභාව සඳහා ස්වාධීන කණ්ඩායමක් විසින් ඇප මුදල් තැන්පත් කර තිබුණි. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළාත් පාලන ඡන්දය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (05) ආරම්භ කළේ කළුතර…

Read More

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඊ (05) පැවති දෙවැනි විස්සයි 20 තරගයේ තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දියාව සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබාදීමටය. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 06 දැවී ලකුණු 206ක් රැස් කළේය. ලකුණු 207ක ජයග්‍රාහී ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි ඉන්දීය පිතිකරුවන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 08ක් දැවී ලකුණු 190ක් පමණි. ඒ අනුව ලකුණු 16කින් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ජය වාර්තා කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් සමත් විය. ඔවුන්…

Read More

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ “කරවිට සීයා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි. ඔහු පසුගිය දෙසැම්බර් මස 18 වනදා හංවැල්ල හරස් පාරේ වෙළෙඳසැලක හිමිකරු පපුවට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අවශ්‍යව සිටි සැකකරුවෙකු බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පොලීසිය විසින් අදාළ වෙළෙඳසැලේ හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අනුබල දීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරු හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරකට අනුව පොලීසිය සැකකරු සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත. එම මෙහෙයුම අතරතුර සැකකාර…

Read More

දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ. බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුව තිබේ. දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ ප්‍රථම පොහොයයි බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ ද දුරුතු පුර පළෛාස්වක පොහොය දිනකය. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි. එමෙන්ම බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවාගැනීම දුරුතු පොහොය දිනක සිදුව ඇත. බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කළේ ද දුරුතු පොහොය දිනකය.

Read More

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම, මිනීමැරීම ඇතුළු චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (05) තීන්දු කර තිබේ. දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුනි. නියෝගය ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු දමිත් තොටවත්ත මහතා සඳහන් කළේ මෙම අවස්ථාවේදී විත්තිකරුවන් ඇප මත මුදාහැරීම යෝග්‍ය නොවන බවය. ඒ අනුව අප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය. ඉන් අනතුරුව නඩුව නැවත පෙබරවාරි මස 01 වනදා කැඳවීමට නියම කෙරුණි.

Read More

කැරට් 22කට වැඩි රත්‍රං, ආභරණ ලෙස ගෙනඒම සීමා කරමින් අංක 2312/77 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පවසයි. ඔහු පෙන්වා දෙන්නේ රත්‍රං ජාවාරම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවය.

Read More

පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා දීමට දින ප්‍රකාශයට පත්කර තිබියදී තරුණ නියෝජනය සදහා සදහා පෞද්ගලික මන්ත්‍රී යෝජනා ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පනත ඇතුලේ ගැටුමක් ඇති වීමට ඉඩ තිබෙන බව ජාතික ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පිළිබඳව අදහස් දක්වමින් අනුර දිසානායක මහතා මේ බව කීය. අනුර දිසානායක මහතා:- දැන් මැතිවරණ කොමිසම නාමයෝජනා නාමයෝජනා දින ප්‍රකාශ කර තිබෙනවා.දේශපාලන ව්‍යාපාර තම නාමයෝජනා සකස් කරමින් සිටිනවා. ඒ අතරතුර පාර්ලිමේන්තුවට පනතක් එනවා නාමයෝජනා වල සංයුතිය වෙනස් කිරීමට. නාම යෝජනා කැඳවීමට පෙර පනත සම්මත වුවහොත් පනත ඇතුලේ…

Read More

ත්‍රස්තවාදයට එරෙහි සටනට ගොස් ආබාධිතව අභිමන්සල වල සිටින රණවිරුවන්ගේ වැටුපටත් බදු ගසා ඇතැයි පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. රණවිරුවන්ගේ වැටුපට බදු ගහන්න එපා යැයි ඉල්ලා සිටින බවද වීරවංශ මහතා වැඩිදුරටත් කීය. ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසූයේ බදු ක්‍රමවේද සැකසීමේදී පොදුවේ යම් තීරණ ගන්නා බවත් අදාල කාරණය ගැන සලකා බලන බවත් ය.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ මොහොත වන විට පළාත් පාලන මැතිවරණය සඳහා කළුතරට ඇප මුදල් තැන්පත් කරගෙන යන අතර “ඔබතුමා ඊට පිටිපස්සෙන් වැඩ කරගෙන යන්නැයි” අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතාට පිළිතුරක් ලබා දෙමින් පාර්ලිමේන්තුවේදී පැවසීය. මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී විමසූයේ පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැඳවීම සඳහා දින නියම කර තිබෙන නමුත් පළාත් පාලන ආයතන කිසිවක් විසුරුවා හැර නැති බවයි. පළාත් පාලන ආයතන විසුරුවන්නේ නැතිව ඡන්ද පවත්වන ප්‍රථම අවස්ථාව මෙය බවද රහුමාන් මහතා කීය. ඊට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසූයේ පාලන ආයතනවල කාලය ගැන තීරණය කරන්නේ මැතිවරණ කොමිසම බවයි. සියලු පළාත් පාලන ආයතන…

Read More