Author: LANKA24X7

මහනුවර නගරය ආශ්‍රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එවැනි තත්ත්වයක් ඇතිවීමට එහි පිහිටීම සෘජුව බලපා ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය. “මහනුවර නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය පහත බසින්න මේ කාලයේ ඉන්දියාවේ උප මහද්වීපයෙන් එන ප්‍රවාහය වගේම එහෙම නැති වුණත් නුවර නගරයේ වායූ ගුණාත්මක තත්ත්වය එතරම් ප්‍රශස්ථ නෑ. එකට හේතු වෙන්නේ ස්ථානීය විමෝචනය. ස්ථානීය විමෝචනය කියන්නේ ඒ ප්‍රදේශයේ වාහන ගමනාගමනය ඒ ප්‍රදේශයේ යම්කිසි කර්මාන්ත මගින් කාබන්ඩයොක්සියිඩ් ඇතුළු විමෝචනය නිසා දුවිලි අංශු ඇතිවීම. නුවර පිහිටා තිබෙන සානු වැනි තත්ත්ව නිසා මේය තවත් උද්දීපනය වෙලා, මේ නරක තත්ත්වය ඇති වෙලා තියෙනවා.”…

Read More

කොළඹ කොටස් වෙළෙඳ පොළේ විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණය වසර දහයකට පසු වාර්තා කළ ඉහළම අගය වාර්තා කිරීමට මෙම වසරේ සමත්ව ඇත. කොළඹ කොටස් වෙළෙඳ පොළේ ශුද්ධ විදේශීය ආයෝජන ප්‍රමාණය වසර දහයකට පසු මෙම වසරේදී රුපියල් බිලියන 24.06 ක් ලෙස වාර්තා වී තිබේ. මීට පෙර කොටස් වෙළඳපොලේ වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වූයේ 2013 වසරේදීය.එම වසරේදී රුපියල් බිලියන 22.07 ක් විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් කොළඹ කොටස් වෙළඳපොළ ලබා ගෙන තිබුණි. කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසය තුළ වැඩිම විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් වාර්තා කළ වසර ලෙස 2012 වසර සැලකේ.එහිදී රුපියල් බිලියන 38.6 ක විදේශ ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් කොටස් වෙළඳපොළට ලැබී ඇත.

Read More

ජනතාවගේ කැමැත්ත දේශපාලනඥයන් වයස අවුරුදු 60න් විශ්‍රාමයාම නම් ඒ සඳහා ඉඩ ලැබෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීමේ වරදක් නැතැයි නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. නමුත් තමන් දන්නා පරිදි ලොව කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක එවන් වගන්තියක් නැතැයි කී මන්ත්‍රීවරයා කවුරුන් නොකළත් අපේ රටට එය ගැලපෙනවා නම් එසේ කිරීමේ ප්‍රශ්නයක් නැතැයි ද සඳහන් කළේය. එමෙන්ම තරුණයන් සතු නිර්මාණශීලී හැකියාවන් සහ ඔවුන්ට නායකත්වය දිය යුතු බව අරගලයේදී ද පැහැදිලි වූ බව ද ජී.එල් පීරිස් මහතා කීවේය. එසේ වුවත් කිසිම පසුබිමක් පලපුරුද්දක් නැති අය ප්‍රධාන තනතුරුවලට පත්වීමෙන් වන මහා වින්නැහිය ද රට අත්විඳ ඇති නිසා තරුණ ජවයක් ඇති…

Read More

පළාත් පාලන මැතිවරණය ගැන කියනව නම් දැන්ම තම බස් රථයට නගින්න අන්තිම මොහොතේ එල්ලෙන්නට එන්න එපා යැයි සමගි ජනබල වේගය නායක විපක්ෂ නායක සජිත් පේමදාස කියා පවසයි. සමගි ජනබල වේගය පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක අජිත් මාන්නප්පෙරුම මහතා සංවිධානය සංවිධානය කළ ගම්පහ ආසන බල මණ්ඩල රැස්වීමේදී සජිත් පේමදාස මහතා මේ බව සඳහන් කළේය.. ” මම මාස ගණනකට ඉස්සෙල්ල කිව්ව , එක්සත් ජාතික පක්ෂයේ අයටත් යන්න වෙනව කපුට ළඟට කාඩ් එක ගන්න නෙළුම් මාවතට. මොන විළි ලැජ්ජා නැති දෙයක්ද ? අලි යනවද කපුට ළඟට කාඩ් එක ගන්න. අලියගෙ කොන්ද කඩල ඉවරයි. අලිය විනාශ කරල ඉවරයි. සුද්ධ සංවිධානය තියෙන්න අපි ළඟ. උගත් බුද්ධිමත්…

