Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඊසානදිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වූ දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (19) සිය සහතිකය සටහන් කළේය. පසුගියදා (09) පාර්ලිමේන්තුවේදී පැවති මෙම පනත්කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 41ලැබිණි. ඉන්පසු පනත් කෙටුම්පත තෙවනවර කියවීම සඳහා ද විරුද්ධ පාර්ශවයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 36 ලැබිණි. මේ අනුව මෙම පනත් කෙටුම්පත 2022 අංක 45 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස අද සිට බලාත්මක වේ.
වතුරට බිය නිසා පිස්සු බල්ලෝ නාවන්න බැරි ආකාරයෙන්ම මැතිවරණවලට බිය ආණ්ඩුව මැතිවරණ සඳහා රැගෙන යා නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. පොහොට්ටුවට හා එක්සත් ජාතික පක්ෂයට ඇත්තේ ජාමේ බේරාගැනීමට බැවින් ඔවුන් එකට එකතු වී හෝ මැතිවරණ පැවැත්වීමට මැලිකමක් දක්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. පොහොට්ටුව එකතුවේ ජනාධිපතිවරයාට කප් එක ලබාදී පොහොට්ටු කැප් එකත් පළඳා ඇති බවත් ඔවුන් දෙපිරිසක් නොව එකම කණ්ඩායමක් බවත් බිංගිරිය සජබ ආසන බලමණ්ඩලය අමතමින් ඔහු පැවසීය. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව දන්න කියන හැම කුමන්ත්‍රණයකම නිරත වන බවත් කිසිදු හේතුවක් නැති වුවහොත් කාලගුණයේ ප්‍රශ්නයක් හෝ කියා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරනු ඇතැයි ද…
අරගලයට සම්බන්ධ වුණේ අයිස් ගසා මත්වුණු පිරිසක් බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කුඩු ගංජා අයිස් විකුණන පිරිසක් එම ද්‍රව්‍ය විකුණා ගැනීම සඳහා අරගලකරුවන් පාවිච්චි කළ බව පැවසූ අමාත්‍යවරයා ඇතැම් දේශපාලඥයන්ද සිය අරමුණු ඉටුකර ගැනීම සඳහා අරගලය පහත් ආකාරයෙන් යොදාගත් බව ප්‍රකාශ කළේය. අද අරගලකරුවන් සත්‍ය පාපොච්චාරණය කිරීමට පටන් ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. අරගලය ප්‍රජාතන්ත්‍රවාදී එකක් නොවන බවත් අහිංසක මිනිසුන්ගේ ගෙවල් ගිනි තැබීම ප්‍රජාතන්ත්‍රවාදය දැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු කිවේය. රණතුංග මහතා මෙසේ පැවසුවේ මිනුවන්ගොඩ වෙළෙඳ පොළ භූමියේ පැවති රැස්වීමකදීය.
ජනවරමක් නැති ආණ්ඩුවක කැබිනට් ඇමතිකමක් ලබාගැනීමේ බලාපොරොත්තුවක් තමාට නැතැයි 43වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. තමන් බාල දේශපාලනය කරන්නේ නැතැයි කී මන්ත්‍රීවරයා මෙම ආණ්ඩුව යටතේ ඇමතිකම් ගැනීමේ හෝ රාජ්‍ය බලයට සම්බන්ධවීමේ සූදානමක් නැතැයි ද කීවේය. ශ්‍රී ලංකා දේශපාලනයට අවශ්‍ය පුළුල් බලගතු නව දේශපාලන සම්ප්‍රදාය ගොඩනගා ගැනීම වෙනුවෙන් තමන් කැප වන බව කී රණවක මහතා මේ අවස්ථාවේ රටට අවශ්‍ය තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව ද කීවේය. ඔහු මේ බව පැවසුවේ මහනුවර දී ඊයේ (18) පැවති හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. විවිධ කණ්ඩායම් සන්ධානගත වීම හොඳ දෙයක් වන නමුත් මේ අවස්ථාවේ රටට අවශ්‍ය…
විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයට සාපේක්ෂව තීරුබදු නිදහස් දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබුණත් මුදල් අමාත්‍යාංශයේ සහ මහබැංකුවේ නිලධාරීන් ඒ වෙනුවෙන් ගත යුතු පියවර තවමත් ගෙන නැතැයි කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා චෝදනා කරයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. “විදේශගත ශ්‍රමිකයා එවන ලද මුදල්වලට සාපේක්ෂව ඒ අයට ලංකාවට එනකොට තීරුබදු නිදහස් දීමනාවක් දෙන්න අපි ප්‍රතිපත්ති සම්පාදකයෝ විදියට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදීලා මාස 4ක් විතර වෙනවා. තාම මුදල් අමාත්‍යංශයත් මහ බැංකුවත් ඒ වෙනුවෙන් ගතයුතු ක්‍රියාමාර්ග අරගෙන නෑ. හැබැයි නිලධාරීන් ඒවා උඩ තියාගෙන වාඩිවෙලා ඉන්නවා නම්, ඒවට…
