Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ආසියා සංවර්ධන බැංකුව මෙරට සියලුම ගොවීන් වෙනුවෙන් පිරිනමන ලද රුපියල් බිලියන අටක මූදල ගොවි ගිණුම්වලටම බැර කිරීම අද( 29) නිල වශයෙන් සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. මෙවර මහ කන්නයේදී වී වගා කරන භූමි ප්‍රමාණය හෙක්ටෙයාර් ලක්ෂ 08ක් බවත් මේ වනවිටත් වගා කටයුතු ආරම්භ කර ඇති හා අවසන් කර ඇති කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 7,60,000 ඉක්මවා තිබෙන බවත් අමාත්‍යාංශය පවසයි. එම කුඹුරු ප්‍රමාණය අයත් ගොවි පවුල් සංඛ්‍යාව මිලියන 1.2ක් වන අතර පසුගිය මහ කන්නයේදී සිදුවූ අස්වනු හානිය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක මුදලක් මෙරටට ලබා දුන් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා…
රුසියාවේ “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය අද (29) ශ්‍රී ලංකාවට ගුවන් ගමන් ආරම්භ කළේය. ඒ අනුව සංචාරකයින් 398ක් රැගත් එම ගුවන් සේවයට අයත් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ට අද පැමිණි බව වාර්තාවේ. සංචාරක අමාත්‍යංශය පැවසුවේ, “රෙඩ් වින්ග්ස්” ගුවන් සේවය සතියකට දෙවරක් මත්තල ගුවන් තොටුපොළට ගුවන් ගමන් ඇරඹූ බවය.
රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමින් ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ආර්ථික වශයෙන් රට පත්ව ඇති අර්බුදය හමුවේ තවදුරටත් බදු අය කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් වෘත්තිකයන් දැඩි පීඩාවට පත් වන බවය. මීට විරෝධය පළකිරීමේ එක් පියවරක් ලෙස දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව ඔහු සඳහන් කළේය. ඒ අනුව එම අත්සන් සහිත පෙත්සම ජනවාරි 10 වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීමට නියමිතය.
රාජ්‍ය ආයතන විදුලිබල මණ්ඩලයට රුපියල් බිලියන 2.5 ක් හෙවත් රුපියල් කෝටි 250 කට ආසන්න විදුලි ගාස්තු ගෙවීමට ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරියෙක් පැවසීය. රෝහල්, අධ්‍යාපන ආයතන, යුද හමුදා කඳවුරු සහ පොලිස් ස්ථාන මෙම හිඟ මුදලින් වැඩි ප්‍රමාණයක් ගෙවීමට ඇති බව කී එම නිලධාරියා ඒවා අයකරගැනීමට කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය ද රාජ්‍ය ආයතනයක් වීම නිසා එම රාජ්‍ය ආයතන විදුලි බිල නොවුවද විදුලිබ විසන්ධි කිරීමේ හැකියාව ඉතාමත් අඩු බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.