Read More

තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් පෙරළී යාමෙන් එහි ගමන් ගත් නාවිකයන් 31දෙනෙකු අතුරුදන් වී තිබෙනවා. ගැඹුරු මුහුදේ දී අදාල නෞකාව අනතුරට පත් වන විට නාවිකයන් සිය දෙනෙක් පමණ එහි රැදී සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මුර සංචාරයක යෙදී සිටි මෙම යාත්‍රාව කුණාටුවකට හසුව පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. කුණාටුව හේතුවෙන් නෞකාව වෙත ජලය ඇතුළු වී එහි එන්ජින් කාමරයේ විදුලිය විසන්ධි වී තිබෙනවා. මුදා ගැනීමේ කණ්ඩායම විසින් අනතුරට ලක් වූ නාවිකයින් හැත්තෑ පස් දෙනෙකු බේරා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් කළා.

Read More

එළඹෙන 2023 වසරේ මෙරට පාසල් සිසුන් වෙත ලබාදීම සඳහා නිල ඇඳුම් රෙදි තොගයක් පරිත්‍යාග කිරීමට සැලසුම්කර ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව සඳහන් කර තිබේ. මෙම පරිත්‍යාගය හරහා මෙරට වාර්ෂික නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70ක ප්‍රමාණයක් සපුරාලීමට හැකි බවද චීන තානාපති කාර්යාලය පවසයි. මෙලෙස පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති නිල ඇඳුම් රෙදි තොගයේ වටිනාකම රුපියල් බිලියන 5ක් පමණ වන බවද එම ට්විටර් පණිවුඩයේ සඳහන්. මෙම නිල ඇඳුම් රෙදි ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස එළඹෙන ජනවාරි මස 06 වනදා කොළඹ වරාය වෙත ලඟාවීමට නියමිත බවය. එම රෙදි කන්ටේනර් 20ක් අසුරා ඇති…

Read More

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනික සහ පරිපාලනමය කටයුතු සම්බන්ධයෙන් මහනායක හිමිවරු සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. එවැනි එකඟතාවයකට පැමිනෙන තුරු එම විශ්වවිද්‍යාලය වසා දැමීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

Read More

පොලිස් නිලධාරීන් 9,417ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා ඊට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව පොලිස් නිලධාරීන් 8,312ක් සහ නිලධාරිනියන් 1,105ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට නියමිතය. මේ වනවිට පොලිස් කොස්තාපල් (PC) තනතුරේ සිට පොලිස් පරීක්ෂක (IP) දක්වා වන තනතුරුවල සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන් සහ නිලධාරිනියන් පිරිසක් මෙලෙස ඔවුන්ගේ ඊළඟ නිලය දක්වා උසස්කිරීම් සිදුකිරීමට නියමිතය..

Read More

පළාත් පාලන මැතිවරණය සඳහා තරග කිරීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයක් ගොඩනැගීමට තීරණය කළ බව උත්තර ලංකා සභාගයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. උත්තර ලංකා සභාගයේ සතිපතා පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඔහු මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා, “පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව, ආරක්ෂාව සහ අරමුදල් සොයා ගැනීමේ අර්බුදය මතු කරමින් උත්සාහ කළත්, මැතිවරණය කල් දැමීමට ආණ්ඩුවට ඉඩ නොතැබිය යුතුය යන්න සාකච්ඡා කළා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයට විපක්ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනගල, ඒ විපක්ෂයේ සන්ධානයට රට ගොඩනැගීමේ වැඩපිළිවෙළක් තිබිය යුුතුයි. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට හැකි වෘත්තිය කුසලතාවය ඇත්දැකීම ඇති…

Read More

ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පුද්ගලයෙක් අතුරුදන්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (19) දහවල් කාලයේ පලාලි පොලිස් වසමේ ඇන්ටනිපුරම් ධීවර සංගමයට අයත් බෝට්ටුවකින් ඇන්ටනිපුරම් ප්‍රදේශය ආසන්නයේ දී එම පුද්ගලයා ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් ඇති බවය. පලාලි පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 56ක් වූ ඇන්ටනිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාව හා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇත.

Read More