Author: LANKA24X7

ඊයේ (18) පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී ඇහැටුවැව ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් මුහුණදුන් අපහසුතාව සම්බන්ධයෙන් සොයා බැලීමට වෙත නිලධාරීන් කණ්ඩායමක් යවා තිබේ. අද (19) එම නිලධාරීන් පිටත්කර යවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පැවසීය. මේ අතර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මාස එකහමාරක් හෝ දෙකක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. “සමස්ත ශ්‍රී ලංකාවේම විභාග පැවැත්වීම සම්බන්ධීකරණය කරමින් විභාගය සාර්ථකව පැවැත් වුණා. මාස එක හමාරක් දෙකක් ඇතුළත ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි හෙට අනිද්දම උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කරනවා.ඒ රැස්වීම් පවත්වලා අපි බලනවා උපරිම කෙටිම කාලයක් තුළදී මේ ප්‍රතිඵල ලබාදෙන්න. දැනට අපි උසස්පෙළ විභාය…

Read More

හංවැල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් 48 හැවිරිදි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව ති‌බේ. ඔහු හංවැල්ල හරස් මාර්ගයේ පිහිටි අංක 09 ස්ථානයේ හෝටලයක් පවත්වාගෙන යන අයෙකු බව අප වාර්තාකරු පැවසීය. රාත්‍රි 10.10ට පමණ යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවට වාර්තා වෙයි. යතුරුපැදියෙන් පැමණි එක් පුද්ගලයෙකු හෝටලයේ දොරට තට්ටුකර පළමුව දුම්වැටියක් ඉල්ලා ඇත. ඉන්පසු යතුරුපැදියේ පැමිණි අනෙක් පුද්ගලයා එක්වරම දොර විවෘත කර හෝටලය තුළට පැමිණ කැෂියර් එකේ සිටි හෝටලයේ හිමිකරුගේ පපුවට වෙඩි පහර 04ක් පමණ තබා පළාගොස් තිබේ. වෙඩිතැබීම සිදුකරන ආකාරය CCTV කැමරාවකද සටහන්ව තිබුණි. වෙඩිවැදීමෙන් තුවාල ලැබු හෝටලයේ හිමිකරු පාදුක්ක රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් මියගොස් සිට…

Read More

සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුනේ සිදුකරන පිරිපහදු නිෂ්පාදන ගබඩා කිරීමට හැකියාව නොමැති වීම හේතුවෙන් ඉන්ධන පිරිපහදුව යළිත් වරක් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වේ. මෙම වසරේ පස්වන වරටත් ඉන්ධන පිරිපහදුව වසා දමා දැනට දින කිහිපයකට පෙර යළි එහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබීය. එහෙත් නියමිත ප්‍රමිතියට ඉන්ධන නිෂ්පාදනය කරන තෙක් පිරිපහදු නිෂ්පාදන ගබඩා කළ යුතු අතර ඒ සඳහා ඉන්ධන පිරිපහදුවක් වසරක කාලයක් අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව එහි සේවකයින් සඳහන් කළේය. මෙම වසරේ අවස්ථා කිහිපයක දී ඉන්ධන පිරිපහදුව වසා දැමීමත්, යළි ආරම්භ කිරීමත් හේතුවෙන් මේ වන විට පිරිපහදු නිෂ්පාදන ගබඩා තුළ ගොඩගැසී ඇති බව සඳහන්ය. ඊට හේතුව වී ඇත්තේ ප්‍රමාණවත්…

Read More

නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ, සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇතිවිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා වන තරඟ විභාගය කඩිනමින් පවත්වා නවක ගුරුවරුන් 26000ක් පාසල්වලට අනුයුක්ත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. එම පිරිසට ලබන මාර්තු මස 24 වැනි දිනට පෙර පත්වීම් ලබදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. මීට අමතරව ශික්ෂණ විද්‍යා පීඨවලින් සමත්ව සිටින තවත් 6000කට පත්වීම් ලබාදෙන බව ද අධ්‍යාපන අමාත්‍යවරයා කීවේය

