Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ණය සහන සම්බන්ධයෙන් ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකමක් පිළිබඳ තීරණය රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි. ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවයන් ලැබුණු විගස විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාවය අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එම අරමුදල පවසයි. එමගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබේ.
අද දිනයේ නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. මේ අතර ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණවිද්‍යා දෙපර්තමෙන්තුව් ජනතාවගෙන් ඉල්ලා සිටී.
2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව QR කේතයක් හඳුන්වාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. අදාළ QR කේතය හරහා මෙවර මැතිවරණයට තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂකයින්ගේ නම් ලැයිස්තුව ඇතුළත් කර ඇත. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023.03.09 දින පැවැත්වීමට නියමිතය.
අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලොකොමොටිව් දුම්රිය රියදුරන් වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. එම සංගමය පවසන්නේ පසුගිය වසරේ අගෝස්තු මස 06 වනදා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වෙත ඉදිරිපත් කළ ගැටළු රැසක් වෙත සාධනීය ප්‍රතිඵල නොලැබීමත් අසාධාරණ බදු අයකිරීමේ තීරණයට විරෝධය පළකිරීමත් සඳහා මෙම වෘත්තීය සමති තීරණය ගෙන ඇති බවය. කෙසේ වෙතත් අපකළ වැඩිදුර විමසීමකදී එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බවය.
නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය සමගි ජන බලවේගය පක්ෂය අද (9) වර්ජනය කළේය. එම පක්ෂය පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයද වර්ජනය කළේය.ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් නව වැනි පාර්ලිමේන්තුවේ සිවු වැනි සභාවාරය විවෘත කළේ හෙට (10) දිනයේය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය හෙට (10) දිනයේත් පැවැත්වේ.විපක්ෂයේ සෙසු දේශපාලන පක්ෂවල නියෝජිතයෝ විවාදයේදී අදහස් දැක්වූහ. මේ අතර මෙම විවාදයට සහභාගි වන්නේ දැයි අප ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගෙන් කළ විමසුමකදී ඇය පැවසුවේ ඊයේ විවාදයට තම මන්ත්‍රීවරුන්ට සහභාගිවීමට නොහැකි වුවත් අද…
අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බව ලංකා සතොස ආයතනය පවසයි. භාණ්ඩයේ නම නව මිල ඉතිරිය වාටානා 1kg රුපියල් 305.00 රුපියල් 10.00 රතු කැකුළු 1kg රුපියල් 164.00 රුපියල් 05.00 සුදු කැකුළු (ආනයනික) 1kg රුපියල් 179.00 රුපියල් 05.00 සුදු නාඩු (දේශීය) 1kg රුපියල් 180.00 රුපියල් 04.00 ලංකා සතොස ආයතනය දැනුම්දෙන්නේ අඩු කළ මිල ගණන් අද (09) දින සිට ක්‍රියාත්මක බවය.
අනුන්ගෙන් යැපෙන ජනතා විමුක්ති පෙරමුණ රටට සේවය කරන්නේ කොහොමදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ඩී වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විමසීය. ඔවුන්ට ඇඳුම් පැළඳුම් බෙල්ට් එක පවා දෙන්නේ දෙන්නේ මිනිස්සු . අවුරුදු 75 ක දේශපාලන සාපය මොකක්ද?අනුර දිසානායකලා විජිත හේරත්ලා අද බබාලා වගේ කතා කරනවා.ඔවුන් අවුරුදු 55 ක් පැරණි පක්ෂයක සාමාජිකයෝ ,මේ රටේ ඇමතිකම් කළා. දැන් බබාලා වගේ කතා කරනවා යැයි වීරසිංහ මහතා කීය.
උපයන විට බද්ද හා බැංකු ණය පොළිය ඉහළ දැමීමට එරෙහිව අද සිට දින 03 ක කළු විරෝධතාවක් ආරම්භ කරන බව තැපැල් වෘත්තිය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසනවා. එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර පැවසුවේ සියලුම තැපැල් කාර්යාල ආවරණය වන පරිදි මෙම විරෝධය සිදු කරන බවයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම බදු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි පියවරක් නොගතහොත් ඉදිරියේදී වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.
පිටකොටුව තොග වෙළඳපොළේ පරිප්පු කිලෝවක මිල රුපියල් 330 ක් දක්වා පහත වැටී තිබෙනවා. මීට පෙර පරිප්පු කිලෝවක තොග මිල සටහන්ව තිබුණේ රුපියල් 360 ක් ලෙසටයි. රුපියල් 30 කින් පරිප්පු කිලෝවක තොග මිල මේ වනවිට පහත වැටී තිබෙන බවයි සඳහන්. මේ අතර, ලොකු ළූණු කිලෝවක් රුපියල් 110 කට සහ ආනයනික අල කිලෝවක් රුපියල් 100 කට තොග වෙළෙඳපොළේ අලෙවි වෙනවා.
රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකර තිබේ නම් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරෙන්තුවක් අවශ්‍ය නොවන බව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේය. ඩයනා ගමගේ මහත්මියගේ උප්පැන්න සහතිකය, ජාතික හැඳුනුම්පත්‍රය සහ විදේශ ගමන් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (09) කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත්වූ කරුණු සළකා බැලීමෙන් අනතුරුවයි මහෙස්ත්‍රාත්වරයා මේ බව පැවසීය. එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.
