Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තලවකැලේ පොලිස් වසමට අයත් තලවකැලේ වතුයායේ මිඩ්ලන්ඩ් කොටසේ වතු නිවාස පේළියක ඊයේ (15) රාත්‍රියේ හටගත් ගින්නකින් වතු නිවාස 10ක් සම්පුර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබේ. ඊයේ රාත්‍රි 8.30ට පමණ එක් නිවසකින් හටගත් ගින්න සෙසු නිවාසවලට පැතිර ගිය බවත්, ගින්නෙන් වතු නිවාස 10ක පදිංචි පවුල් 12කට අයත් සාමාජිකයන් 47දෙනෙකු අවතැන් වී ඇති බවත් තලවකැලේ පොලීසිය පවසයි. ගින්න හටගන්නා අවස්ථාවේ එම වතු නිවාසවල පදිංචිකරුවන් විශාල පිරිසක් එම වතුයායේ පැවති තෛපොංගල් දින උත්සවයකට සහභාගි වීමට ගොස් සිටි නිසා ගින්නෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැත. පැතිර යමින් තිබු ගින්න එම වතුයායේම වතු කම්කරුවන් හා තලවකැලේ පොලීසිය එක්ව දැඩි පරිශ්‍රමයක් දරා පාලනය කිරීමට සමත්වුණි. ගින්නෙන් වතු…
නිදහස් ජනතා සන්ධානයේ විශේෂ විධායක සභා රැස්වීමක් අද (16) පැවැත්වේ. උත්තර ලංකා සභාගය නියෝජනය කරන පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ 12ක් එක්ව පසුගිය දා හෙලිකොප්ටරය ලකුණින් නිදහස් ජනතා සන්ධානය පිහිටවනු ලැබීය. ඒ අනුව එම සන්ධානයේ විධායක සභා රැස්වීම අද පස්වරු 6.00ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී එම රැස්වීම පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මෙහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම සම්බන්ධයෙන් පක්ෂ අතර අවසන් එකඟතාවක් ඇති කර ගැනීමට නියමිතය. කෙසේවෙතත් මේ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත් වීමේ සුදානමක් පවතින බවට වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත් වී…
හොරණ කොළඹ මාර්ගයේ ගෝනපොළ කුඹුක ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි ලී මෝල් හිමියකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලාගොස් ඇතැයි මොරගහහේන පොලිසිය කියයි. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා ඇත්තේ පානදුර උතුර හොරේතුඩුව ගැමුණු මාවත පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි. ලි මෝල් හිමිකරු ඔහුට අයත් මෝටර් රථයෙන් හොරණ පොකුණුවිට දෙස සිට ගෝනපොල දෙසට පැමිණීමේදී අද අළුයම එකත් දෙකත් අතර කාලයේදී කුබුක පන්සල හන්දිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි. යතුරු පැදියෙන් පැමිණ ඇති පුද්ගලයා මෝටර් රථය පැදවූ ලි මෝල් හිමිකරුට අතින් සංඥාවක් කර මෝටර් රථය නවතා එහි පිටුපස වයරයක් පැටලී ඇදී එන බවට පවසා ඔහු මෝටර් රථයෙන්…
විවිධ සිද්ධීන් හේතුවෙන් වඩාත් කථා බහට ලක්වූ හිටපු අමාත්‍ය වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය ත්‍රිකුණාමලය සහ අම්පාර යන දිස්ත්‍රික්කවලට එම පක්‍ෂයේ ලකුණ වන ‘මොණරා’ ලකුණින් තරග කරන බව එම පක්‍ෂයේ නියෝජිතයෙක් පැවසීය. සෙසු සියලුම දිස්ත්‍රික්කවල පළාත් පාලන ආයතනවලට එම පක්‍ෂයේ අපේක්‍ෂකයන් සමඟි ජනබලවේගයේ ‘දුරකථනය’ ලකුණික් ඉදිරිපත් වන බව ද එම නියෝජිතයා වැඩි දුරටත් සඳහන් කළේය.