Read More

බදු ගෙවන ජනතාව අගය කිරීම හා දැනුවත්කිරීම සඳහා රටපුරා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන් මාලාවක් සංවිධානය කරන බව මුදල් රජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම වැඩසටහන් මාලාවේ පළමු වැන්න මෙ මස 23 වැනි දින කොළඹදී ආරම්භ කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය. එහි දී බදු ගෙවන්නන් සමග සංවාදශීලි සාකච්ඡාවක් පවත්වා ඔවුන්ගේ අදහස් ලබාගෙන සංවාදයක නිරතවන බව ද රංජිත් සියඹලාපිටිය මහතා කීය.

Read More

ඇමෙරිකානු සංචාරකයන් 108 දෙනෙකු රැගත් ‘ඕෂන් ඔඩිසි’ නැමැති අධික සුඛෝපභෝගි නෞකාව ඊයේ (18) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය. ඉන්දියාවේ කොචින් වරායේ සිට කොළඹ වරායට ළගාවූ මෙම නෞකාව අද (19) ත්‍රිකුණාමලය වරායට යාත්‍රා කිරීමට නියමිත අතර අමෙරිකානු ධජය සහිත මෙම නෞකාව දිගින් මීටර් 105 හා පළලින් මීටර් 18.5 ක් වේ. මෙම නෞකාවේ පැමිණි සංචාරකයින් කොළඹ වරායේ බැස දින දෙකහමාරක් පමණ කොළඹ, කුරුණෑගල, හබරණ, සීගිරිය සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල සංචාරය කර ත්‍රිකුණාමලය වරායෙන් මේ මස 21 වැනිදා පිටත්වීමට නියමිතය.

Read More

බිත්තරයක මිල රුපියල් 55 සිට රුපියල් 65 දක්වා ඉහළ ගොස් ඇති බවත් බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ඇති බවත් ජනතාව පවසති. බිත්තර සඳහා පැවැති පාලන මිල ඉවත් කිරීමත් සමඟ මිල ඉහළ දැමීමට බිත්තර නිෂ්පාදකයන් කටයුතු කර ඇති බවත් මෙය පාලන කිරීමට රජය වාහාම මැදිහත් විය යුතු බවත් ජනතාව කියති.

Read More

උතුරු කොරියාව විසින් බැලැස්ටික් මිසයිල දියත් කිරීමක් සිදුකර තිබේ. දකුණු කොරියාව පවසන්නේ බැලැස්ටික් මිසයිල දෙකක් මෙලෙස උතුරු කොරියාව විසින් දියත් කර ඇති අතර ඒවා නැගෙනහිර මුහුදට පතිත වි ඇති බවය. අදාළ මිසයිල කිලෝමීටර් 500ක් පමණ දුරක් ගමන් කර ඇති බවට ජපාන ආරක්ෂක අමාත්‍යාංශය ද තහවුරු කර තිබේ. උතුරු කොරියාවේ මෙම ක්‍රියාකලාපය සිය රටේ මෙන්ම කලාපීය ආරක්ෂාවට ද තර්ජනයක් බව ජපාන ආරක්ෂක බලධාරීන් පෙන්වාදෙයි.

Read More

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිව්වන වසරේ සිසුන් සිව්දෙනෙකු සිදුකළ පහරදීමකින් පළමුවන වසරේ සිසුවෙකු රෝහල් ගත කර තිබේ. සිද්ධියට සම්බන්ධ සිසුන් සිව්දෙනා බීමතින් පැමිණ අදාළ පළමුවන වසරේ සිසුවාට පහරදීමක් සිදුකර ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය සඳහන් කළේය. පහරකෑමෙන් තුවාල ලැබු සිසුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇති අතර පහරදුන් සිසුන් මේ වන විට හඳුනාගෙන ඇති බව සඳහන්ය. එම සිසුන්ට එරෙහිව විශ්වවිද්‍යාල මට්ටමේ පරීක්ෂණයක් පවත්වා දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය පැවසීය.

Read More