නයිජීරියාවේ ඔගුන් ප්‍රාන්තයේ සය දෙනකුගෙන් යුත් පවුලක් හූනෙකු හේතුවෙන් මියගොස් තිබේ.මෙසේ මියගොස් ඇත්තේ ජෝන් සැමුවෙල් නම් පුද්ගලයකු ඔහුගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ තවත් නෑදෑයින් දෙදෙනෙකි. සැමුවෙල් පදිංචි නිවසෙන් කිසිඳු ශබ්දයක් පිට නොවීම නිසා අසල්වැසියන් දොර කඩා ඇති අතර එම අවස්ථාවේ සැමුවෙල් ඇතුළු පිරිස එක් එක් කාමරවල මියගොස් සිටින අයුරු දැකගත හැකි වී ඇත.ඔවුන් නිදා සිටි අයුරින් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන් නින්දේදී මියගොස් ඇතැයි විශ්වාස කළ හැකි බව ඇසින් දුටු සාක්ෂිකරුවකු පවසා ඇත . රාත්‍රී ආහාර ගැනීමෙන් පසු මොවුන් මියගොස් ඇති බවත් මරණයට හේතුව ආහාර විෂවීමක් බවත් නයිජිරියානු පොලිසිය විමර්ශන වලදී අනාවරණය කර ගෙන තිබේ. අසල්වැසියන් නිවස පරික්ෂා කරන…
මෙරට අතිශය ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් වාදන ශිල්පී චලන පියුමන්ත අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (28) රාත්‍රියේ පැවති ප්‍රසංගයකින් අනතුරුව ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මියගොස් ඇති බව වාර්තා වෙයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පැවත් වූ පුද්ගලයෙකු තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් ඊයේ (28) දිනයේ දී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. IS සංවිධානයේ සාමාජිකයෙකු වන අදාළ සැකකරු පසුගිය ඔක්තෝබර් 23 වන දින ඉන්දියාවේ කොයිම්බතූර්හිදී මෝටර් රථයක් පුපුරුවාහැරීමේ සිද්ධියට සෘජු සබඳතාවක් පවතින බව අනාවරණය වී තිබේ. අදාළ ප්‍රහාරය මෙරට පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු සමග සබඳතා පැවැත් වූ IS ත්‍රස්ස සමාජිකයෙකු විසින් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී තිබුණි. ඒ අනුව විමර්ශනය කළ ජාතික විමර්ශන ඒජන්සිය මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තනතුරු දෙකක් සඳහා නව පත්වීම් සිදුකර තිබේ. සබරගමුව පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස මහින්ද සනත් වීරසූරිය මහතා පත්කර ඇති අතර බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ප්‍රදීප් යසරත්න මහතා ව පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය. එම පත්වීම් ජනවාරි 01 වනදා සිට බලාත්මක ය.
ගෝලීය ආහාර උද්ධමනය තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර එය අඩු ආදායම් රටවල සිට ඉහල මැදි ආදායම් රටවල් දක්වා 88%ත් 93%ත් අතර මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව සිය නවතම වාර්තාවෙන් පෙන්වාදෙන්නේ ආහාර උද්ධමනය දැඩි ලෙස බලපාන කලාප අතරට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවද ඇතුළත් බවය. ඉහළ ආහාර උද්ධමනයෙන් වැඩිම පීඩාවට පත් රටවල් අතර ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයට නම්කර ඇත්තේ 74%ක උද්ධමනයක් සටහන් කරමිනි. 321%ක උද්ධමනයක් සහිත සිම්බාබ්වේ දේශයට එහි පළමු ස්ථානය හිමිවේ. යුක්‍රේන යුද්ධය හේතුවෙන් ආහාර සැපයුම් අඩාලවීමට අමතරව ආහාර අනාරක්ෂිතභාවය ඉහළයාමට තවත් හේතුවක් ලෙස ලෝක බැංකු වාර්තාව පෙන්වාදෙන්නේ “ලා – නිනා” කාලගුණ සංසිද්ධියේ බලපෑමෙන් දකුණු අර්ධගෝලයේ…
විදුලි බිල ඉහළ දැමීම සිදුනොකරන්නේ නම් ඒ වෙනුවෙන් පැය කිහිපයක විදුලි කප්පාදුවකට ජන ජීවිතය හුරුකර ගැනීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ පසුගිය කාලයේ සිදුවු පාඩු පියවාගැනීමට විදුලි බිල වැඩිකරන බවට ඇතැමුන් චෝදනා කළ ද එවැනි තීරණයක් ගන්නේ නම්, විශාල වශයෙන් මිල වැඩිකිරීමට සිදුවන බවය. වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “මේක මම පෞද්ගලිකවත්, ජනාධිපතිවරයා පෞද්ගලිකවත් එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය පෞද්ගලිකවත්, දේශපාලන වශයෙන්වත් හිතලා ගත්ත තීන්දුවක් නෙමෙයි. මේක විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා තනියමවත් සභාපතිවරයා තනියමවත් එහෙම නැත්නම් කවුරු හරි…