දිය නාමින් සිටි පිරිමි ළමයන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි කියන පොලිස්සැරයන්වරයකු අද (16) අලුයම අත් අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි. අත් අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන වලස්මුල්ල ඕලුආර පදිංචි විවාහක සැරයන් වරයෙකි. සැකකාර සැරයන්වරයා කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවක් ලබමින් සිටින අතර සති අන්ත නිවාඩුවට ගමට පැමිණ සිටියදි ඊයේ සවස තුනට පමණ වලස්මුල්ල ගල්වල නමැති ස්ථානයේ දියනාමින් සිටි පිරිමි ළමයෙන් දෙදෙනාට ලිංගික අතවර සිදු කළ බවට ලැබුණ පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගෙනඇත. අතවරයට පත් 16හැවිරිදි සිසුන් දෙදෙනා වෛද්‍ය පරික්ෂණ සඳහා වලස්මුල්ල රෝහලට ඇතුලත් කර ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකායේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ ඔහුගේ මිතුරකුට ඊයේ රාත්‍රී පුද්ගලයන් දෙදෙනක මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇතැයි ගිරිඋල්ල පොලීසිය සඳහන් කරයි. මෙසේ ඝාතනය කර ඇත්තේ දඹදෙණිය ප්‍රදේශයේ පදිංචිව සිටි හතළිස් එක් හැවිරිදි ඉෂාර මහේෂ් බණ්ඩාර නමැති පොලිස් සැරයන්වරයා සහ ඔහුගේ මිතුරෙකු වන 38 හැවිරිදි කසුන් පුෂ්පකුමාර යන අය වෙති. පොලිස් සැරයන් මහේෂ් 28704මහතා ගෝනහේන කඳවුරට අනුයුක්තව කුරුණෑගල රත්ගල්ල විශේෂ කාර්ය බළකා කඳවුරේ රාජකාරි කරමින් සිටි අයකු බව ගිරිඋල්ල පොලිසියේ නිලධාරියෙක් පැවැසීය. යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මොවුන් දෙදෙනා කඩු වලින් කපා කොටා පලා ගොස් ඇති අතර ඔවුන් දෙදෙනා දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු…
ශ්‍රී ලංකා – ඉන්දීය අවසන් එක්දින තරගය ලකුණු 317ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය. මෙය කණ්ඩායමක් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී වාර්තා කළ විශාලතම ජයග්‍රහණය ලෙස සැලකෙයි. තරගයේ කාසියේ වාසිය දිනා ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 390ක් ලබාගත්තේය. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ විරාත් කෝලි නොදැවී ලකුණු 166ක් රැස් කළේය. කෝලිගේ ඉනිමට හතරේ පහර 13ක් සහ හයේ පහර 8ක් එක්විය. ශුබ්මන් ගිල් පන්දු 93කදී ලකුණු 116ක් රැස්කළ අතර නායක රෝහිත් ෂර්මා ලකුණු 42ක් රැස්කළේය. ජයග්‍රාහී ලකුණු 391ක ඉලක්කය හඹා ගිය…
චීනයෙන් මාසයක් තුළ කොවිඩ් මරණ 60,000ක් වාර්තා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි. දැඩි කොවිඩ් සංචරණ සීමා පිළිපැදීම අත්හිටුවීමට එරට බලධාරීන් තීරණය කිරීමෙන් අනතුරුව මෙවැනි තොරතුරක් නිකුත් කර ඇත්තේ පළමුවරටය. එසේ මියගොස් ඇති බහුතරයක් විවිධ රෝගාබාධ වලින් පෙළුනු වයස අවුරුදු 80ට වැඩි පුද්ගලයන් බව පැවසෙයි.
නව ක්‍රමවේදයක් හරහා ජල බිල්පත් ලබාදීම සහ ගෙවීම සිදුකිරීමේ වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන තිබේ. එම වැඩසටහන ලබන 17 වනදා යාපනය දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමානාධිකාරී පියල් පද්මනාත මහතා සඳහන් කළේය. බිල්පත් නිකුත් කිරීමේ යන්ත්‍රයක් මගින් මාසික බිල්පත පාරිභෝගිකයින්ට ලබා දී බැංකු කාඩ්පත් මගින් එම බිල්පත ගෙවීම සඳහා ඔවුන්ට අවස්ථාව සලසාදීම මෙමගින් සිදුවන බව ඔහු සඳහන් පැවසීය. නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙන මෙම වැඩසටහන ඉදිරියේ දී දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද ඒ මහතා දැනුම්දුනී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු වන හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පක්ෂයේ සියලු තනතුරුවලින් ඉවත්වී තිබේ. ඒ අනුව ඔහු පක්ෂයෙන් ද ඉවත් වන දන්වමින් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත යොමු කර ඇත.
