Author: LANKA24X7

මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ලේ දී පැවසීය. රාජ්‍ය ආයතන අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා කීය . රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

Read More

ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැතිවීමේ ගැටලුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමකට ලක්ව ඇති බව ආර්ථීක ස්ථායීකරණය සඳහා වූ ජාතික සභාවේදී අනාවරණය වී තිබේ. මෙම ක්ෂේත්‍රය දියුණුවට ලක් කිරීමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් රටට ඉපැයිය හැකි බවද එහිදී අනාවරණය වුනි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ගැටලු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ලක්ව තිබේ. මේ සඳහා විද්වතුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා පෞද්ගලික සමාගම් ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් එක්ව තිබේ. වත්මන් ආර්ථික අර්බුදයත් සමග තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද සහ අත්දැකීම් සහිත වෘත්තිකයින් රට හැර යාම ප්‍රධානතම ගැටලුවක් බව මෙහිදී අවධාරණය කෙරුණි. එහිදී වැඩිදුරටත් අදහස්…

Read More

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම දින 5ක කාලයක් සඳහා ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළේය. රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැදුනුම් පත හා විදේශ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා එම නියෝගය කළේය. ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයිකාවට දෙසැම්බර් මස 21දා සිට…

Read More

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකර​න ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ පියත් නිකේෂල පවසනවා. අදාළ ප්‍රහාරයෙන් ඔහුගේ අතට, උරහිසට හා පාදයකට තුවාල සිදුව ඇති බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රතිඳු සේනාරත්න සඳහන් කළේ. එසේම මේ සම්බන්ධයෙන් තානාපති කාර්යාල හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානද දැනුවත් කිරීම​ට කටයුතු කරන බවයි පියත් නිකේෂල මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් සඳහන් කළේ.

Read More

ඝාතනය කළ බවට සැක කෙරෙන නාඳුනන පිරිමි‍ මළ සිරුරක් ඉංගිරිය – රත්නපුර මාර්ගයේ නම්බපාන කැටකැරැල්ල පාලම ආසන්නයේ කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබියදී අද (15) පෙරවරුවේ හමුව තිබේ. මළ සිරුර වයස අවුරුදු 40 සහ 50 අතර පසුවන පුද්ගලයකුගේ බවට පොලීසිය සැක පළ කරයි. එම පුද්ගලයාගේ අත් දෙක බඳ පටියකින් සහ සුදු පාටට හුරු බැනියමකින් පිටුපසට කර ගැටගසා තිබී ඇති අතර කට ද ගැට ගසා තිබූ බව පොලීසිය පවසයි. උඩුකය නිරාවරණය වී තිබී ඇති අතර, එම පුද්ගලයා කළු පාටට හුරු කලිසමක් හැඳ සිටින බව ද පොලීසිය සඳහන් කරයි. කිසියම් ප්‍රදේශයක දී ඝාතනය කර අද අලුයම් කාලයේ දී එම ස්ථානයට ගෙනත් දමන්නට ඇතැයි…

Read More

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS) විසින් 2022 ඔක්තෝබර් මාසයට අදාළ නවතම දරිද්‍රතා රේඛා සටහන ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරාගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු. 13,810 ක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. දිස්ත්‍රික්ක අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වියදමක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය තුළ වන අතර එය රුපියල් 14,894 ක් ලෙස දැක්වෙන අතර අඩුම අගය ලෙස මොණරාගල දිස්ත්‍රික්කය දැක්වෙන අතර එය 13,204 ක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Read More

ඉලොන් මස්ක් ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වැජඹුණි. නමුත් ඔහුට එම ස්ථානය අහිමිවී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. එසේ වී ඇත්තේ ටෙස්ලා මෝටර් රථ නිෂ්පාදන සමාගමෙහි කොටස් මිල පහළ යෑම හේතුවෙනි. ෆෝබ්ස් සහ බ්ලුම්බර්ග් වාර්තාවල සඳහන් වන්නේ මස්ක් ව අබිභවා යාමට LVMH සමාගමේ ප්‍රධාන විධායකයා වන බර්නාඩ් ආර්නොල්ට් සමත් වී ඇති බවය. ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායකයා වන මස්ක් ට එහි කොටස් වලින් 14%ක් හිමිය. ඔහු පසුගිය ඔක්තෝබර් මාසයේදී ඩොලර් බිලියන 44ක් වැයකොට ට්විටර් සමාගම මිලට ගත්තේය. ඔහුගේ මේ වනවිට ධනය ඩොලර් බිලියන 178ක් බවත් බර්නාඩ් ආර්නොල්ට් සතු වත්කම් වල වටිනාකම ඩොලර් බිලියන 188ක් බවත් සඳහන් වෙයි.

Read More

ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය ජයගත් පසුගිය ශූරයින් වන ප්‍රබල ප්‍රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආජන්ටිනාවට එරෙහිව තරග වැදීමට සුදුසුකම් ලැබීය. ඒ දෙවන අවසන් පූර්ව තරගය 2ට 0ක් ලෙස මොරොක්කෝව පරාජයට පත් කරමිනි. තරගය ආරම්භයේදීම ප්‍රංශය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට theo hernández සමත්විය. තරගයේ 5වන මිනිත්තුවේදී ඔහු එල්ලකළ සුපිරි ප්‍රහාරය මොරොක්කෝ දැල් රකින්නා පසුකරමින් ගෝලයක් බවට පත්විය. අනතුරුව තරගයේ පළමු අර්ධය නිමවනතුරු දෙපාර්ශවයම පාපන්දු පිටිය උණුසුම් කරමින් තරගවැදුනද එය ගෝලයක් ලබාගැනීමට ප්‍රමාණවත් නොවීය. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවූයේ 1ට 0ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගෙනය. දෙවන අර්ධයේදී යළි ක්‍රියාත්මක වූ ප්‍රබල ප්‍රංශ ක්‍රීඩකයින් තවත් ගෝලයක් සිය…

Read More

බිත්තර සඳහා සංශෝධිත උපරිම සිල්ලර මිල අද (15) දිනය තුළ අධිකරණයට දැනුම්දීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. එම අධිකාරිය පෙන්වාදෙන්නේ, අධිකරණය විසින් සිදුකළ දැනුම්දීමට අනුව එම නව සංශෝධිත මිල ප්‍රකාශයට පත් කරන බවය. බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට අභියාචනාධිකරණය ඊයේ (14) තීන්දු කළේය. බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය ඉදිරිපත් කළ පෙත්සම කැඳවු අවස්ථාවේ අධිකරණය එම නියෝගය ලබාදුන්නේය. ඒ අනුව බිත්තර සඳහා නව මිලක් කඩිනමින් නියම කරන ලෙස ද අභියාචනාධිකරණය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට නියෝග කළේය.

Read More

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ 15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටී. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ඊයේ (14) දිනය දක්වා කාලය තුළ යුද හමුදා සාමාජිකයින් 15,476 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ඉදිරිපත් වී ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා සඳහන් කළේය. ඉන් හමුදා සාමාජිකයින් 15,165 දෙනෙකු නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් සිදුකර තිබේ.…

Read More