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස සැලකෙන චිරන්ත අමරසිංහ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. එහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා, සහකාර පොලිස් අධිකාරී නලින් දිල්රුක්, කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා නම් කර තිබුණි. පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් 28 වනදා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් පැවැත්වූ විරෝධතාවයකට සහභාගි වී වාර්තා කිරීමේ කටයුතුවල තමා යෙදී සිටි බවත් ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවය. ඊට අමතරව ජූලි මස 9 වනදා ඇතිවූ සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය තමන්ව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ඔහු කියා සිටියේය. මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම්…
තෙවන වසරේ දරුවාගෙන් පවුලේ අනෙක් අයට සහ තමන්ට හිරිහැර කරදර සිදුවන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට මවක පැමිණිල්ලක් කළ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙයි. ලද පැමිණිල්ලට අනුව දඹුල්ල පොලිසියේ දෙදෙනකු රාත්‍රී නමයට පමණ කිලෝමීටර් පහළොවකට අධික දුර ප්‍රදේශයේ පිහිටි මෙම පැමිණිල්ල ලැබුණු නිවසට පිටත්ව ගොස් ඇත. පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතා නළා ශබ්ද කොට විනාඩි කිහිපයක් යනතුරු එම නිවසේ කිසිවකුත් එළියට නොපැමිණි අතර පොලිස් නිලධාරීන් දෙදෙනා කතා කිරීමේදී දොර විවෘත කරගෙන කාන්තාවක් එළියට පැමිණ ඇත. දරුවකුගෙන් මව්පියන්ට කරදර සිදුවන සිද්ධිය ගැන සිදුකළ පැමිණිල්ල විභාගයට පැමිණි බව නිවසෙන් එලියට පැමිණි කාන්තාවට පොලිස් නිලධාරින් දන්වා ඇත . ” අපෝ දැන් හොදටම පරක්කුයි දැන්…
මෙරට පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ භික්ෂූන් වහන්සේ සම්බන්ධයෙන් නව නීති සහ පනත් සම්මත කර ගත යුතු බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි පවසයි. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, එම විහාරස්ථානයේ ඊයේ (18) පැවති වැඩසටහනකදීය. “අපේ රටේ පොදු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, සරසවි. සාමාන්‍ය පෙළ දෙපාරක් ලිව්වා නම්, එය අසමත් නම් ඒ දරුවන්ට වෘත්තීය පුහුණුව ලබාදෙන්න ඕනේ. උසස් පෙළත් එහෙමයි. දෙපාරක් ලිව්වහම ඇති. ඊට පස්සේ ඒ ළමයි වෘත්තීය පුහුණුවට යොදවලා රටට අවශ්‍ය කරන පුරවැසියෝ නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම සරසවි ශිෂ්‍යයෝ විශේෂවේදී, සාමාන්‍යවේදී කියලා තියෙනවා අවුරුදු 3 සහ 4. ඒ අවුරුදු ගණන ඉගෙන ගෙන විශ්වවිද්‍යාලයෙන්…
ආබාධිත පුද්ගලයින් සඳහා භාවිතා කරන භාණ්ඩවල මිල සියයට 400කින් ඉහළ ගොස් ඇති බවට වන ප්‍රකාශ සාවද්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නව බදු ප්‍රතිපත්තිය මත ආබාධිත පුද්ගලයින් භාවිත කරන භාණ්ඩ මිල ඉහළ ගොස් නොමැති බවය. වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, ආබාධිතයින් භාවිත කරන භාණ්ඩ 400%කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින් කියලා කියනවා. එහෙම දෙයක් වෙලා තියෙනවා ද? “ඒක ඇත්තටම සාවාද්‍ය ප්‍රකාශයක්. රජයේ නව බදු ප්‍රතිපත්ති නිසා ආබාධිත සහෝදර සහෝදරියන් භාවිත කරන උපකරණවල මිල 400%කින් ඉහළයෑම සහ ඒ නිසා ජනතාවගේ ආයු කාලය අවුරුදු 50 දක්වා අඩුවෙනවා කියලා. එය බරපතළ සාවාද්‍ය ප්‍රකාශයක්. අපි ආබාධිත මහත්තුරු භාවිත…
